අපිට සේවා ගිවිසුමක් කියලා කොලේ වහලා ඇත්තටම ගහන්නේ භාන්ඩ සහ සේවා ගිවිසුමක්.෴෴෴
ආන්ඩුව විසින් යෝජනා කර ඇත ETCA සැකිලි ගිවිසුම කියවූ විට මට හැඟ යන්නේ එය ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට උනපුර්ණයක් ලෙස පමණි. තවම මේ සැකිලි ගිවිසුම තුල අප රටට වාසි දායක තත්වයක් එන කරුණුක් සෙයා ගැනීමට වෙහෙසෙමි.
එසේම මෙහි තොරතුරු තාක්ෂණ සහ නාවික ඉංජිනේරු සේවා ස වෘතියට පමණක් (ඇත්තේ විද්‍යාත්මක සහ තාක්ෂණික යන්නත් එයට අඩංගුවන බව මිස එයට සීමාවෙන බව නොවෙයි,include but not limited to) මේ සීමා වන බවක් දක්වා නැත. ඒනම් ඉදිරිියේදී ඕනෑම ලෙසකට ප්‍රසාර්ණය වීමට අවශ්‍යය ලෙස මේ සැකිළි ගිවිසුම සකසා ඇති බවයි. මෙම සැකිළි ගිවිසුම ඉන්දියාව හා ශ්‍රීලාංකාව අතර වෙන ඕනෑම වෙළඳ ගණුදෙනුවක් සඳහා අදාල කර ගත හැකි ආකාරයටයි නිරමාණය වෙලා තියෙන්නේ.
දැනට ශ්‍රී ලංකාව මෙගා ප්‍රමාණයෙන් පාඩු ලබන ඉන්දු ලංකා ගිවිසුමේ දිගුවක් බව යෝජිත ETCA සැකිළි ගිවිසුමට අනුව පැහැදිලි වේ.
Quote "දැනට පවතින නිදහස් වෙළධ ගිවිසුමේ (ISFTA) ඇතුලත්වන තීරුබදු අඩුකිරීම සඳහා පියවරයන් හෝ ඍණාත්මක ලැයිස්තුවේ ඇතුලත් වන අයිතමයන් ඉවත් කිරීම හෝ ..."
බළලා එළියට එන්නේ මෙතනදීය. දැනටත් ආපසු ගෙනයාමට නොහැකි ලෙස අප රටට ලැබිය යුතු ආදායම අහිමි කරන ගිවිසුමක් තව දුරටත් පුළුල් කිරීමේන් ලබා ගන්නා ආර්ථික වාසි කවරක් ද යන්න මේ ආර්ථික විද්වතුන් අපට පැහැදිලි කළ යුතුව ඇත. තව දුරටත් මෙය තොරතුරු තාක්ෂණ හෝ නාවික ක්ෂේත්‍රයට අදාල කාරණයක් ලෙස සලකා ඔබට නිහඬව සිටිය නොහැක.
ඉන්දියාවේ ඍන ලැයිස්තුව අවම කරගැනීමේන් යම් සහනයක් ලංකාවේ අපනනයන කරුවන්ට ඇතිවිය හැකි බව පෙනෙන්නට ඇත. එයද ඉන්දියාව එකඟ වුවහෝත් පමණි.