English ඉගෙන ගන්න අයට Tips ටිකක්.

NK123

Well-known member
  • Jul 29, 2015
    24,341
    2,768
    113
    Colombo
    ලංකාවේ English Radio අහනව නං හොඳම FM 97.6 - Radio Sri Lanka තමයි.මේකෙ උදේට එහෙම යනව අපේ රටේ තියෙන ප්‍රශ්න ගැන එහෙම English වලින් කතා කරන වැඩසටහන්,සංවාද එහෙම.English Classical Music අහනව නං FM 87.8 - Lite FM හොඳයි. අලුත් English Music අහනව නං FM 96.9 - Kiss FM , FM 98.7 Sun FM හොඳයි.

    British English වලට නං හොඳම England වල සමාජයීය දේශපාලන කරුණු ගැන කතා කරන LBC, UK Talk Radio, Classic FM එක අහන එක.

    මීට අමතරව BBC ලගෙ තියෙනව England වල එක එක ප්‍රාන්ත වලට වෙන්වුන Radio,උදා:- BBC - London, BBC - York මේවගෙත් යනව කාලින සංවාද British English වලින්

    American English වලට Fox Radio, Nettalk America, News Talk WJR , WNYC වගේ චැනල් අහන්න.

    Australian English අහන අයට 2BL - Sydney, ABC Grandstand, 6WF - Perth වගේ
    Radio හොඳයි.

    මම මේ පහලින් දාන ඇප් එක අරන් Country එක USA,UK,Australia හෝ New Zealand දාල Genre එක News/Talk දුන්නම ඒ ඒ රටවල English Radio අහන්න පුලුවන්.උඩ කියල තියෙන Radio හා ඊට අමතරව තව ගොඩක් Radio මේකෙ තියෙනව.



    Grammar ඉගෙන ගන්න තියෙන පොත්, Video කොච්චර බැලුවත් වැඩක් නෑ මචං දිනපතා English වලින් මොනවම හරි කියවන්න ඕනෙ.English හරියට ඔලුවට යන්න නං කියවීමේ වටිනාකම මෙච්චරක් කියල කියන්න බෑ.මුලදි මොනවත්ම නොතේරුනත් පුරුද්දක් වශයෙන් දවසට මිනිත්තු 30 හෝ පැයක් වත් අරන් Newspaper Article එකක් හෝ පොතක එක පිටුවක් ගානෙ වත් කියවන්න ඕනෙ. English Dialogues / Everyday Conversations තියෙන පොතක් හෝ ලිපි ටිකක් මුලින් කියවන්න. දිනපතා මාස 03 ක් එක දිගට කරල බලන්න.ලොකු වෙනසක් වෙයි.

    මුලින් මේ වගේ පොතකින් පටන් ගන්න පුලුවන්, Malala Yousufzai කියන නොබෙල් තෑග්ග පවා දිනපු මේ ගෑණු ලමයගෙ ජීවිත කතාව තමයි මේකෙ තියෙන්නෙ.ගොඩක් ගැඹුරු වචන අඩුයි.කියව ගෙන යත්දි තේරුම් ගන්න ලේසියි.පුලුවන් නං මේ වගේ පොතක් අර ගෙන කියවන ගමන් නොතේරෙන තැන් කතාව යන විදිය අනුව තේරුම් ගන්න උත්සහ කරන්න. අමාරු වචන Highlighter Pen එකකින් Mark කර කර කියවන්න.ඒ නොතේරෙන වචන වල තේරුම එතනම පැත්තකින් පොඩියට ලියා ගන්න.මෙහෙම ලියා ගෙන පොත තව එක පාරක් සම්පූර්ණයෙන්ම කියවන්න.සෑහෙන්න අවබෝධයක් එයි.


    I am Malala

    https://www.pdfdrive.com/i-am-malala-the-story-of-the-girl-who-stood-up-for-education-e14796117.html


    e4m1EEp.jpg




    නියමයි මරු දිගටම අප්ඩේට් කරන්න :D:love::love:
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,674
    577
    113
    ගොඩක් වටිනවා...
    බොහොම ස්තුතියි මහන්සියට....
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    878
    299
    63
    English කියන්නෙ අද ඉතින් සන්නිවේදනය කරත්දි, ව්‍යාපාර කරත්දි, ඉගෙන ගනිත්දි, සංචාරය කරත්දි Internet පාවිච්චි කරත්දි ලෝකෙ තියෙන ප්‍රධානතම භාෂාව කියල අපි දන්නවනෙ.අපි මොන රටක ඉපදුනත් මව් භාෂාවට අමතරව වෙන භාෂාවක් දැන ගැනීම ජීවිතේ කවරදාක හරි මොකක් හරි වටිනාකමක් අපේ ජීවිතේට එකතු කරනව.අපේ රටේ නං English දැනුම කියන එක තමාගේ සමාජ මට්ටම පෙන්නන්නත් පිරිසක් පාවිච්චි කරනවනෙ..ඒක එක එක්කෙනාගෙ කැමැත්ත හා බුද්ධි මට්ටම අනුව තීරණය කිරීම ඔබට බාරයි.
    ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කර ගන්න මමත් භාවිතා කරන මට මේවගෙන් කිසියම් ප්‍රගතියක් තියෙන නිසා ඔබටත් වැඩ කරයි කියල හිතෙන Tips ටිකක් Share කර ගන්න අද හිතුන.මේ කියන දේවල් මම වගේම English ඉගෙන ගන්න ගේමක් ගහන ඔයාටත් වැදගත් වෙයි කියල හිතනව.හොඳ English දැනුමක් තියෙන අය මේකෙ තියෙන වැරදි හා අඩුපාඩු පෙන්නයි කියලත් මම හිතනව.

    පහලින් මම දාන කිසිම Link එකක් දාන්නෙ කිසිම ආයතනයක් හෝ පුද්ගලයෙක් Market කිරීමේ අරමුනකින් හෝ මුදල් උපයා දීමේ අදහසකින් නොවෙන අතර, මේව ඔබට ගැලපෙන්නෙ නෑ කියල හිතෙනව නං වෙනත් විකල්ප වලට යන්න පුලුවන්.

    මම අවබෝධ කර ගත්තු හැටියට නං අපි සිංහල ඉගෙන ගත්ත වගේ ඉංග්‍රීසි ඉගෙන ගන්නව කියන්නෙත් Listening,Speaking,Reading,Writing හා ඉතාම වැදගත් දේ Thinking කියන දේවල් ටික වර්ධනය කර ගන්න එක කියල.

    මුලින්ම Basic ම දේවල් ටික හදා ගම්මු


    මූලික දැනුම ගොඩක් අඩු නං හෝ වැඩේ මුල ඉඳන්ම හදා ගෙන යන එක හොඳයි කියල හිතෙනව නං හොඳම දේ තමයි English Lessons/English Grammar කියල Android/Apple ඇප් ස්ටෝර් වල Search කලාම එන Grammar Lessons තියෙන ඇප් එකක් හෝ කීපයක් අරගෙන ඒවගෙ තියෙන පාඩම් ටික බලා ගන්න එක.වඩාත්ම හොඳ Simple English වලින්ම English උගන්නන්න තියෙන ඇප් Download කර ගෙන බලන එක තමයි.මූලික දැනුම ගොඩක්ම අඩුයි නං සිංහලෙන් English උගන්නන App එකක උදව් මුලින් අර ගෙන ඉක්මනින් Simple English වලින් English උගන්නන App එකක තියෙන පාඩම් ටික බලා ගන්න එක තමයි මම අනුමත කරන්නෙ.මේවගෙ Nouns,Adverbs,Adjectives,Prepositions,Tenses,Active Voice Passive Voice,Conditionals,Reported Speech වගේ පාඩම් සරල ඉංග්‍රීසියෙන් පැහැදිලි කරල තියෙනව.මේව කට පාඩම් නොකලට එක පාඩමක් කීප සැරයක් හරි බලල අදහස ඔලුවට අදහස දා ගන්න එකයි වැදගත්..පස්සෙ භාවිතය තුලින් ගානට පොලිශ් වෙලා එනව.
    උදා :- මේ වගේ ඇප් එකකින් වැඩේ කර ගන්න පුලුවන්,මේකම ඕනෙ නෑ Play Store එකේ Search කරල තමන්ට ගැලපෙන ඕනෙම App එකක් දා ගෙන වැඩේ පටන් ගන්න.


    Youtube එකේ තියෙන English Lessons ටිකක් බලමු

    ඔහොම පාඩම් ටික බලාගෙන යත්දි ඒ පාඩමට අදාල Youtube එකේ දාල තියෙන වීඩියෝ එකකුත් බලන්න. දැන් ගොඩක් සිම් වල Youtube Free දෙන පැකේජ් තියෙන නිසා English Lessons,English Grammar වගේ Search කලහම ලේසියෙන්ම හොඳට පැහැදිලි කරල කියල දෙන චැනල් හොයා ගෙන බලන්න පුලුවන්. උදාහරණයක් විදියට Present Continuous Tense එක ගැන ඉගෙන ගත්ත නං..ඒක ගැන තියෙන Video lessons 2-3 ක් බැලුවම හොඳටම වැඩේ තේරුම් යනව. English වලින්ම උගන්නන Videos පුලුවන් තරං බලන්න කියන එක තමයි මම නං අනුමත කරන්නෙ. ඒ වගේ තමන්ට ගැලපෙන Channel ටිකක් Subscribe කරල තියා ගත්තම අලුතෙන් දාන පාඩම් එහෙම ලේසියෙන්ම බලා ගන්න පුලුවන්.

    Youtube එකේ Lessons දාන අයගෙන් ගනේෂ් කියන මේ ඉන්දියන් සර් හොඳයි, පැහැදිලිව English උච්චාරණය කරල ඉතාම සරලව කියල දෙනව.මූලික දැනුම ගන්න ඕනෙ කරන ගොඩක් පාඩම් චැනල් එකේ තියෙනව,බලන්න



    Ronnie කියන මේ Canadian Teacher ත් හොඳයි..මා‍ර ෆන් එකේ තමා උගන්නන්නෙ.හැමදෙයක්ම විහිලුවෙන් මතක හිටින්න කියල දෙනව.


    Alisha කියල ගෑනු ලමයෙක් උගන්වන මේ Channel එකත් හොඳයි.Videos ගොඩක් තියෙනව එයාගෙත්.Basic දේවල් හැම දෙයක්ම වගේ කියල දෙනව.



    මේ ටික කර ගෙන යත්දි ඉංග්‍රීසි භාශාවෙ මූලික සැකැස්ම ගැන සාමාන්‍ය අවබෝධයක් එනව. ඒ වගේම එදිනෙදා ජීවිතයෙදි අපි කරන කියන දේවල්.සරල ඉංග්‍රීසියෙන් කියන්නෙ කරන්නෙ කොහොමද කියන එක ගැන සාමාන්‍ය අවබෝධයකුත් එනව..උදා:- මම වැඩට යනව,හෙට මම නිවාඩු..මම කඩේට යනව, වගේ දේවල්. ඔබට වැඩේ ටිකක් හොඳට අහු වෙලා නං ''මම හොඳට ඉගෙන ගත්ත නං අද මෙහෙම වෙන්නෙ නෑනෙ'' වගේ අදහසක් එන Conditional වගේ දේවල් උනත් පාවිච්චි කරල වාක්‍යයක් ගොඩ නගා ගන්න පුලුවන් වෙනව. සමහර වෙලාවට 100% ම වාක්‍යය නිවැරදිව ගලප ගන්න බැරි උනත් දල වශයෙන් අදහස හරි ගන්න පුලුවන් වෙනව.වැදගත්ම දේ තමයි සිංහලෙන් හිතල English වලට හරවන්න යන එකට වඩා වැරදි වැරදි හරි English වලින්ම හිතල ඒ අදහස ගන්න උත්සාහ කරන එක.


    ටික ටික English වලින් හිතන්න පුරුදු වෙමු

    මේ විදියට අත්‍යාවශ්‍ය Basic ටික හදා ගත්තම කරන්න හොඳම දේ තමයි Grammar ගැන වැඩිය හිතන්න යන්නෙ නැතුව, තමන්ට හිතට එන දේවල් English වලින් හිතන්න ගන්න එක.පාරෙ යන කොට දකින දෙයක් ගැන හරි,වැඩ කරන තැනක හෝ ගෙදර තමන්ගෙ දින චරියාවෙ දෙයක් ගැන හරි අපි සිංහලෙන් හිතන දේවල් මනසින් English වලින් හිතන්න පුරුදු වෙන එක.මෙහෙම English Thinking පුහුණු කරන එකෙන් තමයි අපි දෙයක් English වලින් කියන්න ඕනෙ උනාම ඒක සිංහලෙන් හිතල වචනෙන් වචනෙ English වලට පරිවර්ථනය කරන්න යන වැරදි පුරුද්ද නවත්ත ගන්නෙ.හිතට එන අදහස ක්ශණිකව English වලින් කියන්න පුරුදු වෙන්නෙ.

    දැන් ටික ටික එදිනෙදා දේවල් ගැන Simple English වලින් හිතන හින්ද ඔබට පුලුවන් හොඳ English දැනුමක් තියෙන යාලුවෙක්ට පොඩ්ඩක් ඔබේ English ඉගෙනීමෙ අවශ්‍යතාවය කියල නැත්නං වැඩ කරන තැනක කෙනෙක් එක්ක එදිනෙදා දේවල් ගැන English වලින් පොඩි කයියක් දාන්න නැත්නං Whatsapp/FB Chat එකක් දාන්න.මෙහෙම කරත්දි ඔයා දන්න කියන දෙයක් ගැන කතා කරන නිසා දිනපතා ඔබේ English භාවිතය ඔබටත් නොදැනීම වර්ධනය වෙනව.අනික තමයි අනිත් පැත්තෙන් ඔබේ යාලුව Reply කරන විදියෙන් හෝ කතා කරන විදියෙන් ඔබ කලින් ඉගෙන ගත්තු Grammar වල කාල භේද, Spoken English වලදි ඒව පාවිච්චි වෙන විදිය වගේ දේවල් හා අලුත් වචන ටික ටික ඔලුවට යනව.මෙතනදි තව කරන්න පුලුවන් දෙයක් තමයි Credit Card, Sim Card,Insurance වගේ දේවල් ගැන ඔබට තියෙන ගැටලුවක් ඒ ආයතන වල Customer Service වලට කතා කරල English වලින් විස්තර අහන එක.මෙතනදි ඒ ආයතන වල සේවකයන්ට හිරිහැරයක් නොවෙන්න එයාලගෙ Service එකක් ගැන සරලව අහල පොඩි සංවාදයක් දාන්න පුලුවන් .මූනට මූන කතා නොකරන නිසා කතාවට තියෙන බය අඩු කරල Confidence එකත් හදා ගන්නත් පුලුවන් මේ වැඩෙන්.


    දිනපතා English වලින් තියෙන ලිපියක් කියවන්න පුරුදු වෙමු
    මේ ටික මෙහෙම කර ගෙන යත්දි දිනපතා පිටරටක හෝ ලංකාවෙ පලවෙන English Newspapers හෝ News Website වලින් එක ලිපිය ගානෙ වත් බලන්න පටන් ගන්න ඕන.මුලින්ම ලංකාවෙ පල වෙන English Newspaper එකක් අරගෙන හෝ Google කරල කියවන්න ගන්න.මොකද මේවගෙ යන්නෙ අපි දන්න අපේ රටේ දෙශපාලන හෝ සමාජීය දේවල් නිසා, මුලු ලිපියම නොතේරුනත් අපි දන්නව මේ ලියල තියෙන්නෙ අහවල් සිද්ධිය ගැන තමයි කියල.මේ පත්තර හැම එකකම වගේ ඇප් එක තියෙනව ඒකෙන් බලන්නත් පුලුවන් ඔන්නං.

    මෙන්න ලංකාවෙ දිනපතා පලවෙන English Newspapers දෙක තුනක Link,ඔන්නං පත්තරයක් අරං බැලුවත් පාඩුවක් වෙන්නෙ නැති වෙයි.




    මෙන්න UK වල එකක්

    The Guardian
    https://www.theguardian.com/international

    මේක USA වල එකක්

    USA Today
    https://www.usatoday.com/



    මේ පත්තර බැලිල්ලෙන් Reported Speech ගැන, තව කෙනෙක් කියපු දෙයක් වෙන කෙනෙක්ට කියන්නෙ කොහොමද,අපරාධයක්, අනතුරක් ,සමාජයීය ගැටලුවක් ගැන වාර්තා කරන්නෙ කොහොමද,දේශපාලනය කරන කෙනෙක් වේදිකාවක කිව්ව දේ English වලින් ලියල තියෙන්නෙ කොහොමද වගේ දේවල් ගැන අවබෝධයක් එනව.අර Grammar Lessons වල ඉගෙන ගත්ත Tenses,Active Voice/Passive Voice වගේ දේවල් ගැන හොඳටම ඔලුවට යන්නෙ මෙහෙම දිනපතා English වලින් කියවන එකෙන්.

    පොඩි පොතක් තියං අමාරු Vocabulary,Phrasal Verbs, Idioms ලියා ගමු


    දැන් පොඩි Exercise පොතක් අරගෙන ඒක කොටස් 3 කට කඩා ගන්න.මේකෙ එක කොටසක තියා ගන්න එහෙම ලිපි බලත්දි හම්බු වෙන අමාරු වචන ලියා ගන්න. එහෙම අමාරු වචනයක් ආවම English to English Dictionary එකකින් බලල ඒකෙ තේරුම හා ඒ වචනය යෙදිල තිබිච්ච මුලු වාක්‍යයම දිනපතා ලියා ගන්න පුරුදු වෙන්න.සිංහලෙනුත් තේරුම ලියා ගන්න අපැහැදිලියි නං.වඩා වැදගත් වෙන්නෙ ඒ තනි වචනේ තේරුම කට පාඩං කරන එකට වඩා ඒ වචනය වාක්‍යයේ යෙදිල තිබුන විදිය,ඒ වචනේ වාක්‍යයක භාවිතා කරන්න පුලුවන් විදිය හා ඒ මුලු වාක්‍යයම ලියාගෙන තේරුම් ගන්න එක.. සම්පූර්ණ වාක්‍යය ලියා ගන්න අමාරු නං අඩු ගානෙ වාක්‍යයෙන් කොටසක් හරි ලියා ගන්න.මෙහෙම ලියන අතර ඒක කියල හෝ ලියල තියෙන කාලය (Tense) හා කලින් ඉගෙන ගත්තු Grammar Rules පාවිච්චි කරල තියෙන විදිය Active Voice/Passive Voice යොදාගෙන වාක්‍යය ලියල තියෙන විදිය අවබෝධ කර ගන්න උත්සහ කරන්න.Vocabulary එක හදා ගන්න හොඳම ක්‍රමේ විදියට මම නං දකින්නෙ මේ ක්‍රමය තමයි. උදාහරණයක් බලමු.

    A group of residents living off Buthgamuwa Road, Welikada, Rajagiriya, are raising voices of dissent, against an Indian luxury apartment project

    හරි මේකෙ සරල සිංහල තේරුම වෙන්නෙ ඉන්දියානු සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියකට විරුද්ධව බුත්ගමුව පාර,වැලිකඩ හා රාජගිරියේ ප්‍රදේශවාසීන් පිරිසක් විරුද්ධත්වය පල කරයි කියන එක.මේ වාක්‍යයේ හරිම වැදගත් තැනක් එනව..මේකෙ වචයෙන් වචනෙ ඔබ හිතින් පරිවර්ථනය කර ගන්න ගියොත් living හා off කියන වචන දෙකට වෙන වෙනම තේරුං දෙකක් එනව,හැබැයි රජෝ English වල තියෙනව Phrasal Verbs කියල වෙනම Grammar point එකක්.මේ වගේ Verb එකක් හා වෙනත් වචනයක් එකතු වෙලා හැදෙන Phrasal Verb එකක තියෙන්නෙ මේ වචන දෙක තනි තනිව ගත්තම එන තේරුමට වඩා හාත්පසින්ම වෙනස් තේරුමක්.ඉතින් මේකට කරන්න ඕනෙ මේ වගේ Phrasal Verb එකක් හෝ එහෙම සැක හිතෙන වචන දෙකක් ලැබුනම ඒක ඉක්මනට Google කරල බලල මේක Phrasal Verb එකක්ද කියල තහවුරු කරගෙන අර පොතේ දෙවෙනි කොටසෙ ඒ Phrasal Verb එකේ තේරුම හා භාවිතා වෙලා තිබ්බ විදිය එක්කම ලියා ගන්න එක.dissent කියන වචනේ තේරුම දන්නෙ නැත්නං අර කලින් කිව්ව වගේ English to English හා English - සිංහල Dictionary එකකින් බලල වචනේ තේරුම හා ඒ වචනේ යෙදිල තිබ්බ මුලු වාක්‍යයම අර පොතේ මුල් කොටසෙ ලියා ගන්න.පුලුවන් නං google කරල dissent කියන වචනේ යෙදිල තියෙන වෙනත් උදාහරණ වාක්‍ය දෙකකුත් යටින් ලියා ගන්න.

    මෙන්න තියෙනව නෙට් එකෙන් උස්සපු Phrasal Verbs ටිකක්,තව ගොඩක් තියෙනව,හොයල බලල ඉගෙන ගන්න.

    w5cO9Tu.jpg

    Phrases,Phrasal Verbs වගේම ඉතා වැදගත් දෙ‍යක් තමයි Idioms සහ Slang කියන්නෙ, කොටස් තුනක් වෙන් කර ගත්ත පොතේ තුන් වෙනි කොටස ගන්නෙ ඒවට.බලමු ඒක මොකක්ද කියල,අපි සිංහල වලදි පාවිච්චි කරන ප්‍රස්ථා පිරුලු හා කියමන් තියෙන්නෙ,ගහෙන් වැටුනු මිනිහට ගොනා ඇන්න වගේ,කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව වගේ කියල..ඒ වගේ English වලත් ලස්සන කියමන් තියෙනව මේව තමයි, Idioms කියන්නෙ.මේකත් අර Phrasal Verbs වගේම තමා වචනෙන් වචනේ අරන් වෙන වෙනම තේරුං ගන්න බෑ.උදාහරණෙකට ''This cricket match will be a piece of cake'' කියන වාක්‍යයේ ''piece of cake'' කියන එකේ තේරුම කේක් කෑල්ලක් කියන එක නෙවෙයි.ඒකෙ තේරුම ඉතාම පහසු දෙයක්,ඉතා පහසු වැඩක් කියන එකයි.මේ වගේ Idioms ලිපි කියවත්දි ඕනි තරං හම්බුවෙනව.ඒව Google කරල බලල තේරුමත් හොයා ගෙන අර පොතේ තුන් වෙනි කොටසෙ ලියා ගන්න.Slang කියන්නෙත් ඒ වගේ භාශාව කාලයක් තිස්සෙ භාවිතා වෙත්දි විශේෂ‍යෙන්ම Spoken English වලදි හදා ගත්තු අවිධිමත් කෙටි යෙදුම්..ටිකක් කපටි ඩයල් එකකට එහෙම අපි කියන්නෙ 'ඕක නං මහ ගල් ආඳා' කියල.අන්න ඒ වගේ තමයි.

    මෙතනත් තියෙනව උස්සපු Idioms ටිකක්,තව හොයල බලන්න Google කරල,සමහර වෙලාවට UK වලට විතරක් ආවේනික හෝ US වලට ආවේනික Idioms තියෙනව

    dNVnruP.jpg

    මේ තියෙන්නෙ කතාවෙදි වචන කෙටි කරල හදා ගත්තු Slang ටිකක්,Film වල එහෙම මේ වචන සෑහෙන්න පාවිච්චි වෙනව.කතාවෙදි මිසක් විධිමත් දෙයක් ලියත්දි නං මේව වැඩිය පාවිච්චි කරන්නෙ නෑ.
    VpKXarQ.png


    English News බලන්න Radio අහන්න පුරුදු වෙමු


    දැන් ඔය ටික ඔහොම කර ගෙන එත්දි සැලකිය යුතු භාශා අවබෝධයක් තියෙන නිසා English News අහන්න පටන් ගන්න එක හොඳයි.මුලින්ම ලංකාවෙ Tv/Radio වල English News අහන්න ගන්න.මොකද අපේ අය English pronounce කරන විදිය අපිට තේරුං ගන්න හරිම ලේසියි හා පැහැදිලියි. ඊට පස්සෙ UK,US වල යන English News Youtube එකෙන් බලන්න.නැත්නං Radio app එකක් දාගෙන අහන්නත් පුලුවන්.ඒ රටවල උනත් TV/Radio වල ඉන්නෙ හොඳින් පැහැදිලිව උච්චාරණය කරන නිවේදකයො හින්ද තේරුං ගන්න ලේසියි.TED Talks වගේ ඒවත් හොඳයි.පැහැදිලිව English කතා කරනව

    මේ තියෙන්නෙ අපේ රටේ English වලින් කරන සංවාදයක්



    මේකත් ඒ වගේම එකක්,වචන උච්චාරනය කරන විදිය තේරුම් ගන්න ලේසියි


    මේක UK වල Live News යන චැනල් එකක්,UK අයගෙ English Accent එක ගැන අවබෝධයක් ගන්න පුලුවන් මේකෙන්


    මේක Russian Channel එකක් උනාට ගොඩක් වෙලාවට US අය එක්ක කතා කරන වැඩසටහන් යනව,එයාලගෙ භාශා විලාශය බලා ගන්න පුලුවන් මේකෙන්.මේකත් පැය 24 ම Live යනව.


    CNA කියන මේ Singapore Channel එකේ ගොඩක් වෙලාවට යන්නෙ ආසියාතික අය English කතා කරන වැඩසටහන්.ඒ නිසා මුලදි Native English අය කතා කරන ඒව අපැහැදිලියි නං මේ වගේ චැනල් එකක යන English වැඩසටහන් ටිකක් බලන්න පුලුවන්.




    English Subtitle දාගෙන Films,TV Series බලමු


    ඔය ටික කර ගෙන යත්දි English Tv Series හා Films , English Subtitles දා ගෙන බලන්න පටන් ගන්න.USA,UK,Australia,New Zealand රට වල English කතා කරන Accent එක හා භාශා රටාවන් රටින් රටට විතරක් නෙවෙයි පලාතෙන් පලාතටත් වෙනස් නිසා හා එයාල කතා කරන වේගෙ නිසා අපිට ඒව අහල තේරුං ගන්න නං සැලකිය යුතු කාලයක් ඒවට නිරාවරණය වෙලා අහන්න වෙනව.අනික News කියනව වගේ නෙවෙයි Films වල ස්වභාවික සිදුවීම් වල විදියට English කතා කරන නිසා අමුතු අමුතු Accent පාවිච්චි වෙනව.USA වලට සාපේක්ශව England වල සමහර ප්‍රාන්ත වල, Scotland,Ireland රට වල අය එහෙම English කතා කරත්දි ඒ Accent තේරුම් ගන්න සමහර වෙලාවට ටිකක් අපහසු වෙනව.කාලයක් මෙහෙම Films බලත්දි එයාල වචන උච්චාරණය කරන විදිය ඇහුන් කන් දෙන ගමන් English Subtitle එක කියවන එකෙන් Pronunciation,Spellings හා Grammar තුනම දියුණු වෙනව.එතනදිත් හම්බු වෙන අමාරු වචන,Phrasal Verbs හා Idioms තියෙන මුලු වාක්‍යයම ලියා ගෙන ඒක යෙදිල තියෙන විදිය හා ඒවයෙ තේරුම English වලින්ම ලියා ගන්න. ඒක කතා කරන Tense එකත් අවබෝධ කර ගන්න.මෙහෙම ලියා ගන්න එකෙන් Tenses,Has been/Have been භාවිතය,Model Verbs,Prepositions වගේ දේවල් කතාවේදී භාවිතා වෙන විදිය වගේ දේවල් නිරායාසයෙන්ම ඔලුවට එනව.

    English TV Talk Show බලල ඉගෙන ගමු


    මේ තියෙන්නෙ Jimmy Kimmel Live කියන ප්‍රසිද්ධ American TV Show එක, මෙයාල ප්‍රසිද්ධ ගායකයො,නලු නිලියො ගෙනත් එදිනෙදා දේවල් කතා බහ කරනව.පාරෙ යන අයට පොඩි පොඩි බයිට් දෙනව. Natural English කතා කරන විදිය මේකෙන් බලා ගන්න පුලුවන්.


    The Ellen Show කියන්නෙත් American English ඉගෙන ගන්න බලන්න තව හොඳ වැඩසටහනක්,මිනිස්සුව පුදුම කරන දේවල්,Fun දේවල් එහෙම කරනව.මේ තියෙන්නෙ Ellen Show බලල English ඉගෙන ගත්තු ලමයෙක්ව ඒ වැඩසටහනට ගෙන්නල පුදුම කරන අවස්තාවක්



    This Morning කියන මේ වැඩසටහන England වල TV program එකක්, එක එක ජයග්‍රහණ ගත්තු අය,අනතුරු වලට මූන දුන්න අය, එක එක ප්‍රශ්න වලට පැටලුන අය වගේ පිරිස් ගෙන්නල එයාලගෙ අත්දැකීම් කතා කරන වැඩසටහනක්.England වල English කතා කරන විදිය හා English Accent වල තියෙන වෙනස් කම් බලා ගන්න හොඳම වැඩසටහන මේක තමයි



    Radio අහන අයට Radio APP එකක් download කරල අහන්න පුලුවන්,නැතන්ං මේ link එකේ තියෙනව UK Radio Stations ටිකක් ඒව අහන්නත් පුලුවන්.



    English Documentaries බලන්න පුරුදු වෙමු


    කාලයක් මේ විදියට Tv shows, Subtitle එක්ක Films එහෙම බලත්දි කියන දේවල් ටික ටික අහල තේරුම් ගන්න පුලුවන් වෙනව.දැන් Vocabulary ත් තරමක් හදාගෙන Phrases,Idioms වගේ දේවලුත් ටික ටික දන්න නිසා History, Science, Technology,Travel,Health වගේ මේ හැම දේකටම අදාල English Youtube Documentary ෆෝන් එකෙන් දාගෙන හොඳට ඒවට කන් දෙන ගමන් බලන එක තමයි කරන්න හොඳම වැඩේ..වෙන වැඩක් කරන ගමන් උනත් කමක් නෑ.Handsfree දාගෙන ඇහෙන්න දුන්නම ඒ කතා කරන විශයට අදාල වචන ටිකක් අපේ මනසට යනව.Podcasts අහන්නත් පුලුවන්.හැම field එකකටම අදාල දේවල් පුලුවන් තරං අහන්න,බලන්න.ඒ හැම දේකින්ම ඒ විශයට අදාල Vocabulary එක වර්ධනය වෙනව.

    DW Documentary කියන චැනල් එක ඉන්දුනීසියාඩේ ගංගා වලට ධනවත් සමාගම් වල Factory වලින් අපද්‍රව්‍ය බැහැර කරන එක ගැන ගිය English වාර්තාමය වැඩසටහනක් මේක.මෙයාලගෙ චැනල් එකේ තියෙනව තව මේ වගේ සමාජ ගැටලු ගැන English වලින් කල හොඳ වැඩසටහන්.මේ වගේ ඒව බලන්න



    Germany වගේ රටවල් වල නිශ්පාදනය කරන Cars,Machine වගේ දේවල් ලෝකෙ පුරා මුහුදු මගින් බෙදා හරින විශාල නැවක වෙන වැඩ ටික ගැන ගිය ලස්සන English Documentary එකක් මේක



    English Books,Novels හා Web Articles කියවමු


    English novels කියවන්න ගන්න එකත් ඉතා වැදගත් .මුලදි ලොකු පොත් බර වැඩි නං පොඩි ලමයින්ට තියෙන English පොත් කියවල ටික ටික Vocabulary එක හදා ගන්න ගමන් Advanced පොත් කියවන්න පුලුවන්.මොකද කතාවක සිදුවීමි ගොඩ නැගෙන විදිය,චරිත ගොඩ නැගෙන විදිය හා කතාවක් ගොඩ නැගෙන විදිය කියවල තේරුම් ගත්තම,පසු කාලීනව English Writing වලට ඒක ගොඩක් උදව් වෙනව.මොනවම හරි නිතරම English වලින් කියවන්න පුරුදු වෙන්න. Quora වගේ වෙබ් සයිට් වල යන English Articles කියවන්න,Buzz feed වගේ සයිට් වල යන දේවලුත් කියවන්න.English Travel Vloggers ල youtube දාන videos බලන්න.එහෙම නැත්නං ඔබ කැමති වෙන Subject එකක් ගැන English වලින් තියෙන Video බලන්න නැත්නං Article කියවන්න.

    PDF Drive කියන මේ website එක හොඳයි පොත් එහෙම නොමිලේ Download කරගෙන බලන්න.පොතක PDF එක download කරගෙන ඒක බලන ගමන් ඒකෙම Audiobook එක දාගෙන ඇහුව නං, වැඩේ ටිකක් කම්මැලි නැතුව කරන්න පුලුවන්.





    English Writing පුරුදු වෙමු


    මේ දේවල් ටික කර ගෙන යත්දි FB post වලට Youtube Video වලට Web Forum,Quora වලට English වලින් අනික් අය දාල තියෙන Posts/comment කියවල බලල එතනට ගැලපෙන Reply එකක් Comment එකක් දාන්න , FB එකේ market කරන Products/Services වල Page එකක් එක්ක chat කරල English Writing වලට ඕනෙ කරන basement එක දා ගන්න.පොඩි ඩයරියක් තියාගෙන දිනපතා ඒකෙ තමාගෙ දිනපතා කල දේවල් දන්න විදියට English වලින් ලියන්න ගන්න.එහෙම ලියත්දි කලින් ලියා ගත්තු පොත අරගෙන Vocabulary,Phrases ,Idioms හා Phrasal verbs ආදිය උදව්වට අරගෙන ටික ටික වාක්‍ය ගොඩ නගා ගන්න පුලුවන්.

    මා දන්නා තරමින් ඉතා කුඩා කාලයේ පටන් Native English කතා කරන පිරිසක් ඇසුරේ English කතා කරමින් හැදුනෙ වැඩුනෙ නැත්නං අපිට පසු කාලීනව 100% UK/ US Accent වලින් කතා කරන්න බැහැ.ඒ Accent මවා ගෙන කතා කරන්න ගියත් ඒක ස්වාභාවික නැහැ.එහෙම කතා කිරීමේ අවශ්‍යතාවයකුත් නැහැ.ශ්‍රී ලාංකිකයො English කතා කරන විධිය ලෝකෙ දෙවෙනි භාශාවක් විදියට English කතා කරන අනික් රටවල් එක්ක බැලුවම විදේශිකයෙක්ට උනත් තේරුම් ගන්න පුලුවන් පැහැදිලි මට්ටමක තියෙනව කියන එකයි මගේ මතය, අවශ්‍ය වන්නෙ නිවැරදි උච්චාරණය සහිතව නිවැරදි English භාවිතය පමණයි.

    TED Talks කියන මේ චැනල් එකත් හොඳයි, මේකෙදි මොකක් හරි විශයක් ගැන දැනුමක් හෝ ජීවිත අත්දැකීමක් තියෙන කෙනෙක් තමන්ගෙ අත්දැකීම බෙදා ගන්නව පිරිසක් ඉදිරියෙ කතාවක් පවත්වල.ඉගෙන ගන්න පුලුවන් ගොඩක් දේවල්



    ඔබට වඩා හොඳින් English කතා කරන්න ඕනෙ නං හැම විශයක් පිලිබඳවම English වලින් ඇහුම් කන් දෙන්න, English වලින් හිතන්න පුරුදු වෙන්න.වැරදි වැරදි හෝ English කතා කරන්න පටන් ගන්න.හොඳ English Writer කෙනෙක් වෙන්න ඕනෙ නං හැකිතාක් English Newspaper Articles ,Magazines හා Novels ආදිය කියවන්න. ඔබ අමාරු වචන ලියා ගත්තු පොත නිතරම පරිහරනය කරන්න .දන්න වචන කීපයෙන් හෝ මොනවම හෝ දෙයක් දිනපතා ලියන්න.මේ ටික කරගෙන යත්දි පැහැදිලි වෙනසක් ඉක්මනින්ම දකින්න තියේවි.

    ඔබට ජය........

    (සියලුම චායාරූප හා වීඩියෝ උපුටා ගැනීම අන්තර්ජාලයෙනි)
    thanks matchan.. patta...
     

    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    239
    33
    In a town without pity
    මේ ටිකේ කට්ටියම ගෙවල් වලට වෙලා ඉන්න එකේ English ටිකක් හදා ගන්න කරන්න පුලුවන් තව දේවල් ටිකක් Thread එකට දාන්න හිතුනා..FB එක පැත්තෙ එහෙම යත්දි කාලය ගෙවා ගන්න අපේ කට්ටිය එක එක Games,Photo Sharing,Memes වගේ දේවල් කරනව දැක්ක.සමහර දේවල් නං ඇත්තටම එච්චර තේරුමක් නැති වැඩ කියලත් හිතුන.හොඳයි.. FB එකේම ඉන්න අයට මේ ටිකේ English ඉගෙන ගන්න කරන්න පුලුවන් දෙයක් තමයි කියන්න යන්නෙ.FB එකෙන් අපිට පහසුකමක් දීල තියෙනව අපි Like කරන හෝ Follow කරන FB Pages වලින් 30 ක් තෝරල ඒ Pages 30 න් දෙන Updates නිතරම අපේ Facebook News feed එකේ උඩින්ම පෙන්නන්න.මෙහෙම කලාම අපේ යාලුවො දාන Posts එහෙම Wall එකේ ටිකක් යටට යනව.නිතරම Update වෙන්නෙ See First දාගෙන ඉන්න Pages වලින් දාන Posts තමයි.මෙහෙම කලාම නිතරම FB Wall එක Scroll කරත්දි අපිට පේන්නෙ අර තෝර ගත්තු Page වල තියෙන English articles ටික නිසා නොදැනීම ටික ටික ඒව කියවන්න පෙලඹෙනව.අනික් වැදගත්ම දේ තමයි ඒවට ගොඩක් වෙලාවට Comments දාන්නෙ English මව් භාශාව විදියට කතා කරන අය නිසා Native English කතා කරන අය මොකක් හරි දෙයකට එයාලගෙ අදහස් දක්වන්නෙ කොහොමද කියල ප්‍රායෝගිකව අවබෝධ කර ගන්න පුලුවන්.

    ලොකු දෙයක් කරන්න නෑ අපිට අවශ්‍ය Pages ටික Like කරල Following කියන Tab එක ඇතුලෙ In Your News Feed කියන Option එකට ගිහින් See First කියන Option එක Select කර ගන්නයි තියෙන්නෙ.පස්සෙ ඕනෙ වෙලාවක මේක Default කියන එකට දාල අයින් කර ගන්න පුලුවන්.මෙහෙම See First දාගෙන Follow කරන්න හොඳ English Pages ටිකක් බලමු.



    BBC NEWS

    ජාත්‍යන්තර මාධ්‍ය අතර ප්‍රධානතම පුවත් සේවයක් කියල හැමෝම දන්නවනෙ,England මූලික උන පුවත් සේවයක් නිසා British English තමයි භාවිතා වෙන්නෙ.හොඳ Followers ල ප්‍රමානයක් ඉන්න නිසා නිතරම අලුත් News Updates එනව ඒ වගේම ගොඩක් අය අදහස් දක්වනව Comments වලින්.


    CNN NEWS​

    USA මූලික උන CNN පුවත් සේවයත් ලෝකෙ මුල් පෙලේ පුවත් සේවයක් බව අපි දන්නව.මේකෙ ගොඩක් වෙලාවට American English Patterns තමයි භාවිතා වෙන්නෙ.Audience එකත් ගොඩක් වෙලාවට American English වලට බර Comments දාන්නෙ.


    මේකත් USA වල තියෙන ප්‍රධානතම මාධ්‍ය සේවයක්.ඇමරිකාව ගැන වගේම අනික් රටවල් සම්බන්ධවත් වැදගත් පුවත් යනව.



    AL Jazeera English

    Al Jazeera කියන්නෙත් ජාත්‍යන්තර මාධ්‍ය අතර ඉදිරියෙන්ම ඉන්න පිරිසක්.



    National Geographic

    ගහකොල, සත්තු,සොබාදහම, සංචාර වගේ දේවල් ගැන හොඳ English Articles කියවන්න නං යන්න ඕනෙ හොඳම Page එක.Link එක පහලින්


    Reuters පුවත් සේවය අපේ රටේ මාධ්‍ය වලත් අපිට නිතරම ඇහෙන නමක්නෙ..ලෝකෙ වෙන වැදගත් සිදුවීම් වාර්තා කරන මාධ්‍යයන් අතර ඉහලින්ම ඉන්නව මේ අයත්



    Time

    ලෝකෙ ප්‍රධානතම සමාජ ආර්ථික කරුණු ගැන පිලි පලවෙන මාධ්‍යයක්.

    https://www.facebook.com/time/



    Business Insider

    ව්‍යාපාර,සමාජීය හා ආර්ථික වශයෙන් වැදගත් ලිපි නිතරම පල වෙන Page එකක්


    මේ සඟරාවත් ඉතාම ප්‍රසිද්ධයි ලෝකෙම බලපාන ආර්තික,සමාජීය කරුණු ගැන සඳහන් වාර්තා වලට


    ලොව ඉන්න ධනවතුන්,ලෝකෙට එන නව නිපැයුම් ව්‍යවසායකන් ගැන එහෙම නිතරම කතා කරන සුප්‍රකට Forbes සඟරාවත් Follow කලා නං ඒ වගේ දේවල් ගැන නිතරම English වලින් කියවන්න පුලුවන්.


    විද්‍යාව,තාක්ශණය,නව නිපැයුම් ගැන කියවන්න කැමති අයට හොඳ Page එකක්.


    ලෝකෙ ඉදිරියට එන අලුත් තාක්ෂණික මෙවලම් ගැන,නව සොයා ගැනීම ගැන පලවෙන හොඳ English Articles කියවන්න පුලුවන් Tech Insider එකෙන්


    විදෙස් රටවල මාද්‍ය ගැනම කතා කල එකේ,අපේ රටේ මාධ්‍ය සේවා කීපයකුත් Follow කලාම අපේ රට සම්බන්ධ වැදගත් දේවලුත් English වලින් කියවන්න පුලුවන්.Daily Mirror පුවත් පතට අදාල Facebook Page එකට ඒකට හොඳ තැනක්.


    Daily News පුවත්පතට අදාල FB page එකෙනුත් අපේ රටට සම්බන්ධ News දානව English වලින්


    දෙරණ මාධ්‍යයෙන් කරන English News Page එකත් අපේ රටට අදාල පුවත් English වලින් දානව

    මෙයාලත් අපේ රටේ පුවත්ම තමා දාන්නෙ English වලින්.


    Sunday Observer පුවත්පතේ Facebook Page එකත් අපේ රට සම්බන්ධ පුවත් පල කරනව


    Pulse Facebook Page එකත් අපේ රටට අදාල Life Style Blog එකක්.කාලානුරූපිව ගැලපෙන English Articles යනව.


    Yamu Facebook Page එකෙත් අපේ රට සම්බන්ධ Life Style Blog එකක් තමා.


     

    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    239
    33
    In a town without pity
    මේක මම වෙන Thread එකකට දාපු post එකක්, ඒ වගේම මේ සමාන post එකක් මම මේ Thread එකෙත් කලින් දැම්මා.ඒකෙම සවිස්තරාත්මක දිගුවක් විදියට මේක දාන්නෙ.අනික් සියලුම ක්‍රම එක්ක බැලුවම මේ ක්‍රමේ ටිකක් වැඩිපුර සාර්ථක‍යි හා ප්‍රායෝගිකයි කියල හිතුන හින්ද දානව.ප්‍රයෝජනයක් වෙයි කියල හිතෙන කෙනෙක් ටික දවසක් උත්සහ කරල බලන්න..හොඳ ප්‍රතිපලයක් ලැබෙයි...English වලින් පොතක් හෝ Article එකක් කියවන්නම බෑ හෝ කම්මැලියි කියල හිතෙන අයට ඒකට පොඩි ආරම්භයක් ගන්න Tip එකක් මේක.පොතක් කියෙව්ව තරමටම ලොකු Vocabulary එකක් හා දැනුමක් ගන්න බැරි උනාට මේ ක්‍රමෙත් තරමක් දුරට සාර්ථකයි කියල මට හිතෙනව.මේ ක්‍රමේ ටිකක් කල් එල්ලිලා හිටියම නොදැනීම ටික ටික English ඇඟට වැටෙනව.පොත් කියවන්න ආසවකුත් එයි.දිනපතා මේ දේවල් දකින නිසා Vocabulary එක වැඩි දියුණු වෙන එකත් සැලකිය යුතු මට්ටමකින් වෙනව.

    FB එකෙන් අපිට පහසුකමක් දීල තියෙනව අපි Like කරන හෝ Follow කරන FB Pages වලින් 30 ක් තෝරල ඒ Pages 30 න් දෙන Updates නිතරම අපේ Facebook News feed එකේ උඩින්ම පෙන්නන්න.මෙහෙම කලාම අපේ යාලුවො දාන Posts ,Memes එහෙම Wall එකේ ටිකක් යටට යනව.නිතරම Update වෙන්නෙ See First දාගෙන ඉන්න Pages වලින් දාන Posts තමයි.මෙහෙම කලාම නිතරම FB Wall එක Scroll කරත්දි උඩට ගියත් පහලට ගියත් අපිට පේන්නෙ අර තෝර ගත්තු Page වල තියෙන English articles ටික නිසා නොදැනීම ටික ටික ඒව කියවන්න පෙලඹෙනව.අනික් වැදගත්ම දේ තමයි ඒවට ගොඩක් වෙලාවට Comments දාන්නෙ English මව් භාශාව විදියට කතා කරන අය නිසා Native English කතා කරන අය මොකක් හරි දෙයකට එයාලගෙ අදහස් දක්වන්නෙ කොහොමද කියල ප්‍රායෝගිකව අවබෝධ කර ගන්න පුලුවන්.

    ලොකු දෙයක් කරන්න නෑ අපිට අවශ්‍ය Pages ටික Like කරල Following කියන Tab එක ඇතුලෙ In Your News Feed කියන Option එකට ගිහින් See First කියන Option එක Select කර ගන්නයි තියෙන්නෙ.පස්සෙ ඕනෙ වෙලාවක මේක Default කියන එකට දාල අයින් කර ගන්න පුලුවන්.මෙහෙම See First දාගෙන Follow කරන්න හොඳ English Pages ටිකක් බලමු.මේ Official page වල තියෙන Article එකේ link එක click කරල ගියාම එයාලගෙ Complete Article එක තියෙන Page එකට යනව.



    BBC NEWS


    ජාත්‍යන්තර මාධ්‍ය අතර ප්‍රධානතම පුවත් සේවයක් කියල හැමෝම දන්නවනෙ,England මූලික උන පුවත් සේවයක් නිසා British English තමයි භාවිතා වෙන්නෙ.හොඳ Followers ල ප්‍රමානයක් ඉන්න නිසා නිතරම අලුත් News Updates එනව ඒ වගේම ගොඩක් අය අදහස් දක්වනව Comments වලින්.




    CNN NEWS


    USA මූලික උන CNN පුවත් සේවයත් ලෝකෙ මුල් පෙලේ පුවත් සේවයක් බව අපි දන්නව.මේකෙ ගොඩක් වෙලාවට American English Patterns තමයි භාවිතා වෙන්නෙ.Audience එකත් ගොඩක් වෙලාවට American English වලට බර Comments දාන්නෙ.


    මේකත් USA වල තියෙන ප්‍රධානතම මාධ්‍ය සේවයක්.ඇමරිකාව ගැන වගේම අනික් රටවල් සම්බන්ධවත් වැදගත් පුවත් යනව.

    https://www.facebook.com/nytimes/


    AL Jazeera English


    Al Jazeera කියන්නෙත් ජාත්‍යන්තර මාධ්‍ය අතර ඉදිරියෙන්ම ඉන්න පිරිසක්.



    ගහකොල, සත්තු,සොබාදහම, සංචාර වගේ දේවල් ගැන හොඳ English Articles කියවන්න නං යන්න ඕනෙ හොඳම Page එක.Link එක පහලින්

    https://www.facebook.com/natgeo/


    National Geographic Magazine




    Reuters

    Reuters පුවත් සේවය අපේ රටේ මාධ්‍ය වලත් අපිට නිතරම ඇහෙන නමක්නෙ..ලෝකෙ වෙන වැදගත් සිදුවීම් වාර්තා කරන මාධ්‍යයන් අතර ඉහලින්ම ඉන්නව මේ අයත්


    ලෝකෙ ප්‍රධානතම සමාජ ආර්ථික කරුණු ගැන පිලි පලවෙන මාධ්‍යයක්.

    https://www.facebook.com/time/


    Business Insider

    ව්‍යාපාර,සමාජීය හා ආර්ථික වශයෙන් වැදගත් ලිපි නිතරම පල වෙන Page එකක්


    මේ සඟරාවත් ඉතාම ප්‍රසිද්ධයි ලෝකෙම බලපාන ආර්තික,සමාජීය කරුණු ගැන සඳහන් වාර්තා වලට



    Forbes​

    ලොව ඉන්න ධනවතුන්,ලෝකෙට එන නව නිපැයුම් ව්‍යවසායකන් ගැන එහෙම නිතරම කතා කරන සුප්‍රකට Forbes සඟරාවත් Follow කලා නං ඒ වගේ දේවල් ගැන නිතරම English වලින් කියවන්න පුලුවන්.


    විද්‍යාව,තාක්ශණය,නව නිපැයුම් ගැන කියවන්න කැමති අයට හොඳ Page එකක්.

    Science Alert
    අලුත් විද්‍යාත්මක සොයා ගැනීම,තාක්ශණික විස්කම් හා ලෝකෙ වෙන අලුත් දේවල් ගැන දැන ගන්න මේකෙන්


    NPR කියන්නෙත් USA වල තියෙන ප්‍රසිද්ධ මාධ්‍ය සේවයක්, මෙයාලත් පොදුවෙ සමාජ ආර්ථික කරුණු ගැන හොඳ ලිපි ලියනව.

    ලෝකෙ ඉදිරියට එන අලුත් තාක්ෂණික මෙවලම් ගැන,නව සොයා ගැනීම ගැන පලවෙන හොඳ English Articles කියවන්න පුලුවන් Tech Insider එකෙන්


    නමෙන්ම පැහැදිලියි නෙ, Science & Tech related දේවල් තමයි යන්නෙ


    Life style blog එකක් වගේ යන්නෙ. සෞඛ්‍ය,විද්‍යාව,තාක්ශණය මේ හැම දේ ගැනම ලිපි තියෙනව


    කෑම පිස්සන්ට හොඳ Page එකක්.Recipes,Cooking tips වගේ දේවල් තමා යන්නෙ

    මේ අය ගැන ගැන දන්නවනෙ ඉතින් හැමෝම වගේ.එයාලගෙ විශයට අදාල අලුත් සොයා ගැනීම්, අභ්‍යාවකාශ යානා ගැන තමා යන්නෙ

    https://www.facebook.com/NASA/

    I Fucking love science

    නම නං පොඩ්ඩක් අවුල් උනාට Science & Tech article වලට මේක තමයි තැන.


    ජීවිතේට වටින අදහස් හා Motivational thoughts ගැන නියම ලිපි ටිකක් යනව

    https://www.facebook.com/TED/

    Men's Health

    Health & Fitness වගේ දේවල් කියවන්න කැමති අයට


    Daily Mirror

    විදෙස් රටවල මාද්‍ය ගැනම කතා කල එකේ,අපේ රටේ මාධ්‍ය සේවා කීපයකුත් Follow කලාම අපේ රට සම්බන්ධ වැදගත් දේවලුත් English වලින් කියවන්න පුලුවන්.Daily Mirror පුවත් පතට අදාල Facebook Page එකට ඒකට හොඳ තැනක්.


    Daily News පුවත්පතට අදාල FB page එකෙනුත් අපේ රටට සම්බන්ධ News දානව English වලින්



    Ada Derana First At 9
    දෙරණ මාධ්‍යයෙන් කරන English News Page එකත් අපේ රටට අදාල පුවත් English වලින් දානව



    Hiru News English
    මෙයාලත් අපේ රටේ පුවත්ම තමා දාන්නෙ English වලින්.


    Sunday Observer
    Sunday Observer පුවත්පතේ Facebook Page එකත් අපේ රට සම්බන්ධ පුවත් පල කරනව


    Pulse Facebook Page එකත් අපේ රටට අදාල Life Style Blog එකක්.කාලානුරූපිව ගැලපෙන English Articles යනව.


    Yamu Facebook Page එකෙත් අපේ රට සම්බන්ධ Life Style Blog එකක් තමා.

    මෙයාලත් අපේ රටට අදාල Life style articles දානව