Elakiri.com Suggestions

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    මමත් suggest කරන්න හිටිය දෙයක් කාලෙක ඉඳන් පෙනුණු... හැබැයි කොච්චර දුරට ප්‍රායෝගික ද කියන්න අමාරුයි... මේ දැනට තියෙන theme එක අලුත් වුනා නම් හොඳයි... ඒක නෙමෙයි මගේ suggestion එක.

    ඊට අමතරව දැන් එලකිරි එක ඇවිල්ල කොහොම කිව්වත් Forum එකක් නෙ... ඉතිං මේකෙ page navigation තමයි තියෙන ලොකුම ගැටළුව. ලොකු thread එකක් නම් reply කියවන්න ගියාම සෑහෙන ගේමක් දෙන්න ඕනෙ. ඒත් ඉතිං ඒකට වෙනත් ක්‍රම තියෙනව ද මම දන්නෙ නැහැ. මගෙ suggestion එක තමයි, page by page navigate කරනව වෙනුවට scroll ක්‍රමයකට හදන්න පුළුවන් නම්... main thread post එක side එකෙන් ස්ථිරව පේන්න තියෙනව. අනිත් reply කරපු ඒවා කියවීමට අනිත් side එකෙන් scroll කරන්න තියනව. reply කරන කෙනෙක්ට ලේසියි එතනම original post දාපු එක බලන්න ආපහු මුලටම එන්න ඕනෙ නැහැ. හැමතිස්සෙම ඒක පේන්න තියෙනව. මේක කියන තරම් ලේසි නෑ හදන්න. ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන්න අමාරුයි. අනික හැමෝම access කරද්දි, server usage කොයි විදිහද කියන එක ගැනත් හිතන්න වෙනව. නමුත් ඇත්තටම මේ ක්‍රමය ගොඩක් ගැලපෙනව page by page ගොඩක් navigate කර කර යනවට වඩා. සමහර වෙලාවට ගොඩක් pages තියෙනකොට මැද ඒවා කියවන්නෙත් නැහැ කෙලින්ම අන්තිම page එකට ගිහිං බලනව අර වැදගත්ම ඕනෙම එකක් තිබ්බොත් අමාරුවෙන් හරි බලාගෙන යනව හැර හැම එකක්ම එහෙම බලනව ඇති කියල මම හිතන්නෙ නැහැ.

    :yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරි Suggestions යටතේ මට හිතුනු දෙයක්.

    මම සමහර අවස්තාව වල දැකලා තියෙනවා මෙම්බර්ස්ලා තමුන් කලින් කියවපු නමුත් දැන් හොයා ගන්න අමාරු ත්‍රෙඩ් ගැන අහල අලුත් ත්‍රෙඩ් අරිනවා.
    උදාහරණයකට : වින්ඩෝස් අප්ඩේට් එකක් ගැන මාස කිහිපයකට කලින් දාපු ත්‍රෙඩ් එකක් හොයා ගන්න කෙනෙකුට උවමනා වෙනවා.
    එයා අලුත් ත්‍රෙඩ් එකක් දානවා මෙහෙම
    '' මචංලා දැන් මාස ගානකට උඩදී වින්ඩෝස් අප්ඩේට් එකක් ගැන ත්‍රෙඩ් එකක් තිබුන. කාටද මතක ?පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ත්‍රෙඩ් එක හොයල දීපල්ලකෝ ''

    ඉතින් අපිට පුළුවන් නම් එළකිරි හෙල්ප් එකේ ත්‍රෙඩ් එකක් sticky කරලා තියන්න '' එළකිරි notice board '' වගේ නමක් දාලා.
    එතකොට ඕනෙම කෙනෙකුට පුළුවන් ඕනෙම වෙලාවක ඇවිදින් ත්‍රෙඩ් එකේ ඒ වගේ මගහැරුණු දෙයක් දාලා අහන්න.
    බලන කෙනෙකුටත් ඒක කරදරයක් නෑනේ...
    මොකද කියන්නේ අදහස ?
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Thread eke Reply Posts sort karanna puluwan widihak add kaloth

    Up/Down vote option ekka

    Sort by Date/Likes/Dislikes or Rep Points

    v5hWDH8.png
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    එළකිරි Suggestions යටතේ මට හිතුනු දෙයක්.

    මම සමහර අවස්තාව වල දැකලා තියෙනවා මෙම්බර්ස්ලා තමුන් කලින් කියවපු නමුත් දැන් හොයා ගන්න අමාරු ත්‍රෙඩ් ගැන අහල අලුත් ත්‍රෙඩ් අරිනවා.
    උදාහරණයකට : වින්ඩෝස් අප්ඩේට් එකක් ගැන මාස කිහිපයකට කලින් දාපු ත්‍රෙඩ් එකක් හොයා ගන්න කෙනෙකුට උවමනා වෙනවා.
    එයා අලුත් ත්‍රෙඩ් එකක් දානවා මෙහෙම
    '' මචංලා දැන් මාස ගානකට උඩදී වින්ඩෝස් අප්ඩේට් එකක් ගැන ත්‍රෙඩ් එකක් තිබුන. කාටද මතක ?පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ත්‍රෙඩ් එක හොයල දීපල්ලකෝ ''

    ඉතින් අපිට පුළුවන් නම් එළකිරි හෙල්ප් එකේ ත්‍රෙඩ් එකක් sticky කරලා තියන්න '' එළකිරි notice board '' වගේ නමක් දාලා.
    එතකොට ඕනෙම කෙනෙකුට පුළුවන් ඕනෙම වෙලාවක ඇවිදින් ත්‍රෙඩ් එකේ ඒ වගේ මගහැරුණු දෙයක් දාලා අහන්න.
    බලන කෙනෙකුටත් ඒක කරදරයක් නෑනේ...
    මොකද කියන්නේ අදහස ?

    හොදයි :yes::yes::yes::yes: කිව්වට වැඩක් නෑ බන් උගේ site එක ගැන suggestions දෙද්දී reply එකක්වත් නෑ එක තැනකද සලකා බලනවා කියල විතරක් තිබ්බද කොහෙද