Bomba gahala 350 k marapu unta othana kriyakari aya hoyala unge family walata gemak dena eka maha loku wadak nemei. Ekai kiwwe oya signal kanuwen transmission gannawanam karanna one de.
මෙහෙම දෙයක් මචං ලෝකෙ ඉන්නම මෝඩම පාලකයා වත් කරන්නෙ නැති දෙයක්.
ඒකට පලමු හේතුව මේ පාරට ඇවිත් ඉන්නෙ රටේ ඉන්න ඉමෝෂනල් ජන රාශිය. මේ අය මොන දෙයින් උනත් ඉක්මනටම ට්ර්ගර් වෙන කට්ටිය. හිතන්න කලින් ට්රිගර් වෙන අය. මේ අය තමයි පාලකයන්ගෙ සම්පත. මේ කට්ටිය මරණ එක පාඩුයි. හරිනම් මරන්න ඕන මේ වෙද්දි ගෙවල් වලට වෙලා ඉන්න අය.
මේ මිනිස්සුන්ගෙ ආකල්ප ක්ෂණිකව ක්රියාමාර්ග කිපයකින් වෙනස් කරන්න පුළුවන්. එක හේතුවක් ඇති මෙතන ඉන්න ක්රියාකාරීම සමාජිකයට ගෝටා සපෝටර් කෙනෙක් බවට පත් වෙන්න. මයින්ඩ් ගේම් කියන්නෙ මේවට.
රජයට දැන් උවමනා පුළුවන් තරම් ඉනැක්ටිව් වෙලා ඉන්නයි. එතකොට ජන කැලබීම එක පැත්තකට යන ගමනක් බවට පත් වෙනවා. ගගක් වගේ පහලට. විසිරිලා ඉන්න ජනතාව යම් නායකත්වයකට එකතු වෙනකම් ඉන්නේ. එහෙමත් නැතිනම් හැමෝම එක මතයකට එනකන් රජය ඉන්නෙ. ඊට පස්සෙ නයා පෙනේ ලගින් ඇල්ලුවම කරගන්න දෙයක්නැති වෙනවා වගේ. රජය අදාල තැනින් අරගලය පික් කරනවා. ඊට පස්සෙ විස දල ගලවනවා.
මම කියන දේ බොරු නම් ටිකක් කල් බලන් ඉන්න වේවි. සමහර විට මේ අරගල කරන උන් දැන් ක්රියාකාරී උන්ටම විරුද්ධව ගේම් ගහන්න බැරි නෑ.
අරගලය රජයට පාලනය කරන්න බැරි වෙන්න නම් මේක කිසිම සංවිධානයක් නැති සංවිධානයක් වෙන්න ඕන. සිංදු කියන එකාට සිංදු කියන්න දෙන්න ඕන. මරාගෙන මැරෙන්න හදන එකාට මරාගෙන මැරෙන්න දෙන්න ඕන. පොත් ලියන එකාට පොත් ලියන්න දෙන්න ඕන. එතකොට මේ අරගලය කිසිම හැඩයක් නැති කොහෙන් ඇල්ලුවත් පිච්චෙන මගුලක් වෙනවා. එකතොටයි රජයට පාලනය කරන්න විදියක් හිතා ගන්න බැරිව යන්නේ. මේක පාලනය කරන්න රජයට මහන්සි වෙන්න වෙනවා. එතකොටයි රජය ටික ටික වීක් වෙන්නෙ.