~Fixed Deposit කතන්දරේ දැනගමුද?~

Aquaman

Member
Jun 12, 2017
304
10
0
Fixed Deposit එකක් දන්න අවම මුදල කීයක්ද​? එක සැරේ Fixed Depositකිහිපයක් බැංකු හා මූල්‍ය ආයතන වල දාන්නපුලුවන් ද​? ඒ කියන්නෙ මම සම්පත් බැංකුවේ Fixed Depositඑකක් දාලා තියෙද්දි softlogic Financeවගේ එකකට ගිහිල්ල තවත් Fixed Depositඑකක් දාන්න පුලුවන් ද​?

:sorry::eek::shocked:
 
  • Like
Reactions: Ithika mithika

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Fixed Deposit කතන්දරේ දැනගමුද?

    කොහොමද මචංලා ජීවිත කතාව? කාලෙකින් අලුත් ත්රෙඩ් එකක් දාන්න හිතුනා ලගදි දැකපු ත්රෙඩ් කීපයක් නිසා ..:yes:
    ස්ඵාවර තැන්පතු :confused:(ඔව් ඔව් ෆික්ස් ඩිපොසිට් /FD තමයි):P ගැන කස්ටිය අහල තියෙනවනේ ( සමහරැ නම් දැනටමත් ආයෝජනය කරලත් ඇති) මෙන්න මේ Fd ගැන පොඩි පොඩි ගැටලු තියෙනවනේ සමහර පුතීලට..
    ඉතිම් අපිත් දන්න කියන දෙයක් මයෙ පුතීලත් එක්ක බෙදාගන්නයි මේ හදන්නෙ.. :)
    එහෙනම් ජේෂ්ඨ උත්තමයන්ගෙනුත් අවසරයි.. අටුවා ටීකා තිප්පනි නැතුව බහිමු කෙලින්ම කතාව⁣ට..:cool:
    ලංකාවෙ ස්තාවර තැන්පත් ගැන කතාකරද්දි මුලින්ම කියන්න ඕනෙ සියලුම බැංකු හා මූල්‍යාතන අධීක්ෂනය කරන්නෙ මහ බැංකුවෙන්!
    නීත්‍යානුකූලව මහජන මුදල් තැන්පත් ලෙස ගන්න නම් මහ බැංකුවෙ ලියාපදිංචි වෙන්න ඕනෙ.:)
    ලංකාවෙ ලියාපදිංචි වානිජ බැංකු 26 ක් සහ විශේෂිත බැංකු 7 ක් තියෙනවා..
    ලියාපදිංචි මුල්‍ය සමාගම් 45 ක් තියෙනවා..:cool:

    ගනුදෙනුකරැවො Fd දාද්දි මේ තුනටම යනවා..:)

    ස්තිර තැන්පතුවක් විවෘත කරද්දි මුලින්ම බලන්න ඕනෙ බැංකුවක දානවද ෆිනෑන්ස් කම්පැනි එකක දානවද කියල..
    බැංකුවක පොලිය අඩුයි , අවදානම අඩුයි
    ෆිනෑන්ස් කම්පැනියක පොලිය වැඩියි, අවදානම වැඩියි (බැංකුවකට සාපේක්ෂව)
    High rates high risk කියන්නෙ මේ කතන්දරේට තමයි පුතීලා...:cool:

    ගනුදෙනුකරැවො (depositors/customers) ,බැංකුවලට සාපේක්ෂව ෆිනෑන්ස් කම්පැනි වල ස්තිර තැංපත් ආයෝජනයට පෙලඹෙනව අඩුයි..:)
    ඒනිසා ෆිනෑන්ස් කම්පැනි වලින් වැඩි පොලියක් දීල කස්ටමස්ල නම්ම ගන්නවා..;)

    Finance companies වල Fd rates වැඩි වෙද්දි ලීසිං රේට් වැඩි වෙනවා , ගනුදෙනුකරැවන්ගෙ Fd වලට වැඩි පොලියක් දෙද්දි, ඒ ගත්ත සල්ලි නැවත ආයෝජනය කරන්නෙ වැඩි පොලියකට.
    ඒකයි Fd & leasing අතර 3%-5% gap එකක් තියෙන්නෙ..
    බැංකු වල Fd rates අඩුයි ඒනිසා පරතරය 3-4,5% වගේ තියා ගත්තම ලීසිං රේට් අඩුයි.. :yes:
    පැහැදිලියිනෙ කතන්දරේ පුතීලා...:)

    දැන් බලමු Fd දාන්න හොදම ආයතනය තෝරා ගන්න විදිය..
    මේක මොලේ පාව්ච්චි කරල කරේ නැත්නං ජීවිත කාලෙම හම්බ කරපු සල්ලි වතුරේ තමයි මචංලා...
    අයියෝ සල්ලි නේ..

    මූලිකවම බලන්න ඕනේ මෙන්න මේ කරැනු තමා මචංලා..
    1)Central bank registered company එකක් වෙන්න ඕනෙ
    2)Ratings BB (stable) වත් වෙන්න ඕනෙ( BB+)
    (Ratings companies -Fitch , Lanka , Icra etc..)
    3)company එක කොච්චර පරනද, stable da?
    4)Director board
    5)Anual report - last fin year profit, Ratios, Npl, branch network , asset base, Diposit base etc
    6)customer service eka
    7)withdrawal, loans Ganna පුලුවන්ද , කොච්චර කල් යනවද?
    8)Rate ( market rate එක බලල high or low, high rates දෙනවනම් ටිකක් හොයල බලන්න ඕනේ

    Fd එකක් දානකොට දාන කාලයක් තියෙනවා
    අවම මාස 1 උපරිම මාස 60 ( අවු 5)

    Bank wala short term rates අඩුයි, ෆිනැන්ස් කම්පැනි වල වැඩියි (current rates)
    මේ දවස්වල බැංකුවල 3,6 months 10%-12% wage yanne..:yes:
    Finance company wala 12%-14% වගෙ
    වයස අවු 60 ට වැඩිනමි බද්දෙන් නිදහස්.
    නැත්නම් උපයන පොලියට 2.5% tax wadinawa.
    Senior citizen kenek joint karama tax wenne 1.25% (2.5/2) :yes:

    අපි Fd daddi, අපෙ ලියවිලි කීපයක් අදාල ආයතනයට දෙන්න ඕනෙ,
    1) Nic ,Pp, or Dl
    2) billing proof (adress wenas nam)
    3) Nominee details ( nominee Nic, pp or Dl)

    Fd open karaddi KYC කියල එකක් ගන්නව. ඒකෙ අපේ සියලු විස්තර ඇතුලත් වෙන විදිය⁣ට විස්තර පුරවන්න වෙනවා..
    අපිට fd open karaddi joint depositor කෙනෙක් ඇතුලත් කරගන්න පුලුවනි. ඒත් ඒ joint holder ta 50% , 50% අයිතියක් හිමිවෙනවා, main holder මියගියොත් සියලු හිමිකම jointer ta ලැබෙනවා..

    පසු අයිතිය nominee දක්වල තියෙනවනම් එයාට කලින් jointerta අයිතිය හිමිවෙනවා..

    එහෙනම් කතන්දරේ පැහැදිලියි නෙ පුතීලා...
    තව කෙනෙක්ට දැනගන්න බම්ප් එකක් වත් දාගෙන යන්න..!!!

    අපි ගියා..!:cool:;):yes:
    ජයීන් ජයීම වීවා.....!:)
    ස්තූතීයි..;):P;
    )


    ..
     
    • Like
    Reactions: Ithika mithika

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වටින ත්‍රෙඩ් එකක්. 8+

    දැන් ගොඩක් බැංකුවල ඔන්ලයින් බෑන්කින් පහසුකම ගත්තම බැංකුවට නොගිහින්ම ස්ථිර තැන්පතු දාන්න පුළුවන්. කොමර්ෂල් බැංකුවේ වගේ නම් 25000 වැඩි ඕනෑම ගානක් ෆික්ස් කරන්න පුළුවන්. කල් පැන්නම මුල් මුදලයි පොළියයි දෙකම ස්වයන්ක්‍රීයව බැංකු ගිණුමටම බාරවෙන විදියට හදන්න පුළුවන්. මේ විදියට මාසෙන් මාසෙ සල්ලි ෆික්ස් කරොත් සාමාන්‍ය පොලිය වගේ දෙගුණයක් පොලිය ගන්න පුළුවන්. කොමර්ෂල් බැංකුවේ වගේනම් ක්ලික්ස් කීපයකින් වැඩේ කරන්න පුළුවන් තරමට සරලයි.
     
    • Like
    Reactions: Supunqw

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    වටින ත්‍රෙඩ් එකක්. 8+

    දැන් ගොඩක් බැංකුවල ඔන්ලයින් බෑන්කින් පහසුකම ගත්තම බැංකුවට නොගිහින්ම ස්ථිර තැන්පතු දාන්න පුළුවන්. කොමර්ෂල් බැංකුවේ වගේ නම් 25000 වැඩි ඕනෑම ගානක් ෆික්ස් කරන්න පුළුවන්. කල් පැන්නම මුල් මුදලයි පොළියයි දෙකම ස්වයන්ක්‍රීයව බැංකු ගිණුමටම බාරවෙන විදියට හදන්න පුළුවන්. මේ විදියට මාසෙන් මාසෙ සල්ලි ෆික්ස් කරොත් සාමාන්‍ය පොලිය වගේ දෙගුණයක් පොලිය ගන්න පුළුවන්. කොමර්ෂල් බැංකුවේ වගේනම් ක්ලික්ස් කීපයකින් වැඩේ කරන්න පුළුවන් තරමට සරලයි.

    අද තාක්ෂණය දියුනු නිසා බැංකු කටයුතු වගේ හැමදේම පට්ට විදියට පහසුයි..!
    Thanks for the comment machan..!
     

    Aquaman

    Member
    Jun 12, 2017
    304
    10
    0
    Many Bank offer higher rate for up to 1 Million..those rates are not mention on public places or web site

    You need to directly talk with bank manager :D