Estara පාවිච්චි කරන්නෙ කවුද ?

bladeable

Well-known member
  • Aug 25, 2012
    2,164
    2,380
    113
    දන්න කෙනෙක් use කලා වැඩක් උනෙ නෑ , හැබැයි උන් කියනව ඕක ගාල ගොඩක් වෙලා massage කරන්න කියල , product එක කෙසේ වෙතත් නිකන් හරි ඔලුව massage කරනවනන් කොන්ඩෙ වැවෙනව හොදට. කාටහරි ඕක වැඩ කලත් ගොඩක් වෙලාවට වෙලා තීන්නෙ head massage එක නිසා කොන්ඩෙ වැවෙන එක නැතුව product එක නිසා නෙවෙයි.
     
    • Like
    Reactions: Piyathissa

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    492
    485
    63
    Estara hair miracle ක්‍රීම් එක යූස් කරන්නෙ කවුද බං? කොන්ඩෙ ආවද උබලගෙ?

    math use kara melo wedak ne. gannaa epa. kohomath konde yana ekaa cream walin nawattanna be yako. ehema puluwannam kattiya transplant karanne mokatada. mageth gradually adu wegana yanawa. eka accept karalaa hitapan. transplant thama denata hodama ma option eka - but eke side affects thiyanawada nedda danne ne
     
    Daws

    Well-known member
  • Nov 27, 2025
    352
    318
    63
    Colombo
    oya wage products wadak na mcn, minoxidil wage ewa hodai kiyanawa. eet ewa digatama use karanna one lu.

    uba mehema karala masa 4k witara balapan.

    1. keells eken eke tiyena hodama virgin coconut oil eka ganna. eka satiyata dawas 3k witara gaala hodata oluwa massage karanna. Meken ube konde protein loss eka godak adu wenawa. Coconut oil wala molecules podi nisa oluwata absorb wenawa hodata. tel gaala massage karala paya bagayak wat inna one. eeta passe shampoo eka parak witarak daala hodanna.

    2. masekata eka parak virgin coconut oil eka salon ekakata aran gihin eka gaala massage karala 10 minutes steam treatment eka karanna. meka karaddi head cover ekak aniwaryen daganna one. nikanma oluwa steam ekata allanna epa.

    3. uba danata pawichchi karana shampoo eka ayin karala keratin shampoo ekak ganna.

    4. hamadaama oluwa hodanne natuwa dawasak ara dawasak oluwa hodanna keratin shampoo eka gaala.

    metika karala balanna masa 4k witara.
     
    • Like
    Reactions: Piyathissa

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,321
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    Estara hair miracle ක්‍රීම් එක යූස් කරන්නෙ කවුද බං? කොන්ඩෙ ආවද උබලගෙ?
    Oka nam danne nehe. meka num badu weda.
    Gala hodata massage karanna ona winadi 5k wage. masen result penawa. Kiriye kenk mai dala tibbe.
    Hebai oka ikmanta iwara wenawa. Call ekak dila hariyatama badu tiyenawada kiyala dena gena yanna.

    46133960_2301792026562393_3420319063258169344_n.jpg

    බානගල ආයුර්වේද ඔසු - Banagala Ayurveda Osu
    https://www.facebook.com/banagalaayurvedaosu

    බානගල ආයුර්වේද ඔසු
    බානගල වෙද මුහන්දිරම් පාර, බානගල, පූගොඩ
    ☎️ 0112404943 0773004999

    සියවස් පහක බානගල වෙද උරුමය​

    image_3af9a244ff.jpg

    බානගල වෙද ගෙදර

    අද ඊයේ ගැන කතා කළත්, දශක කීපයක් එහාට කතා කළත්, සියවස් කිහිපයක් එපිටට ගියත් බානගල වෙදකම කී විට නොදන්නා කනෙකු නැති තරම්ය. එපමණටම බානගල වෙදකම ප්‍රසිද්ධය. කොටින්ම සුද්දන් පවා මවිතයට පත් කළ හෙළ වෙදකමක් බානගල පරපුරේ තිබිණ. අවුරුදු හාර පන්සියයක් පැරණි බානගල වෙද පුස්කොළ පොත් අදත් මතක් කර දෙන්නේ එකී බානගල වෙද ඉතිහාසයයි.

    රජුන් නම් රජුන්ට ද, සුද්දන් නම් සුද්දන්ට ද, පොඩි මිනිහා නම් පොඩි මිනිහාට ද, බානගල වෙදකම දෙකක් නොවීය. සියවසකට පමණ එහාදී හංවැල්ලේ සිට බානගල වෙද මැදුරට කිලෝමීටර් දහයක් පමණ දුර රෝගීන් ගෙන ඒමට කරත්ත දහයක් දොළහක් වැඩ කළ බව බානගල වෙද මැදුරේ දැනට වෙදකම් කරන නලීන් පාලිත බානගල වෙද මහතා පැවසීය.

    image_1278db9e4a.jpg

    ඔහු වෙද පරපුරේ ඉතිහාසය සෑහෙන දුරට දනී. පසුගියදා මේ ලිපිය වෙනුවෙන් නලීන් පාලිත බානගල වෙද මහතාත්, රොබට් බානගල සුදු වෙද රාළහාමිගේ පුත් දම්පිය බානගල මහතාත් හමුවීමු. ඔවුන් පවසන පරිදි බානගල වෙදකම කෝට්ටේ රජ දවස දක්වා ඈතට දිවේ.

    “මේ බානගල පාරම්පරික වෙදකම පැවැත එන්නේ හිස්සැල්ලේ සිටි අලගියවන්න මුකවෙටිතුමාගේ මාමාගේ පරම්පරාවෙන්. ඒ කියන්නේ සීතාවක රාජසිංහ රජතුමා රජකම් කළ අවධිය. මේ වෙදකමේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ එක්දහස් පන්සිය ගණන්වලට ගියත් අපට නිශ්චිතව කිවහැකි ඉතිහාසය එක්දහස් හත්සිය ගණන් දක්වා වගේ විතරයි.

    ඒ කාලයේ දනියෙල් බානගල වෙද මහත්තයා මේ බානගල වෙද ගෙදර වෙදකම් කරලා තියෙනවා. පස්සේ පිස්සු නරියෙක් කාල ඔහු මියගිය බව අපේ තාත්තා, සීයා කියලා තියෙනවා.
    මේ දනියෙල් බානගල වෙද මහත්තයට පුත්තු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ගම්මුලාදෑනියා. අනිත් පුතා අදෝනිස් බානගල කියලා. එයා තාත්තාගෙන් වෙදකම ඉගෙනගෙන තියෙනවා. මේ අදෝනිස් බානගල වෙද මහත්තයා ලු‍ණුගම පැරකුම්බා රජ මහා විහාරයේ වැඩ හිටපු බජ්ජංගොඩ ගුණානන්ද කියලා හාමුදුරු නමකගෙනුත් වෙදකම ඉගෙන ගෙන තියෙනවා.

    ඒ කාලේ තමයි බානගල වෙද පරම්පරාවට අලි අරන් තියෙන්නේ. ඒ කාලෙ හැටියට පස් දෙනෙක් එකතු වෙලා රුපියල් සීය ගානේ පන්සියයක් එකතු කරලා මුලින්ම අලියෙක් අරන් තියෙන්නේ 1887 අවුරුද්දෙ. පස්සේ අදෝනිස් බානගල වෙද මහත්තයා අනික් අය හතර දෙනාට ඒ අයගේ මුදල ගෙවලා අලියා බානගල වෙද පරම්පරාවටම අයිති වෙන විදිහට මිලට අරන් තියෙනවා. ඒ කාලේ පනාමුරේ ඇත් ගාල එහෙම තිබුණ කාලේ. මේ පනාමුරේ ඇත් ගාලට අලි අල්ලන්න වෙද මහත්තයා අලියා දීලා තියෙනවා. එහෙම අලි අල්ලන්න උදව් වුණාම ඉතින් නිකනුත් අලි හම්බවෙලා තියෙනවා. බානගල දළ ඇතා සහ තවත් ඇතින්නක් වෙනම අදෝනිස් බානගල වෙද රාළහාමි මිලට අරන් තියෙනවා. කොහොමහරි අපි අහල තියෙන හැටියට බානගල වෙද පරම්පරාවේ අලි දාහතරක් වගේ ඉඳලා තියෙනවා.” බානගල මහතා පැවසීය.
    “එතකොට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් වෙද මුහන්දිරම් පදවියකුත් බානගල වෙද පරම්පරාවට පිරිනැමුණා නේද?” මම විමසීමි.

    “ඒක මෙහෙමයි වුණේ. අදෝනිස් බානගල වෙද රාළහාමිට පුතෙක් හිටිය, පුංචි සිං‌ඥො බානගල කියලා. එයා ඉපදිලා තියෙන්නෙ 1887 දෙසැම්බරේ. ඒ තමයි අපේ සීයා.” නලීන් බානගල මහතා පැවසීය.
    පුංචි සිං‌ඥො බානගල ඒ කාලේ රටේ ප්‍රසිද්ධ වෙලා හිටියෙ වෙද රජ්ජුරුවෝ කියලා. එයා අදෝනිස් බානගල පියාගෙනුත්, යටිනුවර සියඹලාගොඩ පන්සලේ විහාරාධිපති හාමුදුරුවන්ගෙනුත්, බැලු‍ම්මහර උත්තරමූල පිරිවනේ රඹුක්පොත ඉන්ද්‍රජෝති හිමියන්ගෙනුත් පරම්පරා වෙදකම ඉගෙනගෙන තියෙනවා. පුංචි සිං‌ඥො බානගල වෙද රාළහාමි හොඳින් නාඩි ශාස්ත්‍රය ප්‍රගුණ කළ අයකු බව සඳහන් වෙනවා. ඒ කාලේ සමහරු මෙතුමා ‘නාඩි රජා’ කියන විරුදාවලියෙනුත් හඳුන්වලා තියෙනවා.
    ඇත්තටම බානගල වෙදකම මුල ඉදන්ම ප්‍රසිද්ධ වුණේ සර්වාංග වෙදකමක් විදිහටයි. පරම්පරාවේ පුස්කොල පොත් පවා බොහොමයක් තියෙනවා. විශේෂයෙන් නිදන්ගත රෝග චිකිත්සාවේ ප්‍රවීණත්වයක් බානගල වෙද පරම්පරාව සතුව තිබිලා තියෙනවා. මෙතෙක් කිසිම වෙද පරම්පරාවක නොවුණ වාතභංග තෛලය හා බෝධිසත්ව තෛලය බානගල වෙදකමේ එකක්. පක්ෂාඝාත, ආතරයිටීස්, රක්තවාත, වාතරක්ත, උන්මාද, දියවැඩියාව, ඇදුම, කුෂ්ට රෝග මේ ආදී සියලු‍ සර්වාංග රෝගවලට බානගල වෙද මැදුරේම තෙල් බේත් හදලා රෝගීන්ට දීලා තියෙනවා.

    image_ce3b283907.jpg

    ------ Post added on Aug 20, 2026 at 5:53 PM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,321
    13,211
    113
    33
    ෆින්ලන්ඩ්
    පුංචි සිං‌ඥො බානගල වෙද රාලහාමි කිව්වම ඒ කාලේ සුද්දෝ පවා බෙහෙත් ගන්න ඇවිත් තියෙනවා. හංවැල්ලේ ඉඳන් බානගල වෙද මැදුරට විතරක් කරත්ත 10-12 කට වඩා වැඩ කළා කියන්නේ මේ අවධියේදීයි. ලෙඩ්ඩු ගේන්න ගෙනියන්න. දවසට ලෙඩ්ඩු හාර පන්සියයක් බලනවා. කලින්දා හදපු බේත් ඉවරවෙනකල් බෙහෙත් දීලා තියෙනවා. මේ නිසා පුංචි සිං‌ඥො බානගල වෙද රාළහාමි මිනිස්සු හැඳින්වූයේ ‘බානගල වෙද රජ්ජුරුවෝ’ කියලා. ඒ තරම් ගෞරවයක්, පිළිගැනීමක් බානගල වෙද පරපුරට එක්දහස් අටසිය ගණන්වල ඉඳන් වැඩිවෙලා තියෙනවා. සුදු අධිරාජ්‍යවාදීන් පවා බෙහෙත් ගන්න බානගල වෙද මැදුරට ඇවිත් තියෙනවා. ඒ අයත් ‘බානගල වෙදකම’ ගැන මවිතයට පත් වෙලා තියෙනවා. ඊට පසුව තමයි 1934 දී ඉංග්‍රීසි ආණ්ඩුව සීයාට කරන උපහාරයක් විදියට ‘වෙද මුහන්දිරම්’ කියන පදවි නාමය පිරිනමලා තියෙන්නෙ.
    එදායින් පසුව සීයා ප්‍රසිද්ධ වුණේ පුංචි සිං‌ඥො බානගල වෙද මුහන්දිරම් රාළහාමි විදියටයි. බානගල අවට ප්‍රදේශයේ මාර්ග කීපයක්ම මුහන්දිරම්තුමාගේ පෞද්ගලික වියදමින් ඒ කාලේ හදලා තියනවා. එතුමා 1950 වර්ෂයේදී අභාවයට පත් වුණා.” නලීන් පාලිත බානගල වෙද මහතා අපට පැවසීය.

    පුංචි සිං‌ඥො බානගල වෙද රාළහාමිට දරුවෝ පස් දෙනෙක් වූහ. ඉන් වැඩිමල් දරුවා වූයේ රොබට් බානගල මහතාය. රොබට් බානගල මහතාගේ පුත් දම්පිය බානගල මහතා ද පසුගිය දිනක අපට හමු විය. ඔහු සිය පියා ගැන මතකය අවදි කළේ මෙලෙසිනි.

    “අපේ තාත්තා රොබට් බානගල සුදු වෙද රාළහාමි. එයා ඉපදිලා තියෙන්නෙ 1919 අවුරුද්දේ. තාත්තා නාලන්ද විද්‍යාලයේ ඉගෙනගෙන වෛද්‍ය විද්‍යාලයට තේරිලා තියෙනවා. නමුත් පසුව වෛද්‍ය විද්‍යාලයෙන් ඉවත් වෙලා ඇවිත් වෙද මුහන්දිරම් රාළහාමිගෙන් පරම්පරා වෙදකම ඉගෙනගෙන තියෙනවා. තාත්තා බානගල බෙහෙත් කරපු අවධියත් විශේෂයි. ඒ කාලෙත් දවසකට ලෙඩ්ඩු තුන් හාර සීයකට වඩා තාත්තා බලලා තියෙනවා. එතුමා වඩා ප්‍රසිද්ධ වුණේ ‘සුදු වෙද රාළහාමි’ කියලයි. ඒ කාලේ වුණත් සමහර දාට උදේ 10.00 - 11.00 වෙද්දි හදපු බෙහෙත් ඉවර වෙනවා. ඉතින් ලෙඩ්ඩු පසුවදාට බෙහෙත් ගන්න වෙද ගෙදරම නැවතිලා ඉන්නවා. මෙතුමාත් නාඩි බලා වෙදකම් කිරීමේ ඉහළ හැකියාවක් තිබුණ කෙනෙක්.
    කලින් කියපු පුංචි සිං‌ඥො බානගල වෙද මුහන්දිරම් රාළහාමියි, රොබට් බානගල වෙද රාළහාමියි වෙදකම් කළ කාලයේ ඩී.එස් සේනානායක මහත්තයා, ඩඩ්ලි සේනානායක මහත්තයා, බණ්ඩාරනායක මහත්තයා, ප්‍රේමදාස මහත්තයා ‌පුංචි කාලෙදි බේත් ගන්න ඇවිත් තියෙනවා. රොබට් බානගල වෙද රාලහාමි බොහොම ළඟින් ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහත්තයා ඇසුරු කළා. එතුමා නිතරම බානගල වෙද ගෙදරට ආව ගිය කෙනෙක්.

    රොබට් බානගල වෙද මහත්මයා භාෂා කීපයක් දැනගෙන හිටපු කෙනෙක්. ඒ කාලෙත් වෙද මුහන්දිරම්තුමාගේ කාලෙත් ඉන්දියාව, මාලදිවයින වගේ ගොඩක් රටවලින් අය බෙහෙත් ගන්න බානගල වෙද ගෙදරට ආවා. අපේ තාත්තට දරුවො තුන්දෙනයි. මම, දම්පිය බානගල, අයියා විකලාංග රෝග විශේෂඥ ශල්‍ය වෛද්‍ය උපාලි බානගල, අක්කා අයෝමා බානගල. අපට උගන්වන්න ඕනැ නිසා 1961 දි වගේ තාත්තා කොළඹ ඩික්මන් පාරේ ගෙවල් අරන් පදිංචියට ආවා. ඒ ආවත් මුල් කාලේ ඩික්මන් පාරේ ගෙදර ඉඳන් බානගලට යනවා බේත් කරන්න. කොහොමහරි පසුව ගමන් අපහසුව නිසා ඩික්මන් පාරේ ගෙදරදීම බේත් කළා. රොබට් බානගල වෙද මහත්තයා තමයි, පූගොඩ ඕවිටිගම බෝධිරාජ පාසලේ බානගල ගොඩනැගිල්ල හැදුවේ. ඒ වගේම කපුගොඩ පුරාණ මහා විහාරයේ චෛත්‍යය හැදුවෙත් තාත්තා මුල්වෙලා පෞද්ගලික මුදල්වලින්. ඒ විතරක් නෙවෙයි, ලු‍ණුගම පැරකුම්බා විද්‍යාලය හදන්නත් තාත්තා මුල්වෙලා තියනවා. වෙද මුහන්දිරම්තුමාත් තාත්තාත් බේත් කළ කාලයේ වෙදගෙදර සේවකයන් 60 දෙනකුට වඩා හිටියා. බේත් හදන්න විතරක් සේවකයොත් දහයකට වඩා හිටියා.”

    රොබට් බානගල සුදු වෙද රාළහාමි මියගියේ 1969 සැප්තැම්බර් මාසයේය. එතුමාගේ දේහය බානගල වෙද ගෙදරට ගෙන ආ අතර ඒ කාලයේ හැටියට ගාල්ල, මාතර, අනුරාධපුර ආදී දුරබැහැර ප්‍රදේශවලින් පවා බේත් ගත් ජනතාව වැල නොකැඩී අවමඟුලට ඇදී ආහ. කොයි තරම් සෙනඟක් දේහය බැලීමට ආවාද යත් දින හතක් දේහය තබා ගන්නට සිදු වූ බව කියැවේ.

    රොබට් බානගල සුදු වෙද රාළහාමිගෙන් පසු ඔහුගේ මල්ලි කෙනකු වූ සෝමරත්න බානගල මහතා ‘බානගල වෙදකම’ ආරම්භ කළේය. ඔහු කා අතරත් ප්‍රසිද්ධ වූයේ චූටි රාළහාමි හැටියටය. එතුමා 1964 පමණ සිට 1989 පමණ යුගය දක්වා බානගල වෙද ගෙදර වෙදකම් කර තිබේ. සෝමරත්න බානගල වෙද රාළහාමිගේ පුතා වන්නේ දැන් බානගල පරම්පරා ෙවද මැදුරේ ප්‍රතිකාර කරන නලීන් පාලිත බානගල වෙද මහතාය.
    “චූටි වෙද රාළහාමි වෙදකම් කළ කාලයේ මල්වතු පාර්ශ්වයේ වැඩසිටි හාමුදුරුවරු බොහෝ දෙනෙක් සමීපව ඇසුරු කළා මට මතකයි. ජනවාරි පළවෙනිදට මල්වතු විහාර පාර්ශ්වයේ මහා සඟරුවන නුවර ඉඳන් වෙද ගෙදරට වැඩම කරනවා. ඒ අතරේ පහමුණේ නායක හාමුදුරුවෝ, රඹුක්වැල්ලේ නායක හාමුදුරුවෝ, සිරිමල්වත්තේ ආනන්ද නායක හාමුදුරුවෝ, මඩුගල්ලේ සුමන සිද්ධාර්ථ නායක හාමුදුරුවෝ වැඩම කළා.”
    බානගල වෙද පරපුරේ ඊළඟ පරම්පරාව හැටියට නලීන් පාලිත බානගල වෙද මහතාගේ පුත් ටිතිර දහම් බානගල මහතා වෙදකම හදාරයි. නලීන් පාලිත බානගල වෙද මහතා පරම්පරා වෙදකමට හසල දැනුමැත්තෙකි. යක්කල ආයුර්වේදයෙන් ද වෛද්‍ය ශාස්ත්‍රය හදාරා ඇත. එතුමාගේ බිරිඳ මල්කාන්ති රද්දල්ගොඩ බානගල මහත්මිය පුරාණ හිඟු‍ල රාජකීය වෙද පරම්පරාවේ (පසුව පස්යාල වෙද පරම්පරාවේ) සාමාජිකාවකි.

    බානගල වෙද මැදුරට යාව පිහිටි බානගල පරම්පරාවේ මහ ගෙදර ‘ධන්මන්තරී මන්දිරය’ ලෙස ප්‍රසිද්ධය. එය පැරණි වලව් ගෘහ නිර්මාණ ලක්ෂණ බැලූ බැලූ අතින් කැටිකොට පෙන්වයි.

    වෙද ගෙදරට ඇතුළු වන තැන ඇත්තේ පුරාණ නිවෙස්වල පමණක් පැවති පැරණි වාහල්කඩකි.
    “ඔය වාහල්කඩ හදලා තියෙන්නේ ප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් වෙච්ච පී.බී. උම්බිච්චි කියලා මහත්තයෙක්. එතුමාට අංශභාග රෝගය තිබිලා තියෙනවා. ඒ රෝගය සුව කරල තියෙන්නෙ අපේ සීයා, පුංචි සිං‌ඥො බානගල වෙද මුහන්දිරම්තුමා. එයාට කරන උපහාරයක් විදිහටයි මේ වාහල්කඩ පිහිටුවලා තියෙන්නේ.” පාලිත බානගල වෙද මහතා පැවැසීය.

    සැබැවින්ම බැලූ බැලූ අත පෙනෙන්නේ පුරාණ ගෘහ නිර්මාණ ලක්ෂණයි. පැරණිකම අලු‍ත් බවට හරවා ගත්තත් ඒ පැරණිකම එලෙසම පෙනෙයි. එකී රැකගැනීම බානගල වෙද ගෙදර අභිමානය, බානගල වෙද ගෙදර වංශකතාව තවමත් එලෙසම ජීවමාන කරයි. කෙටියෙන් කියනවා නම් බානගල වෙද ගෙදර බෙහෙත් ද පැරැණි සම්ප්‍රදායටම එගුණ රකිමින් අදත් තඹ හැලිවල නිෂ්පාදනය වේ. සැබෑ පාරම්පරිකත්වය ඇස්වලින්ම දකින්නට ද ඉඩහැර තිබෙයි.

    විශේෂ ස්තුතිය - නලීන් බානගල වෙද මහතාට සහ දම්පිය බානගල මහතාට

    https://www.lankadeepa.lk/sunday/thaksalawa/සියවස්-පහක-බානගල-වෙද-උරුමය/55-596450
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    905
    687
    93
    දන්න කෙනෙක් use කලා වැඩක් උනෙ නෑ , හැබැයි උන් කියනව ඕක ගාල ගොඩක් වෙලා massage කරන්න කියල , product එක කෙසේ වෙතත් නිකන් හරි ඔලුව massage කරනවනන් කොන්ඩෙ වැවෙනව හොදට. කාටහරි ඕක වැඩ කලත් ගොඩක් වෙලාවට වෙලා තීන්නෙ head massage එක නිසා කොන්ඩෙ වැවෙන එක නැතුව product එක නිසා නෙවෙයි.
    සතියක් වගේ ඇති ගාන්න අරං. මං එහෙම මසාජ් කරන්නෙ නන් නෑ ලොකු වෙලාවක්. කරන්න බයයි බං තියෙන කෙස් ගස් ටිකත් ගැලවිලා යාවි කියල බයයි.
    ජිම් එකට ගිහින් ඇවිල්ල නාන්න කලින් මේක ගාල නාන එක තමා කරන්නෙ
    මගෙ ඔලුවට දාඩිය දානව බං පොඩ්ඩ ඇත්තං. යන්තන් සැර කෑමක් කෑවමත් හරියට දාඩිය දානව. ඒකෙ සීන් එකක් ඇතිද මේකට සම්බන්ද?
    අනික ඇග විතරක් හේදුවම තේරෙනව ඔලුවට නිකං දාඩියය්, කසනව වගේ. ඔලුවටත් වතුර ටිකක් අතින් හරි දාගන්න ඕනෙ නැත්තං කසනව වගේ. ඒක හේතුවක් වෙන්න ඇතිද?

    මගෙ විටමින් හරි මොනා හරි අවුල් ඇතිද? ජොබ් එක නං ටිකක් ස්ට්‍රෙස්.

    Mul dawas tike geewa....dan kammaliy...indala hitala mathak unoth ganwa... 🙄
    උබට කිසිම ප්‍රතිඵලයක් නැද්ද?
    ------ Post added on Aug 20, 2026 at 6:13 PM

    oya wage products wadak na mcn, minoxidil wage ewa hodai kiyanawa. eet ewa digatama use karanna one lu.

    uba mehema karala masa 4k witara balapan.

    1. keells eken eke tiyena hodama virgin coconut oil eka ganna. eka satiyata dawas 3k witara gaala hodata oluwa massage karanna. Meken ube konde protein loss eka godak adu wenawa. Coconut oil wala molecules podi nisa oluwata absorb wenawa hodata. tel gaala massage karala paya bagayak wat inna one. eeta passe shampoo eka parak witarak daala hodanna.

    2. masekata eka parak virgin coconut oil eka salon ekakata aran gihin eka gaala massage karala 10 minutes steam treatment eka karanna. meka karaddi head cover ekak aniwaryen daganna one. nikanma oluwa steam ekata allanna epa.

    3. uba danata pawichchi karana shampoo eka ayin karala keratin shampoo ekak ganna.

    4. hamadaama oluwa hodanne natuwa dawasak ara dawasak oluwa hodanna keratin shampoo eka gaala.

    metika karala balanna masa 4k witara.
    මට හරියට දාඩිය දානව බං ඔලුවට. හැමදාම වොශ් දාල වතුර ටිකක් හරි ගාගන්නව ලාවට නැත්ත කසනව අම්බාන්ට
    ------ Post added on Aug 20, 2026 at 6:15 PM

    oya wage products wadak na mcn, minoxidil wage ewa hodai kiyanawa. eet ewa digatama use karanna one lu.

    uba mehema karala masa 4k witara balapan.

    1. keells eken eke tiyena hodama virgin coconut oil eka ganna. eka satiyata dawas 3k witara gaala hodata oluwa massage karanna. Meken ube konde protein loss eka godak adu wenawa. Coconut oil wala molecules podi nisa oluwata absorb wenawa hodata. tel gaala massage karala paya bagayak wat inna one. eeta passe shampoo eka parak witarak daala hodanna.

    2. masekata eka parak virgin coconut oil eka salon ekakata aran gihin eka gaala massage karala 10 minutes steam treatment eka karanna. meka karaddi head cover ekak aniwaryen daganna one. nikanma oluwa steam ekata allanna epa.

    3. uba danata pawichchi karana shampoo eka ayin karala keratin shampoo ekak ganna.

    4. hamadaama oluwa hodanne natuwa dawasak ara dawasak oluwa hodanna keratin shampoo eka gaala.

    metika karala balanna masa 4k witara.
    Minoxidil පිරිමි අයගෙ සෙක්ශුවල් performance වලට බලපානව නේද? හැමදාම ගානව කියන්නෙ හැමදාම performance අඩු වෙනවනෙ නේ?
    ------ Post added on Aug 20, 2026 at 6:17 PM

    Oka nam danne nehe. meka num badu weda.
    Gala hodata massage karanna ona winadi 5k wage. masen result penawa. Kiriye kenk mai dala tibbe.
    Hebai oka ikmanta iwara wenawa. Call ekak dila hariyatama badu tiyenawada kiyala dena gena yanna.

    46133960_2301792026562393_3420319063258169344_n.jpg

    බානගල ආයුර්වේද ඔසු - Banagala Ayurveda Osu
    https://www.facebook.com/banagalaayurvedaosu

    බානගල ආයුර්වේද ඔසු
    බානගල වෙද මුහන්දිරම් පාර, බානගල, පූගොඩ
    ☎️ 0112404943 0773004999

    සියවස් පහක බානගල වෙද උරුමය​

    image_3af9a244ff.jpg

    බානගල වෙද ගෙදර

    අද ඊයේ ගැන කතා කළත්, දශක කීපයක් එහාට කතා කළත්, සියවස් කිහිපයක් එපිටට ගියත් බානගල වෙදකම කී විට නොදන්නා කනෙකු නැති තරම්ය. එපමණටම බානගල වෙදකම ප්‍රසිද්ධය. කොටින්ම සුද්දන් පවා මවිතයට පත් කළ හෙළ වෙදකමක් බානගල පරපුරේ තිබිණ. අවුරුදු හාර පන්සියයක් පැරණි බානගල වෙද පුස්කොළ පොත් අදත් මතක් කර දෙන්නේ එකී බානගල වෙද ඉතිහාසයයි.

    රජුන් නම් රජුන්ට ද, සුද්දන් නම් සුද්දන්ට ද, පොඩි මිනිහා නම් පොඩි මිනිහාට ද, බානගල වෙදකම දෙකක් නොවීය. සියවසකට පමණ එහාදී හංවැල්ලේ සිට බානගල වෙද මැදුරට කිලෝමීටර් දහයක් පමණ දුර රෝගීන් ගෙන ඒමට කරත්ත දහයක් දොළහක් වැඩ කළ බව බානගල වෙද මැදුරේ දැනට වෙදකම් කරන නලීන් පාලිත බානගල වෙද මහතා පැවසීය.

    image_1278db9e4a.jpg

    ඔහු වෙද පරපුරේ ඉතිහාසය සෑහෙන දුරට දනී. පසුගියදා මේ ලිපිය වෙනුවෙන් නලීන් පාලිත බානගල වෙද මහතාත්, රොබට් බානගල සුදු වෙද රාළහාමිගේ පුත් දම්පිය බානගල මහතාත් හමුවීමු. ඔවුන් පවසන පරිදි බානගල වෙදකම කෝට්ටේ රජ දවස දක්වා ඈතට දිවේ.

    “මේ බානගල පාරම්පරික වෙදකම පැවැත එන්නේ හිස්සැල්ලේ සිටි අලගියවන්න මුකවෙටිතුමාගේ මාමාගේ පරම්පරාවෙන්. ඒ කියන්නේ සීතාවක රාජසිංහ රජතුමා රජකම් කළ අවධිය. මේ වෙදකමේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ එක්දහස් පන්සිය ගණන්වලට ගියත් අපට නිශ්චිතව කිවහැකි ඉතිහාසය එක්දහස් හත්සිය ගණන් දක්වා වගේ විතරයි.

    ඒ කාලයේ දනියෙල් බානගල වෙද මහත්තයා මේ බානගල වෙද ගෙදර වෙදකම් කරලා තියෙනවා. පස්සේ පිස්සු නරියෙක් කාල ඔහු මියගිය බව අපේ තාත්තා, සීයා කියලා තියෙනවා.
    මේ දනියෙල් බානගල වෙද මහත්තයට පුත්තු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ගම්මුලාදෑනියා. අනිත් පුතා අදෝනිස් බානගල කියලා. එයා තාත්තාගෙන් වෙදකම ඉගෙනගෙන තියෙනවා. මේ අදෝනිස් බානගල වෙද මහත්තයා ලු‍ණුගම පැරකුම්බා රජ මහා විහාරයේ වැඩ හිටපු බජ්ජංගොඩ ගුණානන්ද කියලා හාමුදුරු නමකගෙනුත් වෙදකම ඉගෙන ගෙන තියෙනවා.

    ඒ කාලේ තමයි බානගල වෙද පරම්පරාවට අලි අරන් තියෙන්නේ. ඒ කාලෙ හැටියට පස් දෙනෙක් එකතු වෙලා රුපියල් සීය ගානේ පන්සියයක් එකතු කරලා මුලින්ම අලියෙක් අරන් තියෙන්නේ 1887 අවුරුද්දෙ. පස්සේ අදෝනිස් බානගල වෙද මහත්තයා අනික් අය හතර දෙනාට ඒ අයගේ මුදල ගෙවලා අලියා බානගල වෙද පරම්පරාවටම අයිති වෙන විදිහට මිලට අරන් තියෙනවා. ඒ කාලේ පනාමුරේ ඇත් ගාල එහෙම තිබුණ කාලේ. මේ පනාමුරේ ඇත් ගාලට අලි අල්ලන්න වෙද මහත්තයා අලියා දීලා තියෙනවා. එහෙම අලි අල්ලන්න උදව් වුණාම ඉතින් නිකනුත් අලි හම්බවෙලා තියෙනවා. බානගල දළ ඇතා සහ තවත් ඇතින්නක් වෙනම අදෝනිස් බානගල වෙද රාළහාමි මිලට අරන් තියෙනවා. කොහොමහරි අපි අහල තියෙන හැටියට බානගල වෙද පරම්පරාවේ අලි දාහතරක් වගේ ඉඳලා තියෙනවා.” බානගල මහතා පැවසීය.
    “එතකොට ඉංග්‍රීසි ආණ්ඩුවෙන් වෙද මුහන්දිරම් පදවියකුත් බානගල වෙද පරම්පරාවට පිරිනැමුණා නේද?” මම විමසීමි.

    “ඒක මෙහෙමයි වුණේ. අදෝනිස් බානගල වෙද රාළහාමිට පුතෙක් හිටිය, පුංචි සිං‌ඥො බානගල කියලා. එයා ඉපදිලා තියෙන්නෙ 1887 දෙසැම්බරේ. ඒ තමයි අපේ සීයා.” නලීන් බානගල මහතා පැවසීය.
    පුංචි සිං‌ඥො බානගල ඒ කාලේ රටේ ප්‍රසිද්ධ වෙලා හිටියෙ වෙද රජ්ජුරුවෝ කියලා. එයා අදෝනිස් බානගල පියාගෙනුත්, යටිනුවර සියඹලාගොඩ පන්සලේ විහාරාධිපති හාමුදුරුවන්ගෙනුත්, බැලු‍ම්මහර උත්තරමූල පිරිවනේ රඹුක්පොත ඉන්ද්‍රජෝති හිමියන්ගෙනුත් පරම්පරා වෙදකම ඉගෙනගෙන තියෙනවා. පුංචි සිං‌ඥො බානගල වෙද රාළහාමි හොඳින් නාඩි ශාස්ත්‍රය ප්‍රගුණ කළ අයකු බව සඳහන් වෙනවා. ඒ කාලේ සමහරු මෙතුමා ‘නාඩි රජා’ කියන විරුදාවලියෙනුත් හඳුන්වලා තියෙනවා.
    ඇත්තටම බානගල වෙදකම මුල ඉදන්ම ප්‍රසිද්ධ වුණේ සර්වාංග වෙදකමක් විදිහටයි. පරම්පරාවේ පුස්කොල පොත් පවා බොහොමයක් තියෙනවා. විශේෂයෙන් නිදන්ගත රෝග චිකිත්සාවේ ප්‍රවීණත්වයක් බානගල වෙද පරම්පරාව සතුව තිබිලා තියෙනවා. මෙතෙක් කිසිම වෙද පරම්පරාවක නොවුණ වාතභංග තෛලය හා බෝධිසත්ව තෛලය බානගල වෙදකමේ එකක්. පක්ෂාඝාත, ආතරයිටීස්, රක්තවාත, වාතරක්ත, උන්මාද, දියවැඩියාව, ඇදුම, කුෂ්ට රෝග මේ ආදී සියලු‍ සර්වාංග රෝගවලට බානගල වෙද මැදුරේම තෙල් බේත් හදලා රෝගීන්ට දීලා තියෙනවා.

    image_ce3b283907.jpg

    ------ Post added on Aug 20, 2026 at 5:53 PM
    අර බං දෙලුම කියල fb එකේ ඉන්න එකාගෙත් තෙලක් තියෙනව නේද දෙලුම් වලින් හදන? ඌ කියනව හොදයි කියල. Any idea?
    ------ Post added on Aug 20, 2026 at 6:19 PM