මචන් ඕක අමුතු දෙයක් නෙවෙයි. සාමාන්යෙන් මිනිස්සු වචන වලින් ඇරෙන්න සන්නිවේදනය කරන විදි තියෙනවා. කවුරු හරි කකුල තාලෙට හිමට තට්ටු කරනවා දැක්කොත් අපිටත් සින්දුවක් මතක් වෙන්නේත් , ආවේගශීලි තැනක හේතුවක් නැතුව ආවේගකාරී තත්වෙකට එන්නෙත් ඒ නිසා.
ඉතින් ඕකට මුකුත් කරන්න යන්න එපා. ඕවා ඉබේම සිද්ධ වෙන්න ඕනේ දේවල්. ඕව බලෙන් කරන්න ගියොත් අනිත් කෙනා එක වැරදියට තෙරුන් ගන්න පුළුවන්. හොඳම උදාහරණෙ උඹ කෙල්ලෙක් එක්ක කෙලින් බලන් කතා කරොත්(අනවශ්‍ය උත්සහයක් දාල), ඒ කෙල්ලත් එක උඹට කරොත් එකෙන් උඹ ලොකුවට රැවටෙන්න පුළුවන් ඒ කෙල්ල උඹට කැමති කියල. සත්තුන්ටනන් කෙලින් බලපුවම උන්ගේ attack mode එකට යන්න පුළුවන්.
අනිත් දේ උඹ අවංක කෙනෙක් නෙවෙයි නං එකත් හේතුවක් වෙන්න පුළුවන්. එහෙමනං ටිකක් open වෙන්න බලන්න අනිත් අය එක්ක උඹ ගැන ඇත්ත කතා කරලා. කොතන හරි කතා කරන්න දෙයක් නැත්තන් එතන ඉඳල වැඩක් නැ. ඒ එතන උඹට නොගැලපෙන හන්ද...