මෙහෙමයි,
මේක ඉස්සර ඇත්තටම යාලුවෝ සෙට් උන තැනක්.
මට එලකිරියේ සෙට් උන, උදව්වක් කරපු පලවෙනි යාලුවා තමයි ජැකා.
@Jack_Sparrow
ඉස්සර එලකිරියේ සිගි දාන්න දුන්නා, හැම එකාම ලස්සන ලස්සන සිගි දාගෙන ඉන්නවා මට එකක් නෑ.

මම ඔය ග්‍රැෆික් ඩිසයින් වැඩ එහෙම එදා දන්නෙත් නෑ අද දන්නෙත් නෑ.
පස්සේ ජැකා තමයි මට එලකිරියේ උදව් කරපු පලවෙනියා, ඌ පට්ට ලස්සන චේගුවේරගේ සිගි එකක් හදලා දුන්නා මට ඒකේ අගේ නිමක් නෑ. ඌ කරපු ඒ උදව්ව මට හැමදාම මතක තියෙනවා.
අනික දැන් ඉන්න උන් එක්ස්පෝස් වෙයි අනංමනං කියලා හෙන බයයි.
ඉස්සර එහෙම එකක් නෑ.
අපි කට්ටිය එක පාරක් සෙට් වෙලා සල්ලි දාලා ගගක් අයිනේ ඉදගෙන අමල්කා කියලා කෙල්ලෙක් හදාගෙන ආපු රෝල්ස් පැටිස් කට්ලට් සැන්ඩ්විච් කාල, එතන පිට්ටනියක බෝල ගහලා රෑ වෙලා ඒ කෙල්ලගේ ගෙදර ගිහිල්ලා සිංදුත් කියලා තමා ආපහු ආවේ.
අද කාලේ කෙල්ලෙක් මේකේ උන්ව ගෙදරකට වද්ද ගනීද?
නිකම් ත්‍රෙඩ් එකක් දාපු ගමන් වයිෆ් ගේ ගල්ෆ්‍රෙන්ඩ් එකේ ප්‍රශ්නයක් දාලා ඒකෙක් දෙන්නෙක් අනිවා කමෙන්ට් එකක් දානවමයි "ඒකිගේ ෆොටෝ එකක් දකින්නෙ නැතුව මුකුත් කියන්න අමාරුයි" කියලා.
ඔන්න දැන් උන්ගෙ තියෙන සහෝදරකම.
අපි එලකිරියේ ශර්ට් ඉදන් ප්‍රින්ට් කරගෙන ගෙට් එකට සෙට් උනේ.
මැරීඩ් ක්ලබ් එකේ කට්ටිය උන් උන් සෙට් උනා,.
නයිට් ක්ලබ් කට්ටිය ටික වෙනමම සෙට් උනා.
මෙගා පර්ටි ත්‍රෙඩ් එකේ කට්ටිය වෙනමම සෙට් උනා.
කිඹුලලා අපි හොද යාලුවෝ,
ඔය mr.tom ඇත්ත නම කිශාන්, එහෙම පට්ට චරිත.
දැන් මේවල අපේ කාලේ ඉවරයි.
ඉස්සර වගේ අපිට නිතර දෙවේලේ මේවට එන්න බෑ.
හැබැයි නැවත එලකිරියේ ඒ සමගිය ඇති කරන්න බැරි නෑ, පුළුවන්.
ඒකට කරන්න පුළුවන් එකම දේ තමයි ඉස්සර අපි වගේ උඹලත් ඇත්තම යාලුවෝ වෙයල්ලා. කට්ටිය සෙට් වෙලා චැට් ත්‍රෙඩ් එකක් දාගන්න. ඊට පස්සේ මාස තුන හතරක් කතා බහ කරලා ඉදලා උඹලා ටික සෙට් වෙලා කීය කිය හරි දාල පොඩි බස් එකක් අරගෙන දවසින් ගිහිල්ල එන්න පුළුවන් ඔය කිතුල්ගල වගේ පොට් එකක් දාගෙන කට්ටිය එක්ක නාල කරල පොඩි අඩියක් එහෙම ගහලා වරෙල්ලා.
එකස්පෝස් වෙයි කියලා බයේ උඹලා එක එකා කීබෝර්ඩ් අස්සට වෙලා හැංගිලා ඉන්න තාක්කල් ආයෙ නම් එලකිරිය සුන්දර තැනක් වෙන්නේ නෑ සත්තයි.