Employment Law - Legal Advise Needed.. නීතිය

Flyboy

Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    මචන් නීතිමය උපදෙසක් ගන්න පුලුවන් කවුරු හරි ඉන්නවද.. ලොකු උදවුවක්. :confused:

    Uba issue eka dapan. Samahara wita oka api kawru hari danna scene ekak wennath puluwan..
     

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    Uba issue eka dapan. Samahara wita oka api kawru hari danna scene ekak wennath puluwan..

    මචං මේකයි විස්තරේ. මම වැඩ කරන්නෙ අර්ධ රාජ්‍යය ආයතනයක. (ආයතනය ප්‍රසිද්ධියේ කියන්න හොඳනෑනෙ)මමත් ඇතුලු කිහිප දෙනෙකුට පසුගිය පෙබරවාරි මාසයෙදි නියමිත සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වෙලා උසස්වීම් දුන්න. මේ දුන්නෙ ඇත්තටම උසස්වීමුත් නෙමෙයි. ඇත්තටම අපි වැඩකරන විෂයට වඩා වෙනස් පත්වීම් තමයි අපට දීල තිබ්බෙ මුලින්. අපේ පලවෙනි job එක නිසා තේරුමක් තිබ්බෙ නෑ මේගැන. මෙහෙම වෙන්න හේතුවත් ඉහල නිලධාරීන් එයාලට ඕන අය ඒ ඒ තැන්වලට දාගත්ත. අන්තිමට අපිට වුනේ අතින් කාල හරක් බලාගන්නව වගේ වැඩක්. ඒක නිවැරදි කරගැනීමක් තමයි මේකෙන් උනේ. මේ නිවැරදි කිරීම උනේ කිසිම දේශපාලන පත්වීම් ලබාදීමක් වගේ දෙයක් නෙමෙයි. අපේ experience සහ සුදුසුකම් බලලයි දුන්නෙ. නමුත් අපේ හිටපු management එකේ පොඩි වෙනස්කම් වගයක් ලගදි උනා. දැන් අලුත් අය අපිට දීපු පත්වීම් ඔක්කොම අවලංගු කරල ආයෙ පරන පත්වීමම දෙන්න යනව. එහෙම කරන්න හේතුව කියන්නෙ කලින් management එක මේ interview call කරපු ක්‍රමවේදයේ වරදක් තියෙන නිසා කියලයි. එයාලගෙ යටි අර්මුණකින් තමයි එහෙම කරන්නෙ. ඒක පැහැදිලි නෑ.

    මෙහෙම එකක් තියෙනව. අපි මේ promotion interview යනකොටත් අපි මේ ආයතනයේ permenent වෙලා හිටියෙ. නමුත් අලුතින් දුන්න උසස්වීම් පත්වීම් contract දුන්නෙ. සාමාන්‍යයෙන් වෙන්නෙ අලුතින් එන සේවකයින් contract පදනම මත බඳවාගෙන අවුරුද්දකට පස්සෙ permenent කරන එක. මේ අලුත් පත්වීම් දෙද්දි carder එක approve කරනකල් කියල තමයි අපිට contract පත්වීම් භාරගන්න උනේ.

    ඉතින් මෙහෙම කරන එක වැරදී. මොකද මම වගේ කිහිප දෙනෙක්ට මේක ඇත්තටම උසස්වීමක්මත් නෙමෙයි. අපි කරන duty list එකට අනුව හරියාකාර පත්වීම ලබා දීමක් තමයි මෙතනදි උනේ. ඉතින් අපිව ආයෙ පරන පත්වීම දුන්නොත් ආයෙමත් අපෙන් අඩු පත්වීමක් යටතේ අඩු පඩියකට අපෙන් අර නියමිත පත්වීමට අදාල වැඩ ටික කරගන්න එකයි. අනික ඒ පත්වීමට අදාලව ගොඩක් අය උඩින් පාත් වෙනව. ඒ අය හුගක් දෙනෙකුට මෙලෝ වැඩක් බෑ (IT field එකේ වගෙම HR field එකෙ). නමුත් අසාධාරනකම වෙන්නෙ අපිටම විතරයි.

    ඉතින් මේකට කරන්න පුලුවන් දේවල් ගැන නීතිමය රාමුව දැනගන්නයි වුවමනාව. අපේ වරදක් නැතිව මෙහෙම කරන එක හරිද.. මේක නිකන් demote කිරීමක් වගේ නෙමෙයිද? අපේ වරදක් නැතිව එහෙම කරන්න පුලුවන්ද? අපිට මේකට විරුද්දව කරන්න පුලුවන් දේවල් මොනවද?