පාලක පන්තිය කලයුතු වුවද, වර්තමාන කඹේ දිශානතිය වැරදිමානයකට ගමන් කරනු හෙයින් එය නිවැරදි කරනු පිනිස මෙසේ දක්වමි.. මෙය පාලක පන්තියට කඩේ යෑමක් නොවන බැව් තතු දැනගනිත්වා..!
මෙම කඹේ වත්මන් ප්‍රචාරන උපක්‍රම ඉතාමත් දුර්වල තැනක ඇති බැව් කීමට කැමෙත්තෙමි.. එබැවින් අප සන්ගම් සාමාජිකයන්ගෙන් නිර්මානක හැකියාව සහිත අයවලුන්ගෙ සහය ඇතිව ප්රචාරක බැනර් නිර්මානය කොට එය හුදී ජනයාගෙ අවදානය සඳහා යොමු කිරීම එක් උපක්‍රමයක් ලෙස දකිමි.. මෙහිදි සන්විධායකන් ප්රමුඛ නායක දෙපල බැනර් සාදා තම තමන්ගෙ සිග්නේචරය ලෙස යොදා ගැනීමත් එම සිග්නේචරය මගින් ආරාධනාත්මක පනිවුඩ ලබාදීමත් සිදුකල හැකිය..
තවද පොදු බැනරයක් සාදා (VM) ලෙස ප්‍රොෆයිල් තුලට ලබා දිය හැකිය..
මෙම ක්‍රියාවන් සිදුකිරීමට පාලක පන්තියේ සන්නිවේදන කාර්යය ඉහලින් තබා ගත යුතු අතර එය දැනට දුර්වල තැනක ඇති සැටියක් අපට විද්‍යාමාන වන බවද වැඩි දුරටත් දන්වා සිටිමි..
මීට: වා:පි:හෝ. සන්ගම් කැඳවුම්කරු