ElaKiri A-Z Guide [PART 1]

Was this tutorial useful?


  • Total voters
    994

gfh

Active member
  • Mar 21, 2008
    10
    203
    28
    H1ÐÐ3n
    ElaKiri.com
    The Largest Sri Lankan Online Community
    © gfh 2012 - ElaKiri™ All Rights Reserved.



    මෙම ලිපි මාලාව මගින් ඔබට මෙම වෙබ් අඩවිය පිළිඹඳව සහ එය ප්‍රයෝජනවත් ලෙස භාවිත කරන ආකාරය පිළිඹඳවත් පූර්ණ දැණුමක් ලබාදීමට උත්සහගෙන ඇත. අනාගතයේදී සිදුවන vBulletin යාවත්කාලීන කිරීම් සමග මෙහි යම් යම් වෙනස්කම් සිදුකිරීමට අවශ්‍ය යැයි ඔබට හැඟීයනවා නම් එය ෆෝරම් මොඩරේටර් වරයෙකුහට දැනුම් දී එමගින් මෙම ලිපියත් යාවත්කාලීන කිරීමට පුළුවන. මෙය මෙම ලිපි මාලාවේ පළමුවන කොටසයි. එසේම ඔබ ව්‍යාපාරික අරමුණක් උදෙසා මෙහි පැමිණියා නම්, ඔබට අවශ්‍ය උපදෙස් වෙනම දක්වා ඇත.

    MUZP4.png



    WWW.ElaKiri.CoM ඉතිහාසයෙන් බිඳක්.....

    එළකිරි ඉතිහාසය 2004 වසර තරම් ඈතට දිවයන එකක්. ඒ අවධිය වනවිට ලංකාවේ කොතරම් වෙබ් අඩවි තිබුණත්, මේ තරම් පිරිසක් අන්තර්ජාලයේ ඒක් තැනකට රොක්වුනු වෙබ් අඩවියක් තිබුනේ නැහැ. යම්කිසි මට්ටමක පැවතුනු වෙබ් අඩවි කිහිපයක් තිබුණත්. ඒවාද පැවතුනේ ආධුනික මට්ටමකයි. මෙවන් අවධියකයි එළකිරි වෙබ් අඩවිය එළිදැක්වුනේ. ඒ 2004 මාර්තු 16 වන දිනයි. ඒ එළිදැක්වීම සිදුවූයේ හදීසියේ නොවෙයි. එය සිදුවූයේ වසර කිහිපයක සිට සිදුවූ සාකච්ඡා කිරීම් සහ සැලසුම් කිරීම්වල අවසාන ප්‍රථිඵලය වශයෙන්.

    එළකිරි යනුවෙන් සියළු පහසුකම් සහිත වෙබ් අඩවියක් ආරම්භ කිරීමේ අදහස මුලින්ම ඇති වන්නේ 2004 වසරේදී. ඒ අදහස ඇතිවූයේ ඒ සමය වනවිට පාසලට සමුදී සිටි තරුණයෙකු වූ වර්තමාන ප්‍රධාන අද්මිනිස්ත්‍රාසිකරු ලෙස කටයුතු කරන GTRZ සහෝදරයාටයි. මේ අනුව 2004 මාර්තු 16 දින එළකිරි ගොඩනැගීමට මුල් පියවර ගනු ලැබුවා. අනතුරුව හිතමිත්‍රයන් රැසක්ද සමග එක් වෙමින් සියල්ලන්ගේම දැඩි කැපවීමේ සහ වෙහෙස වීමේ ප්‍රතිඵලයක් ලෙස 2006 අප්‍රේල් 8 වන දින BETA 1 සංස්කරණය එළිදැක්වීමට හැකියාව ලැබුණි. ආරම්භය සීග්‍රඝාමී නොවූවද , කෙමෙන් කෙමෙන් එළකිරි සමග අත්වැල් බැඳගත් පැරණි සාමාජිකයන්ගේ සහය සහ දිරිගැන්වීමද මත, දින 68 ක් වැනි කාලයක් තුල 1000ක සාමාජික සංඛ්‍යාවද පසුකළේ සුභ අනාගතයකට හිමිකම් කියනා බවට පෙර නිමිති පාමිනි. එමෙන්ම සාමාජිකයන් අතුරින් පලකිරීම් (1000 Posts)දහසේ සීමාව පසුකළ පළමු සාමාජිකයා වීමේ භාග්‍යය හිමිකරගත්තේ Neon_Whiteය. ආරම්භයේ සිට දින 109ක් ඇතුලත ත්‍රෙඩ් 1,485 පෝස්ට්: 12,078 හා සාමාජිකයන් සංඛ්‍යාව : 2,000 පසු කිරීමද සුවිශේෂී අවස්ථාවක් විය.

    එළකිරි යනු සංගීතමය අංශයට අදාල වෙබ් අඩවියක් පමණක් ලෙස හැඳින්වීමට උත්සාහගතහොත් එය නිවැරදි වන්නේ නැත. සංගීත අංශය පමණක් නොව, තවත් බොහෝ අංශ වෙතත් අවධානය යොමු කර තිබේ එළකිරි අන්තර්ජාල සමූහය ඊට ඉතා කදිම උදාහරණයකි. දවසේ ගත වන සෑම තත්පරයකම කියවන්නන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් එළකිරි හා එක්ව සිටීමෙන් ඒ බව මනාවට පැහැදිලි වේ. එමෙන්ම 2009 වසරේ E-Asia IT Conference and Exhibition - live webcast එළකිරි හරහා සිදුකිරීම එළකිරි ඉතිහාසයේ රන් අකුරින් සටහන් වූ අවස්ථාවකි. එමෙන්ම වැඩිම ප්‍රතිචාර සංඛ්‍යාවක් සහ නරඹන්නන් සංඛ්‍යාවක් සහිත ගීත බාගත කිරීමේ ලිපි මාලාවට හිමිකම් කීම තුලින් ලෝක වාර්තාවක්ද පිහිටුවීමට එළකිරි වෙබ් අඩවිය සමත්වීම ලාංකිකයන් වශයෙන් අප සැමට ආඩම්බර විය හැකි කාරණයකි. අද වන විට එළකිරි වෙබ් අඩවිය,

    ලියාපදිංචි වූ සාමාජිකයන් : 397,374
    මාතෘකාවන් : 1,041,046
    පලකිරීම්: 11,663,027 කින් සමන්විතවේ,

    එමෙන්ම වර්තමානය වන විට සුපිරිම පළකරන්නා ලෙස එම ස්ථානයට පැමිණ රැඳීසිටීමට : Wolverine GTR (පෝස්ට් 158,017) සමත්ව සිටී.
    (මෙම සංඛ්‍යා මොහොතින් මොහොත වෙනස්වේ. යාවත්කාලීනවූ තොරතුරු හොම් පේජයේ වම්පස පහලින් බලාගත හැකිය.)

    ලාංකික යෞවනයෙක්ගේ අදහසක් ඔස්සේ කුඩාවට ඇරඹි එළකිරි වෙබ් අඩවිය, අද වන විට ලොව ජනප්‍රිය වෙබ් අඩවි අතුරට පැමිණ තිබීම ලාංකිකයන් වශයෙන් අප සැමගේ ඉතාමත් සතුටට හේතුවන කාරණයකි. එමෙන්ම ලංකාවේ අංක එකේ අන්තර්ජාල කමුතුව වන්නේද එළකිරි වෙබ් අඩවියයි. ආරම්භයේ සිට අදවනතුරුම අප හා රැඳී සිට එළකිරිය අංක එකට ඔසවා තැබූ ඔබට අපේ ප්‍රණාමය! විශේෂයෙන්ම නම් සඳහන් කළයුතු සාමාජිකයන් පිරිසක්ද සිටිනවා. මුල් අවධියේදී සිටම වෙබ් අඩවියට විශාල දායකත්වයක් සැපයූ

    Neon_White,Azaam,Deffa,Rapa,BuA,Snowgirl,Novindu,Crazy_m,hellbuster,systemoad,sandi,Michael,teescha,Sweet_Shimali,charmer,bokka,mlakmal,Wal Bada,ehazard සහ නම් වශයෙන් සඳහන් නොකළ අනෙකුත් සාමාජිකයන්ටද මෙහිදී ප්‍රණාමය පිරිනැමේ.

    එසේනම් ඔබවත් එළකිරි වෙබ් අඩවියට සාදරයෙන් පිළිගන්නා අතර වෙබ් අඩවිය පරිහරණය කරනා අයුරු ගැන සාකච්ඡා කිරීමට පෙර මීලඟට වෙබ් අඩවියේ නීති රීති සහ සාමාජිකයන් අතර පවතින සම්ප්‍රදායන් පිළිඹඳ විස්තරයක් කිරීමට අදහස් කරනු ලැබුවා.

     
    Last edited:

    gfh

    Active member
  • Mar 21, 2008
    10
    203
    28
    H1ÐÐ3n
    ElaKiri Community Rules



    එළකිරි වෙබ් අඩවිය ශ්‍රි ලංකා නීතිය ප්‍රමුඛව ජාත්‍යන්තර නීතියටද අන්තර්ජාලයේ වැඩිහිටියන්ට පමණයි යන තේමා‍වෙන් තොරව පවත්වාගෙන යන වෙබ් අඩවිවල සම්මත සම්ප්‍රදායන්ටද අනුකූලව පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. මෙහි දැක්වෙන නීති රීති මෙන්ම, මෙහි නොදැක්වෙන්නා වූද ඒ සියළු රීතීන් උල්ලංඝණය නොකිරීමට සාමාජිකයන් වගබලාගත යුතුබව දැනුම්දී තිබේ. නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නොවන බව පිළිගත් කරුණකි.

    1. වැඩිහිටියන්ට පමණක් වෙන්වූ තොරතුරු පලකිරීමෙන් වලකින්න. - එමෙන්ම ලිපිවල ශීර්ෂ යෙදීමේදී අවධානය ලබාගැනීමට [18+] හෝ [වැඩිහිටියන්ට පමණයි] යනුවෙන් සඳහන් කිරීමෙන්වලකින්න. එසේ සටහන් කරනට යෙදුනහොත් අදාල ලිපියේ අන්තර්ගතය කුමන අයුරක එකක් වූවද එසේ යෙදීමෙන් සිදුකළ නීති උල්ලංඝණයට නිසි පියවර ගනු ඇත.

    2. වැඩිහිටි මෙන්ම බාලවයස්කරුවන්ගෙන්ද සමන්විත එළකිරි වෙබ් අඩවියේ සාමාජික සියළු දෙනාට නොගැලපෙන, පලකිරීමට නුසුදුසු දෑ පලකිරීමෙන් වලකින්න. (ඡායාරූප ආදිය සම්බන්ධයේදී නිරුවත් ඡායාරූප බව පෙනෙන censored නිරුවත් ඡායාරූප හෝ පූර්ණවශයෙන් නිරුවත් ඡායාරූප හෝ පල කළ නොහැක. එමෙන්ම නිරුවත් ඡායාරූප,වීඩියෝ පට, ඕඩියෝ පට මැගසින් ආදිය පලකිරීම බෙදාහැරීම ආදිය ශ්‍රී ලංකාවේ වර්තමාන නීතීන්ට පටහැනිය.)

    3. වෙනත් ශ්‍රී ලාංකික වෙබ් අඩවිවලින් බාගත කළ ඔවුන්ගේ දෑ මෙහි පලකිරීමෙන් වලකින්න. එමෙන්ම ඔවුන්ගේ හැඳුනුම් සංකේත සටහන් කළ වීඩියෝ පට, ඕඩියෝ පට, සංකේත සටහන්කළ ඡායා රූප ආදිය පල කිරීමෙන් වලකින්න. උදාහරණයක්ලෙස යූටියුබ් වීඩියෝ පටයක වෙනත් වෙබ් අඩවියක සංකේතය සටහන් කර ඇත්නම් එය පල නොකළ යුතුය.

    4. කතෘ අයිතීන් ලබාගත් දෑ (copyrighted stuff) අනවසරව එම හිමිකම් උල්ලංඝණය කරමින් මෙහි පලකිරීමෙන් වලකින්න.

    5. වෙබ් අඩවියක් හෝ ඕනෑම ව්‍යාපාරයක් මෙහි ප්‍රචාරය කිරීමේ අරමුණින් දිගින් දිගට ක්‍රියා කිරීම හා ඔබගේ වෙබ් අඩවිය මෙහි ප්‍රචාරය කිරීමෙන් වළකින්න. http://www.elakiri.com/forum/showpost.php?p=12713729&postcount=1),(ෆෝරමවලදී තමන්ගේ සලකුණ මාර්ගයෙන් (signature),තමන්ගේ ඇවටාර් එක මගින් හෝ ප්‍රොෆයිල් පින්තූරය, පුද්ගලික පණිවුඩ මාර්ගයෙන්, විසිටර් මැසේජ හෝ රෙපියුටේෂන් සිස්ටම් එක හෝ වෙනත් ඕනෑම මාර්ගයකින් නොකළ යුතුවේ.) කෙසේ වුවද ඔබට ඔබගේ හෝම් පේජය ලෙස ඔබට අවශ්‍යනම් ඔබේ වෙබ් අඩවිය ඇතුළු කළ හැකි නමුදු සාමාජිකයන් එය පරික්ෂා කිරීමට පෙළඹවීම හෝ අයැද සිටීම නොකළයුතු වේ.

    6. එළකිරි වෙබ් අඩවිය අනෙකුත් වෙබ් අඩවිතුල අනවශ්‍ය ආකාරයට නොනවත්වා පළ කිරීමෙන් වළකින්න. (spam) ඔබට එළකිරි වෙබ් අඩවිය අනෙකුත් අඩවිවලට සම්බන්ධ කළ හැකි නමුදු එම වෙබ් අඩවිවලට හානි වෙනසුළු කිසිවක් කිරීමෙන් වලකින්න.

    7. අන්‍යයන්ගේ ත්‍රෙඩ් හයිජැක් කිරීම, ත්‍රෙඩ් එකෙහි මාතෘකාවෙන් පිටට එනම් එහි අරමුණෙන් පිටට ගෙන යෑම මෙන්ම පිරිස් වශයෙන් එක්වී හෝ මොනම ආකාරයකින් හෝ සාමාජිකයන්ට අපහාස කිරීමෙන් වළකින්න.

    8. අන්‍යයන්ගේ පෞද්ගලික තොරතුරු සහ සංවේදී දත්ත/ඡායාරූප ආදිය අවසරයකින් තොරව පලකිරීමෙන් වලකින්න. පුද්ගලික තොරතුරු,ඡායාරූප,දුරකතන අංක,ලිපින ආදිය ඔවුන්ගේ අවසරයක් නැතිව මෙහි පලකිරීමෙන් වලකින්න. http://www.elakiri.com/forum/showpost.php?p=11881&postcount=1

    දේශපාලනික මතගැටුම් ඇතිවන අවස්ථාවලදී ඔබ වඩාත් සැලකිළිමත් විය යුතු කරුණු.

    9.කරුණාකර ප්‍රසිද්ධියේ භාවිත කිරීමට නුසුදුසු ලෙස අසම්මත ලෙස භාෂා හැසිරවීමෙන් වළකින්න. විශේෂයෙන්ම අසම්මත ලිංගික ක්‍රියා සම්බන්ධ වචන මධ්‍යයේ **** යෙදීමෙන් හෝ වේවා. එවන් දෑ මෙහි පල කිරීමට ඔබට හිමිකමක් නොමැත. (මෙය ත්‍රෙඩ් ටැග මෙන්ම රෙපියුටේෂන් සිස්ටම් එකටද එකසේ අදාලය) http://si.wikipedia.org/wiki/අසම්මත....E2.80.8D.E0.B6.BB.E0.B7.92.E0.B6.BA.E0.B7.8F

    10. අනෙක් සාමාජිකයෙකුගේ දේශපාලනිකමය,ආගමිකමය හෝ යම්කිසි මතවාදයක් ඉවසීමට නොහැකි කම නිසා ඔහු/ඇය හට අපහාස කෙරෙනා ආකාරයේ මාතෘකාවන් (Topics - Threads) ආරම්භ කිරීමෙන් වලකින්න. ඔබ එම මතය නොරිස්සයිනම් කරුණුත් සමගම අදාල ස්ථානයේම පිළිතුරු දීමට හැකියාව ඔබට ඇත.

    11.ෆෝරම තුලදී අන්‍යයන්ට හිරිහැරයක් වන ආකාරයෙන් එක දිගට නව තෙඩ් සීමාව ඉක්මවා ආරම්භ කර (spam), ඒ මගින් ඔබේ අදහස් සීමාව ඉක්මවා ප්‍රචාරය කිරීමට තුලින් දේශපාලනික හෝ කිසියම් කණ්ඩායමකට ආධාරකරුවෙකු ලෙස කටයුතු කිරීමට මෙම වෙබ් අඩවිය භාවිත කළ නොහැක.

    12. ත්‍රෙඩ් තුළදී ඔබට මාතෘකාවෙන් බැහැර, බැනර සහ ටෙක්ස්ට් ඒ මධ්‍යයේ පළ කිරීමටද, අනවශ්‍ය ලෙස දිගින් දිගට බම්ප්* කිරීමටද නොහැක. අන්‍යයන්ට හිරිහැර වන අයුරින් එසේ කටයුතු කිරීමට ඔබට හිමිකමක් නොමැත. http://www.elakiri.com/forum/showpost.php?p=11611068&postcount=103

    13.දේශපාලනිකමය හෝ යම් කිසි ප්‍රචාරක කටයුත්තක් සඳහාම ඔබ මෙම වෙබ් අඩවියේ ලියාපදිංචිව ඇති බව වැටහී ගියොත් හා එක් වරම සජීවී වී දේශපාලනිකමය, ප්‍රචාරකමය හෝ අපහාස කිරීමකට සැරසීමට සූදානම් වුව හොත් ප්‍රථමව ඔබ වෙබ් අඩවියෙන් නෙරපාහැරෙනු ඇත.

    14. දඬුවමකට ලක්වූ තැනැත්තා නිර්දෝශී හෝ සාධාරණීකරණය කරමින් ඔවුනට සහයෝගය දීම ඔබටද හානිකර ප්‍රථිඵල ඇති වීමට හේතුවක් විය හැකිය. මන්ද යත් එසේ සාධාරණීකරණය කිරීමෙන් සහ ඔහු නිර්දෝශී කිරීමට උත්සහා ගැනීමෙන් ඔහු/ඇය තව තවත් නීති උල්ලංඝණය කිරීමට ධෛර්යමත් වන බැවිනි. එමෙන්ම එමගින් අන්‍ය සාමාජිකයන්ද එයට පෙළඹේ.

    15. දඬුවමකට ලක්වූ පසු තාවකාලිකව හෝ වෙනත් ගිණුමක් තනා භාවිත කිරීම දඬුවම් කාලය හෝ එහි ස්වභාවය තව තවත් උග්‍ර කරවීමට හේතු විය හැකිය.

    16.විශාල වාද විවාද හා බුද්ධිමය සංවාද ආදිය මාධ්‍යයන් තුලින් කළ හැක්කේ කිසිඳු නීතී උල්ලංඝණයකින් තොරවය. උදාහරණ ලෙස රූපවාහිනිය,රේඩියේව,ප්‍රවෘත්ති පත්‍ර පෙන්විය හැකිය. එබැවින් ඒ අයුරින් නීතීන් උල්ලංඝණය නොකර සංවාද කිරීමට මතකයේ තබාගන්න. http://www.elakiri.com/forum/showpost.php?p=6042742&postcount=1


    17. කළහයක් ඇරඹීමට හෝ එයට සම්බන්ධ වීමට ඔබට හිමිකමක් නොමැත. මෙහිදී කවරුන් තර්කයෙන් නිවැරදි වූවද වැරදි වූවද දෙපාර්ශවයටම නීතීන් උල්ලංඝණය කර ඇත්නම් එයට අදාල දඬුවම හිමි වේ. යමෙකු ඔබට අපහාස කරමින් එවැන්නක් අරඹා තිබුනහොත් ඔබට එම ගැටුම්කාරීත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාමට හිමිකමක් නොමැත. වහා ඒ සම්බන්ධව අදාල අංශ දැනුවත් කිරීම කළ යුතුය. (You may think that's girlish or your enemy will say you are scared. But remember how much you fight still nothing happens to your enemy you just posting words online and there is no use of that coz no physical power is used. Even an 80 year old grandpa can talk like a superman. So don’t waste time on fights and be wise! Please report me everyone who make problems in the forum and from PM or from any other related methods. I will take care about them. -- GTRZ -- ) http://www.elakiri.com/forum/showpost.php?p=903046&postcount=1


    ආගමික හෝ ජාතීන් අතර මතගැටුම් ඇතිවන අවස්ථාවලදී ඔබ වඩාත් සැලකිළිමත් විය යුතු කරුණු.

    18. පෙර සඳහන් කළ පරිදෙන්ම සභ්‍යත්වයෙන් යුතුව හරවත්ලෙස සංවාද කිරීමට ඔබට හිමිකමක් ඇත. ආගමක් වූ නිසාවෙන් ඒ ගැන සාකච්ඡා කිරීමට ඇති අයිතිය අහිමි නොකෙරේ. එහෙත් එය කිසිඳු ආකාරයකින් සමස්ථ ආගමකට හෝ ජාතියකට හෝ කිසිම කණ්ඩායමකට අපහාස වන ආකාරයෙන් කිරීමට ඔබට ඉඩ නොමැත.

    19.එක් පුද්ගලයෙක්ගේ හෝ කොට්ඨාශයක ක්‍රියාකලාපයක් නිසා සම්පූර්ණ ආගමකට හෝ ජාතියකට දොස් පැවරීමෙන් වලකින්න. ඔබට එවැන්නක් ගැන චෝදනාවක් හෝ විචාරයක් කිරීමට අවශ්‍යනම් ඉතා පැහැදිලි ලෙස තමා කතා කරන්නේ අදාල කටයුත්ත ගැන සහ අදාල කණ්ඩායම ආදී වශයෙන් පැහැදිලිව දක්වන්න.

    20.නීති උල්ලංඝණය කරමින් පල කර ඇති ලිපියක් දුටුවහොත් එවිට එය වාර්තා කරන්නට ඔබට පුළුවන. ඊට අමතරව එය බම්ප්* කිරීම හෝ ප්‍රතිචාර දැක්වීමට පෙර ඔබගේ ක්‍රියාවෙන් පසු ඇතිවිය හැකි ක්‍රියා දාමය පිළිඹඳ සිතාබලන්න. මෙය තරමක් අවධානම් සහගත වන්නේ එසේ නොවුවහොත් කූට ලෙස තමා බේරී කමියුනිටි ප්‍රොබ්ලම්ස් ඇති කිරීම නිසා ඔබට එරෙහිව පියවර ගැනීමට සිදුවිය හැකි නිසාය. http://www.elakiri.com/forum/showpost.php?p=3502560&postcount=1

    **************

    මතකයේ තබාගත යුතු විශේෂ කරුණු,

    වෙබ් අඩවියේ නීතීන් උල්ලංඝණය කිරීම නිසා අවවාද කිරීමකට, කෙටිකාලීන නෙරපාහැරීමකට හෝ ස්ථීර තහනම් කිරීමකට හෝ ලක්වූ පසු නැවත ඒ පිළිඹඳ කරුණු විමසමින්, හා පැමිණිලි කිරීමේ ඇති ඵලයක් නොමැත. ඔබට දඬුවමකට යටත්වීමට සිදුවූයේ ඔබ නීතීන් උල්ලංඝණය කිරීම නිසාය. එමෙන්ම මෙම වෙබ් අඩවිය කිසිවෙකුගෙන් කිසිඳු මුදලක් අය නොකර පෞද්ගලික ධනය වැය කරමින් නොමිලයේ පවත්වාගෙන යන්නකි. මෙහි කිසිඳු අය කිරීමක් නොකර සහයෝගයෙන් කටයුතු කරන කාර්ය මණ්ඩලය නොමිලයේ කරන මේ සේවාවන් අගය කළ යුතුය. දිනකට පලවන දහස් සංඛ්‍යාත පෝස්ට් එකින් එක සියල්ල පරික්ෂා කිරීම සඳහා අති විශාල මුදලක් සහ කාලයක්ද මිනිස් බලයක්ද යෙදවිය යුතුවන බව වටහාගත යුතුවේ. බලය නිවැරදි නොවන පුද්ගලයන්ගේ අතට යෑම ඉතා විනාශකාරී එකක් වන නිසාවෙන් විශාල මොඩරේටර්වරු විශාල ප්‍රමාණයක් ඇති කිරීමද අතිශය දුෂ්කර කාර්ය්‍යකි.


    අන්‍යයන් නීති උල්ලංඝණය කරමින් වැරදි කටයුත්ත්තක නියැලීම, ඔබටද එයට සහභාගී වීමට හෝ එය සිදුකිරීමට දෙන අවසරයක් නොවේ. එවන් නීති උල්ලංඝණය කිරීමක් දුටු විට වහා ඒ බව දැනුම් දෙන්න.

     
    Last edited:

    gfh

    Active member
  • Mar 21, 2008
    10
    203
    28
    H1ÐÐ3n
    How to REGISTER on ElaKiri




    ඔබ සමහර විට මේ ලිපිය කියවන්නේ වෙබ් අඩවියේ ලියාපදිංචි නොවී වන්නට පුළුවනි. එසේ නම් මෙම ලිපිය කියවීම වඩාත්ම වැදගත් වන්නේ ඔබටයි. මේ ලිපිය කියවා අවසාන වන විට ඔබත් එළකිරි සාමාජිකයෙක් වීමට කටයුතු කරනු ඇති.

    එළකිරි වෙබ් අඩවිය භාවිත කරන්නන් දෙකොටසකට බෙදා දැක්විය හැකියි.

    1)ලියාපදිංචි වූ සාමාජිකයන්.
    2)අමුත්තන් (ලියාපදිංචි නොවී පිටතින් වෙබ් අඩවිය නරඹන්නන්.)

    වෙබ් අඩවිය තුල ලියාපදිංචි වූවන්හට ඉතා විශාල පහසුකම් ප්‍රමාණයක් ලැබේ. එමෙන්ම ඔවුන්ට වෙබ් අඩවිය තුලින් හඳුනාගන්නා මිතුරු මිතුරියන් හා අදහස් හුවමාරු කරගැනීමට, තම නිර්මාණ බෙදා හදාගැනීමටද අන්‍යයන්ගේ පලකිරීම්වලට අදහස් දැක්වීමටද ගීත බාගත කිරීමට මෙන්ම බොහෝ සේවාවන් නොමිලයේම ලබාගැනීමට හැකියි. එමෙන්ම ඔබට යමක් පිළිඹද උපදෙස් හෝ උදව් ලබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා උපකාරකාර කිරිමට සාමාජිකයන් සැදී පැහැදී සිටී. එහෙත් ලියා පදිංචි නොවූ අයට හැක්කේ වෙබ් අඩවිය කියවීම පමණය. එළකිරි හා එක්වීමෙන් ඔබට මිතුරු මිතුරියන් හඳුනා ගැනීමටද ඡායාරූප අප්ලෝඩ් කිරීමටද මෙන්ම තවත් බොහෝ පහසුකම් රැසක් නොමිලයේ ලබාගත හැකිය. ඒ සඳහා 100% නොමිලයේ සිදුකෙරෙන මේ ලියාපදිංචි වීම සිදුකරගත යුතුය. මේ සඳහා ඔබට තිබිය යුත්තේ නොමිලයේ අන්තර්ජාලයෙන් ලබාගත හැකි පහසුකමක් වන ඊමේල් ලිපිනයක් පමණි. (gmail,Yahoo mail)


    එළකිරි වෙබ් අඩවිය සඳහා පිවිසීමට ඩොමේන් දෙකක් ඇත. එනම් www.ElaKiri.com සහ www.ElaKiri.lk යන්නයි. ඔබ මෙයින් කුමන ලිපිනයක් භාවිත කළද කම් නැත. එහෙත් මා ඔබට යෝජනා කරන්නේ www.ElaKiri.com යන්න භාවිත කිරීමයි. මක් නිසාද යත්, ඒ දෙක ක්‍රියාත්මක වන්නේ වෙනම බැවිනි. එනම් ඔබ www.ElaKiri.lk මගින් ඔබ මේ තනාගැනීමට යන එළකිරි ගිණුමට ලොග්වී.. www.ElaKiri.com යොමුවක් වෙත ගියහොත් එහි පෙන්වන්නේ ඔබ ගෙස්ට් කෙනෙකු (තවමත් ගිණුමකට පිවිසී නැති) ආකාරයට බැවිනි. මේවායේ කුකීස් සහ සෙෂන්ස් රන් වන්නේ වෙනමය. එහෙයින් වෙබ් අඩවියේ අඩංගු ඇති බොහෝ යොමුකිරීම් ඇත්තේ www.ElaKiri.com යටතේ වීම නිසා ඔබට එම සබඳතාවලට යන සෑම අවස්ථාවකම යමක් කිරීමටනම් යලි යළිත් මුරපදය ලබා දෙමින් පිවිසීමට සිදුවන නිසා එළකිරි ඩොට් කොම් භාවිත කිරීම යෝග්‍ය බව මාගේ හැඟීමයි.

    ලියාපදිංචි වීමේ මුල්ම පියවර වශයෙන් ඔබ ලියාපදිංචිවීමේ පිටුවට යා යුතුය. ඒ සඳහා ඔබට වෙබ් අඩවියේ මුල් පිටුවේ දකුණුපස ඇති ලොගින් බොක්ස් එකේ ඇති රෙජිස්ටර් නව් (Register Now) සබඳතාවයට යා හැකිය. එසේ නොමැතිනම් වම්පස ඉහල කෙලවර ලෝගෝ එකට පහලින් ඇති රෙජිස්ටර් ලින්ක් එකට යා යුතුය. පහත රූපයේ පැහැදිලිව ඒ ස්ථානයන් දැක්වේ. දැන්ම ලියාපදිංචි වීමට මෙතැනට යන්න.

    5H0Qg.png


    රෙජිස්ටර් ලින්ක් එක ක්ලික් කළ ඔබට දැකීමට ලැබෙන්නේ එළකිරි වෙබ් අඩවියේ කොන්දේසිය. එසේ නොමැතිව පහත අන්දමේ පණිවුඩයක් දක්නට ලැබුණහොත්,

    U34d8.png

    එයින් කියවෙන්නේ ඔබ දැනටමත් වෙනත් නාමයක් යටතේ ලියාපදිංචිවී ඇති බවය. ඔබට ඒ ගැන අදහසක් නොමැතිනම් වෙබ් බ්‍රවුසරයේ බ්‍රවුසින් ඩේටා මකා දමා අළුත් නාමයක් යටතේ ලියාපදිංචිවිය හැක. රෙජිස්ටර් ලින්ක් එක ක්ලික් කළ පසු වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට නම් කොන්දේසිවලට එකඟවිය යුතුය ඔබ කොන්දේසි කියවා එකඟවන්නේ නම්,

    ☑ I have read, and agree to abide by the ElaKiri Community rules. යන්නට හරි ලකුණ දමා රෙජිස්ටර් බටනය මත ක්ලික් කර මීලඟ පියවරට යන්න. ඔබේ පහසුව සඳහා ෆෝරම් රූල්ස් මෙතැන දැක්වීමට කටයුතු කළෙමි. වඩාත් යාවත්කාලීනවූ සංස්කරණය ලබාගැනීමට අවශ්‍යනම් මෙම පිටුවට යා හැකිය. http://www.elakiri.com/forum/misc.php?do=showrules

    Forum Rules

    Registration to this forum is free! We do insist that you abide by the rules and policies detailed below. If you agree to the terms, please check the 'I agree' checkbox and press the 'Register' button below. If you would like to cancel the registration, click here to return to the forums index.

    Although the administrators and moderators of ElaKiri Community will attempt to keep all objectionable messages and content off this forum, it is impossible for us to review all messages and content. All messages express the views of the author, and the owners of ElaKiri Community will not be held responsible for the content of any message.

    By agreeing to these rules, you warrant that you will not post any messages that are obscene, vulgar, sexually-oriented, hateful, threatening, or otherwise violative of any laws.

    The owners of ElaKiri Community reserve the right to remove, edit, move or close any thread for any reason.

    If you find something violating any rules please report to [email protected]



    dWjI3.png


    ඔබ එළකිරි වෙබ් අඩවියේ කොන්දේසිවලට එකඟවූවානම්, ඔබට මෙම පිටුව ලැබෙනු ඇත.

    K3DiG.png


    1 User Name

    අංක එකෙන් දැක්වෙන්නේ ඔබගේ යූසර් නේම් එකයි. එනම් වෙබ් අඩවිය තුල ඔබ මෙතැන් පටන් අන්‍යයන් හඳුනාගන්නා නාමයයි. මෙය ඉතා සැලකිල්ලෙන් කළයුතු තෝරාගැනීමකි. මක් නිසාදයත් එය යලි ඔබට වෙනස් කළ නොහැකි බැවිනි. එම නිසා ඒ සඳහා සුදුසු නාමයක් තීරණය කිරීමට විනාඩියක් වැය කිරීම සුදුසු යැයි කිවයුතුය. ;)



    මෙය තෝරාගැනීමේදී ඔබ සැලකිලිමත්විය යුතු කරුණු කිහිපයක් වේ.

    අසම්මත ලිංගික ක්‍රියා හා සබැඳුන වචන http://si.wikipedia.org/wiki/අසම්මත....E2.80.8D.E0.B6.BB.E0.B7.92.E0.B6.BA.E0.B7.8F (සිංහල හෝ ඕනෑම භාෂාවක) යොදාගත නොයුතුය.

    ආගමික නායකයන් හෝ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නාමයන් තනා ඔවුන්මෙන් හැසිරීමට ඉඩ නොලැබේ, තවද දැනට ලියාපදිංචිව ඇති ක්‍රියාකාරී ජනප්‍රිය සාමාජිකයන්ගේ නාමයට සමාන නාමයන් යුනිකේත මගින් තැනීම, හෝ ප්‍රශ්ණවලට තුඩුදෙන මතභේදාත්මක වචන ඔබගේ එළකිරි නාමය සඳහා යොදාගත නොයුතුවේ.



    නාමය සඳහා ඕනෑම යුනිකේතයක් වුවද යොදාගත හැකිය. එය සිංහල, දමිළ, අරාබි හෝ වෙනත් ඕනෑම භාෂාවක යුනිකේතයන්විය හැකිය.

    ඔබ තෝරාගත් නාමය පළමු ටෙක්ස්ට් ෆීල්ඩ් එකෙහි සටහන් කරන්න. එවිට ඔබේ නාමයයටතේ වෙනත් කෙනෙකු කලින් ලියාපදිංචි වී නැත්නම් කොලපාටින් ඉහත පණිවුඩය දිස්වනු ඇත. එකම නමකින් දෙදෙනෙකු සිටිය නොහැකි බැවින් කලින් කෙනෙකු ඒ නමින් ලියාපදිංචි නොවී තිබිය යුතුය. කලින් වෙනත් කෙනෙකු ලියාපදිංචිව ඇත්නම් රතු පාටින් පහත පණිවුඩය දිස්වනු ඇත.

    hwOqZ.png


    එවිට ඔබට වෙනත් තේරීමකට යා හැකිය . තවද Admin,Administrator,Moderator වැනි වදන් නාමය ලෙස භාවිතකළ නොහැකිය. එසේ භාවිත කිරීමට උත්සහ කළහොත්ද මෙම පණිවුඩය දිස්වේ.


    2 Password

    පාස්වර්ඩ් නොහොත් මුර පදය. මුරපදය ඔබගේ යූසර් නේම් එකම විය නොහැකිය. එසේම ලෙහෙසියෙන් බිඳිය නොහැකි මුරපදයක් භාවිත කිරීම ඉතා වැදගත්වේ. රූපයේ මුරපදය පිටතට පෙනුනුද නියමාකාරයෙන් ඔබ එහි මුරපදය සටහන් කරද්දී එහි සටන්වන්නේ කළු තිත් පමණි. මෙහි ඔබ තෝරාගත් මුරපදය දෙවරක් ලබා දෙන්න.

    3 Email Address

    මේ සඳහා ඔබට ඕනෑම වලංගු ස්ථීර ඊමේල් ඇඩ්‍රසයක් භාවිතකළ හැකිය.

    4 Random Question
    මෙහි බොහෝදුරට ඇත්තේ යම් ඉලක්කම් දෙකක එකතුවක්, අඩුකිරීමක් බෙදීමක් හෝ වැඩිකිරීමක්ය. ඒ සඳහා නිවැරදි පිළිතුර ලබා දෙන්න.

    5 Time Zone & 6 DST Correction

    මේ කොටස්වලින් සංඛේතවත් වන්නේ වෙබ් අඩවියේ වෙලාව දිනය ආදිය ඔබ සිටින රටට අනුව දර්ශණය විය යුතු කාරයයි. එහි දැනට පවතින්නේ අමරිකානු වේලාව යැයි සිතමු. එහෙත් ඔබ සිටින්නේ ඉන්දියාවේ නම්, ඔබට අදාල ටයිම් සෝන් එක සිලෙට් කිරීමෙන් වේලාව නිවැරදි කරගත හැක.

    මෙය ලියාපදිංය සඳහා අදාල නැත. ඒ ගැන ඔබට අදහසක් නැතිනම් default සෙටින්ග්ස් වෙනසක් නොකර එසේම තිබෙන්නට ඉඩහැරීම පහසුය.

    7 Recieve Email from Site Staff

    මෙමගින් දැක්වෙන්නේ ඔබේ ඊමේල් ඇඩ්‍රසයට වෙබ් අඩවිය පාලනය කරන්නන්ට ඊමේල් එවීමට ඉඩදීමට ඔබ කැමතිද යන්නයි. ඔවුන්ගෙන් ඊමේල් ලැබීම අනවශ්‍යයි නම් එහි හරි ලකුණ ඉවත් කළ හැකිය

    8 Recieve Email from Other Members

    මෙමගින් අසන්නේ වෙබ් අඩවියේ අනෙකුත් සාමාන්‍ය සාමාජිකයන් හට ඔබට ඊමේල් පණිවුඩ එවීමට ඉඩදීමට ඔබ කැමතිද යන්නයි. එසේ ඔවුන්ගෙන් ඊමේල් ලැබීමට කැමති නම් එයට හරියක් දැමිය හැකිය.


    දැන් ඔබ මෙය පුරවා අවසන්ය. ලියාපදිංචිය සම්පූර්ණ කිරීම සඳහා කම්ප්ලීට් රෙජිස්ට්‍රේෂන් (complete registration) ක්ලික් කරන්න. නැවතත් සියල්ල මකා මුල සිට පිරවීමට රීසෙට් ෆීල්ඩ්ස්(reset Fields) ක්ලික් කරන්න.

    සියල්ල නිවැරදිව සිදු කළානම් ඔබව මීලඟ පිටුවට යොමු කෙරෙනු ඇත. එහෙත් යලිත් මෙම පිටුවටම පැමිණියොත් ඔබ යම්කිසි වරදක් සිදුකර තිබිය යුතුය. ඒ නිසා අවධානයෙන් යුතුව එය නැවත පුරවන්න.

    එසේත් නොමැතිව ඔබට මෙම පණිවුඩය දක්නට ලැබුනොත් එයින් හැඟෙන්නේ වෙබ් අඩවිය තුල ඔබගේ අයිපී ඇඩ්‍රසය බ්ලොක් කර ඇති බවය.

    “Registration denied, this forum runs an active policy of not allowing spammers. Please contact us via the "Contact Us" page link if you believe this is in error”

    බොහොමයක් ප්‍රොක්සි හා වීපීඑන් අයිපී ඇඩ්‍රස මෙසේ බ්ලොක් කෙරේ. එහෙත් ඔබ එවැන්නක් භාවිත නොකර මෙම පණිවුඩය දිස්වන්නේ නම් contact us ක්ලික් කර එය වෙබ් අඩවියේ අද්මිනිස්ත්‍රාසිකරු වෙත දැනුම් දෙන්න. එවිට ඔවුන් විසින් ඔබට උපදෙස් දෙනු ඇත.

    FKsrh.png

    ඔබට දැන් ලැබුණු පිටුව මෙය නම් ඔබගේ ලියාපදිංචිය සම්පූර්ණය.

    FKsrh.png

    දැන් ඔබ එළකිරි පවුලේ සාමාජිකයෙකි. දැන් ඔබට වෙබ් අඩවියේ පෝස්ට් දැමීමට හැකිය. අමතරව ඔබට ඔබගේ ඊමේල් ඉන්බොක්ස් එක පරික්ෂා කර එළකිරි පිළිගැනීමේ ලිපියද කියවිය හැකිය.

    ebwMP.png


    5P57t.png


    එසේ නොමැතිව ඔබට ලැබුනු පිටුවේ මෙසේ සඳහන් වන්නේ නම් තව එක පියවර කිහිපයක් සාමාජිකත්වය සම්පූර්ණ කිරීමට අනුගමනය කළ යුතුය.


    EWmbu.png


    මෙසේ පණිවුඩයක් දක්නට ලැබුනහොත් ඔබ ඔබ ලියාපදිංචියේදී ලබා දුන් ඊමේල් ගිණුමේ ඉන්බොක්ස් එක පරික්ෂා කළ යුතුය. එහි පහත ඊමේලය දක්නට ලැබෙනු ඇත. ඉන්බොක්ස් එකේ නොමැතිනම් ස්පෑම් ෆෝල්ඩරයේද බැලිය යුතුය. සාමාන්‍යයෙන් තත්ත්පර 10 - 15 තුල ඊමේලය ලැබේ. තාක්ෂණික දෝශමත ඉතාමත් කලාතුරකින් එය විනාඩියක් හෝ දෙකක් දක්වා ලැබීම මදක් පමාවිය හැකිය.

    pqwSX.png

    මෙම ඊමේලය ඕපන් කරන්න. එහි පහත දක්වා උලුප්පා දක්වා ඇති අයුරන් ලින්ක්ස් ඇත. එහි ඇති පළමු ලින්ක් එක වෙත ක්ලික් කරන්න.


    ImCc7.png

    එවිට ඔබට මෙම පිටුව දක්නට ලැබෙනු ඇත. එනම් ඔබේ ලියාපදිංචිය සම්පූර්ණය. එසේ දකින්නට නොලැබුනහොත් දෙවැනි ලින්ක් එක ක්ලික් කිරීමෙන් ලියාපදිංචිය සම්පූර්ණ කළ හැකිය.

    Wp3AY.png

    කලාතුරකින් දෝශයක් හටගෙන ඔබට ලියාපදිංචි වීමට නොහැකිවූවහොත් admin[at]elakiri.com වෙත දැනුම්දී උපදෙස් ලබාගත හැකිය.

    අපි මීලඟට බලමු අන්තර්ජාල ෆෝරමයක් යනු කුමක්ද කියා.

     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    gfh

    Active member
  • Mar 21, 2008
    10
    203
    28
    H1ÐÐ3n



    ෆෝරමයක ව්‍යූහය.​

    මොකක්ද මේ ෆෝරමයක් කියන්නෙ. ෆෝරමයක් යනු අන්තර්ජාලයතුල මිනිසුන් සාකච්ඡා කරන්නට, සංවාද කරන්නට යොදාගන්නා ස්ථානයන්වේ. ඉන්ටර්නෙට් ෆෝරමය හෝ මැසේජ් බෝර්ඩ් යන නම් දෙකෙන්ම හැඳින්වෙන්නේ අන්තර්ජාලය තුල මිනිසුන්නට කතා බහ කරන්නට ඒ කියන්නේ සාකච්ඡා කරන්නට වෙන් උනු ස්ථාන. මේවා මගින් සාමාජිකයන්ගේ පලකිරීම් සහ සංවාද සිදු වේ. මෙය කිව්ව ගමන් ඔබේ සිහියට එන්නට ඇති චැට් රූම්ස් යන්න. එමගින් සිද්ධ වෙන්නෙත් සංවාදයන් නිසා. එහෙත් කිසිසේත්ම අන්තර්ජාල ෆෝරම චැට් රූම්ස්වලට සමාන කරන්නට බැහැ.මේවා සහ චැට් රූම්ස් අතර පවතින්නේ විශාල වෙනසක්. චැට් රූම් තුළදී සිදුකෙරෙනක කතා බහ එහි රඳා පවතින්නේ තාවකාලිකව. එනම් ඔබට පසු දිනෙක එය නැවත දකින්නට ලැබෙන්නේ නැහැ. එමෙන්ම චැට් රූම් තුළදී කෙනෙකුට තමා නොසිටි වේලාවක පැවතුනු සංවාදයක් කියවීමට බැහැ. හේතුව ඒවා ස්ථීරව රැඳී නොපැවතීම. ඒ මොහොතේ පමණයි. එහෙත් අන්තර්ජාල ෆෝරම එසේ නැහැ. ඒවා තුල සටහන් කරන සියළු දෑ සදාකාලිකව රැඳී පවතිනවා. ඒ වගේම ෆෝරම සහ බ්ලොග් අතර පවතින වෙනස කුමක්ද යන්නත් ඔබට තිබුණු ප්‍රශ්ණයක් වන්නට ඇති. ෆෝරමයක ඕනෑම අයෙකුට පලකිරීමක් කරන්න හැකිය. ඒ තමන්ගේ නිර්මාණයක් බෙදාගැනීක් හෝ උදව්වක් ඉල්ලීමක් හෝ ඕනෑම දෙයක් විය හැකියි. එහෙත් බ්ලොග්වල ලිපි පල කළ හැක්කේ එහි කතෘ හෝ එහි කතෘවරුන්ට පමණි. අන්‍යන්ට කළ හැක්කේ සීමිත අකුරු සංඛ්‍යාවකට කොටුවී කමෙන්ටුවක් දැමීම පමණය. එබැවින් ඒ අතරද අති විශාල වෙනසක් ඇතිබව ඔබට වැටහෙන්නට ඇත. එමෙන්ම බ්ලොග්වලට වඩා අතිශය ක්‍රමවත් බවක් හා පහසුකම් ‍ෆෝරමවල තිබෙනවා. සරළම උදාහරණයක් ලෙස පුද්ගලික පණිවුඩ දැක්විය හැකියි. ෆෝරමවල පවතින සාමාන්‍ය සේවාවක් වන පර්සනල් මැසේජස්වත් බ්ලොග්වලින් ඔබට සැපයෙන්නේ නැත.

    ෆෝරම කාණ්ඩවලට බෙදාවෙන්කර ඇත. ඒ භාවිත කරන්නන්ගේ පහසුව සඳහාය, සිතන්න එකකට එකක් වෙනස් විෂයන් යටතේ පලවුනු ලිපි සියල්ලම එක ගොඩේ තිබුණහොත් ඔබට ඇතිවන අපහසුව. මේ නිසා සබ් ෆෝරම ලෙස කොටස්වලට බෙදා ඇත. පහත රූපය දෙස බලා ඔබට ඒ ගැන අවබෝධයක් ලබාගත හැකිය. අදාල කාණ්ඩ ගත කිරීම යටින් එහි අන්තර්ගතය පිළිඹඳ විස්තරයක් වේ. ඊට අමතරව එහි පලව ඇති ත්‍රෙඩ් සංඛ්‍යාව, පෝස්ට් සංඛ්‍යාව සහ එහි අවසානයටම පලකිරීම සිදුකළ ත්‍රෙඩ් එකද පලකරනු ලැබූ අයගේ නාමය සමග දිස්වේ. (member posted the most recent message) එමෙන්ම එදින අළුතින් පලවූ පලකිරීම් සංඛ්‍යාවද දැක්වේ.

    ඇතැම් ෆෝරමවලට ඇතුළු වීමට මුරපදයක් අවශ්‍ය වේ, එළකිරි තුළ පවතින්නේ ආරක්ෂා කළ එක ෆොරමයක් පමණි, http://www.elakiri.com/forum/forumdisplay.php?f=29 මෙය බොහෝ දුරට වෙබ් අඩවියේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ අදහස් හුවමාරු කරගැනීමට භාවිත වනවා වන්නට ඉඩ ඇත.

    zSsIF.png

    ෆෝරම තුල අන්තර්ගතවන්නේ ත්‍රෙඩ් සහ තනි පෝස්ට්ස්ය, ත්‍රෙඩ් යන්නට සිංහල අර්ථය වන්නේ නූල හෝ පොට යන්නයි. "ඔන්න පොටක් පෑදෙන්න යන්නේ" යන්න නිතර සිංහලයේ යෙදනෙ යෙදුමකි. එයින් හැඟවෙන්නේ යමකට ආරම්භයක් ලැබීමට යන බවය. ත්‍රෙඩ් යන්නද එවැන්නකි. ත්‍රෙඩ් එක යනු යම් පලකිරීම් පෙළකට පාදක වූ මුල් පලකිරීමයි. මෙය තවදුරටත් වටහාගැනීමට පහත ඇති ආකෘතිය දෙස බලන්න. එහි මධුරංග යනු ත්‍රෙඩ් එක පල කළ තැනැත්තායි.

    YP37O.png

    මධුරංගගේ පල කිරීමට පිලිවෙලින් ෂිවකුමාර්ද, ෆාතිමාද,Jhonද අවසාන වශයෙන් සක්විතිද අදහස් දක්වා ඇත. මධුරංග පල කළ මුල් පලකිරීම ත්‍රෙඩ් එක වශයෙනුත් අන්‍යයන් ප්‍රතිචාර වශයෙන් පලකළ සියළුම පල කිරීම් තනි පෝස්ට්ස් වශයෙනුත් හැඳින්වේ. මෙසේ එකකට එකක් වෙනස් සාමාජිකයන් විසින් පලකරන පොස්ට්ස් සංඛ්‍යාව මගින් ක්‍රම ක්‍රමයෙන් ත්‍රෙඩ් එක වර්ධනය වේ.



    ත්‍රෙඩ් එකක් ආම්භ කරන්නේ කෙසේද යන්න මීලඟට සලකා බලමු.​

    මේ සඳහා එළකිරි මුල්පිටුවේ වම්පස් ඉහල කෙලවර ඇති Site Navigation හි ඇති Forum ලින්ක් එකට යා යුතුය.

    S9UtX.png


    ඉන් පසුව ඔබට ලැබෙන්නේ උප ෆෝරම කාණ්ඩයන්ය. එහිදී ත්‍රෙඩ් එකක් ආරම්භ කිරීමට පෙර ඔබ පල කිරීමට අපේක්ෂා කරන දෙයට අදාල ෆෝරමය තෝරාගත යුතුය.

    මේ දැක්වෙන්නේ General ෆෝරම කාණ්ඩයය.

    RnThR.png

    උදාහරණයක් ලෙස ඔබ General ෆෝරම කාණ්ඩයෙහි ඇති ElaKiri Help කැටගරියවෙත ක්ලික් කලවිට ඔබට එයතුළ ඇති ත්‍රෙඩ් සියල්ල දිස්වනු ඇත.

    OPY8T.png

    ත්‍රෙඩ් එකක් යනු වෙබ් අඩවියේ සාමාජිකයන් අතරේ ඇතිවන කතා බහක් බව පෙරදී විස්තර කළ බැවින් නැවතත් එය විස්තර කිරීම කරන්නේ නැත. අදාල කාණ්ඩය තුලට ගිය පසු එහි වම්පස ඉහල කෙලවර ඇති නිව් ත්‍රෙඩ් New Thread යන්න මත ක්ලික් කළ යුතුය. සමහර කාණ්ඩවල පලකිරීම් කරන්නට හිමිකම ඇත්තේ වෙබ් අඩවියේ බලයලත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පමණි. උදාහරණයක් ලෙස Announcements (Site Announcements) කාණ්ඩය පෙන්විය හැක. එහි පලකිරීම් කරන්නේ අද්මිනිස්ත්‍රාසිකරු පමණි. අන්‍යයන්ට ඒ සඳහා හිමිකම් නොමැත. සාමාන්‍ය සාමාජිකයෙකු එවැනි ෆෝරමයක ත්‍රෙඩ් එකක් පටන් ගැනීමට උත්සහ කළහොත් ඔහු/ඇයට ඒ සඳහා හිමිකම් නොමැතිබවට මෙවැනි පණිවුඩයක් දිස්වනු ඇත.

    WWWON.png


    ඔබට අදාල කාණ්ඩයේ නිව් ත්‍රෙඩ් ක්ලික් කළ පසු එහි ලැබෙන්නේ ඔබට දිස් වන පිටුවේ ඇත්තේ ග්‍රැෆිකල් ඉන්ටර්ෆේස් එකකි. එය නම්වන්නේ Vbulletin Editor යනුවෙනි. මෙහි අන්තර්ගතවන මෙවලම් භාවිතා කර ඔබට ඔබගේ ලිපිය කියවන්නන් වෙතට හොඳින් දර්ශණය වන ආකාරයට සකසාගත හැකියි.


    KHrff.png



    ත්‍රෙඩ් එකක් නිර්මාණයේදී ඔබට මුලින්ම දිය යුතු අවවාදයක් ඇත. එනම් වෙබ් බ්‍රවුසරයතුල ලිපිය ලිවීම නොකරන ලෙසයි. ඒ සඳහා වර්ඩ් හෝ නෝට්පෑඩ් වැනි වැඩසටහනක් යොදාගැනීම සුදුසුවේ. එවැන්නක ලිපිය නිමවා වෙබ් බ්‍රවුසරයට කොපි පේස්ට් කළ හැකිය. මක් නිසාද යත් සමහර අවස්ථාවල ඇතිවන අන්තර්ජාල බිඳවැටීම් සහ සිදුවන සර්වර බිඳවැටීම් සහ සංනිවේදන අපහසුතා නිසා පේජ් එක ගිලිහී යාමය. මෙසේ පේජය ගිලිහී ගියහොත් ඔබට ඒ තුල ලියන ලද සියළුම දෑ අහිමිවනු ඇත. නොබෝදිනකින්ම එළකිරිතුළ Auto Save හෝ Save Draft පහසුකම ලබාදෙනු ඇති අතර එතෙක් වෙනත් මාධ්‍යයක ලිවීම සිදුකළ හැකිය. ඔටෝ සේව් පහසුකම හඳුන්වාදුන් පසුව ඔබට බ්‍රවුසරය තුලම ලිවීම කළ හැකි අතර එය නිරායාසයෙන්ම වෙබ් අඩවියේ තාවකාලිකව සුරැකේ (save). පසුව පැමිණ එය භාවිතයට ගතහැකිය.

    එමෙන්ම තවත් අති විශේෂ කාරනයක් ලෙස දැක්විය හැක්කේ ෆොන්ට් භාවිත කිරීමයි. වෙබ් අඩවියේ භාවිතකිරීමට ඉඩ සලසා ඇති ඉංග්‍රීසි ෆොන්ට්ස් කිහිපය හා යුනිකේත හැරුණුවිට පිටින් ලබාගත යුතු වෙනත් ෆොන්ට්ස් භාවිත නොකිරීම යෝග්‍ය වේ. මක් නිසාද යත් ඔබ භාවිත කරන ෆොන්ට් එක සිල්ලන්ගේම පරිගණකවල නොතිබිය හැකි නිසාය. එවිට ඔවුන්ට ලිපිය කියවිය හැකි ආකාරයකින් දිස් නොවනු ඇත. එම නිසා සිංහල යුනිකේත හා එළකිරි ඉන්ටර්ෆේස් එකතුලින් ලබාදී ඇති ෆෝන්ට් හැරුණුකොට වෙනත් ෆොන්ට් භාවිතා නොකළයුතුවේ.

    සිංහල හා දමිළ යුනිකේත ඔබ සතුව නොමැතිනම් ඔබට සිංහල යුනිකේත මෙතැනින් බාගත කරගත හැකිය. www.locallanguages.lk/

    ප්‍රථමව අපි මෙහි කොටසින් කොටස හඳුනා ගනිමු.

    XWVZj.png


    1 Random Question

    මෙහි බොහෝදුරට ඇත්තේ යම් ඉලක්කම් දෙකක එකතුවක්, අඩුකිරීමක් බෙදීමක් හෝ වැඩිකිරීමක්ය. ඒ සඳහා නිවැරදි පිළිතුර ලබා දෙන්න.


    2 Title

    ටයිට්ල් එනම් මාතෘකාව. ඔබ පලකිරීමට යන ලිපියේ මාතෘකාව මෙතැන සටහන් කළ යුතුය. මාතෘකාව සඳහන් කිරීමකින් තොරව ලිපියක් පෝස්ට් කළ නොහැක. එමෙන්ම අකුරු 85ක සීමාවක්ද තිබේ. ඔබ මාතෘකාව යුනිකේත භාවිතයෙන් ලිවීමට අදහස් කරයි නම් ඔබට දතයුත්තක් ඇත. එනම් සාමාන්‍ය අකුරු මෙන් නොව යුනිකේතවල ධාරිතාවය වැඩි බව නිසා සම්පූර්ණ මාතෘකාවම පලනොවීමේ හෝ හෝම් පේජයේ (www.elakiri.com/index.php) හි Recent Threads හි මුළු ත්‍රෙඩ් එකේම නම දිස් නොවී කොටසක් පමණක් දිස්වීමේ අවධානමය. එය ඔබගේ ලිපිය කියවීමට කියවන්නන් ආකර්ශණය කරගැනීමට බාදාවක් විය හැකිය. එම නිසා යුනිකේත භාවිතයට වඩා සාමාන්‍ය අකුරු භාවිතය යෝජනා කරමි.

    ongjh.png

    තවද ඉංග්‍රීසි භාෂාවෙන් මාතෘකාව ලිවීම සෙවුම්යන්ත්‍රවල හොඳින් ලැයිස්තුගතවීමට උදව්වක් වේ. ත්‍රෙඩ් ටයිට්ල් සම්බන්ධයෙන් අවධාරණයෙන්ම කිවයුත්තේ [18+],[21+],[ELDERS ONLY] වැනි ටැග් යෙදීම තහනම් බවයි. අවධානය ලබාගැනීමට වුවද මෙය යොදාගතහොත් ත්‍රෙඩ් එකෙහි වරදක් නොමැතිවූවත් ඔබට විරුද්ධව පියවර ගනු ලැබේ.

    3 vBulletin Editor

    මෙය ටෙක්ස්ට් එඩිටරයයි. මෙය තුලය සියළු අලංකරණ කටයුතු සිදු කෙරෙන්නේ. අකුරුවලට වර්ණ යෙදීම, අකුරුවල ප්‍රමාණය ලොකු පොඩි කිරීම ආදි සියල්ලම සිදුවන්නේ මෙහිය. මින්පසු ටෙක්ස්ට් එඩිටරය ලෙස හැඳින්වීමක් කළහොත් ඒ මෙය බව ඔබ වටහාගත යුතුය.

    4 Toolbar
    බොහොමයක් අය මේ ගැන නම් යමක් දන්නවා ඇති. මක් නිසාද යත් මේ ආම්පන්න බොහොමයක් පොදු ඒවා බැවිනි. මුලින්ම අපි මේ මොනවාදැයි.. මේවා හඳුවන නම්වලින් දැනගමු. ඉන් පසුව පියවරෙන් පියවර භාවිත කරනා ආකාරය පිළිබඳ දැනුවත් වෙමු.

    KDxH2.png

    මෙය ක්‍රියාත්මක වන්නේ ඉතා සරළ ක්‍රමයකටය, සෑම විටම ඔබ මතක තබා ගත යුත්ත නම් මේ ටූල්ස් භාවිතයෙන් ඔබට හැඩ ගැන්වීමට අවශ්‍ය වන කොටස අදාල ටැග් එකට මැදිකළයුතු බවය. ටැග් එක ඔබ අතින් ලිවීමට අවශ්‍ය නැත. එය අදාල මෙවලමට ක්ලික්කළ විට ඉබේම සෑදේ. ඔබ කළ යුත්තේ අලංකරණය/විශේෂත්වය ඇති කිරීමට අවශ්‍ය කොටස හයිලයිට් කර (උලුප්පා) මෙවලම භාවිතයයි.

    පහත දැක්වෙන්නේ එකිනෙකට වෙනස් ටැග්වර්ග තුනක් සහ ඊට මැදිවූ "මට" යන වචනයි.

    අම්මා [SIZE="7"‍‍]මට[/ SIZE] ආදරෙයි
    අම්මා [COLOR="Red"‍]මට[/ COLOR] ආදරෙයි
    අම්මා [U‍]මට[/U] ආදරෙයි.

    මේ දැක්වෙන්නේ පෝස්ට් කළ පසු පසු දිස්වන ආකාරයයි. මෙහිදී ටැග්වලට පිටින් ඇති අම්මා හෝ ආදරෙයි යන වචනවලට කිසිඳු අලංකරණයක්/විශේෂත්වයක් ඇතිවන්නේ නැත. ටැග් තුළ ඇති මට යන වචනයට පමණක් අලංකරණය/විශේෂත්වය එක් වේ. [/COLOR]
    [/SIZE][/INDENT][/INDENT]

    [INDENT][INDENT][COLOR="#3a6984"]අම්මා මට ආදරෙයි
    අම්මා මට ආදරෙයි
    අම්මා මට ආදරෙයි.


    දැන් ඔබ ටැග් යනු කුමක්ද සහ එහි ක්‍රියාකාරීත්වය දන්නා නිසා ඊලඟ පියවරට යා හැකියි.
     

    gfh

    Active member
  • Mar 21, 2008
    10
    203
    28
    H1ÐÐ3n



    [1]
    removeformat.gif
    Remove Text Formatting


    මෙය ටූල් බාර් එකෙහි ඇති පළමු මෙවලමයි. මෙමගින් සිදුවන්නේ ඔබ විසින් ඇතුළු කරන ලද එහෙත් ඔබට පසුව ඉවත් කරගැනීමට අවශ්‍ය වූ ටැග් ඉවත් කර දීමයි. ටැග් ඇති කිරීමට මෙවලම් භාවිත කළ හැකි වූවද ඉවත් කිරීම කරන්නට අවශ්‍ය නම් එය ඔබ විසින් එකින් එකට හයිලයිට් කරමින් සිදු කිරීමට අවශ්‍යය. එය අපහසු කාර්ය්‍යක් නිසා මෙම ටූල් එක විසින් ඔබට මුළු ත්‍රෙඩ් එකකම වූවද අක්ෂර හැඩගැන්වීමට භාවිත කරන ටැග් රිමූව් කිරීමට උදව් වේ. ඔබ සිදු කළ යුත්තේ ටැග් රිමූව් කිරීමට අවශ්‍ය ටෙක්ස්ට් එක හයිලයිට් කර මේ බොත්තම එබීම පමණි.


    මුළු ත්‍රෙඩ් එකකින්ම අක්ෂර හැඩගන්වන ටැග් ඉවත් කිරීමට ඔබට අවශ්‍ය යැයි සිතන්න. එසෙ නම් ඔබ කළයුත්තේ Ctrl + A (සිලෙක්ට් ඕල්) කර මෙම මෙවලම භාවිත කිරීමයි.

    මතක තබාගතයුතු කාරණයනම් මෙයින් ඉමේජ් ටැග් වැනි ටෙක්ස්ට්වලට අදාල නොවන ටැග් රිමූව් වන්නේ නැතිබවයි.

    [2] Fonts

    GJC3f.jpg

    මෙමගින් තීරණය කරන්නේ ඔබ පල කරන අකුරුවල මුද්‍රණ අකුරු වර්ගයයි. එනම් එහි හැඩයයි. හැඩ කරනලද අකුරු බවට පත් කිරීමට අවශ්‍ය කොටස හයිලයිට් කර මෙයින් කැමති විලාසිතාවක අකුරු වර්ගයක් තෝරාගත හැක. ත්‍රෙඩ් එක සබ්මිට් කල පසු අදාල ෆොන්ට් ටැග් එකට මැදිවූ අක්ෂර හැඩකරනලද අකුරුවලින් දිස්වේ.

    කිසිඳු හැඩගැන්වීමක් සිදු නොකළ අක්ෂර - ElaKiri.com
    ටැග් යෙදූ විට එඩිටරයේ දිස්වන ආකාරය - ElaKiri.com[/‌‌FONT]
    ත්‍රෙඩ් එක පල කළ පසු දිස්වන ආකාරය - ElaKiri.com

    පහත දැක්වෙන්නේ එළකිරි තුළදී ඔබට භාවිත කළ හැකි අකුරු වර්ග 21 ය. මෙම අකුරුවර්ග ඕනෑම වින්ඩෝස් පරිගණකයක ඇති නිසා භාවිත කිරීමට කිසිඳු දෙගිඩියාවක් ඇතිකරගත යුතු නැත.

    Arial
    Arial Black
    Arial Narrow
    Book Antiqua
    Century Gothic
    Comic Sans MS
    Courier New
    Fixedsys
    Franklin Gothic Medium
    Garamond
    Georgia
    Impact
    Lucida Console
    Lucida Sans Unicode
    Microsoft Sans Serif
    Palatino Linotype
    System
    Tahoma
    Times New Roman
    Trebuchet MS
    Verdana





    [3] Sizes
    මෙමගින් සිදු කරන්නේ පල කරන අකුරුවල ලොකු පොඩි ප්‍රමාණය තීරණය කිරීමයි. ඒ ඔබට අවශ්‍ය අකුරක්,වචනයක්,වාක්‍යක්,ඡේදයක් හෝ සමස්ථ ලිපියම විය හැක. මෙයට අකුරේ සිට අකුරු විසිදහස දක්වාම ලොකු පොඩි කිරීමට භාවිතා කළ හැක. මෙහි එකේ සිට හත දක්වා ප්‍රමාණ හතක් ඇත. පහත රූපය බලා ඔබට ඒ ගැන අවබෝධයක් ලබාගත හැකිය. ලොකු පොඩි කිරීමට අවශ්‍ය කොටස හයිලයිට් කර අදාල ප්‍රමාණය තේරීමෙන් එය ටෙක්ස්ට් එකට එක් වේ.

    ifN6R.png

    පහත දැක්වෙන්නේ එම අකුරු ප්‍රමාණ 7ය.
    1
    2
    3
    4
    5
    6
    7

    [4] Color Bar

    මෙයින් සිදුකෙරෙන්නේ අකුරුවලට වර්ණ යෙදීමයි.

    GkcZx.png

    වර්ණය යෙදීමට අවශ්‍ය ටෙක්ස්ට් එක හයිලයිට් කර යෙදීමට අවශ්‍ය වර්ණය තේරීමෙන් මෙය සිදුකළ හැකිය.
    පහත දැක්වෙන්නේ වර්ණ තුනක් යෙදූ වචන තුනකි.

    Red
    Yellow
    Purple


    [5]Smilies
    NwWLn.png

    http://en.wikipedia.org/wiki/List_of_emoticons
    මේවා යොදාගැනෙන්නේ යම්කිසි හැඟීමක් පෙන්වීමටයි. ඔබ දැනටමක් ඊමේල් හෝ අන්තර්ජාල චැට් කිරීම් සිදු කර ඇත්නම් ඔබට මෙය ඉතාමත් සුපුරුදු සංකල්පයක් විය හැකියි. උදාහරණයක් ලෙස ඔබට දුක්බර ස්වභාවයක් පෙන්වන්නට ඕනෑ කරයි නම් අදාල මුහුණ මත ක්ලික් කළයුතුය. එවිට එයට අදාල කෝඩ් එක ටෙක්ස්ට් ඒරියා එකට ඇඩ් වේ. පෝස්ට් එක පබ්ලිෂ් කළ පසු එහි කෝඩ් එකට අදාල රූපය දිස්වේ.

    බොහොමයක් නවක සාමාජිකයන් මේවායේ අරුත් හරිහැටි නොදැන අස්වාභාවිකලෙස භාවිත කරනබව විටෙක දැකිය හැකිය එම නිසා අවධාරණයෙන් පැවසිය යුත්තේ ස්මයිලීස් හත අටක් හැරුණුකොට තොගයක් පිටුව පිරී යනසේ පෝස්ට් නොකරන ලෙසයි. මෙය අහිතකර ලෙස සර්වරයටද බලපාන බැවින් ඊට පියවර ගැනෙනු ඇත. සියල්ලන්ගේම පහසුව සඳහා මේවායේ අර්ථයන්ද පහතින් දැක්වීමට කටයුතු කළෙමි.


    1 :growl: Growl ගෙරවීම මේ මගින් අදහස් වේ. උදාහරණයක් ලෙස සත්ත්වයන් කොපයට පත්වූ විට අනතුරු හඟවමින් ගොරවයි. එසේ මෙමගින් හැඟවෙන්නේ තරහව හැඟවීමයි.

    2 :frown: Frown රැවීම මෙමගින් පිළිබිඹු වේ. යම්කිසි පෝස්ට් එකක් ගැන අප්‍රසන්නතාවයට පත්වූ විටද මෙය භාවිත කළ හැකිය.

    3 :dull: Dull උදාසීන බව මෙයින් හැඟවේ. එමෙන්ම යම් පලකිරීමක්/දෙයක් පිළිඹඳ සිත් නොගන්නේ නම් මෙය භාවිත කළ හැකිය.

    4 :baffled: Baffled යමකට මැදිව එයින් මිදීමට අවශ්‍ය නමුත් කළයුත්ත සිතාගත නොහැකිව සිටින අවස්ථාවක් සිහියට ගන්න. සිංහලයේ කට උත්තර නැති වෙනවා යැයි පවසන්නේද මෙවැන්නකි. ඒ හා සමාන අරුතක් මේ මගින් කුළුගැන්වේ. බොහෝවිට දෙපිරිසක් හා ඇතිවන උනුසුම් විවාද තත්ත්වවලදී යමෙකු විසින් අන් පාර්ශවයට කට උත්තර නැතිවෙන ආකාරයට තර්කයක් ඉදිරිපත් කළා යැයි සිතන්න. එවිට එම පෝස්ට් එකට ප්‍රතිචාර වශයෙන් වාදයට සම්බන්ධ නැති අයෙකුට වුවත් මෙය පල කළ හැකිය. එමගින් පහර වැදුනු පාර්ශවය කෙරේ උපහාසාත්මක බවක් ඇති කරයි.

    5 :P :p කවට කමක් හෝ යම් දෙයක් සිදුකර දිව දිගු කිරීම මෙමගින් අරුත් ගැන්වේ.

    6 :rolleyes: Rolleyes යමකට ඇස් කැරකවීම මෙමගින් හැඟවේ.

    7 :D :-D සුහදත්වය හඟවන සිනාමුසු මුහුණකි. විරිත්තීමක්ලෙස වුවද දැක්විය හැක.

    8 :confused: Confused ඔබ යමක් පිළිඹඳ අවුල් සහගත තත්ත්වයකට පත්ව සිටින්නේ නම් මෙය යොදාගත හැකිය.

    9 :cool: Cool කලබල නැති ශාන්ත බවක් මෙමගින් හැඟවේ.

    10 :eek: Eek අනපේක්ෂිත යමක් පිළිඹඳව විමතිය හෝ බිය පල කෙරෙන්නකි.මෙයින් විහිදුනු දෑසක් පිළිබිඹු කෙරේ.

    11 :) :-) සුහදත්වය පලකෙරෙන මුහුණකි.

    12 :lol: Lol මෙය හඬ නඟා සිනාසීමට භාවිත කෙරේ. මෙය යමෙකුට සුහදත්වය පලකිරීම සඳහා ඒතරම් ගැලපෙන්නේද යන්න පිළිඹඳ ගැටළුවක් පවතී. මක් නිසාදයත් මෙය බොහෝවිට භාවිත කෙරෙන්නේ යමකට හඬ නගා සිනාසීමට සහ උපහාසාත්මකව සිනාසීමේ අදහස පිළිබිඹු කිරීමට නිසාය.

    13 :nerd: Nerd යමෙක් ඔබෙන් පිළිතුරු ලබාදිය නොහැකි ගණිත ගැටළුවක් විමසුවා යැයි සිතන්න. එවිට ඔබට මෙය භාවිත කළ හැකිය. මෙහි සිංහල අර්තය අඥාණයා යන්නට සමාන වේ.

    14 :no: No එපා හෝ නෑ යන්න සංඛේතවත් කෙරේ.

    15 :oo: Oo පීඩාකාරී යමකට හෝ යම් දෙයක් පිළිබඳ නොපවසා තීරණයකට නොඑළඹ සිටින අවස්ථාවකද භාවිතා කළ හැකිය.

    16 :rofl: Rofl මෙහි අර්ථය Rolling On Floor Laughing බිම පෙරලෙමින් සිනාසීම මෙයින් අර්ථවත් කෙරේ.

    17 :angry: Angry යමක් පිළිබඳ ඇති නොමනාපය පලකිරීමට යෙදේ.

    18 :love: Love මෙහින් අරුත්ගැන්වෙන්නේ සෙනෙහසයි.

    19 :yes: Yes ඔව්. එකඟයි යන්න අර්ථවත් කෙරේ.

    20 ;) ;-) ඉඟි මැරීම මෙයින් අර්ථවත් කෙරේ.

    21 :sorry: Sorry සමාවන්න සහ අපොයි යන්න අර්ථවත් කෙරේ.

    22 :shocked: Shocked බිය වීම, කම්පනයට පත්වීම මින් අදහස් කෙරේ.

    23 :( :-( දුක් සහගත බව පෙන්වයි.

    *******************************************
    :dull: Dull
    :oo: Oo
    :baffled: Baffled
    :rofl: Rofl
    :P :P
    :angry: Angry
    :rolleyes: Rolleyes
    :love: Love
    :D Biggrin
    :yes: Yes
    :confused: Confused
    ;) Wink
    :cool: Cool
    :sorry: Sorry
    :eek: Eek
    :shocked: Shocked
    :) Happy
    :( Sad
    :lol: Laugh
    :growl: Growl
    :nerd: Nerd
    :frown: Frown
    :no: No
    *******************************************


    [6]
    attach.gif
    Attachments


    ත්‍රෙඩ් එකත් සමඟ ඔබට කියවන්නන් හට ලබාගනු පිණිස යම්කිසි ෆයිල් එකක් ඇමිණීමට ඇතැයි සිතන්න. එවිට බාහිර සර්වරයන් වෙතට අප්ලෝඩ් කර ඔවුන් එහි යොමු කරනවා වෙනුවට පහසුවෙන්ම එක ක්ලික් කිරීමකින්ම අදාල ගොණුව බාගත කරගැනීමට බැඳුමක් කිරීමට මෙයින් ඉඩ සලසා දේ, මෙසේ කරන ඇමුණුම් ලබාගැනීමට නම් ඔබ වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුය.

    මෙම මෙවලම ක්ලික් කළ පසු වෙනම කවුලුවක මෙම පේජය දර්ශණය වේ,

    zFkz7.png


    1 - මෙයින් දැක්වෙන්නේ ඔබ දැනට මේ ත්‍රෙඩ් එකට එක්කර ඇති සියළුම ඇමුණුම්වල එකතුවයි. කිසිඳු ඇමුණුමක් කර නැත්නම් මෙහි කිසිඳු වෙනසක් දර්ශණය වන්නේ නැත. පින්තූරයේ එය දැක්වෙන්නේ කොළ පැහැයෙනි. කොළ පැහැය නම් ඔබට ඉතිරිව ඇති ඉඩ ප්‍රමාණයයි. එකඳු ගොනුවක් වත් අමුණා නැති නිසා එය මුළු මනින්ම කොළ පැහැතිවේ. එහෙත් ඔබ ඇමුණුම් කිරීම සිදු කරන විට මෙවැනි රතු පැහැ පටියක් කෙමෙන් කෙමෙන් පිරෙනු ඇත. එමඟින් ඔබට ඉතිරිව ඇති ඉඩ ප්‍රමාණය ගැන දළ හැඟීමක් ඇති කරගත හැකිය. කළ හැකි උපරීම ඇමුණුම් සංඛ්‍යාව වන්නේ පහකි. එනම් ගොණු පහක්

    2 - මෙය මගින් ඔබට ඔබගේ පරිගණකයේ ඇති ගොණුවක් ත්‍රෙඩ් එකට ඇමිණීම සිදුකළ හැකිය. ඒ සඳහා Choose File මත ක්ලික් කළ යුතුය.

    Cd9g7.png

    Choose File ක්ලික් කළ පසු අදාල ගොණුව ඔබේ පරිගණකයෙන් තේරීම සඳහා Open නමින් කුඩා එක්ස්ප්ලෝරා වින්ඩෝ එකක් ඕපන් වේ. එයින් ඔබට අදාල ගොණුව තෝරා Open බොත්තම ක්ලික් කරන්න. ඉන් අනතුරුව Upload බටනය ක්ලික් කරන්න. එවිට ඔබේ ගොණුව එළකිරි සර්වරය වෙත අප්ලෝඩ් වේ.


    3 - මෙය මඟින් ඔබට වෙනත් සර්වරයක ඇති ගොණුවක් එළකිරි සර්වරය වෙත, ඔබගේ මැදිහත් වීමක් නොමැතිව ඍජුව අප්ලෝඩ් කළ හැකිය. කළ යුත්තේ අදාල සම්බන්ධකය මෙහි ඇති ටෙක්ස්ට් ඒරියා එකෙහි සටහන්කොට අප්ලෝඩ් බටනය ක්ලික් කිරීමය. නිදර්ශණයන් ලෙස පහත සබඳතාවය දැක්විය හැකිය.

    උදාහරණ :- http://www.fbi.gov/about-us/cjis/ucr/crime-in-the-u.s/2010/crime-in-the-u.s.-2010/CIUS2010figures.zip

    ඇමිණූ ගොණුවක් ඉවත් කරගන්නා ආකාරය,
    ඔබ විසින් තෝරනලද ඇමිණුම් අප්ලෝඩ්වූ පසු ඒවා පහත ආකාරයට දිස්වේ. සෑම ඇමිණුමකටම ඉදිරියෙන් රිමූව් නමින් බටනයක් ඇත.

    Z7xgF.png

    ඔබ කළ යුත්තේ ඉවත් කළයුතු ගොණුවට ඉදිරියෙන් ඇති රිමූව් බටනය ක්ලික් කිරීමයි. එවිට අදාල ගොණුව ඉවත් වේ.


    4 -ඔබට ඇමිණිය හැකි ෆයිල් වර්ග සහ ඒවායේ උපරීම ධාරිතාවයන් සහ පින්තූරවල දිග ඵලල සම්බන්ධ විශාලත්වයන් මෙයින් දැක්වේ. ඒවා සිංහල භාෂාවෙන් පහත දැක්වේ,

    Code:
    [SIZE="3"]ගොණු වර්ගය		උපරිම විශාලත්වය		උපරිම පළල			උපරිම උස	
    .bmp			19.5 KB		620		280
    .doc			19.5 KB		  -		  -
    .gif			19.5 KB		620		280
    .jpe			19.5 KB		620		280
    .jpeg			19.5 KB		620		280
    .jpg			97.7 KB		  -		  -
    .pdf			19.5 KB		  -		  -
    .png			19.5 KB		620		280
    .psd			19.5 KB		  -		  -
    .txt			19.5 KB		  -		  -
    .zip			97.7 KB		  -		  -[/SIZE]

    5-6 - මේ මගින් ඔබට වින්ඩෝ එක වසා දැමිය හැකිය. ඇමිණුම් අප්ලෝඩ්වී අවසානවූ පසු ඔබට මෙම වින්ඩෝ එක වසාදැමිය හැකිය. ත්‍රෙඩ් එක සබ්මිට් කරනතුරු එය දිගටම ඕපන් කරගෙන සිටීමට අවශ්‍ය නොවේ. ත්‍රෙඩ් එක පෝස්ට් කළ පසු එහි වම්කෙලවර පහල ඔබ විසින් අමුණන ලද ගොණු දිස්වේ,

    LCOhA.png


    මෙම ගොණු බාගත කරන්නට නම් කියවන්නන් වෙබ් අඩවියේ ලියාපදිංචිවී තම ගිණුමට පිවිසී සිටිය යුතුබව මතක තබාගන්න. එම නිසා ඔබ ඇමිණූ ඡායාරූපයක් ත්‍රෙඩ් එකේ දිස්වීමට සලස්වයිනම්, එය වෙබ් අඩවිය පිටින් නරඹන අමුත්තන්ට නොපෙනෙන බව මතක තබාගත යුතුය. දැනට හතලිස් දහසකට අධික සංඛ්‍යාවක් ඇමිණුම් සාමාජිකයන් විසින් සිදුකර ඇත. මේ ඇත්තේ එළකිරි හි දැනට ඇති පැරණිම ඇමිණුම් කිහිපයක්ය.

    http://www.elakiri.com/forum/attachment.php?attachmentid=2
    http://www.elakiri.com/forum/attachment.php?attachmentid=400

     

    gfh

    Active member
  • Mar 21, 2008
    10
    203
    28
    H1ÐÐ3n



    [7]
    undo.gif
    redo.gif
    Undo & Redo


    ටෙක්ස්ට්බොක්ස් එක තුළ ඔබ කරන ලද ඕනෑම ක්‍රියාකාරකමක්, උදා - ටැග් ඇඩ් කිරීම, ඇඩ් කළ ටැග් මැකීම, ටෙක්ස්ට් එක එඩිට් කිරීම ආදී ඕනෑම පියවරක් ආපස්සට ගැනීමේ හැකියාව මින් ලබා දේ. සිතන්න ඔබ අතින් වැදගත් යමක් මැකී ගියා කියා, ඔබට ඒ ඩිලීට් කිරීමේ ක්‍රියාව ආපස්සට ගැනීමට අන්ඩූ මෙවලම භාවිත කළ හැකියි. එවිට ඩිලීට් කළ යම්කිසි දෙය නැවත රීස්ටෝර් වේ. එසේ ආපස්සට ගත් පියවරක් යලිත් ඉදිරියට ගැනීමට අවශ්‍යයි නම් රීඩූ භාවිත කළ හැකියි. ඔබ විසින් වෙබ් පිටුව රීෆ්රෙෂ් කිරීමකට ලක් කළහොත් අන්ඩූ රීඩූ කිරීමේ හැකියාව ගිලිහී යනු ඇත.



    [8]
    resize_0.gif
    resize_1.gif
    Decrease Size & Increase Size
    මෙමගින් ටෙක්ස්ට් ඒරියා එකෙහි විශාලත්වය අඩු වැඩි කෙරේ,

    විශාල ටෙක්ස්ට් එකක් එඩිට් කිරීමේදී ඔබට කුඩා ඉඩ පරාසයක් තුල එය සිදු කිරීම අපහසුවිය හැකිය. එවිට මේ මෙවලම භාවිතයෙන් ටෙක්ස්ට් ඒරියා එකෙහි විශාලත්වයෙහි වෙනසක් සිදු කරගත හැකිය.
    එහි සාමාන්‍යයෙන් පවතින්නේ පේලි 15 - 16 ක් අතර ප්‍රමාණයකි. මෙමගින්එය වැඩි කරගැනීම කරගත හැකිය.

    4tkUX.png
    qv4Wv.png

    වරකට පේලි 6 බැගින් මෙයින් ටෙක්ස්ට් ඒරියා එක ප්‍රසාරණය කිරීම සිදුවේ (expand) අඩු කිරීමට අවශ්‍යයි නම් අනෙක් බොත්තම ක්ලික් කළ හැකිය.

    [9]
    bold.gif
    Bold

    මෙමඟින් සිදුවන්නේ ටෙක්ස්ට් එකක් පැහැදිලිව කැපීපෙනෙන ලෙස දැක්වීමයි. එහිදී අකුරුවල ඝණ කම මදක් වැඩි කෙරේ එවිට සාමාන්‍ය අක්ෂර මධ්‍යයේ ඇති එම බෝල්ඩ් කළ කොටස පැහැදිලිව කැපීපෙනේ.

    [10]
    italic.gif
    Italic
    මෙමඟින් සිදුවන්නේ අකුර තරමක් ඇලකිරීමයි.

    කිසිඳු බෝල්ඩ් කිරීමක් සිදු කර නැති වාක්‍යය ElaKiri is the Best online community in South Asia
    යම් බොල්ඩ් කිරීමක් සිදු කර ඇති වාක්‍යය ElaKiri is the Best online community in South Asia

    [11]
    underline.gif
    Underline

    මෙමගින් සිදුවන්නේ අදාල ටෙක්ස්ට් එක යටින් ඉරක් ඇඳීමයි. පහත දැක්වෙන ටෙක්ස්ට් එකෙහි හතරවන වචනයට අන්ඩර්ලයින් ටැග් එක යොදා ඇත.

    Fourth word is underlined

    [12]
    justifyleft.gif
    justifycenter.gif
    justifyright.gif
    Justify left,Justify Center & Justify Right.



    මෙමඟින් ටෙක්ස්ට් ඒරියා එක තුල පිහිටන ඕනෑම දෙයක්, වම්පසට මැදට හෝ දකුණුපසට පිහිටන පරිදි පෙළගැස්විය හැකිය. මෙය ටෙක්ස්ට්වලට පමණක් නොව ඕනෑම දෙයකට යෙදියහැකිවේ. එහෙත් එකම පේලියේ පවතින යමක් දෙපසට කිරීමට හැකියාව නොමැත. එවිට එය ඉබේම දෙවන පේලියට ගොස් අදාල පෙලගැස්වීමට ලක් වේ.

    EZiB2.png

    [13]
    insertorderedlist.gif
    Ordered List

    මෙය නම් අංකනය කරනලද ලැයිස්තුවයි. මෙහිදී අංකනය කලයුතු දේ එක යට එක යොදා ලැයිස්තුව සැකසීම අත්‍යාවශ්‍යය. එසේ එක යට එක යොදා අංකනය කළ යුතු සියල්ල එකට හයිලයිට් කර මෙම මෙවලම ක්ලික් කළ යුතුය, එවිට ලැයිස්තුව මැදිකර ලිස්ට් ටැග් එක එක් වේ. ඉන් පසුව ත්‍රෙඩ් එක සබ්මිට් කළ පසු දිස්වන්නේ අංකනය කරනලද ලැයිස්තුවක් ලෙසටය.

    එඩිටරය තුල ඕඩර්ඩ් ලිස්ට් ටැග් යෙදූ ටෙක්ස්ට් එක දර්ශණය වන ආකාරය.

    1. පළමු අයිටමය
    2. දෙවන අයිටමය
    3. තෙවන අයිටමය
    4. සිව්වන අයිටමය
    5. පස්වන අයිටමය
    6. සයවැනි අයිටමය
      [ /LIST]


      පෝස්ට් කළ පසු දර්ශණය වන ආකාරය.
      1. පළමු අයිටමය
      2. දෙවන අයිටමය
      3. තෙවන අයිටමය
      4. සිව්වන අයිටමය
      5. පස්වන අයිටමය
      6. සයවැනි අයිටමය

      එසේත් නොමැතිනම් කිසිවක් හයිලයිට් නොකර මෙවලම ක්ලික් කර එයින් ලැබෙන කුඩා වින්ඩෝව තුල, අවශ්‍ය දේ එකින් එක ලියමින් නැවත නැවත OK ක්ලික් කළ යුතුය.

      fdGX4.png

      එවිට එකින් එක ලැයිස්තුගතවේ. අවසානයේදී කැන්සල් ක්ලික් කිරීමෙන් පසු ලයිස්තුව සම්පූර්ණ වේ.

      [14]
      insertunorderedlist.gif
      Unorderedlist


      මෙය නම් අංකනය නොකරනලද ලැයිස්තුවයි. එයද සිදුකරන්නේ පෙර සිදු කළ ආකාරයටමය. මෙහිදී අංකනය කලයුතු දේ එක යට එක යොදා ලැයිස්තුව සැකසීම අත්‍යාවශ්‍යය. එසේ එක යට එක යොදා අංකනය කළ යුතු සියල්ල එකට හයිලයිට් කර මෙම මෙවලම ක්ලික් කළ යුතුය, එවිට ලැයිස්තුව මැදිකර ලිස්ට් ටැග් එක එක් වේ. ඉන් පසුව ත්‍රෙඩ් එක සබ්මිට් කළ පසු දිස්වන්නේ අංකනය කරනලද ලැයිස්තුවක් ලෙසටය.

      එඩිටරය තුල අන්ඕඩර්ඩ් ලිස්ට් ටැග් යෙදූ ටෙක්ස්ට් එක දර්ශණය වන ආකාරය.
      • පළමු අයිටමය
      • දෙවන අයිටමය
      • තෙවන අයිටමය
      • සිව්වන අයිටමය
      • පස්වන අයිටමය
      • සයවැනි අයිටමය
        [ /LIST]


        පෝස්ට් කළ පසු දර්ශණය වන ආකාරය.
        • පළමු අයිටමය
        • දෙවන අයිටමය
        • තෙවන අයිටමය
        • සිව්වන අයිටමය
        • පස්වන අයිටමය
        • සයවැනි අයිටමය

        එසේත් නොමැතිනම් කිසිවක් හයිලයිට් නොකර මෙවලම ක්ලික් කර එයින් ලැබෙන කුඩා වින්ඩෝව තුල, අවශ්‍ය දේ එකින් එක ලියමින් නැවත නැවත OK ක්ලික් කළ යුතුය.

        fdGX4.png

        [15]Indent & Outdent

        qDUoe.png

        ඉන්ඩෙන්ට් කිරීම තුලින්, ටැග් එකට මැදිවූ අන්තර්ගතය පිටුවේ දෙපසින් ඉඩ ඉතුරු කරමින් මධ්‍යගත වේ.
        outdent.gif
        මෙමඟින් සිදුවන්නේ ඔබ ඇතුල් කළ මධ්‍ය ගතවීම අඩු කිරීම වන අතර
        indent.gif
        මෙමඟින් සිදුවන්නේ මධ්‍යගතවීම එය වැඩි කිරීමයි.

        [16]
        createlink.gif
        Insert Link

        මෙමගින් කරන්නේ පල කරන පෝස්ට් තුළට වෙබ් ලිපින(ලින්ක්) ඇඩ් කිරීමයි. මෙම මෙවලම ක්ලික් කළ විට පහත බොක්ස් එක දිස් වේ.

        sERty.png

        එහි ඇති ටෙක්ස්ට් ඒරියා එකට අදාල වෙබ් ඇඩ්‍රසය ලබාදී ඕකේ කළවිට ලින්ක් එක ඇඩ්වේ. මා විසින් ඇඩ් කළ ලින්ක් එකක් පහත දැක්වේ.

        http://www.elakiri.com/forum/member.php?u=95387

        මෙසේ යෙදීම සාමාන්‍ය ක්‍රමය වූවද ඔබට ටෙක්ස්ට් ඒරියා එකතුළ පවතින තවත් වෙබ් ඇඩ්‍රසයක් නොවන එනමුත් බොඩි පවතින යමක් හයිලයිට් කර, ඉන්සර්ට් ලින්ක් ක්ලික් කර එමගින් එයටද ලින්ක් එක ඇඩ් කළ හැකිය. එවිට ලින්ක් එකේ නාමය හැටියට යෙදෙන්නේ එම කොටසයි. කියවන්නා වෙබ් ලිපිනය ඇතුළු කළ දෙය මත ක්ලික් කළ විගස වෙබ් ලිපිනය වෙත යොමුවේ. එය ඉමේජයක්,ටෙක්ස්ට් එකක් විය හැකිය. ඔබ සිදු කළයුත්තේ අදාල කොටස හයිලයිට් එක ලින්ක් එක ඇඩ් කිරීම පමණි.

        The [url ] tag allows you to link to other websites and files. You can include an optional parameter to 'name' your link.

        ත්‍රෙඩ් එකකට තිබිය හැකි උපරිම වෙබ් ලිපින සංඛ්‍යාවේ සීමාවක් ඇත. සීමාව ඉක්මවාගිය පසු එය සිදුකළ නොහැකිබවට පණිවුඩයක් දිස්වනු ඇත.

        jpRvR.png

        [17]
        unlink.gif
        Remove Link


        මෙමගින් සිදුවන්නේ වෙබ් ඇඩ්‍රසයන් ඉවත් කිරීමයි. ඔබට වෙබ් ලිපින ඉවත් කිරීමට අවශ්‍ය කොටස හයිලයිට් කර මෙම මෙවලම ක්ලික් කිරීමෙන් සියළුම වෙබ් ලිපින ඉවත්වී යයි.


        [18]
        email.gif
        Insert Email Link

        ඔබට ලිපියකට ඊමේල් ඇඩ්‍රසයක් (විද්‍යුත් තැපැල් ලිපින) ඇතුළු කිරීමට අවශ්‍ය වූවා යැයි සිතන්න. එවිට ඔබ විසින් භාවිත කළ යුත්තේ මෙම මෙවලමයි. මෙය ඉතා සරළය. ඔබ සිදුකළ යුත්තේ මෙවලම මත ක්ලික් කළ පසු ලැබෙන බොක්ස් එකේ ටෙක්ස්ට් ඒරියා එකෙහි ඊමේල් ඇඩ්‍රසය සටහන් කර ඕකේ කිරීමයි.

        OipFd.png

        මෙය සිදු කිරීමෙන් ලැබෙන පහසුවනම්, කියවන්නාට ඒ මත ක්ලික් කිරීමෙන් පහසුවෙන්ම ලිපිනයට යොමුවීමට ඇති හැකියාවයි.

        [19]
        insertimage.gif
        Insert Image


        වෙබ් අඩවියට පින්තූර ඇතුළු කිරීම නවකයන් පමණක් නොව පැරණි සාමාජිකයන්ද බොහෝවිට වරදාගන්නා දෙයකි. ඒ නිසා මේ කොටස අවධානයෙන් යුතුව කියවිය යුතුවේ.

        ඔබට එළකිරිහි පලකිරීමට අවශ්‍ය පින්තූර පවතින අවස්ථා දෙකක් වේ.

        (1)ඔබේ පරිගණකයේ හාර්ඩ් ඩිස්කයෙහි, ජංගම දුරකථනයේ මෙමරි කාර්ඩ්පතෙහි,පෙන්ඩ්‍රයිවයක හෝ වෙනත් ඕනෑම අන්තර්ජාල නොවන මාධ්‍යයක.

        (2)වෙබ් අඩවියක,ඊමේල් ඇමිණුමක් ලෙසට හෝ සර්වරයක.


        (1)අන්තර්ජාල නොවන මාධ්‍යයක එනම් ඔබේ පරිගණකයේ හෝ වෙනත් සාමාන්‍ය මාධ්‍යයක පවතින පින්තූර යොදාගන්නා ආකාරය.

        මේවා එළකිරිහි දර්ශණය කරවීමට ප්‍රථමව නම්, ඒවා අන්තර්ජාලයේ සියල්ලන්ටම විවෘත වෙබ් අඩවියක් වෙත අප්ලෝඩ් කරගත යුතුය. මෙවන් වෙබ් අඩවි ඕනෑ තරම් අන්තර්ජාලය තුලින් සොයාගත හැකිය. මෙහිදී සිදුවන්නේ ඔබ විසින් අප්ලෝඩ් කරන ඉමේජය වෙබ් අඩවිය මගින් අන්‍යයන්ට බෙදාහැරීමයි.

        uzZQ6.png

        මා භාවිත කරන්නේ. http://imgur.com/ යන වෙබ් අඩවියයි. එය ඉතා වේගවත් වන අතර, සේවාව නොමිලයේ ලබාදෙන අතර සියල්ලන්ටම විවෘත වේ. විවෘත වේ යනුවෙන් අදහස් කළේ වෙබ් අඩවියට අප්ලෝඩ් කරන පින්තූර නැරඹීමට එම වෙබ් අඩවිය ඕනෑම සීමාවකින් තොරව ඕනෑම අයෙකුට හැකියාව ලබාදීම යන්නයි. සමහර වෙබ් අඩවි ඔවුන්ගේ වෙබ් අඩවිය වෙතට ඇතුළු කළ පින්තූර නැරඹීමට නම් ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වීම අත්‍යඅවශ්‍ය කාරණයක් බවට පත්කර තිබේ. එසේ ලියා පදිංචි නොවී සිටින්නන්ට පින්තූරය දිස්වන්නේ නැත. තවත් වෙබ් අඩවි තමන්ගේ සර්වර තුල ඇති පින්තූර වෙනත් වෙබ් අඩවිවල පල කිරීමට ඉඩ නොදේ.

        එම නිසා, ඒ සියළු බාධාවන්ගෙන් තොර වෙබ් අඩවියක් ලෙස http://imgur.com/ දැක්විය හැකියි. මේ වෙබ් අඩවිය වෙත පින්තූරය අප්ලෝඩ් කළ පසුව ඉමේජයේ සෘජු සබඳතාවය ලබාගන්න. (Direct Link) එසේ ඩිරෙක්ට් ලින්ක් එක ලබාගෙන, Insert Image මෙවලම මත ක්ලික් කරන්න. එවිට බොක්ස් එකක් දිස්වේ. එහි ටෙක්ස්ට් ඒරියා එකට පහත අයුරින් එම සබඳතාවය ලබා දී ඕකේ කරන්න.

        DkPRX.png

        එවිට පින්තූරයෙහි සබඳතාවය ටෙක්ස්ට් ඒරියා එකට ඇතුළු වේ. ඉන් පසු ඔබ ත්‍රෙඩ් එක සබ්මිට් කළවිට ප්‍රතිඵලයක් ලෙස රූපය ලිපියට ඇතුළුවී තිබෙනු දැකගත හැකිවනු ඇත.

        (2)

        (i) වෙබ් අඩවියක,ඊමේල් ඇමිණුමක් ලෙසට හෝ සර්වරයක.
        වෙබ් අඩවියක පවතින පින්තූර බොහොමයක් එළකිරි වෙබ් අඩවිය තුල ප්‍රදර්ශණය කරවිය හැකියි. නමුත් සමහර වෙබ් අඩවි එයට ඉඩදෙන්නේ නැහැ. එම නිසා ඒ කාරණය මතකයේ තබාගත යුතුයි.

        වෙබ් අඩවියක හෝ සර්වරයක පවතින විවෘත ඉමේජයක් පලකිරීමට නම් කළයුත්තේ එහි ඍජු ලිපිනයන් ලබා ගැනීමයි. එය ලබාගැනීම සඳහා අදාල වෙබ් අඩවියේ හෝ සර්වරයේ ඉමේජය මතට රයිට් ක්ලික් කර එවිට ලැබෙන මෙනූ එකේ ඇති,

        Copy Image URL, Copy Image Location හෝ සමාන අරුත ඇති තේරීම කළ හැකියි. මෙය වෙබ් බ්‍රවුසරයෙන් බ්‍රවුසරයට වෙනස්ව දක්වා ඇත. ඉන් පසු Insert Image මෙවලම මත ක්ලික් කරන්න. එවිට බොක්ස් එකක් දිස්වේ. එහි ටෙක්ස්ට් ඒරියා එකට පහත අයුරින් එම සබඳතාවය ලබා දී ඕකේ කරන්න.

        DkPRX.png

        එවිට පින්තූරයෙහි සබඳතාවය ටෙක්ස්ට් ඒරියා එකට ඇතුළු වේ. ඉන් පසු ඔබ ත්‍රෙඩ් එක සබ්මිට් කළවිට ප්‍රතිඵලයක් ලෙස රූපය ලිපියට ඇතුළුවී තිබෙනු දැකගත හැකිවනු ඇත.

        (ii) ඊමේල් හෝ වෙනත් විවෘත නොවන මාධයයක කළ ඇමුණුම්.
        ඊමේල් ඇමුණුම් දැකිය හැක්කේ අදාල හිමිකම් (Rights) ඇති පුද්ගලයන්ට පමණය. එනම් ඔබේ ඊමේල් ගිණුමට නොපිවිසී එය දැකිය නොහැකිය. එම නිසා ඔබ ඊමේලයට ඇතුළු වී සිටින අවස්ථාවක අමුණා ඇති රූපයක සබඳතාවයන් ලබාගෙන ඇතුල් කළහොත් එය දර්ශණය වන්නේ ඔබට පමණය. අන්‍යයන්ට දර්ශණය වන්නේ හිස් පිටුවක් පමණි. ඒ බව ඔබටද අත්විඳිය හැක්කේ ඔබේ ගිණුමෙන් ඉවත්වී එම රූප බැලීමට උත්සාහ කළහොත්ය. එම නිසා එවැනි ඇමිණුම් දැක්වීමට අවශ්‍යයි නම් ඔබ කළ යුත්තේ ඒවා බාගත කර නැවත විවෘත වෙබ් අඩවියකට අප්ලෝඩ් කර දැක්වීමය.


        [20]
        quote.gif
        QUOTE


        මෙහි අර්ථය නම් උපුටා දැක්වීමයි. උපුටා දක්වන යම්ක ඇත්නම් ඔබට එම කොටස හයිලයිට් කර මෙම මෙවලම ක්ලික් කළ හැකිය. එවිට එම කොටස වටා කෝට් ටැග්ස් ඇතුළු වන්නේ පහත අයුරිනි.

        This is a quote[ /QUOTE]

        එසේම මෙය පෝස්ට් කළ පසු දැක්වෙන ප්‍රතිඵලය පහත දැක්වේ

        This is a quote

        [21]
        code.gif
        CODE

        අවධානයට -
        මෙම කෝඩ් එක ඇඩ් කළවිට. අදාල කොටස තුල ඇති ස්මයිලීස් සියල්ල නොසලකාහැර ටෙක්ස්ට් එකක් වශයෙන් සලකා දර්ශණය කෙරේ. අනෙකුත් ටැග් වර්ග පමණක් ක්‍රියාත්මක වේ.

        සාමාන්‍ය ටෙක්ස්ට් එකකදී ඔබට හිස්තැන් (ස්පේසස්) භාවිත කළ හැක්කේ යමක් අතර පමණි. උදාහරණයක් ලෙස ටෙක්ස්ට් එකක් ආරම්භයට පෙර ඔබට ස්පේස් ඇඩ් කළ නොහැකිය. ඔබ කෙතරම් ස්පේස් තබා මැදට කර ටයිප් කළද, එය දිස්වන්නේ පෙලගැස්වීය. එහෙත් කෝඩ් ටැග් එක තුලදී ඔබ ලබාදෙන සියළුම ස්පේසස් සහිතව දර්ශණය වේ.

        cs9Ep.png

        [22]
        html.gif
        HTML

        මෙම ටැග් එක මගින් HTML සඳහා වූ කාරක රීතීන් වර්ණ ගන්වා උලුප්පා පෙන්වනු ලැබේ. මෙය පරිගණක භාෂාවක් වන අතර ඔබ ඒ ගැන නොදන්නේ නම් මෙය නොසලකා හැරිය හැක. මෙහිදීද හිස්තැන් එලෙසම දක්වනු ලැබේ.


        [HTML ]<img src="elakiri_main.gif" alt="image" />
        <a href="www.elakiri.com" target="_blank">Home</a>
        [ /HTML]

        HTML:
        <img src="elakiri_main.gif" alt="image" />
        <a href="www.elakiri.com" target="_blank">Home</a>



        [23]
        php.gif
        PHP


        මෙම ටැග් එක මගින් PHP සඳහා වූ කාරක රීතීන් වර්ණ ගන්වා උලුප්පා පෙන්වනු ලැබේ. මෙය පරිගණක භාෂාවක් වන අතර ඔබ ඒ ගැන නොදන්නේ නම් මෙය නොසලකා හැරිය හැක. මෙහිදීද හිස්තැන් එලෙසම දක්වනු ලැබේ.
        [PHP ]$myvar = 'Welcome to ElaKiri!';
        for ($i = 0; $i < 10; $i++)
        {
        echo $myvar . "\n";
        }
        [ /PHP]


        PHP:
        $myvar = 'Welcome to ElaKiri!';
        for ($i = 0; $i < 10; $i++)
        {
            echo $myvar . "\n";
        }

        [24]YOUTUBE
        යූටියුබ් යනු ජනප්‍රිය වීඩියෝපට නැරඹිය හැකි වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවියෙහි ඇති වීඩියෝ පට ත්‍රෙඩ් එකට සම්බන්ධ කිරීම මෙමඟින් සිදුකෙරේ. මෙම වීඩියෝවේ දැක්වෙන්නේ යූටියුබ් වීඩියෝපටයත් පෝස්ට් එකකට එකතු කරනා අකාරයයි.


        මුලින්ම ඔබට ඇතුලත් කළ යුතු වීඩියෝපටය සමන්විත වෙබ් පේජයට යන්න. එයි වෙබ් ඇඩ්‍රසය දිස්වන්නේ මේ ආකාරයෙනි.
        http://www.youtube.com/watch?v=57q_RjLYNQM

        මෙහි වර්ණගන්වා ඇති වී අක්ෂරයට පසුව ඇති කොටසයනු අදාල වීඩියෝ පටයේ අයිඩී එකයි. එය කොපි කරගන්න. ඉන් පසුව එම අයිඩී එක ටෙක්ස්ට් ඒරියා එකට පේස්ට් කර එය හයිලයිට් කර යූටියුබ් මෙවලම ක්ලික් කරන්න. එවිට එයට යූටියුබ් ටැග් ඇඩ් වේ. පෝස්ට් කළ පසු වීඩියෝව පෝස්ට එක තුලින් නැරඹිය හැකිය.

        [YOUTUBE ]57q_RjLYNQM[/YOUTUBE]


        5 Text Area

        ටෙක්ස්ට් ඒරියා එකෙහිය ඔබ සියළුම ලිපි අන්තර්ගතය සඳහන් කරන්නේ. එනම් ඔබ විසින් පලවිය යුතු සියලුම අකුරු සහ අනෙකුත් පින්තූර ආදී දෑ සටහන් කළ යුත්තේ කහපාටින් දක්වා ඇති මෙම කොටස තුලය. මෙහි උපරිම අකුරු 20000ක් දක්වා භාවිත කළ හැකිය. මෙම අකුරු විසිදහසට BB CODESද අයත්වේ.

        6 Smilies
        ටූල් බාර් එකෙහි, [5]Smilies කොටස.


        7 Tags
        ටැග් යනු යමකට ඇලවූ ලේබලයකි. ලේබලය දෙස බලා අන්තර්ගත වන්නේ කුමක්දැයි සිතාගත හැකිය. මෙවන් ලේබල අදාල ත්‍රෙඩ් එකෙහි අන්තර්ගතයේ ප්‍රධාන මාතෘකා, ප්‍රධානත්වයදී ඇති විෂයන් ආදිය සලකා ඇඩ්කළ හැකිය. ත්‍රෙඩ් එකකට ටැග් ඇඩ් කිරීමට, ත්‍රෙඩ් එක පලකළ තැනැත්තාට මෙන්ම අනෙකුත් ලියාපදිංචි වූ කියවන්නන්ටද හැකිය. එහෙත් අනෙකුත් කියවන්නන්ට ඇඩ් කළ හැක්කේ ටැග් දෙකක් පමණක් වන අතර ත්‍රෙඩ් එකේ හිමිකරුවාට ටැග් 5ක් ඇඩ් කිරීමේ හැකියාව ඇත. මෙම ටැග් යන කොටස බෙහෙවින්ම ප්‍රයෝජනවත් වන්නේ අන්තර්ජාල සෙවුම් යන්ත්‍රවලදීය. එනම් ඔබ ත්‍රෙඩ් එකකට නියමාකාරයට විෂයට අදාල ටැග් ඇතුළු කර ඇතිවිට, ගූගල්, යාහූ වැනි සෙවුම් යන්ත්‍රවල ඒවා නියමාකාරයෙන් ලැයිස්තුගතවේ. පසුව පරිශීලකයන් අදාල විෂයන් සම්බධයෙන් අන්තර්ජාලයේ සෙවුම් කරනාවිට ඔබගේ ත්‍රෙඩ් එකද එම සෙවුම් ප්‍රතිඵලවල ඉහලින් දැක්වේ. එමගින් ඔබගේ ලිපිය කියවීමට එන පිරිස වැඩිවන අතර, අයන්ටද එය ඉතා ප්‍රයෝජනවත් වේ. ටැග් එකක තිබිය හැකි උපරිම අකුරු සංඛ්‍යාව 21කි. යුනිකේතවලදී මෙය හරිහැටි ගණනය කළ නොහැක. එය තීරණය වන්නේ අදාල යුනිකේතවල ප්‍රමාණය අනුවය. කොමාවක් මගින් ටැග් දෙකක් වෙන් කළ යුතුය. එසේම එළකිරි වෙබ් අඩවියේ සෙවුම් කිරීමේදීද ටැග් බෙහෙවින් උපකාරීවේ.



        8 Post Icons

        ඔබ පල කරන ලිපියේ මාතෘකාවට වම් පසින් දැක්වෙන අයිකනයයි. මෙහි ඔබට තේරීම් දා හතරක් දී ඇති අතර ඉන් බහුතරය පෙර විස්තර කරළ එමෝෂන්ස්මය. එහෙත් මෙහි අළුතින් දැක්වෙන කොටස් විස්තර කරමි. මෙය යොදාගත යුත්තේ ඔබගේ ත්‍රෙඩ් එකේ අන්තර්ගතය හෝ මාතෘකාවට ගැලපෙන පරිදිය.

        උදාහරණයක් ලෙස සාමාන්‍ය දෙයක් සම්බන්ධ ලිපියක් පල කරයිනම් මදහස සහිත මුහුණ
        1.gif
        භාවිත කළ හැකිය.


        14.gif
        ප්‍රවෘත්ති පලකිරීමේදී මෙය බෙහෙවින් භාවිත කෙරේ.
        13.gif
        යමක් පිළිඹඳ උදව්වක් පතා පලකෙරෙන හෝ යම් ප්‍රශ්ණාර්ථයක් සහිත යමක් පිළිබඳව ඔබේ ලිපිය පලවෙයිද ඒ සඳහා මෙය යොදාගත හැකිය.
        10.gif
        මෙය අයිකනයක් වශයෙන් ගත් කල විමතිය හෝ අනතුරක් හඟවන ලකුණක් සේ සැලකිය

        හැකිය.


        9 Submit New Thread/Preview Post
        මෙයින් ඔබ Submit New Thread බටනය ක්ලික් කලහොත් කෙලින්ම ත්‍රෙඩ් එන පබ්ලිෂ් වේ. එතැන් පටන් පැය 24ක් යනතුරු ඔබට එය සංස්කරණය කළ හැකි අතර පැය විසිහතර ඉක්මයෑමෙන් පසු ඉබේම එම හැකියාව ගිලිහී යයි.

        Preview Post පෝස්ට් ක්ලික් කළ හොත් එතෙක් වේලා ඔබ සිදුකළ සියළුම දෑ පබ්ලිෂ් කළවිට දිස්වන්නේ කෙසේද යන්න පබ්ලිෂ් නොකර දැකබලා ගත හැකිය.


        10 Additional Options

        (1) Miscellaneous Options
        NM9yR.png

        මෙහි පළමුවන තේරීම ඉවත් කළහොත් ඔබ පලකරන ටෙක්ස්ට් සමග ඇති කිසිදු වෙබ් සබදතාවයක් (Links) ඉබේම parse වන්නේ නැත. එනම් ඒවාද ටෙක්ස්ට් ලෙසටම ඇතුළුවේ.

        දෙවනි තේරීම සිදු කළහොත්, සියළු ස්මයිලීස් ඉමේජ බවට නොහැරී කෝඩ් එක පමණක් පෝස්ට් එකට ඇතුළු වේ.

        (2) Attach Files
        මේ මගින් සිදුකෙරෙන්නේ පෝස්ට් එකට ගොණු ඇමිණීමය.
        hKtCv.png

        ටූල් බාර් එකෙහි, [6]Attachments කොටස.


        (3)Thread Subscription
        pC60X.png
        ඔබ පලකළ ත්‍රෙඩ් එකෙහි නවතම තත්ත්වය දැනගැනීමට මෙමගින් හැකියාව ලැබේ. යමෙකු එයට ප්‍රතිචාර දැක්වීමක් කළ විගස ඊමේල් මගින් මෙම යාවත්කාලීන කිරීම් ඔබට දන්වනු ලැබේ. මීට අමතරව ඔබගේ පාලන පුවරුවෙහිද දැක්වේ. ඊමේල් මගින් දැනුම් දීමේදී තේරීම් කිහිපයක් කිරීමට ඔබට හැකියාව ඇත.

        send to Oshadi in Planing env section

        4)Post a poll
        BpUZ1.png
        පෝලයකින් සිදුවන්නේ ඡන්දය විමසීමකි. මෙහිදී සාමාජිකයන්ට යමකට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලැබේ. සාමාන්‍යයෙන් පොලයන් යම්කිසි දින සංඛ්‍යාවක් තුල අවසන්වන අතර, අවශ්‍ය නම් කාල සීමාවක් නොමැතිව දිගටම පවතිනලෙසට ත්‍රෙඩ් එකට එකතු කළ හැකිය. එය තීරණය කළයුත්තේ ඔබ ඡන්ද විමසන්නේ කුමක්ද මත යන්නය. පෝලයේ නිර්මාපකයාගේතේරීම් මත එහි එක් තේරීමකට පමණක් ඡන්දය දීම හෝ කිහිපයකට ඡන්දය දීමේ හැකියාව තීරණය වනු ඇත.

        ඔබේ ත්‍රෙඩ් එකට ඔබ පෝලයක් ඇඩ් කිරීමට අදහස් කරන්නේ නම්, මෙය චෙක්කළ යුතුය. ඉන් පසු ත්‍රෙඩ් එක සබ්මිට්කළ යුත්තේ ඇඩිෂනල් ඔප්ෂන්ස්වලට පහතින් ඇති සබ්මිට් නිව් ත්‍රෙඩ් බටනය මගින්ය. මෙය ලකුණු කොට, ත්‍රෙඩ් එක පෝස්ට් කළ පසු ඔබට මෙම පණිවුඩය දක්නට ලැබෙනු ඇත.

        d20mA.png

        ඉන් පසු ඔබව පෝලයේ තේරීම් ඇතුළු කරන මෙම පේජයට ගෙන යනු ලැබේ.

        plvoi.png

        1)Poll Question
        මෙහි සඳහන් කළයුත්තේ ඔබ පෝලය කුමක් ගැනද යන්නයි. උදා - ඔබ කැමති අංක එකටද දෙකටද ?

        2)Number of poll options
        මෙහි සඳහන් කළ යුත්තේ කොපමණ තේරීම් සංඛ්‍යාවක් ඇතුලත් කිරීමට ඔබට අවශ්‍යද යන්නයි. උපරිම තේරීම් සංඛ්‍යාව 10කි. අවශ්‍ය සංඛ්‍යාව ඇතුලත් කර අප්ඩේට් ඔප්ෂන්ස් බටනය ක්ලික් කිරීමෙන් සංඛ්‍යාව වෙනස් කළ හැකිය.

        3)Poll Options
        මේවායේ සඳහන් කළ යුත්තේ පෝලයේ තේරීම්ය. එවිට නරඹන්නාට තමන්ගේ කැමැත්තට ඡන්දය ප්‍රකාශකළ හැකිය. උදාහරණ -

        Option 1: මා ආසා බල්ලන්ටය.
        Option 2: මා ආසා පූසන්ටය.
        Option 3: මා ආසා ලේනුන්ටය.
        Option 4: මා ආසා මයිනන්ටය.
        Option 5: මා ආසා ගිරවන්ටය.
        Option 6: මා ආසා පරවියන්ටය.
        Option 7: මා ආසා කටුස්සන්ටය.
        Option 8: මා ආසා උරගයන්ටය.
        Option 9: මා ආසා අශ්වයන්ටය.
        Option 10:මා ආසා ගිරි බළලුන්ටය.
     
    Last edited:

    gfh

    Active member
  • Mar 21, 2008
    10
    203
    28
    H1ÐÐ3n



    4)Poll Timeout
    පෝලයේ කාලය ඉක්මයාම, යම්කිසි පෝලයක අදහස් දැක්වීම යම් නියමිති දින සංඛ්‍යාවකින් අවසන්කිරීමට ඔබට අවශ්‍යද ? එසේ නම් ඒ දින සංඛ්‍යාව මෙහි දැක්විය හැකිය. එසේ දැක්විය හැකි දින සංඛ්‍යාවේ සීමාවක් තිබේ. ඔබට මෙම පෝලය කිසිදිනෙක අවසන්වීමට අවශ්‍ය නැතිනම් එතැනට 0 අගය ලබාදිය යුතුය.

    5)Miscellaneous Options

    (i)Allow multiple choice: Give users the ability to select more than one answer

    ඔබට යම්කිසි පෝලයකට එකකට වඩා තේරීමකට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකියාව ලබාදීමට උවමනා නම් මෙය ලකුණු කළ යුතුය. එවිට තේරීම් එකකට වඩා කළ හැකිය.

    (ii)Make votes public: Displays all users who voted, and what choice they voted for.

    ඡන්දය ප්‍රකාශකළ අයගේ නාමයන් සහ ඔවුන් ඡන්දය ප්‍රකාශ කළේ මොනවාට පක්ෂවදැයි යන්න සියල්ලන්ටම දැකගැනීමට හැකිවිය යුතුනම්, මෙය ලකුණු කළ යුතුය. එසේ ලකුණු නොකළහොත් දැකගත හැක්කේ ඒ ඒ තේරීම්වලට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව පමණි. කවුරු ඡන්දය ප්‍රකාශ කළාද කුමකට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළාදැයි ඔබට දැකගත නොහැකිය.

    (iii)Automatically parse links in text
    මෙමගින් ඔබ ඇතුලත් කරන වෙබ් ලිපින ක්ලික් කළ හැකිවේ. එසේ නොමැතිනම් එය සාමාන්‍ය ටෙක්ස්ට් එකක් ලෙසට ඇඩ් වේ.

    11 Submit New Thread/Preview Post

    ඔබ Submit New Thread බටනය ක්ලික් කලහොත් කෙලින්ම ත්‍රෙඩ් එක පෝලය සමග පබ්ලිෂ් වේ. එතැන් පටන් පැය 24ක් යනතුරු ඔබට ත්‍රෙඩ් එක සංස්කරණය කළ හැකි අතර පැය විසිහතර ඉක්මයෑමෙන් පසු ඉබේම එම හැකියාව ගිලිහී යයි. කෙසේ නමුත් පෝලයක් යලි වෙනස් කිරීමේ හැකියාවක් ඔබට නැත. Preview Post පෝස්ට් ක්ලික් කළ හොත් එතෙක් වේලා ඔබ සිදුකළ සියළුම දෑ පබ්ලිෂ් කළවිට දිස්වන්නේ කෙසේද යන්න පබ්ලිෂ් නොකර දැකබලා ගත හැකිය.

    ත්‍රෙඩ් එකක් පෝස්ට් කිරීම සම්බන්ධව පූර්ණ විස්තර කිරීම මෙමගින් සිදුකරන ලදි. මීලඟට ත්‍රෙඩ් සහ පෝස්ට් සම්බන්ධව ඔබ දැනගත යුතු අනෙකුත් කාරනා සම්බන්ධව විස්තර කිරීම කරනු ලබනවා.
     
    Last edited:

    gfh

    Active member
  • Mar 21, 2008
    10
    203
    28
    H1ÐÐ3n
    ElaKiri for Business



    ඔබ මේ වෙත පැමිණීයේ ව්‍යාපාරික අරමුණක් හෝ යම් නෛතිකමය ගණයට වැටෙන කරුණක් පිළිබඳ අවබෝධයක් ලැබීමට නම්, මේ මගපෙන්වුම ඔබටයි. වෙබ් අඩවියෙ සම්බන්ධයෙන් බොහොමයක් පොදු ප්‍රශ්ණවලට මෙමඟින් පිළිතුරු සැපයෙනු ඇත.


    • එළකිරි වෙබ් අඩවිය තුළ ඕනෑම නීත්‍යානුකූල දේශීය හෝ විදේශීය ව්‍යාපාරයක්, සංවිධානයක්, පුද්ගලයෙකු, භාණ්ඩ,සේවා හෝ යමක් පිළිබඳ මුදල් ගෙවා දැන්වීම් පලකරගැනීම සහ ප්‍රචාරණය සම්බන්ධව යමක් දැනගැනීමට ඔබ පැමිණි ඔබටයි මේ උපදෙස්.


      ඔබ වෙබ් අඩවියතුළ ශ්‍රී ලංකාවේ නීතියට සහ අන්තර්ජාල නීතියට අනුව තහනම් නොවන ඕනෑම දේශීය හෝ විදේශීය ව්‍යාපාරයක්, සංවිධානයක්, පුද්ගලයෙකු, භාණ්ඩ,සේවා හෝ ඕනෑම නීත්‍යානුකූල යමක් පිළිබඳ මුදල් ගෙවා දැන්වීම් පලකරගැනීම සිදුකළ හැකිය. නමුත් දැන්වීම් මෙම වෙබ් අඩවිය තුළ පලකිරීමට භාරගන්නවාදැයි නොගන්නවාදැයි යන්න හිමිකරුවන්ගේ තීරණය මත රඳා පවතී. එය අවසාන තීරණය වේ. ඔබගේ ප්‍රචාරය කරනට අපේක්ෂිත කරු‍ණෙහි තොරතුරු සහ පල කිරීමට අපේක්ෂිත දැන්වීමේ ස්වභාවය සමඟ සියළු තොරතුරු admin[at]elakiri.com වෙත විද්‍යුත් තැපෑල මඟින් එවා ඔබට ඒ ගැන සාකච්ඡා කරගත හැකිය.


    • එළකිරි හා එක්ව ඔවුන්ගේ මාධ්‍ය අනුග්‍රහය සමග යම් කටයුත්තක් කිරීමට අවශ්‍ය ද ?

      එසේ නම් ඒ සඳහා admin[at]elakiri.com වෙත ලිපියක් යවා කතිකා කරගත හැකිය. එසේ නොමැතිව කිසිඳු ලෙසකින් ලියාදිචි කර ඇති, එළකිරි වෙළඳ නාමය අනවසරව කිසිඳු කටයුත්තකට යොදාගත නොහැකිය. යමෙකු එසේ අනවසරව එළකිරි නාමය භාවිතා කරනු ඔබ දැක ඇතිනම් ඒ බව admin[at]elakiri.com වෙතට දැන්විය හැකිය.

    • එළකිරි වෙබ් අඩවිය තුළ ඔබ හට භාණ්ඩ හා සේවා නොමිලයේ ත්‍රෙඩ් මාර්ගයෙන් අලෙවි කළ හැකිද ?

      එක් පුද්ගලයෙකු තමන්ගේ පුද්ගලික භාණ්ඩයක් විකිණීම පිළිඹඳ ඉඳහිට පල කරන ත්‍රෙඩ් එකක් හෝ දෙකක් පිළිබඳ ඒ තරම් ගැටළුවක් දැනට ඇතිවී නැත. එහෙත් වෙබ් අඩවියතුළ ආදායම් මාර්ගයක් වශයෙන් ව්‍යාපාර කිරීමට හෝ එසේ ත්‍රෙඩ් මාර්ගයෙන් ව්‍යාපාර කටයුතු අරඹා ඒවා නිරතුරුව වෙබ් අඩවියේ ඉහලින් තබාගැනීමේ අරමුණින් බම්ප් කරමින් ස්පෑම් කිරීමට ඉඩක් නැත.

      නමුත්,

      ඔබ වෙබ් අඩවියේ ජේෂ්ට (Senior),විශ්වාසී(Trusted),ජනප්‍රිය (Reputable) පුද්ගලයෙකු නම් ඔබට ඒ දැන්වීම පිළිබඳ අද්මිනිස්ත්‍රාසිකරු හා සාකච්ඡා කොට නොමිලයේ ත්‍රෙඩ් එකක් දැමිමට ඉඩ ලැබියහැකිය. කෙසේ වෙතත් මෙයට අවසර දීමේ හෝ නොදීමේ ප්‍රවණතාවය තීරණය වන්නේ ප්‍රචාරය කිරීමට අපේක්ෂිත දෙයෙහි ස්වභාවය අනුවය. එසේ අවසර ලැබුණහොත් එසේවුවද එය දිගින් දිගට බම්ප් කරමින් මාකටින් කිරීම කළ නොහැක.

    • අන්තර්ජාලයෙන් මුදල් ඉපයීමේ ක්‍රමෝපායවල් එළකිරි තුළ සිදුකිරීමට ඔබට අයිතියක් තිබේද ?


      Referral Marketing, Spamming, Advertising කිරීමට නොහැකිය. එසේ පවසන්නේ එමගින් අනෙකුත් සාමාජිකයන්ට සිදුවන හිරිහැරය සහ වෙබ් අඩවියේ ගුණාත්මක භාවයට සිදුවන හානිය හේතුවෙනි. එසේ එක් අයෙකුට ඉඩ ලබා දුනහොත් අනෙක් අයගෙන්ද ඉල්ලීම් ඉදිරිපත්වන නිසාය. එසේ සියල්ලන්ටම ඉඩදුනහොත් අවසානයේ ෆොරමතුල සෑම තැනම දැන්වීම් යොමු සහ පින්තූර පිරී යනු ඇති නිසාය. නමුත් යම් සුවිශේෂී යමක් වෙතොත් ඔබට ඒ ගැන සාකච්ඡා කරගත හැකිය. ඒ සඳහා අදාල කරුණ පිළිබඳ සවිස්තරාත්මකව ලිපියක් admin[at]elakiri.com වෙත යොමු කරන්න. ඒ පිළිබඳ අවසාන තීරණය ගැනීම ඔවුන් සතු වේ.

    • ඔබගේ කලා නිර්මාණයන් එළකිරි තුල පලකරවා ගන්නා ආකාරය.


      ප්‍රථමව කිව යුත්තේ මෙය 100% නොමිලයේ කෙරෙන සේවාවක් බවය. නිර්මාණ මෙහි පලකිරීම සඳහා කලාකරුවන්ගෙන් කිසිඳු මුදලක් අය කර නොමැත. අය කරන්නේද නැත. තැරැව් කරුවන් හෝ කිසිඳු තුන්වන පාර්ශවයක්ද නොමැත. සියළු සාකච්ඡාවන් ඍජුව වෙබ් අඩවිපාලක වරු හා කළ යුතුය.

      මෙසේ පලකිරීම සඳහා නිර්මාණ පිළිබඳ හිමිකම ඔබ සතුවිය යුතුය. නිර්මාණය පල කිරීම පිළිබඳ තීරණය කිරීම සඳහා එය මෙම වෙබ් අඩවියෙන් පිටත, බාහිර සර්වරයක් වෙත අප්ලෝඩ් කර එය admin[at]elakiri.com වෙත යොමුකළ හැකිය. එවිට ඒ පිළිබඳ තොරතුරු අසා ඔවුන් විසින් ඔබට ප්‍රතිචාර දක්වනු ඇත. නිර්මාණය පල කිරීම හෝ නොකිරීම පිළිබඳ අවසාන තීරණය ගැනීම ඔවුන් සතුවේ.
    • ඔබ කතෘ හිමිකම් ලබාගත් යමක් ඔබගේ අයිතීන් උල්ලංඝණය කරමින් වෙබ් අඩවිය තුළ පවතිනවා නම් හෝ ඔබගේ පුද්ගලික ඡායාරූප, වීඩියෝ පට හෝ වෙනත් ඕනෑම දේපලක් වෙබ් අඩවිය තුල යමෙකු විසින් ඔබගේ හිමිකම උල්ලංඝණය කරමින් අනවසරයෙන් නීතිවිරෝධී ලෙස පල කර ඇත්නම්, admin[at]elakiri.com වෙත ඔබගේ හිමිකම සනාථ කර ඒවා ඉවත් කරගැනීම සිදුකරගත හැකිය. පුද්ගලිකත්වය හා බැඳුනු සංවේදී කාරණා පිළිබඳ ඔබට සෘජුවම සම්බන්ධ කරගෙන දැනුවත් කළ හැකිය.


    • ඔබට එළකිරි වෙබ් අඩවිය පවත්වාගෙන යෑමට ආධාර කළ හැකිද ?, එසේ ආධාර (මුදල්මය හෝ වෙනත් ඕනෑම) බාරගැනීමේ ක්‍රමවේදයක් පවතීද ?

      නැත. එසේ කිසිඳු කටයුත්තක් කරගැනීම සඳහා කිසිවෙකුට මුදල් නොගෙවන්න. ස්වේච්ඡාවෙන් හෝ සිදුකිරීමට ඉදිරිපත්වන කිසිඳු මුදලක් බාරගන්නේ නැත. එසේ මොනම හේතුවක් මතවත් තුන්වන පාර්ශවයකට හෝ ගෙවීම් කළයුතු නැත.

      ඔබගේ පැණයන්ට මෙමගින් පිළිතුරු නොලැබුණි නම්, අදාල පැණය admin[at]elakiri.com වෙත යොමු කරන්න.


    ElaKiri A-Z Guide [PART 2] ත්‍රෙඩ් එකෙහි වැඩකටයුතු තවමත් අවසන්වෙමින් පවතී. එය වෙත යාමට සබඳතාවය මෙතැන පලකරනු ලැබේ.

     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    32,619
    5,088
    113
    127.0.0.1
    Thread eka daanna wechcha mahansiya gena hithaganna puluwan. maasa gaanak thisse umba mekata una mahansiya ithamath ihalin agaya karanawa :yes: wachana naha ea gena wisthara karanna bro :yes:
    11.gif
    uparimai
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,838
    950
    113
    අෆ්ෆ්ෆා එල එල අය්යේ එලටම ඔක්කොම ටික දාල තියනවා දැන් ඉතින් කෙලවරක ඉඳන් කියවන්න තමා තියෙන්නේ.. පට්ට පට පට සුපිරි:D
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,853
    691
    113
    නියමයි අලුතෙන් එන අයට වැදගත්. sticky කරානම් හොඳයි
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,838
    950
    113
    අඩේ මම ආයෙත් කමෙන්ට් එකක් දාන්නේ මගේ හිතේ තියන දේ කියාගන්න බැරි නිසා.. සිරාවටම මම ත් මේ විදිහට ත්‍රෙඩ් එකක් දාන්න කියලා හැදුවා.. ඒ වුනාට ඒ වැඩේ අමාරුව තේරෙන්නේ ඒක කරන්න හදපු කෙනෙක්ට.. පිස්සු හැදෙනවා.. ස්ක්‍රීන් ශොට් අරගෙන මේ විදිහට අකුරෙන් අකුර ටයිප් කර කර මෙහෙම විස්තර කරන එකනම් පට්ටම අමාරු වැඩක්.. මේ ත්‍රෙඩ් එක දාපු අය්යානම් මාරම මහන්සියක් අරන් තියනවා.. ඇත්තටම මේ ත්‍රෙඩ් එකට රෙප් දීලා මදි විශේෂ සම්මානයක් දෙන්න ඕනා ඊලඟ අවුරුද්දේ..

    :D:D:D