ESKIMO - හිමෙහි වසන ඇස්කිමෝ
ඇසිකිමෝ යනු නොපිසින ලද මස් (Raw meat) ආහාරයට ගනු ලබන්නා යන වචනයේ ඇමරිකා ඉන්දියානු පරිවර්ථනයයි. ඇස්කිමෝ වරුන් උතුරු ආසියානු ජනයාගේ ලක්ෂණ වලට සමාන වන බැවින් මානව විද්‍යාඥයින් විසින් ඔවුන් රතු ඉන්දියානුවන් ගෙන් වෙනස්වන මානව කොටසක් ලෙස වර්ග කරන ලදී.
ඇස්කිමෝවරුන් ආසියාවේ සිට උතුරු ඇමරිකාවේ ඇලස්කාව දක්වා භූමියෙන් සකස්වූ පාලමකින් (Land Bridge) මගින් සංක්‍රමනය වන්නට ඇති බව පිලිගැනීමයි. ඔවුන් පැතිර ගියේ මහද්වීපයේ ආක්ටික් කලාපයේ ය. ඔවුන් ප්‍රධාන වශයෙන් රටවල් හතරක ජීවත් වේ.
සෝවියට් දේශය (සයිබීරියාව)
ඇමරිකා එක්සත් ජනපදය (ඇලස්කාව)
කැනඩාව
ග්‍රීන්ලන්තය
ඔවුන් කිසිවිටක ඔවුන්ව හැදින්වීමේදී ඇස්කිමෝ යන වචනය භාවිතා නොකරයි. කැනඩාවේදී ඇස්කිමෝවරුන් හදුන්වන්නේ Inuit යන වදනිනි. ඇලස්කාවේදී එය Inupiat හා Yupik ලෙසද, සයිබීරියාවේදී Yuit ලෙසද භාවිතා කරයි.
එසේ වුවද ඇස්කිමෝ ජනයාගේ භෞතික ශරීර ලක්ෂණ සමාන බවක් ඇත. ලා දුඹුරු පැහැති සම, සෘජු කලු පැහැති හිසකෙස්, තද පැහැති ඇස් හා පලල් මුහුණ ඒ අතර විශේෂය. එසේම භාෂා භාවිතයද ජනවර්ගය අතර සමානය.
ඇස්කිමෝවරුන් ජීවත් වන්නේ ලොව ශීතාධිකම ප්‍රදේශයක් වන ආර්ටික් අර්ධගෝලයේය. එහි ජීවිතය රැකගැනීමම අරගලයකි.
ඇස්කිමෝවරුන්ගේ ආහාර හා ආක්ටික් ප්‍රදේශයේ ශීත ජලය අතර පවතින්නේ කිට්ටු සම්බන්ධතාවයකි. ඔවුන්ගේ ආහාර රැදී පවතින්නේ සීල් මත්සයන්, සැල්මන් මත්සයන්, මෝර මාලු, තල්මසුන් සහ වෙනත් මුහුදු මත්සයන් මතය. එසේම ඔවුන් හිම වලසුන්, ආක්ටික් නරියන් වැනි සතුන්ද දඩයම් කරනු ලබයි. ඔවුන්ගේ ජනප්‍රිය ආහාරයක් වන්නේ සීල් මත්සයන් හා පිණිමුව මාංශයන්ය.
එස්කිමෝවරුන් ආහාර සදහා සතුන් සොයමින් ප්‍රදේශයන්ගේ සංක්‍රමනය වන බැවින් ඔවුන් එක් ස්ථානයක රැදෙන්නේ නැත. එසේ වුවද ඔවුන්ට වසන්ත හා ශීත සෘතු සදහා වෙන වෙනම නිවාස ඇත. වසන්ත කාලය සදහා සම් වලින් සකස් කරගත් කූඩාරම් හා ශීත කාලය සදහා හිම වලින් සකස් කරගත් ඉග්ලූ නිවාස (Igloo) භාවිතා කරයි.
ඇස්කිමෝවරුන්ගේ ඇදුම් ප්‍රධාන වශයෙන් සකස් කරගනු ලබන්නේ සත්ව සම් වලිනි. පිනිමුව සම ඔවුන්ගේ ප්‍රියතම ඇදුම් සකස්කරගැනීමේ මාධ්‍යයකි. ඊට අමතරව සීල් මත්සයන්ගේ සම, හිම වලසාගේ සම, ආක්ටික් නරියන්ගේ සම, ආදියද භාවිතා කරයි. ඔවුන්ගේ ඇදුම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වුවද යම් යම් ලක්ෂණ වලින් සමානතා දැකිය හැක.
ඇස්කිමෝවරුන් ජීවත් වන්නේ පවුල් කීපයක කණ්ඩායමක් වශයෙනි. පවුලක් සමන්විත වන්නේ ස්වාමිපුරැෂයා, බිරිද, අවිවාහක ළමයි, විවාහක පුතුන්, ඔවුන්ගේ බිරින්දෑවරුන් හා ඔවුන්ගේ දරුවන්ගෙනි.
ඇස්කිමෝ පිරිමින්ගේ ප්‍රධාන කාර්යය වන්නේ ආහාර සෙවීම, හිම කරත්ත පැදවීම, බෝට්ටු පැදීම හා නිවාස සෑදීමයි. ස්ත්‍රීන්ගේ ප්‍රධාන කාර්යය වන්නේ පවුලේ ඇදුම් සකස් කිරීමයි. එම ඇදුම් උණුසුම්ව හා සුලං ඇතුලට නොයන ලෙස සකස් කර තිබිය යුතුය. එසේම දරුවන් රැකබලා ගැනීම, පවුලේ ආහාර පිලියෙල කිරීමද එස්කිමෝ ගැහැනිය සතුය. අවශ්‍ය අවස්ථාවන් වලදී තම ස්වාමියාට උදව් කිරීමද ඇගේ කාර්යයකි. කිසිවිටෙක ඇස්කිමෝ ගැහැනිය පුරුෂයාට දෙවැනි වන්නේ නැත.
ඇස්කිමෝ සමාජයේ විශේෂ නීති දක්නට නොමැති අතර, එක් ප්‍රධාන රෙගුලාසි දෙකක් දක්නට ඇත.
සෑම සාමාජිකයෙක්ම ජීවන අරගලයේදී එකිනෙකාට උදව් කල යුතුයි.
සෑම දෙනාම සාමයෙන් කල්ගෙවිය යුතුය.
ඇස්කිමෝවරුන් විශ්වාස කරන ආකාරයට සුලග, ජලය, කාලගුණය ඉර හා හද පාලනය කරනු ලබන්නේ දෙවිවරුන් විසිනි. එස්කිමෝවරුන් විශ්වාස කරන ආකාරයට වඩාත්ම වැදගත්ම දේවතාවා වන්නේ මුහුදට අධිපති සෙඩ්නාය (Sedna). එස්කිමෝ විශ්වාසයන්ට අනුව සෙඩ්නා සීල් මසුන් හා අනෙකුත් මුහුදු ජීවීන් පාලනය කරනු ලබයි.
ඇස්කිමෝවරුන් මරණින් මතු ජීවිතයක් පිලිබදව විශ්වාස කරනු ලබයි. මියයන එස්කිමෝවරුන්ගේ සිරුරු සත්ව සම් වලින් ඔතා Tundra නම් ස්ථානයට ගෙනගොස් දමයි. ඉන්පසු එම පුද්ගලයා භාවිතා කල භාණ්ඩද එම ස්ථානයට ගෙනගොස් දමා එම ස්ථානය ගල් වලින් වසා දමයි.
වත්මනෙහිදී එස්කිමෝ ජනජීවිතය වෙනස්කම් වලට ලක්වෙමින් පවතී. ඔවුන් නවීන ඇදුම්, නවීන නිවාස භාවිතා කරනු ලබන අතර මුදලට ගත් ආහාරද භාවිතා කරනු ලබයි. එසේම මෝටර් බෝට්ටු, මෝටර් යෙදූ හිම රථ (Snow Mobiles) භාවිතා කරනු ලබයි. බොහෝ ඇස්කිමෝවරුන් කුලී වැඩ කරමින් තම ජීවිතය ගැටගසා ගන්නා අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ජීවනොපායක් නොමැතිව රජයෙන් ආධාර බලාපොරොත්තු වේ.
විවිධ රටවල ඇස්කිමෝවරුන්ගේ තොරතුරු
සෝවියට් දේශයේ ඊසාන දිග සයිබීරියාවේ ඇස්කිමෝවරුන් දල වශයෙන් 1500ක් ජීවත් වන අතර 1920දී කොමියුනිස්ට් පාලනය ඇස්කිමෝ වැසියන් ඔවුන් යටතට ගන්නා ලදී. ඔවුන් සෞඛ්‍ය ආරක්ෂණ, අධ්‍යාපන ආධාර, ආදිය සදහා ඇස්කිමෝවරුන්ට ආධාර කරන ලදී.
ඇලස්කාවේ 42000ක පමණ ඇස්කිමෝ ජනගහනයක් ජීවත් වේ. 1900දී දඩයම් සතුන් අඩුවන්නට විය. පසුව එක්සත් ජනපද රජය විසින් සයිබීරියාවෙන් ගෙන ආ පිනිමුවන් සයිබීරියාවේ ව්‍යාප්ත කරන ලදී.
1924දී ඇලස්කාවේ ඇස්කිමෝවරුන් ඇමරිකා එක්සත් ජනපද පුරවැසියන් ලෙස පිලිගන්නා ලදී. දෙවන ලෝක යුධ කාලයේදී (1941-45) ඇස්කිමෝවරුන් එක්සත් ජනපද හමුදා කදවුරු වල සේවය කරන ලදී.
වත්මනෙහිදී ඔවුන්ට ඇති එකම ආදායම් මාර්ගය වන්නේ අර්ධකාලීන රැකියා පමනි. එබැවින් ඔවුන් තම ජීවිතය රැකගැනීමට රජයේ ආධාර බලාපොරොත්තු වේ. බොහෝ ළමුන් ඔවුන්ගේ උසස් අධ්‍යාපනය අවසන් කරන්නේ නැත.
කැනඩාවේ 25000 ක පමණ ඇස්කිමෝ ජනගහනයක් ජීවත්වේ. 1950 සිට ඔවුන්ගේ ජනජීවිතය බොහෝ වෙනස්වීම් වලට ලක්ව ඇත. වත්මනෙහිදී බොහෝ කැනේඩියානු ඇස්කිමෝ ජනයා වෙලද කටයුතු, රජයේ පරිපාලන තනතුරු ආදියට එක්ව ඇත. කැනේඩියානු රජය විසින් ධීවර කර්මාන්තය හා ඇස්කිමෝ අත්කම් සදහා විශාල වශයෙන් ආධාර ලබාදී ඇත. එසේම කැනඩා රජය ඇස්කිමෝවරැන් සදහා මූල්‍ය ආධාර ලබාදීම හා සෞඛ්‍ය ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
ග්‍රීන්ලන්තය වසර 573ක් ඩෙන්මාර්කයට යටත් කොලණියක් ලෙස පාලනය වී දැන් ඩෙන්මාර්ක් ප්‍රාන්තයකි. ග්‍රීන්ලන්තයේ 50000 ක පමණ ඇස්කිමෝ ජනගහනයක් ජීවත්වේ. 1900 වසරේදී පමණ ඔවුන් වාණිජ ධීවර කර්මාන්තයට යොමුවී ඇත. ඩෙන්මාර්ක් රජය එස්කිමෝවරුන්ගේ අධ්‍යාපන නිවාස හා සෞඛ්‍ය සංවර්ධනයට මෙන්ම නිෂ්පාදන හා සේවා අංශයේ රැකියා පුහුණුවටද පහසුකම් සපයයි.
උතුරු ග්‍රීන්ලන්තයේ ජීවත්වන ඇස්කිමෝවරුන් තවමත් සාම්ප්‍රදායික ජීවන ක්‍රමයක් අනුගමනය කරනු දැකිය හැක.
දැනුම පොතට . . .. දි. මු දුමින්ද දිසානායක ලිපියක් ඇසුරින් .
හිමෙහි වසන ඇස්කිමෝ