පට්ටම වටින පොස්ට් එකක්+
දිගටම මේ ත්රෙඩ් එක අප්ඩේට් කරන මෙන් ඉල්ලමි
ලංකාවේ අහන්න හොද English Radio Channels මොනාද?
පිටරට ඒවත් ඕනේ
ලංකාවේ English Radio අහනව නං හොඳම FM 97.6 - Radio Sri Lanka තමයි.මේකෙ උදේට එහෙම යනව අපේ රටේ තියෙන ප්‍රශ්න ගැන එහෙම English වලින් කතා කරන වැඩසටහන්,සංවාද එහෙම.English Classical Music අහනව නං FM 87.8 - Lite FM හොඳයි. අලුත් English Music අහනව නං FM 96.9 - Kiss FM , FM 98.7 Sun FM හොඳයි.
British English වලට නං හොඳම England වල සමාජයීය දේශපාලන කරුණු ගැන කතා කරන LBC, UK Talk Radio, Classic FM එක අහන එක.
මීට අමතරව BBC ලගෙ තියෙනව England වල එක එක ප්‍රාන්ත වලට වෙන්වුන Radio,උදා:- BBC - London, BBC - York මේවගෙත් යනව කාලින සංවාද British English වලින්
American English වලට Fox Radio, Nettalk America, News Talk WJR , WNYC වගේ චැනල් අහන්න.
Australian English අහන අයට 2BL - Sydney, ABC Grandstand, 6WF - Perth වගේ
Radio හොඳයි.
මම මේ පහලින් දාන ඇප් එක අරන් Country එක USA,UK,Australia හෝ New Zealand දාල Genre එක News/Talk දුන්නම ඒ ඒ රටවල English Radio අහන්න පුලුවන්.උඩ කියල තියෙන Radio හා ඊට අමතරව තව ගොඩක් Radio මේකෙ තියෙනව.
ai kochara karath garmmer mataka wenne
Grammar ඉගෙන ගන්න තියෙන පොත්, Video කොච්චර බැලුවත් වැඩක් නෑ මචං දිනපතා English වලින් මොනවම හරි කියවන්න ඕනෙ.English හරියට ඔලුවට යන්න නං කියවීමේ වටිනාකම මෙච්චරක් කියල කියන්න බෑ.මුලදි මොනවත්ම නොතේරුනත් පුරුද්දක් වශයෙන් දවසට මිනිත්තු 30 හෝ පැයක් වත් අරන් Newspaper Article එකක් හෝ පොතක එක පිටුවක් ගානෙ වත් කියවන්න ඕනෙ. English Dialogues / Everyday Conversations තියෙන පොතක් හෝ ලිපි ටිකක් මුලින් කියවන්න. දිනපතා මාස 03 ක් එක දිගට කරල බලන්න.ලොකු වෙනසක් වෙයි.
මුලින් මේ වගේ පොතකින් පටන් ගන්න පුලුවන්, Malala Yousufzai කියන නොබෙල් තෑග්ග පවා දිනපු මේ ගෑණු ලමයගෙ ජීවිත කතාව තමයි මේකෙ තියෙන්නෙ.ගොඩක් ගැඹුරු වචන අඩුයි.කියව ගෙන යත්දි තේරුම් ගන්න ලේසියි.පුලුවන් නං මේ වගේ පොතක් අර ගෙන කියවන ගමන් නොතේරෙන තැන් කතාව යන විදිය අනුව තේරුම් ගන්න උත්සහ කරන්න. අමාරු වචන Highlighter Pen එකකින් Mark කර කර කියවන්න.ඒ නොතේරෙන වචන වල තේරුම එතනම පැත්තකින් පොඩියට ලියා ගන්න.මෙහෙම ලියා ගෙන පොත තව එක පාරක් සම්පූර්ණයෙන්ම කියවන්න.සෑහෙන්න අවබෝධයක් එයි.
උබ ගොඩක් ලොකු මහන්සියක් ගන්නවා මේකේ උන්ව ගොඩ යවන්න..
උබට ඒ පිනම ඇති..![]()