ElaKiri.com එකේ වටිනාකම

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,411
    4,292
    113
    Gampaha
    • e kale lankawe iternet users la awilla society eke eka level ekak
    • eeta yata level eke ayath amaruwen internet aran, ara uda level eke asrayata wetila level up una
    • 2010 witara passe internet common deyak hamoma internet enna gatta
    • EK witarak nemei FB, Youtube okkoma media platforms wala kattiya wediwenna gatta
    • Anith paththen dan FB, IG, tiktok platforms popular nisa EK wage forum ekakata ena kattiya adui
    Meka atta issara internet tibbe samanyen deyak terena karana un cafe walin aweth idea ekak tiyana un

    Dan ehema na
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Meka atta issara internet tibbe samanyen deyak terena karana un cafe walin aweth idea ekak tiyana un

    Dan ehema na
    අනික ඊසි ඇක්සස් නැහැ නෙ බන් .
    ඒ වගෙම සර්ච් කරන්න බ්‍රවුස් කරන්න යම් දැනුමක් ස්කිල් එකක් ඔනි.
    අපිට මතකනෙ දෙයක් සර්ච් කරන්න කාපු කටු.
    හරියට දෙයක් හොයලා ගන්න දීපු ගේම .
    ඔය ඊසි ඇක්සස් වෙන්න ගත්තෙ 2012 -2013 වගෙ කාලෙන් පස්සෙ .
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඇත්ත සමාජයේ reflection එකක් මේකෙ දකින්න ඕනේ නම් ඒ වගේ නීති වලට forum එක යටත් කරන්න ඒ කියන්නෙ ඒ විදිහට මොඩරේෂන් කරන්න. ඒත් ඉතින් එහෙමම තියෙන්න ඕනි කියලා එකක් නෑ. ඇඩ්මින් ලගෙ කැමැත්ත තමා.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ, සයිට් එක චාටර් වෙනවා කියලා ෆේක් වලින් කියන උන්ම ගිහින්, මොකෙක් හරි කාලකන්නියෙක් fake අටවන් ආවාම උගේ threads වලට reply දාන එක. උන්ව ගන්න නොගෙන, උන්ගෙ ඒවට reply නොකර හිටිය නං ඔය මොකුත් නෑ. එහෙම කරන්නේ නෑ ඌට බැනලා හරි ගිහින් කමෙන්ට් එකක් දානවා. අලි මෝඩයො ටිකක් ඉන්නවා ඉතින්. 😬🤣

    මේකත් අර රටේ උන්ගෙ වැරදි තියන් 225 නිසා රට හදන්න බෑ වගේ කතාවක් මචං. කීයෙන් කීදෙනාද හරි thread එකකට reply කරන්නෙ

    අන්න ඒකයි... පිම්පියා එහෙම thread දැම්මාම reply කරන එවුන් කීයක් ඉන්නවද.... ඌට බණින්නවත් reply කරන්න නරකයි... ඌට එකත් ලොකු දෙයක්. වලතර ය නන් වෙනම ආතල් එකක් දෙන්නේ. උගේ ආතල් වෙන එකෙක්ට දෙන්න බෑ.... තව fake හදාගෙන ගොන් thread දාන එවුන්ට හුරේ දාන වෙනම සෙට් එකක් ඉන්නවා. උන්ට එක reply එකක්වත් නැති වුණාම නිකන්ම මැරිලා යනවා...

    අනික මම නං සෑහෙන කුහකයෝ දැක්කා මේකේ ලගදී...
     
    thanujaka

    Well-known member
  • මෙහෙමයි,
    මේක ඉස්සර ඇත්තටම යාලුවෝ සෙට් උන තැනක්.
    මට එලකිරියේ සෙට් උන, උදව්වක් කරපු පලවෙනි යාලුවා තමයි ජැකා.
    @Jack_Sparrow
    ඉස්සර එලකිරියේ සිගි දාන්න දුන්නා, හැම එකාම ලස්සන ලස්සන සිගි දාගෙන ඉන්නවා මට එකක් නෑ.:(
    මම ඔය ග්‍රැෆික් ඩිසයින් වැඩ එහෙම එදා දන්නෙත් නෑ අද දන්නෙත් නෑ.
    පස්සේ ජැකා තමයි මට එලකිරියේ උදව් කරපු පලවෙනියා, ඌ පට්ට ලස්සන චේගුවේරගේ සිගි එකක් හදලා දුන්නා මට ඒකේ අගේ නිමක් නෑ. ඌ කරපු ඒ උදව්ව මට හැමදාම මතක තියෙනවා.
    අනික දැන් ඉන්න උන් එක්ස්පෝස් වෙයි අනංමනං කියලා හෙන බයයි.
    ඉස්සර එහෙම එකක් නෑ.
    අපි කට්ටිය එක පාරක් සෙට් වෙලා සල්ලි දාලා ගගක් අයිනේ ඉදගෙන අමල්කා කියලා කෙල්ලෙක් හදාගෙන ආපු රෝල්ස් පැටිස් කට්ලට් සැන්ඩ්විච් කාල, එතන පිට්ටනියක බෝල ගහලා රෑ වෙලා ඒ කෙල්ලගේ ගෙදර ගිහිල්ලා සිංදුත් කියලා තමා ආපහු ආවේ.
    අද කාලේ කෙල්ලෙක් මේකේ උන්ව ගෙදරකට වද්ද ගනීද?
    නිකම් ත්‍රෙඩ් එකක් දාපු ගමන් වයිෆ් ගේ ගල්ෆ්‍රෙන්ඩ් එකේ ප්‍රශ්නයක් දාලා ඒකෙක් දෙන්නෙක් අනිවා කමෙන්ට් එකක් දානවමයි "ඒකිගේ ෆොටෝ එකක් දකින්නෙ නැතුව මුකුත් කියන්න අමාරුයි" කියලා.
    ඔන්න දැන් උන්ගෙ තියෙන සහෝදරකම.
    අපි එලකිරියේ ශර්ට් ඉදන් ප්‍රින්ට් කරගෙන ගෙට් එකට සෙට් උනේ.
    මැරීඩ් ක්ලබ් එකේ කට්ටිය උන් උන් සෙට් උනා,.
    නයිට් ක්ලබ් කට්ටිය ටික වෙනමම සෙට් උනා.
    මෙගා පර්ටි ත්‍රෙඩ් එකේ කට්ටිය වෙනමම සෙට් උනා.
    කිඹුලලා අපි හොද යාලුවෝ,
    ඔය mr.tom ඇත්ත නම කිශාන්, එහෙම පට්ට චරිත.
    දැන් මේවල අපේ කාලේ ඉවරයි.
    ඉස්සර වගේ අපිට නිතර දෙවේලේ මේවට එන්න බෑ.
    හැබැයි නැවත එලකිරියේ ඒ සමගිය ඇති කරන්න බැරි නෑ, පුළුවන්.
    ඒකට කරන්න පුළුවන් එකම දේ තමයි ඉස්සර අපි වගේ උඹලත් ඇත්තම යාලුවෝ වෙයල්ලා. කට්ටිය සෙට් වෙලා චැට් ත්‍රෙඩ් එකක් දාගන්න. ඊට පස්සේ මාස තුන හතරක් කතා බහ කරලා ඉදලා උඹලා ටික සෙට් වෙලා කීය කිය හරි දාල පොඩි බස් එකක් අරගෙන දවසින් ගිහිල්ල එන්න පුළුවන් ඔය කිතුල්ගල වගේ පොට් එකක් දාගෙන කට්ටිය එක්ක නාල කරල පොඩි අඩියක් එහෙම ගහලා වරෙල්ලා.
    එකස්පෝස් වෙයි කියලා බයේ උඹලා එක එකා කීබෝර්ඩ් අස්සට වෙලා හැංගිලා ඉන්න තාක්කල් ආයෙ නම් එලකිරිය සුන්දර තැනක් වෙන්නේ නෑ සත්තයි.
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Abmins la melo rahak na
    Photo direct upload karanna ba
    Rep denna ba, issara thibba sup Eka පෙනන්න mesure karanna විදිහක් නෑ.

    Fake, අසහන thread wadi.

    හෙට wenakota me thread ekata comment karan Eka disable karai, Eka thama meke admins la karanna දන්නේ.
    Habbaiඅසහන ත්‍රෙඩ් වලට නම් එහෙම disable kirimak නෑ.

    Issara site ekata thibba wadagath kama na.
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,116
    113
    අන්න ඒකයි... පිම්පියා එහෙම thread දැම්මාම reply කරන එවුන් කීයක් ඉන්නවද.... ඌට බණින්නවත් reply කරන්න නරකයි... ඌට එකත් ලොකු දෙයක්. වලතර ය නන් වෙනම ආතල් එකක් දෙන්නේ. උගේ ආතල් වෙන එකෙක්ට දෙන්න බෑ.... තව fake හදාගෙන ගොන් thread දාන එවුන්ට හුරේ දාන වෙනම සෙට් එකක් ඉන්නවා. උන්ට එක reply එකක්වත් නැති වුණාම නිකන්ම මැරිලා යනවා...

    අනික මම නං සෑහෙන කුහකයෝ දැක්කා මේකේ ලගදී...
    අනිවා..

    හමෝ ඉන්නවා බන් දැන් ගොඩක්, මේ වගේ පකයි ඉන්න කම්පැනියකටවත් යන්න හොඳ නෑ, මාරම සව්ත්තු චරිත.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ලංකාවේ හැම සිස්ටම් එකකටම කෙලවෙලා තියන වෙලාවේ මේක විතරක් හොදට තියෙන්න විදිහක් නැහැනේ කියන යථාර්තය තෙරුන් ගෙන පාඩුවේ ඉන්නවා. :(
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    මෙහෙමයි,
    මේක ඉස්සර ඇත්තටම යාලුවෝ සෙට් උන තැනක්.
    මට එලකිරියේ සෙට් උන, උදව්වක් කරපු පලවෙනි යාලුවා තමයි ජැකා.
    @Jack_Sparrow
    ඉස්සර එලකිරියේ සිගි දාන්න දුන්නා, හැම එකාම ලස්සන ලස්සන සිගි දාගෙන ඉන්නවා මට එකක් නෑ.:(
    මම ඔය ග්‍රැෆික් ඩිසයින් වැඩ එහෙම එදා දන්නෙත් නෑ අද දන්නෙත් නෑ.
    පස්සේ ජැකා තමයි මට එලකිරියේ උදව් කරපු පලවෙනියා, ඌ පට්ට ලස්සන චේගුවේරගේ සිගි එකක් හදලා දුන්නා මට ඒකේ අගේ නිමක් නෑ. ඌ කරපු ඒ උදව්ව මට හැමදාම මතක තියෙනවා.
    අනික දැන් ඉන්න උන් එක්ස්පෝස් වෙයි අනංමනං කියලා හෙන බයයි.
    ඉස්සර එහෙම එකක් නෑ.
    අපි කට්ටිය එක පාරක් සෙට් වෙලා සල්ලි දාලා ගගක් අයිනේ ඉදගෙන අමල්කා කියලා කෙල්ලෙක් හදාගෙන ආපු රෝල්ස් පැටිස් කට්ලට් සැන්ඩ්විච් කාල, එතන පිට්ටනියක බෝල ගහලා රෑ වෙලා ඒ කෙල්ලගේ ගෙදර ගිහිල්ලා සිංදුත් කියලා තමා ආපහු ආවේ.
    අද කාලේ කෙල්ලෙක් මේකේ උන්ව ගෙදරකට වද්ද ගනීද?
    නිකම් ත්‍රෙඩ් එකක් දාපු ගමන් වයිෆ් ගේ ගල්ෆ්‍රෙන්ඩ් එකේ ප්‍රශ්නයක් දාලා ඒකෙක් දෙන්නෙක් අනිවා කමෙන්ට් එකක් දානවමයි "ඒකිගේ ෆොටෝ එකක් දකින්නෙ නැතුව මුකුත් කියන්න අමාරුයි" කියලා.
    ඔන්න දැන් උන්ගෙ තියෙන සහෝදරකම.
    අපි එලකිරියේ ශර්ට් ඉදන් ප්‍රින්ට් කරගෙන ගෙට් එකට සෙට් උනේ.
    මැරීඩ් ක්ලබ් එකේ කට්ටිය උන් උන් සෙට් උනා,.
    නයිට් ක්ලබ් කට්ටිය ටික වෙනමම සෙට් උනා.
    මෙගා පර්ටි ත්‍රෙඩ් එකේ කට්ටිය වෙනමම සෙට් උනා.
    කිඹුලලා අපි හොද යාලුවෝ,
    ඔය mr.tom ඇත්ත නම කිශාන්, එහෙම පට්ට චරිත.
    දැන් මේවල අපේ කාලේ ඉවරයි.
    ඉස්සර වගේ අපිට නිතර දෙවේලේ මේවට එන්න බෑ.
    හැබැයි නැවත එලකිරියේ ඒ සමගිය ඇති කරන්න බැරි නෑ, පුළුවන්.
    ඒකට කරන්න පුළුවන් එකම දේ තමයි ඉස්සර අපි වගේ උඹලත් ඇත්තම යාලුවෝ වෙයල්ලා. කට්ටිය සෙට් වෙලා චැට් ත්‍රෙඩ් එකක් දාගන්න. ඊට පස්සේ මාස තුන හතරක් කතා බහ කරලා ඉදලා උඹලා ටික සෙට් වෙලා කීය කිය හරි දාල පොඩි බස් එකක් අරගෙන දවසින් ගිහිල්ල එන්න පුළුවන් ඔය කිතුල්ගල වගේ පොට් එකක් දාගෙන කට්ටිය එක්ක නාල කරල පොඩි අඩියක් එහෙම ගහලා වරෙල්ලා.
    එකස්පෝස් වෙයි කියලා බයේ උඹලා එක එකා කීබෝර්ඩ් අස්සට වෙලා හැංගිලා ඉන්න තාක්කල් ආයෙ නම් එලකිරිය සුන්දර තැනක් වෙන්නේ නෑ සත්තයි.
    කතව ඇත්ත මචන්, මේක කොච්චර හොඳ උන් හිටියද... අරවින්ද ල, රසිකල, බන්දුජීවල එහෙම අදුරගත්තෙ මේක නිසා.. උන් සුපිරි චරිත, තාමත් හොඳ යාලුවො..අනික ජීටිය උනත් ඉස්සර සෙට් වෙනව නෙ
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේකට හේතුව 24*7 moderate කරන්න කෙනෙක් නැති එක

    ලෝකේ ඉස්සර කාලේ ඉදන්ම තිබ්බ හැම forum එකකම abusersලා ඉන්නවා, හැබැයි ඒ උන් උන් දාන content mod කරන්න කට්ටිය හිටියා සහ තාම ඉන්නවා

    මේකෙ admin අය මේක මෙහෙම හරි කරන් යන එකට ගානක් දෙන්න ඕනේ
    ඒගොල්ලන්ගේ අනික් වැඩත් එක්ක

    මේකෙන් මාත් සෑහෙන්න දෙයක් මේ ටික කාලෙකට ඉගෙන ගත්තා, මේක mod කරන්න මේකෙ ඉන්න reputed එක්කෙනෙක්ට දුන්නනං හරි, අවුරුදු කිහිපයක් ඉඳපු කාටහරි , අඩුම තරමේ අලුත් account වලින් දාන අසහන thread වත් නැති කරලා දාන්න

    අද උදේ පාන්දරම එක කාලකන්නියෙක් thread එකක් දාලා තිබ්බා කොහොමද බං ඕවා type කරන්නේ

    Forum වල අමුතු පොරවල් ඉන්න පුළුවන් හැබැයි උන්ගෙන් ගන්න දෙයක් තියෙනවා
    හිතමු Terry Davis කිරියේ හිටියා කියලා ඌ පිස්සු යකෙක් ජාතිවාදී conspiracy කියවන්නේ හැබැයි උගෙන් ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩයි

    Google. Terry Davis temple os founder
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මන් ජොයින් උනේ ළගකදී...ජොයින් වෙච්ච කාලෙටත් වඩා අන්තයි මේක...බොරු කියන්න ඕන නෑ මාත් වැදගත් දේවල් දාලම නැති තරම්...සෙල්ෆිශ් විදිහට මගේ ෆන් එකට...මගේ ප්‍රශ්න වලට විතරයි කිරිය යූස් කරලා තියෙන්නේ...ඒ මයින්ඩ්සෙට් එක ආවේ බහුතරය එහෙම නිසා...බලමු වෙනස් වෙන්න බලන්නම්...වැදගත් දෙයක් දාන්න ට්‍රයි කරන්නම් කිරිය වෙනුවෙන්....වෙනසට උදව් වෙන්නම්...හැමෝම මෙහෙම හිතුවොත් ඔයාලා කියන පරන එළකිරි එක ගන්න පුලුවන් වෙයි බොහෝ වෙලාවට...
    මාත් වැඩකට නැති ත්‍රෙඩ් දාලා තියනවා...සොරි ෆො දැට්...ඉස්සරහට වැදගත් ත්‍රෙඩ් ටිකකුත් දාන්න ට්‍රයි කරන්නම්...කිරියට ජය....
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    2010 ට කලින් හිටපු උන් මං දන්නෙ නෑ..උන් මේකට වැඩකට අැති දෙයක් කරන්න අැති කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව ඒත් 2010ට පස්සේ හිටපු උන් තනිකරම මේකේ කරේ දේශපාලනේ..වැදගත් දේවල් දැම්මා ඒ වගේම යටින් උන්ගේ දේශපාලනයත් කරා..නම් වශයෙන් කිව්වොත් @dath kimbula @sriboysl @රත්තරං වගේ උන්..දේශපාලනය ගැන කථා කරන ඵක නෙමෙයි මම කියන්නේ රෙදි නැතුව කඩේ ගිය ඵක..ඔය තුන්දෙනාම දාර බයියෝ..මෙයාලා වගේ අය තමා තමන්ගෙ වාසියට දේශපාලනය මේකේ උන්ගේ ඔළුවට ලස්සණ වචන වලින් දදා කොටවල මේක තනිකරම දේශපාලන පොර පිටියක් කරේ.ඵළකිරියට ජාතිවාදී ලේබල් ඵකක් ගැහුනේ මෙයාලා නිසා.දැන් කෝ ඵකෙක් නෑ පේන්න..උන් උන්ගේ වැඩ ටික කරගෙන මාරු වුනා.😆
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    100%
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,937
    11,998
    113
    මේකේ ඉන්න එවුන් ඔය කියන විදියේ වැදගත් thread දැම්ම නම් හරිනේ.. අනුන්ට කිය කියා ඉන්නේ ඇයි..
    ඉස්සර වගේ නෙමෙය් දැන් කව්රුත් තමන් ගොඩයන්න විතරය් බලන්නේ. එළකිරි එකේ විතරක් නෙමෙය් ලංකාවේ උන්ගේ facebook, twitter වගේ හැම තැනම එක පෙන්න තියනවා..
    දැන් අනුන්ට දෙයක් කරනවා කියල ඉන්නවා නම් එහෙම පෙන්නලා course එකක් විකුනන්න මාන බලන එකෙක් හරි, youtube එකේ views වලින් හම්බ කරන්න බලන එකෙක් විතරය්..
    ලංකාවේ සමාජේ එහෙම උනාට පිටරට වල තාම අනික් මිනිස්සුන්ට නොමිලේ දේවල් කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා.
    මට හිතන්නේ නම් ලංකාවේ බහුතරේ පට්ටම ආත්මාර්තකාමී..
     
    Last edited:
    • Haha
    Reactions: nicjosh83