මගෙත් ACL ෆෑන්ම තමයි තියෙන්නෙ
ඔය අවුල ආවා
@PHBhagya අපේ ගෙදර සෝලා තිබුනට ෆෑන් දැම්මෙ සෝලා හයි කරන්න ගොඩක් කාලෙකට කලින් ඒවටත් මේ අවුල ආව
ACL ෆෑන් එක ටිකක් හොඳයි නමුත් ඒකට එන රෙගියුලේටර් එක කිසිම කොලිටියක් නැහැ ඒක නිසා ඒක ඉක්මනට කැඩිලා යනවා, ඕකට ඔරේන්ජ් එකෙන් එන ෆෑන් රෙගියුලේටර් එක දැම්මම හරි යනවා, ඒක ගොඩක් කොලිටි හැබැයි ඒක ටිකක් ගනන්.
ACL එකේම උනත් වෙනම ගන්න තියන රෙගියුලේටර එක ඔය ෆෑන් එකටම එන රෙගියුලේටරේ නෙමෙයි ටිකක් හොඳ එකක්.
ඔය ACL වලින් එන ෆෑන් එක වෙන වෙන නම් වලිනුත් එනවා එකම ෆෑන් එක නම විතරයි වෙනස්, Arpico එකේ ගන්න තියනවා ඔය ෆෑන් එකම නම විතරක් ආපිකෝ කියලා, ඒකෙත් ඔය අවුල වෙන්න පුලුවන්.
ඉස්සර ආපු අර ලොකු ෆෑන් රෙගියුලේටර් ට්‍රාන්ස්ෆෝමර් එකක් තිබුනෙ ඒවයෙ ලොස් එක වැඩියි නමුත් අවුරුදු 40-50 වැඩ කරනවා
දැන් එන්නෙ ඉලෙක්ට්‍රොනික් රෙගියුලේටර්, මේකෙ නිතරම ඩැමේජ් වෙන පාට්ස් දෙකයි තියෙන්නෙ ට්‍රයැක් එකක් සහ ඔය කරකවන්න තියන පොටෙන්ශෝමීටර් එක, ඔය කට්ට කට්ට තියන එක පිටින් ගන්න නැහැ, නමුත් ස්මූත් ඒව ගන්න තියනවා, ඕනම නං ඔය කෑලි දෙක බලලා මාරු කරලා රෙපෙයාර් කරන්න පුලුවන්
ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ ගන්න තියන කෑලි වලත් ලොකු කොලිටියක් නැහැ රෙපෙයාර් කරත් වැඩක් නැහැ