eToro නම් තිත්තම වුණා!
මචංල, මම ගිය ඉරිද eToro එකට Skrill එකෙන් $50ක් දැම්ම. ඒත් තාමත් ඒක එකවුන්ට් එකට වැටිල නෑ. Skrill එකේ බැලුවාම $50ක් ලස්සනට අඩුවෙලා තියෙනව.
මම පහුවෙනිදා උදේ පාන්දරම eToro customer care එක contact කරා. උන් කිව්ව, "මම ඔයාට මේල් එකක් දාන්නම්, ඒකට reply එකක් විදියට Skrill transaction එකේ screenshot එකක් attach කරල එවන්න, මම ඒක අදාල තැනට forward කරන්නම්" කියල. මම ඉතිං කිව්ව විදියටම යැව්ව.
ඒත් මුන්ගෙන් සද්දයක් නැති හින්ද මම ආයෙ customer care එක contact කරා. ඒ පාර මුන් කියනව attachment එක ඇවිත් තියෙන්නෙ කෑලිවටල කැඩිල (කොටස් වශයෙන්) ඒක හින්ද ආයෙ එවන්න කියල. (මගෙ attachment එක 500KB වත් නෑ, යැව්වෙ Gmail වලින්).
මම ඒ පාර ආයෙ යැව්ව (පරණ screenshot එකමයි හැබැයි). ඒත් මුංගෙන් සද්දයක් නැති හින්ද මම ආයෙ උන්ව contact කරල ඇහුව ගිය පාර attachment එකට මෙහෙම ප්‍රශ්ණයක් වුණා, මේ පාර attachment එක හරියට ඇවිල්ල තියෙනවද කියල. ඒ පාර උන් කියනව, හරි ඇවිත් තියනව මම මේ වැඩේ කරන්නම් කියල. කොච්චර වෙලාවක් යයිද කියල මම ඇහුවම අදම කරනව කියලත් කිව්ව. ඒත් තාමත් නම් නෑ හැබැයි.
මම ආයෙ සැරයක් contact කරා. කරල ප්‍රශ්නෙ ගැන කතාකරන ගමන් නිකමට වගේ ඇහුව, ඔයාලත් එක්ක Skrill වලින් ගනුදෙනු කරද්දි ඉස්සරහටත් මේ වගේම වෙයිද, Skrill ගණුදෙනු වලදි මේකද eToro එකේ සාමාන්‍ය තත්වය කියලත්. එතකොට ඌ කියනව අපොයි නෑ කියල. ඊට පස්සෙ මම ඇහුවම එහෙනම් දැන් මොකද මේක විතරක් මෙහෙම වෙලා තියෙන්නෙ කියල, ඌ කියනව මේක ඉක්මනට හරිගස්සල දෙන්නම් කියල. කෙලින් උත්තරයක් දෙන්නෙත් නෑ, වැඩේ ගොඩයෑමක් පේන්නෙත් නෑ.
ඔය විදියට දැනට හතර පස් පාරකට වඩා උන්ව contact කරාම ඔය වගේ එක එක විදියෙ ගොං ටෝක් දදා ප්‍රශ්නෙ මගඅරිනව. කෝකටත් කියල හැම chat එකකම transcript එකකුත් මං නිකමට වගේ ගත්ත. දැං මුංගෙ ගොං කතා අහලම මට තිත්ත වෙලා තියෙන්නෙ.
අද උදේත් ආයෙ සැරයක් contact කරන්න ගිය ගමන බැලිංනං මුං online chat එකත් අයින් කරල. (මේ thread එක දාන්න කලිනුත් බැලුව, තාමත් online chat එක නෑ) ඇත්තටම eToro කියන්නෙ $50 ක transaction එකක්වත් හරියට කරගන්න බැරි, ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් දෙන්න බැරි, ප්‍රශ්ණ වලට බයේ online chat offline කරන කොන්දක් නැති හාල්පාරු සමාගමක්ද?
දැං දවස් දෙකකුත් ගිහින් නිසා Skrill එක contact කරලවත් සල්ලි ටික return කරගන්න බැරිවෙයිද මචංල? මම මේකට මොකක්ද දැං කරන්න ඕනෙ?