Confession 124
මට මේ දවස්වල ජීවිතේ එපා වෙලා තියෙන කතාව මේකෙන් කියන්නම්. මේක කියන්න ෆේක් හදාගෙන එන්න බෑ. මේකයි.. මගේ ප්‍රතම සහ එකම ආදරේට දැන් අවුරුදු 5ක් වගේ. පටං ගන්න කාලෙම මං දැනං හිටිය අපේ ගෙදරිං කැමති වෙන් නැති වග. ඒත් ඉතිං ඕන දෙයක් කියල මං එයාටත් කියලා අපි යාලු වෙලා හිටිය. මං කිව්ව අපේ ගෙදරිං කැමති වෙන්නෙ නෑ ඒත් උත්සහ කරමු හැබැයි ගෙදර අකමැත්තෙන් නං බඳින්නෙ නෑ කියලා. ඒ කාලෙ එච්චර දුර හිතුවෙත් නෑ. දැං ටික මාසෙකට කලියෙන් අම්මා කිව්ව මට කෙනෙක් හොයනව කියල. ඒ වෙනකනුත් ගෙදරින් දන්නෙ නෑ කතාව. මේ වෙලාවෙදි මං කිව්ව එයා ගැන. අම්මෝ ගිනි ඇවිලුනා. ඕක නං කොහොමත් කෙරෙන්නෙ නෑ බ්ලා බ්ලා... ඊට පස්සෙත් ගොඩක් දේවල් උනා. මතක් වෙද්දිත් එපා වෙන තරං. මං එයාට ඔක්කොම කියල කිව්ව මේක නවත්තමු. ඒත් කරන්න බෑ. එයාටත් බෑ මටත් බෑ. ඒත් දැන් වැඩේ ගොඩක් දරුනුයි. අපේ ගෙදර ඔක්කොම පිස්සුවෙන් වගේ මේ දේ නිසා. මටත් කිසි දෙයක් කරන්න හිත නෑ. හැමෝටම තියෙන ප්‍රස්නෙ මං ගෙදර ඉන්නෙක, කෙල්ලෙක් උනාම ඉක්මන්ට බඳින්නෝනෙලුනෙ. මට කාට හරි කැමති වෙන්න වෙන මානයක් දැන් තියෙන්නෙ. මට පිස්සු වගේ. ම දන්නව අම්ම තාත්ත මං ගැන ගොඩක් බලාපොරොත්තු තියෙනව. ඒගොල්ල දුකෙන් ඉන්නව දකිද්දි මට කලකිරෙනව යාලුවනෙ. මාත් කලින් යාලුවන්ට මේ වගේ ප්‍රස්න වලදි රටේ නැති බයිල කියලා තිඑනව. ඒත් මෙහෙම උනාම තම්මා තේරෙන්නෙ තීරනයක් ගන්න තියෙන අම්මාරුව. බලෙන් හරි රන්ඩු කරල හරි බැන්දත් මට සතුටක් නෑ ඒ ගොල්ලො දුකෙං බව දන්න නිසා. එහෙමයි කියලා වෙන කෙනෙක්ට කැමති ව්එලා අලුත් ජීවිතයක් පටං ගන්නෙ කොහොමද කියල තේරෙන්නෙත් නෑ. අනේ මන්ද... කලකිරෙනව යාලුවනෙ. ජීවිතෙ හොඳම කාලෙ නාස්ති වෙලා කියල හිතෙනව. මේව කියන්න කෙනෙකුත් නෑ. මේකෙ කියල දැම්ම
~~~~
අම්මලට දුක් දීල කරන දේවල් හරියනව හරි අඩුයි බන්
kiyala hithenawa 


kellek set unaama thurul wela aadara bas thepala thepala bolanda widiyata kaale gatha uanta wen unaama danena duka kiya ganna ba...



