මමත් suggest කරන්න හිටිය දෙයක් කාලෙක ඉඳන් පෙනුණු... හැබැයි කොච්චර දුරට ප්‍රායෝගික ද කියන්න අමාරුයි... මේ දැනට තියෙන theme එක අලුත් වුනා නම් හොඳයි... ඒක නෙමෙයි මගේ suggestion එක.
ඊට අමතරව දැන් එලකිරි එක ඇවිල්ල කොහොම කිව්වත් Forum එකක් නෙ... ඉතිං මේකෙ page navigation තමයි තියෙන ලොකුම ගැටළුව. ලොකු thread එකක් නම් reply කියවන්න ගියාම සෑහෙන ගේමක් දෙන්න ඕනෙ. ඒත් ඉතිං ඒකට වෙනත් ක්‍රම තියෙනව ද මම දන්නෙ නැහැ. මගෙ suggestion එක තමයි, page by page navigate කරනව වෙනුවට scroll ක්‍රමයකට හදන්න පුළුවන් නම්... main thread post එක side එකෙන් ස්ථිරව පේන්න තියෙනව. අනිත් reply කරපු ඒවා කියවීමට අනිත් side එකෙන් scroll කරන්න තියනව. reply කරන කෙනෙක්ට ලේසියි එතනම original post දාපු එක බලන්න ආපහු මුලටම එන්න ඕනෙ නැහැ. හැමතිස්සෙම ඒක පේන්න තියෙනව. මේක කියන තරම් ලේසි නෑ හදන්න. ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන්න අමාරුයි. අනික හැමෝම access කරද්දි, server usage කොයි විදිහද කියන එක ගැනත් හිතන්න වෙනව. නමුත් ඇත්තටම මේ ක්‍රමය ගොඩක් ගැලපෙනව page by page ගොඩක් navigate කර කර යනවට වඩා. සමහර වෙලාවට ගොඩක් pages තියෙනකොට මැද ඒවා කියවන්නෙත් නැහැ කෙලින්ම අන්තිම page එකට ගිහිං බලනව අර වැදගත්ම ඕනෙම එකක් තිබ්බොත් අමාරුවෙන් හරි බලාගෙන යනව හැර හැම එකක්ම එහෙම බලනව ඇති කියල මම හිතන්නෙ නැහැ.