Electric Cars (Except NISSAN LEAF)

Sansaare

Active member
  • Feb 12, 2015
    494
    243
    43
    යාළුවනේ, අපි මේ Thread එකෙන් Nissan Leaf හැර වෙනත් Electric Cars ගැන කතා කරමු (Nissan Leaf එක ගැන කතාකරපු Thread කිහිපයක්ම තිබෙනවා). මේ යටතේ ඔයාල දන්නා BMW, බෙන්ස්, ටෙස්ලා Electric Cars ගැන කතා කරමු.
    විශේෂයෙන් ඒ කාර් වල

    1. සුවිශේෂිතා,
    2. දුර්වලතා,
    3. මිල ගණන්,
    4. දැනට ලංකාවේ තිබේද /නැද්ද?

    යන දේවල් ගැන කතා කරමු. මේ ගැන වැඩිය යමක් නොදන්නා නමුත් ආසාවක් තිබේ නම් Bump එකක් දාගෙන Thread එකේ රැදී සිටිමු.
     
    • Like
    Reactions: ijay and Ne@

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ටෙස්ලාට තමයි සිත බැඳුනේ...:love::rolleyes::cool:
    Leaf එකක් ලක්ශ 25කින් ගණන් ගියානම් මේකක් දැන් කෝටි දෙකක්වත් වෙයිනේ...:sorry:
     
    • Like
    Reactions: Ne@

    laki377

    Member
    Oct 27, 2015
    42
    2
    0
    මම බෙනා;19357552 said:
    ටෙස්ලා එකනම් පට්ට බන්...
    නුගේගොඩදි අනිවා දකිනවා අළු පාටට වගේ හුරු එකක් පට්ට :)

    නුවර සුදු පාට එකක් යනව.පත size ..අමුතු ගතියක් තියෙන්නේ
    :cool::cool::cool:
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    ලෝකයේ විධිමත් ලෙස දියුණු නොවුන ප්‍රධාන ක්ෂේත්‍රයක් තමයි විදුලිය ගබඩා කිරීම. බැටරි වර්ග කොපමණ තිබුනත් ඒවා ඉතා සාර්ථක නෑ. ඉතින් හොද තත්වයේ බැටරියක් නිර්මාණයට තව කාලාන්තරයක් යයි. ඒක නිසා මම දකින්නේ කුඩා ප්‍රමාණයේ වාහන වලට විදුලියෙන් ධාවනය කිරීමේ සංකල්පය එතරම් සාර්ථක නෑ. ටෙස්ලා වගේ කාර් වල ඉතා විශාල ප්‍රමාණයේ බැටරි තිබෙනවා, ඒ හා සමානව මිලත් අධිකයි.

    නාගරිකව කෙටි දුර ධාවනයට බස් රථ විශාල වශයෙන් භාවිතා කරනවා. ඉතින් විදුලියෙන් ධාවනය වන බස් රථයක් නිර්මාණය කලොත් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. අනික හැම තැනම චාර්ජින් පොයින්ට්ස් ඕනත් නෑ. ඩිපෝ එකේ, ගමනාන්ත බස් රථ නැවතුම්පල වල තිබුනාම ඇති. අනික DC series මෝටර් වල ලාක්ෂණිකයක් තමයි හොද ආරම්භ ව්‍යාවර්තයක් (Starting Torque) එකක් ලැබීම. ඒක නිසා ඒව වැඩි වශයෙන් දුම්රියවල පවා පාවිච්චි කරනවා. ඉතින් බස් එකකට පහසුවෙන්ම යොදා ගන්න පුලුවන්.

    මේක අදහසක් පමණයි. මම දන්නවා ලංකාවේ කවදාවත් නව අදහස් වලට තැනක් නෑ කියලා. මේ කිව්වේ එලකිරි යාලුවන්ට දැනුමට වැදගත් වේවි කියලා.
     
    • Like
    Reactions: shaminda peiris

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලිෆ් නැත්තන් ඉතින් ටෙස්ලා තමයි.
    හැබැයි ඒ උනාට තව කාර් ගොඩක් තියෙනවා
    මම නම් පෞද්ගලිකව හිතන්නේ විදුලි කාර් ලංකාවට හොඳ නෑ කියල
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    ටෙස්ලා වගේ කාර් වල ඉතා විශාල ප්‍රමාණයේ බැටරි තිබෙනවා, ඒ හා සමානව මිලත් අධිකයි..

    Tesla is Luxury car. It is not a normal Sedan.

    අනික DC series මෝටර් වල ලාක්ෂණිකයක් තමයි හොද ආරම්භ ව්‍යාවර්තයක් (Starting Torque) එකක් ලැබීම. ඒක නිසා ඒව වැඩි වශයෙන් දුම්රියවල පවා පාවිච්චි කරනවා. ඉතින් බස් එකකට පහසුවෙන්ම යොදා ගන්න පුලුවන්./SIZE]

    Tesla has AC motors. Three phase, four pole AC induction motor with copper rotor.

    https://www.teslamotors.com/support/model-s-specifications
     
    • Like
    Reactions: rayan f16

    laki377

    Member
    Oct 27, 2015
    42
    2
    0
    ලෝකයේ විධිමත් ලෙස දියුණු නොවුන ප්‍රධාන ක්ෂේත්‍රයක් තමයි විදුලිය ගබඩා කිරීම. බැටරි වර්ග කොපමණ තිබුනත් ඒවා ඉතා සාර්ථක නෑ. ඉතින් හොද තත්වයේ බැටරියක් නිර්මාණයට තව කාලාන්තරයක් යයි. ඒක නිසා මම දකින්නේ කුඩා ප්‍රමාණයේ වාහන වලට විදුලියෙන් ධාවනය කිරීමේ සංකල්පය එතරම් සාර්ථක නෑ. ටෙස්ලා වගේ කාර් වල ඉතා විශාල ප්‍රමාණයේ බැටරි තිබෙනවා, ඒ හා සමානව මිලත් අධිකයි.

    නාගරිකව කෙටි දුර ධාවනයට බස් රථ විශාල වශයෙන් භාවිතා කරනවා. ඉතින් විදුලියෙන් ධාවනය වන බස් රථයක් නිර්මාණය කලොත් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. අනික හැම තැනම චාර්ජින් පොයින්ට්ස් ඕනත් නෑ. ඩිපෝ එකේ, ගමනාන්ත බස් රථ නැවතුම්පල වල තිබුනාම ඇති. අනික DC series මෝටර් වල ලාක්ෂණිකයක් තමයි හොද ආරම්භ ව්‍යාවර්තයක් (Starting Torque) එකක් ලැබීම. ඒක නිසා ඒව වැඩි වශයෙන් දුම්රියවල පවා පාවිච්චි කරනවා. ඉතින් බස් එකකට පහසුවෙන්ම යොදා ගන්න පුලුවන්.

    මේක අදහසක් පමණයි. මම දන්නවා ලංකාවේ කවදාවත් නව අදහස් වලට තැනක් නෑ කියලා. මේ කිව්වේ එලකිරි යාලුවන්ට දැනුමට වැදගත් වේවි කියලා.

    මම අවුරුද්දකට විතර කලින් අර්ටිකල් එකක් දැක්ක.එකේ තිබ්බ විදිහට නම් capacitor ( නම හරිද දන්නෙ නෑ.දැන් නම් කෑලි අමතකයි electronic වල.) use කරල බැටරියක් හදනව කියල තිබ්බේ.ඒ කියන්නේ ඉක්මනටම චාජ් වෙන එකක්.කෙටියෙන්ම කිවොත් කරන්ට් එක දුන්න ගමන් ෆුල් චාජ් වෙනව.හැබැයි ෆොන් වලට තමයි කරගෙන යනව කියල තිබ්බේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    මම අවුරුද්දකට විතර කලින් අර්ටිකල් එකක් දැක්ක.එකේ තිබ්බ විදිහට නම් capacitor ( නම හරිද දන්නෙ නෑ.දැන් නම් කෑලි අමතකයි electronic වල.) use කරල බැටරියක් හදනව කියල තිබ්බේ.ඒ කියන්නේ ඉක්මනටම චාජ් වෙන එකක්.කෙටියෙන්ම කිවොත් කරන්ට් එක දුන්න ගමන් ෆුල් චාජ් වෙනව.හැබැයි ෆොන් වලට තමයි කරගෙන යනව කියල තිබ්බේ

    කැපෑසිටර් වල වැඩි වෙලාවක් විදුලිය ගබඩා කරන්න බෑ නේද මචන්?
     
    laki377

    Member
    Oct 27, 2015
    42
    2
    0
    කැපෑසිටර් වල වැඩි වෙලාවක් විදුලිය ගබඩා කරන්න බෑ නේද මචන්?

    ඔව් ඔව්...discharge වෙනවා.එන්න ඒ සීන් එක තමයි ඩිවලොප් කරනව කියල තිබ්බේ.එ කන්සෙප්ට් එක තමයි පවිච්චි කරන්නේ කියල තිබ්බේ.
    :):):)
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28

    Tesla is Luxury car. It is not a normal Sedan.

    Tesla has AC motors. Three phase, four pole AC induction motor with copper rotor.

    https://www.teslamotors.com/support/model-s-specifications

    ඔබතුමා හරි. ඒත් මම කිව්වේ ටෙස්ලා තාක්ෂණය ගැන නෙමෙයි. AC හෝ DC මොන ක්‍රමයකින් හරි බස් එකක් නිර්මාණය කලොත් ඒක වැදගත් වෙයි කියලා.

    ඩීසල් එන්ජිමකින් විදුලිය උත්පාදනය කරලා, ඒ විදුලියෙන් DC series මෝටර් කරකවලා තමයි දුම්රිය ධාවනය වෙන්නේ. ඒකට හේතුව ලොකු starting torque එකක් අවශ්‍ය වීම. Induction මෝටරයකින් එහෙම කරන්න බැරි නෑ, ඒත් රොටරයේ ප්‍රතිරෝධය අවශ්‍ය ප්‍රමාණයට රොටරය නිර්මාණය කරගන්න ඕන (A,B,C,D class - rotor construction). තව දෙයක් තමයි අඩු වේගයන් වලදී වැඩි torque එකක් ගන්නනම් vector controlling කරන්න වෙනවා AC drive එකෙන්.ටෙස්ලා කාර් එකේ මෝටර් 2ක් තියෙනව මම හිතන්නේ. 375kW වගේ ලොකු මෝටරයක් තියෙනවා.

    තව දෙයක් ... ටෙස්ලා මිල අධිකයි. ඒක super car එකක්. අපිට ඕන සාමාන්‍ය ප්‍රවාහන සේවාවක් විදියට මේ තාක්ෂණය දියුණු කරගන්නනම් අපි ඊට වඩා ලාබදායි ක්‍රමයකට යන්න වෙනවා.
     
    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    කැපෑසිටර් වල වැඩි වෙලාවක් විදුලිය ගබඩා කරන්න බෑ නේද මචන්?

    ඔව් ඔව්...discharge වෙනවා.එන්න ඒ සීන් එක තමයි ඩිවලොප් කරනව කියල තිබ්බේ.එ කන්සෙප්ට් එක තමයි පවිච්චි කරන්නේ කියල තිබ්බේ.
    :):):)

    විදුලිය ගබඩා කරනවට වඩා අද විද්‍යාඥයන් උත්සාහ කරන්නේ පරිසරයට අහිතකර නොවන රසායන ප්‍රතික්‍රිවකින් පහසුවෙන් විදුලිය නිපදවාගන්න පුලුවන්ද කියන කාරණය. හයිඩ්‍රජන් සෙල් ක්‍රමය අන්න ඒ වගේ සාර්ථක උත්සාහයක්. ජලය විද්‍යුත් විච්ජේදනයයෙන් හයිඩ්‍රජන් හා ඔක්සිජන් ලැබෙනවා වගේම එහි ප්‍රතිවිරුද්ධ ක්‍රියාවෙන් (ඔක්සිජන් හා හයිඩ්‍රජන් එක් කොට ජලය සැදීමෙන්) විදුලි ධාරාවක් උත්පාදනය කරගැනීම තමයි සරලවම ඒ ක්‍රමය. කියන තරම් සරල නොවුනත් (විශේෂ තත්වයන් - පීඩන, උෂ්ණත්ව ආදී...)මේ ක්‍රමය දැනට ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. මෙහිදී ඉන්ධන විදියට පිටතින් ලබා ගන්නේ හයිඩ්‍රජන් පමණයි. fuel cell එකේ කල් පැවැත්මත් බැටරියකට වඩා වැඩියි.