Facebook Ads - Mind Reading?

subash dushmantha

Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මමත් මේ ළගදි මෙට්ටයක් සර්ච් කලා ගුගල් එකේ. දැන් එෆ් බී එකේ මෙට්ට ඇඩ් පේනවා ගොඩක් :confused::confused::confused:
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,273
    113
    FB එකට හදල තියෙන AI එකට දීල තියෙන ටාස්ක් එක තමා යූසර්ව වැඩි වෙලාවක් සයිට් එක ඇතුලෙ රදවගන්න කියන එක.

    මේක AI එක පැත්තෙන් සාර්ථකව කරනව කරන්නෙ මෙහෙමයි.

    එයා අයිඩෙන්ටිෆයි කරගෙන ඉන්නව මෙන්න මේ වගේ අවස්තාවල යූසර් වැඩි වෙලාවක් එෆ් බී එකේ රැදිල ඉන්නව කියල.

    1. මතවාද ගැටුමකදි
    2. තමන්ට ලැබිල නැති දෙයක් වෙන කෙනෙක් ලබාගෙන තියෙන පොස්ට් එකක.
    3. තමන් වැඩිපුර කැමති දෙයක් ගැන බලන්න.
    තව දේවල් තියෙනව ඒත් මූලිකව ඔය 3න ගන්නකො.

    ඊට පස්සෙ ඔතනින් අන්තිම එක ගැන කිව්වොත් ඒ විදියට තමා අපි කැමති දේවල් වල ඇඩ් එන්නෙ පේජස් ගොඩකින් අපි ලොග් වෙනකොටම අපි වැඩිපුට කැමති පොස්ට් එක මුලින් එන්නෙ.

    හැබැයි පළවෙනි දෙක තමා එයා වැඩිපුරම යූසර්ව රදවගන්න භාවිතා කරන විදි දෙක. මේ දෙක එච්චර හොද දෙයක් නෙවෙයි මේ දෙකෙන් යූසර්ගෙ මනසට වෙන බලපෑම වැඩියි. ඩිප්‍රෙෂන් හැදෙන්න පුළුවන් පුළුවන් කිව්වට පුළුවන් නෙවෙයි හැදෙනව.
    ඔය පළවෙනි දෙක නිසා ටික ටික අපේ ඔළුව වැඩ කරන්නෙ නෙගටිව් විදියට. ඕක වැඩි වෙලා තමා වෙන වෙන ප්‍රශ්න වෙන්න පටන් ගන්නෙ.

    ඇත්තටම කිව්වොත් මේ වෙනකොට ෆේස්බුක් එකේ තියෙන AI එක විසින් මිනිස්සුන්ව මැනිපියුලේට් කරනව බොහොම සාර්ථකව, පොඩි හොදකට තියෙන්නෙ තාම ඒක යූස් කරන්නෙ ෆේස්බුක් එක විතරයි. උදාහරණයක් විදියට එෆ්බී එකේ AI එකට පුළුවන් රටක ආණ්ඩුවක් පෙරලන තැන ඉදල මනුස්සයෙක් සියදිවිනසාගන්න තැනට උනත් පත් කරන්න.

    මේ තමයි රියල් වල්ඩ් එකේ AI යූස් වෙන විදිය.

    ඔය උබ අහල තියෙන ටාස්ක් එක වෙන්නෙ මෙහෙමයි අපි දේකට කැමති වෙන්නෙ එක පාර කියල අපි හිතුවට ඒක ස්ටෙප්ස් ගනනාවක අවසාන ප්‍රතිපලය. මුල ස්ටෙප්ස් ටික හරියට අයිඩෙන්ටිෆයි කරොත් ෆයිනල් ස්ටෙප් එක ගෙස් කරන එක ඔය AI එකට බොහොම සිම්පල් වැඩක්.

    එෆ් බී එක එහෙම සෙල්ලම් කරද්දි ගූගල් එක ඔය ටෙක්නොලොජි එකේ ගොඩක් දුර ගිහින් ඒකෙන් මේ වෙනකොට කාටවත් ගැලවෙන්න බැරි තැනට වැඩ සිද්ද කරල තියෙනව.