ElaKiri Fitness Centre / Elakiri Gym

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,173
    301
    83
    supiri machan! uba wade piliwelata Lassanata patan aran thiyenawa :)
    kattiyama set wela meka niyameta karan yamu: :yes:
     
    Last edited:

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Update

    හුට්ට පටස් මට මේ කියන්ඩ අමතක උනා නේ :eek::shocked:

    Workout plan/ workout schedule/ training program - හරි දැන් කට්ටියම ඉතින් ඔව්ව ඉල්ලනවනේ ... දැන් මේකයි ... හැම තිස්සෙම ව්‍යායාම කරද්දී සම්පූර්ණ ශරීරයටම අපි ව්‍යායාම කරන්න ඕනා:yes: ... නැතුව ඉතින් මේ මචං මට chest එක හදා ගන්න , arms හදා ගන්න , six pack හදා ගන්න:nerd: කියලා විතරක් බාගෙට නම් ඇඟට ව්‍යායාම කරන්ඩ කතා කරන්ඩ එපා මාත් එක්කල ඔන්න... :frown:

    Nutrition - හරි දැන් මේකයි අපේ ආහාර වල ප්‍රධානම අන්තර්ගතයන් විදියට Carbohydrate, Fat , Protein කියන තුන අපිට ගන්න පුළුවන් ... ඉතින් මෙන්න මේ දේවල් අපි එකිනෙකාගේ ශරීරයේ වර්ධනය, පරිවෘතීය ක්‍රියාවලිය වගේ දේවල් එක්ක බලල අනුපාතික අගයන් වලින් ලබාගන්න ඕනා ... :)

    Supplement - ඔව් ඔව් මේකනේ ලොකුම දේ :P, මේවා බිව්වම ළමයි හදන්න බෑ :oo:, අහවල් වැඩේ කොරගන්න බෑ :eek:... ඔය ඔය එක බයිලා :dull: සහ මේවා ගැහුවා ගමන් නිකන් සුපර් මෑන් වගේ ඇඟ හැදෙනවා :rofl:... මේක තමයි හොඳම එක :lol:, bulk කරන්න මේක හොඳයි :baffled:cut කරන්න මේක හොඳයි :nerd: යනාදී එකී මෙකි නොකී නානාප්‍රකාර ජිරිබිරිස් කතන්දර තියෙන මාතෘකාවක් මේක:rofl: ... පොඩ්ඩ පොඩ්ඩ පැහැදිලි කොරල දෙන්නම් හරිය.. ;)



    අපේ කිරි කිරිස් කොල්ලන්ට කෙල්ලන්ට යන්න gym ඕනේ උනොත් කියන්න මම දන්නා මට recommend කරන්න පුළුවන් කියලා හිතෙන ඒවාට ඔබ සියලු සත්වයෝ යොමු කරන්නම් ;)... නැත්තන් ඉතින් මට දෙහි කැපී බොලව් අහවල් එකට යැව්වා හැබැයි මෙලව රහක් නැතෙයි කියලා :P

    Form එක fill කරපු හැමෝටම බොහොම ස්තූතියි.:cool: එකෙන් මට ඔයාල ගෙන පුළුවන් තරම් අවබෝධයක් ගන්න හොඳ අවස්තාවක් ලැබෙනවා. :yes:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    පට්ට පට පට!!! :love:ප්‍රශ්න පෝලිමට:shocked: ... මම ආසම කරන දේ :P... පැල් බැඳගෙන උත්තර දෙන්න ප්‍රශ්න තියේ :rofl:

    හරි මෙහෙමයි ... දැන් හැමෝටම ව්‍යායාම කිරීම පිළිබඳව එක එක ගැටළු තියෙනවනේ :nerd:... මේ ගැටළු සියල්ල විසඳන්න කලින් ලංකාවේ බහුතරයක් ව්‍යායාම මාලාවක් ආරම්භ කරන්න කලින් සහ අවසාන කරන්න කලින් කරන්නේ නැති දේවල් ටිකක් පැහැදිලි කරලා දෙන්නම්,:) මේවා කරන එක අත්‍යාවශ්‍යයි සහ මේවා කිරීමෙන් ඔබ සියලු දෙනාගේ ඔය කිරි කිරි සරුවාංගෙට :lol:වෙන්න පුළුවන් injuries නැති කර ගන්නත් ඔබගේ ශරීරයේ සෑම මාංශ පේශියකටම නිසි පරිදි ව්‍යායාමයේ ප්‍රතිඵලය ලබා ගැනීමටත් උපකාරී වෙයි හරිය...

    ව්‍යායාම මාලාවක් ආරම්භ කිරීමට ප්‍රථම -


    ගතික නම්‍යතා ව්‍යායාම එහෙමත් නැතිනම් dynamic stretching සහ සිරුර උණුසුම් කිරීමේ ව්‍යායාම එහෙමත් නැතිනම් warm up exercise සිදු කල යුතුයි ...

    ව්‍යායාම මාලාවක් අවසන් කල පසු -


    ස්ථිතික නම්‍යතා ව්‍යායාම එහෙමත් නැතිනම් static stretching සහ ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාම එහෙමත් නැතිනම් cool down exercise සිදු කල යුතුයි ...

    මේවා අපි කරන ව්‍යායාම මාලාවේ අරමුණ සහ එදිනට කරන ව්‍යායාම මාලාව අනුවත් වෙනස් වෙනවා ... ඒ නිසා මම හැමෝටම හරියන විදියට බොහොම සරල මූලික දේවල් ටිකක් මෙතන දාන්නම් ... ;)

    සමහර වෙලාවට මේ නම්‍යතා ව්‍යයාමයන්ම එකතුවක් විදියට අරගෙන අපේ ශරීරය උණුසුම් කිරීමේ ව්‍යායාම සහ සිසිල් කිරීමේ ව්‍යායාම විදියට භාවිත කරන්නත් පුළුවන් ...


    ව්‍යායාම මාලාවක් ආරම්භ කිරීමට ප්‍රථම -


    ප්‍රථමයෙන්ම සිරුර උණුසුම් කිරීමේ ව්‍යායාම එහෙමත් නැතිනම් warm up exercise සිදු කල යුතුයි ... මේ සඳහා 5 – 10 minutes speed walk, slow jog, cycling, cross trainer, rowing machine, treadmill වගේ gym එකේ තියෙන machine එකක් හෝ මේ video එකේ තියෙන විදියේ routine එකක් කරන්න පුළුවන් ... මෙහිදී අපි අඩු තීව්‍රතාවයක සිට වැඩි තීව්‍රතාවයකට මෙමෙ ව්‍යායාමයන් සිදු කල යුතුයි .. මෙතැනදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ හෘද ස්පන්දන වේගය සාමාන්‍ය තත්වයේ සිට වැඩි කර ගැනීමටත් , රුධිර සංසරණය වැඩි කරගෙන ඒ තුලින් අපගේ මාංශ පේශීන් තුඅලට හොඳින් රුධිරය ගමන් කරවා ඒවා ව්‍යායාමයට සූදානම් කිරීමටත් කියන කාරණා වලටයි. ...:shocked:


    ඉන් පසුව ගතික නම්‍යතා ව්‍යායාම එහෙමත් නැතිනම් dynamic stretching සිදු කල යුතුයි ... :yes:




    ව්‍යායාම මාලාවක් අවසන් කල පසු -

    ප්‍රථමයෙන්ම ඇඟ සිසිල් කිරීමේ ව්‍යායාම එහෙමත් නැතිනම් cool down exercise සිදු කල යුතුයි

    මේ සඳහාත් අපිට cycling, cross trainer, rowing machine, treadmill gym එකේ තියෙන machine එකක් හෝ සෙමින් ඇවිදීම ... ආශ්වාස ප්‍රාශ්වාස කිරීම මගින් හෘද ස්පන්ධන වේගය අඩු කිරීම වැනි කටයුත්තකින්ත් මෙය කල හැකි ... මෙහිදී අපි වැඩි තීව්‍රතාවයක සිට සෙමින් අඩු තීව්‍රතාවයකට මෙය සිදු කල යුතුයි ... මේ මගින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ වැඩි වී ඇති හෘද ස්පන්ධන වේගය, රුධිර සංසරණය ... ශරීර උෂ්ණත්වය වගේ දේවල් යලිත් යතා තත්වයට පත්කර ගැනීමටයි.:eek:


    ඉන්පසුව ස්ථිතික නම්‍යතා ව්‍යායාම එහෙමත් නැතිනම් static stretching සහ සිදු කල යුතුයි ... මේ සඳහා මේ මේ video එකේ තියෙන විදියේ routine එකක් කරන්න පුළුවන්


    හරි දැන් කට්ටිය මට දෝසේ ආරෝපණය කොරනවා ඇති :angry:ඇයි හත් ඉලව්වේ මුගෙන් මේ අහන දේවල් වලට මු උත්තර නොදී වෙන වෙන කෙහෙම්මල් දෙසන්නේ කියලා :growl:.... මේකයි වැඩේ ඉතින් දැන් මම මේ ඔගොලොන්ගේ ජීවිතෙත් එක්කල සෙල්ලම් කරනවා වගේ වැඩක් :nerd:... ව්‍යායාම් පුහුණුකරුවෙකු හෝ පුහුණු උපදේශකවරයෙකු වගේ දැනමුතුකම් දෙනකොට එක වගකීමෙන් සහ පිළිවෙලකට කරන්න ඕනා :yes:... එකයි පොඩ්ඩක් මේ මූලික දේවල් කියලා දෙන්නේ :).. හැමෝටම වැදගත් වෙයි කියලා හිතනවා .... ඒ වගේම ඔබ සෑම සියලුදෙනාගේම ප්‍රශ්නවලට උත්තර දෙනවා ;)... කාලය තමයි මට තියෙන එකම ප්‍රශ්නේ ..:dull::( පොඩ්ඩක් ඉවසා වදාරන්න එක නිසා ...:baffled::rofl::lol:
     
    Last edited:

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    onna wisthara okkoma damma
    job ekak karan nha thama igena gannawa
    gedara idhan aga hadhaganna {arm ekai badai } kremaykbalnne
    gym yanna kaiyla adhasakuth thiyanawa ela

    එතකොට මහත්තයෝ දැන් ඔයාගේ ඇඟේ තියෙන්නේ arm එකයි බඩයි විතරද? :eek::shocked: මෙහෙමයි කොල්ලෝ ... ආර්ම් එකට නන් ඉතින් අර හොලෝ හොලෝ කරන එක කොරාම හරි ;)... බඩ හදා ගන්න නම් ඉතින් දෙය්යනේ කියලා බඩ පැලෙන්න කාල හොඳට හාන්සි වෙලා හිටු :P:rofl::lol:


    ගණන් ගන්න එපා පොඩි ජෝගියක් දැම්මේ ... ඇති බයි විතරක් මොකෝ ? :nerd:ඉතුරු ඒවා හදාගන්න ඕනි නැතෙයි?:oo: එව්වා හැදිලයි දැන්?:dull:

    Push ups , Pull ups, Chin ups, Free Squats, Leg Raises, Crunches වගේ body weight exercise ටිකක් කරා නම් ඔය මුළු ඇඟටම හොඳයි :)

    ඔබතුමාගේ අර උරහිස් ලොක් වෙන ජරමරයක් කිව්වා නේ? :rolleyes: එව්වට තමයි ඔය warm up/dynamic stretching/workout/cool down/static stretching කියන පිළිවෙල අදාළ වෙන්නේ අපි ව්‍යායාම් කරද්දී :yes:
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    එළම කිරි මචන්,, උඹ සීන් එකේ ඉන්න කොල්ලෙක් විත්තිය දැක්කා.. පට්ට මේ වගේ වැඩක් කරන්න හිතපු එකත්,, අනෙක උඹ ලස්සනට ම පටන් අරන් තියෙනවා මචන්.. පුළුවන් තරම් දුරට ගෙනියපන්.. :):)

    ම්... මගේ මචන් උස 5'10" බර කි. 89.. ( වැඩි තමා බන්... :sorry:)
    මම pic එකක් එවන්නම්.. මට දැනට කියපන් මචන් can i do fat burning and muscle gaining at once?? නැත්නම් බර්න් කරලද මසල් හදාගන්න ඕන???

    P.S - Sumitted the form...

    මචං ඔය අහන වැඩේ කරන්න පුළුවන් ... මම ඔයාට PM එකක් දැන්නම් මචං :)
     

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    machan normally hoda fat burning vidoes tikak dandako meke, for both male and females

    මචං මෙහෙමයි ... fat burning කිව්වම එක එක එක්කෙනාගේ ඇඟේ හැටියට තමයි වැඩේ කරන්න ඕනේ ... එකට workout එක විතරක් මදි ... හරි diet එකක් යන්නත් ඕන ... එයාගේ lifestyle එක මොන වගේද කියලත් බලන්න ඕන ... දැන් මේ ඉල්ලන්නේ ඔයටද?
    :confused: