face book girl sucide

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ෆේස්‌බුක්‌ විවාහය කලකිරි විසිඑක්‌ හැවිරිදි තරුණිය දිවිනසාගෙන

ෆේස්‌බුක්‌ ජාලය හරහා මාස 06 ක ඇසුරකින් පසු විවාහ වී එම විවාහ ජීවිතය පිළිබඳව සිත්තැවුලට පත්ව අලව්ව - කිරුවම්පොල ප්‍රදේශයේ තරුණයාගේ නිවසට ඉකුත් (03 දා) පෙ ව. 11.00 ට පමණ පැමිණ කෘමිනාශකයක්‌ පානය කළ තරුණියක සිය දිවි හානිකරගෙන තිබේ.

මෙසේ කෘමි නාශක පානය කර මියගොස්‌ ඇත්තේ සඳලංකාව, නායගම, වෙල්පල්ල පදිංචි වනිගසූරිය පතිරැන්නැහැලාගේ උෂාන් පේෂලා (21) හැවිරිදි තරුණියකි.

එම තරුණියගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (04 දා) සවස කුරුණෑගල ශික්‍ෂණ රෝහලේදී අලව්ව හදිසි මරණ පරීක්‍ෂක ඇස්‌. ඇම්. තිස්‌ස සමරකෝන් සහ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ අධිකරණ වෛද්‍ය නිළධාරි අජිත් ජයසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල ශික්‍ෂණ රොහලේදී පැවැත්විණි.

එහිදී මියගිය තරුණියගේ පෙම්වතා වූ වැලිවිට අංගොඩ ලියනගේ රුමේෂ් මධුසංඛ ලියනගේ (21) යන අය සාක්‍ෂි දෙමින් තමා මෙම තරුණිය හා ෆේස්‌බුක්‌ජාලය හරහා දැන හඳුනාගෙන දිගුකල් ඇසුරකින් පසු විවාහ වූ බවත් ඇයට තම විවාහ ජීවිතය පිළිබඳ ගැටළුවක්‌ නොතිබූ බවත් තමා නිවසේ නොමැති අතර නිවසට කෘමිනාශකයක්‌ රැගෙන පැමිණ එය පානය කර ඇති බවට සාක්‍ෂි දෙමින් එසේ පැවසුවාය.

http://www.divaina.com/2015/03/06/provin08.html