Oka nam danne nehe. meka num badu weda.
Gala hodata massage karanna ona winadi 5k wage. masen result penawa. Kiriye kenk mai dala tibbe.
Hebai oka ikmanta iwara wenawa. Call ekak dila hariyatama badu tiyenawada kiyala dena gena yanna.
බානගල ආයුර්වේද ඔසු - Banagala Ayurveda Osu
https://www.facebook.com/banagalaayurvedaosu
බානගල ආයුර්වේද ඔසු
බානගල වෙද මුහන්දිරම් පාර, බානගල, පූගොඩ

0112404943 0773004999
සියවස් පහක බානගල වෙද උරුමය
බානගල වෙද ගෙදර
අද ඊයේ ගැන කතා කළත්, දශක කීපයක් එහාට කතා කළත්, සියවස් කිහිපයක් එපිටට ගියත් බානගල වෙදකම කී විට නොදන්නා කනෙකු නැති තරම්ය. එපමණටම බානගල වෙදකම ප්රසිද්ධය. කොටින්ම සුද්දන් පවා මවිතයට පත් කළ හෙළ වෙදකමක් බානගල පරපුරේ තිබිණ. අවුරුදු හාර පන්සියයක් පැරණි බානගල වෙද පුස්කොළ පොත් අදත් මතක් කර දෙන්නේ එකී බානගල වෙද ඉතිහාසයයි.
රජුන් නම් රජුන්ට ද, සුද්දන් නම් සුද්දන්ට ද, පොඩි මිනිහා නම් පොඩි මිනිහාට ද, බානගල වෙදකම දෙකක් නොවීය. සියවසකට පමණ එහාදී හංවැල්ලේ සිට බානගල වෙද මැදුරට කිලෝමීටර් දහයක් පමණ දුර රෝගීන් ගෙන ඒමට කරත්ත දහයක් දොළහක් වැඩ කළ බව බානගල වෙද මැදුරේ දැනට වෙදකම් කරන නලීන් පාලිත බානගල වෙද මහතා පැවසීය.
ඔහු වෙද පරපුරේ ඉතිහාසය සෑහෙන දුරට දනී. පසුගියදා මේ ලිපිය වෙනුවෙන් නලීන් පාලිත බානගල වෙද මහතාත්, රොබට් බානගල සුදු වෙද රාළහාමිගේ පුත් දම්පිය බානගල මහතාත් හමුවීමු. ඔවුන් පවසන පරිදි බානගල වෙදකම කෝට්ටේ රජ දවස දක්වා ඈතට දිවේ.
“මේ බානගල පාරම්පරික වෙදකම පැවැත එන්නේ හිස්සැල්ලේ සිටි අලගියවන්න මුකවෙටිතුමාගේ මාමාගේ පරම්පරාවෙන්. ඒ කියන්නේ සීතාවක රාජසිංහ රජතුමා රජකම් කළ අවධිය. මේ වෙදකමේ ඉතිහාසය ක්රිස්තු වර්ෂ එක්දහස් පන්සිය ගණන්වලට ගියත් අපට නිශ්චිතව කිවහැකි ඉතිහාසය එක්දහස් හත්සිය ගණන් දක්වා වගේ විතරයි.
ඒ කාලයේ දනියෙල් බානගල වෙද මහත්තයා මේ බානගල වෙද ගෙදර වෙදකම් කරලා තියෙනවා. පස්සේ පිස්සු නරියෙක් කාල ඔහු මියගිය බව අපේ තාත්තා, සීයා කියලා තියෙනවා.
මේ දනියෙල් බානගල වෙද මහත්තයට පුත්තු දෙන්නෙක් හිටියා. එක්කෙනෙක් ගම්මුලාදෑනියා. අනිත් පුතා අදෝනිස් බානගල කියලා. එයා තාත්තාගෙන් වෙදකම ඉගෙනගෙන තියෙනවා. මේ අදෝනිස් බානගල වෙද මහත්තයා ලුණුගම පැරකුම්බා රජ මහා විහාරයේ වැඩ හිටපු බජ්ජංගොඩ ගුණානන්ද කියලා හාමුදුරු නමකගෙනුත් වෙදකම ඉගෙන ගෙන තියෙනවා.
ඒ කාලේ තමයි බානගල වෙද පරම්පරාවට අලි අරන් තියෙන්නේ. ඒ කාලෙ හැටියට පස් දෙනෙක් එකතු වෙලා රුපියල් සීය ගානේ පන්සියයක් එකතු කරලා මුලින්ම අලියෙක් අරන් තියෙන්නේ 1887 අවුරුද්දෙ. පස්සේ අදෝනිස් බානගල වෙද මහත්තයා අනික් අය හතර දෙනාට ඒ අයගේ මුදල ගෙවලා අලියා බානගල වෙද පරම්පරාවටම අයිති වෙන විදිහට මිලට අරන් තියෙනවා. ඒ කාලේ පනාමුරේ ඇත් ගාල එහෙම තිබුණ කාලේ. මේ පනාමුරේ ඇත් ගාලට අලි අල්ලන්න වෙද මහත්තයා අලියා දීලා තියෙනවා. එහෙම අලි අල්ලන්න උදව් වුණාම ඉතින් නිකනුත් අලි හම්බවෙලා තියෙනවා. බානගල දළ ඇතා සහ තවත් ඇතින්නක් වෙනම අදෝනිස් බානගල වෙද රාළහාමි මිලට අරන් තියෙනවා. කොහොමහරි අපි අහල තියෙන හැටියට බානගල වෙද පරම්පරාවේ අලි දාහතරක් වගේ ඉඳලා තියෙනවා.” බානගල මහතා පැවසීය.
“එතකොට ඉංග්රීසි ආණ්ඩුවෙන් වෙද මුහන්දිරම් පදවියකුත් බානගල වෙද පරම්පරාවට පිරිනැමුණා නේද?” මම විමසීමි.
“ඒක මෙහෙමයි වුණේ. අදෝනිස් බානගල වෙද රාළහාමිට පුතෙක් හිටිය, පුංචි සිංඥො බානගල කියලා. එයා ඉපදිලා තියෙන්නෙ 1887 දෙසැම්බරේ. ඒ තමයි අපේ සීයා.” නලීන් බානගල මහතා පැවසීය.
පුංචි සිංඥො බානගල ඒ කාලේ රටේ ප්රසිද්ධ වෙලා හිටියෙ වෙද රජ්ජුරුවෝ කියලා. එයා අදෝනිස් බානගල පියාගෙනුත්, යටිනුවර සියඹලාගොඩ පන්සලේ විහාරාධිපති හාමුදුරුවන්ගෙනුත්, බැලුම්මහර උත්තරමූල පිරිවනේ රඹුක්පොත ඉන්ද්රජෝති හිමියන්ගෙනුත් පරම්පරා වෙදකම ඉගෙනගෙන තියෙනවා. පුංචි සිංඥො බානගල වෙද රාළහාමි හොඳින් නාඩි ශාස්ත්රය ප්රගුණ කළ අයකු බව සඳහන් වෙනවා. ඒ කාලේ සමහරු මෙතුමා ‘නාඩි රජා’ කියන විරුදාවලියෙනුත් හඳුන්වලා තියෙනවා.
ඇත්තටම බානගල වෙදකම මුල ඉදන්ම ප්රසිද්ධ වුණේ සර්වාංග වෙදකමක් විදිහටයි. පරම්පරාවේ පුස්කොල පොත් පවා බොහොමයක් තියෙනවා. විශේෂයෙන් නිදන්ගත රෝග චිකිත්සාවේ ප්රවීණත්වයක් බානගල වෙද පරම්පරාව සතුව තිබිලා තියෙනවා. මෙතෙක් කිසිම වෙද පරම්පරාවක නොවුණ වාතභංග තෛලය හා බෝධිසත්ව තෛලය බානගල වෙදකමේ එකක්. පක්ෂාඝාත, ආතරයිටීස්, රක්තවාත, වාතරක්ත, උන්මාද, දියවැඩියාව, ඇදුම, කුෂ්ට රෝග මේ ආදී සියලු සර්වාංග රෝගවලට බානගල වෙද මැදුරේම තෙල් බේත් හදලා රෝගීන්ට දීලා තියෙනවා.
------
Post added on Aug 20, 2026 at 5:53 PM