Flying snakes

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අද මම කියන්න යන්නෙ පියාඹන සර්පයියෙක් ගැන.විද්යාත්මකව Chrysopelea නමින් හදුන්වන මෙයා සුලු විශ තියෙන(පොඩි සත්තු දඩයම් කරගන්න හොදටම ප්රමණවත්)පිලිපීනය,ලඔසය,වියට්නාමය,චීනය,ඉන්දියාව වගෙම ලන්කාවෙත් පැතිරිලා ඉන්න සර්පයෙක්. මුන්ගෙ විශේශත්වය තමයි ගසකින් ගසකට පියෑඹීම. මුන්ට සාමන්යෙන් මීටර් 100ක් දුරට පියාඹලා යන්න පුලුවන් ,කුරුල්ලො පියාඹන විදිහට නෙවේ.ගසක මුදුනෙ ඉදලා බිමට හෝ තවත් ගහකට , හම්බාවා(Flying Squirrel) වගෙ.නැතුව බිම ඉදල උඩට පියාඹින්න මුන්ට බැහැ. මෙයාල සාමාන්යයෙන් ඇග රවුම් උනාට ග්ලයිඩ් වෙනකොට ඇග පැතලි කර ගන්නවා.එවගෙම මෙයාල ගස් නගින්නත් හරිම දක්ෂයි.මෙන්න මෙ පහල තියෙන විඩියො 2ක බලන්න





    2mh8wtw.png


    හම්බාවා(Flying Squirrel) දන්නෙ නැතිඋන් බලගනින්,

    Biswamoyopterus.jpg


    Flying snakes වර්ග පහක් දැනට හොයාගෙන තියෙනවා.මෙන්න ඒ 5 දෙනා

    1. Golden tree snake or ornate flying snake, Chrysopelea ornata

    Chrysopelea_ornata.jpg

    chrysopelea-ornata--chrysopelea-ornata.jpg


    මූ තමයි ලොකුම වර්ගය උපරිම අඩි 4 ක් වගෙ දිග වෙනවා.එවගෙම මෙයලට පියෑඹීමෙ ශක්තිය ටිකක් අඩුයිලු.දිග වැඩි කියන්නෙ ඉතින් කොහොමත් බරත් වැඩි අති. මෙ වර්ගයෙ උන් ලන්කාවෙ වේයන්ගොඩ,ගම්පහ,මතුගම,බලන්ගොඩ පැතිරිල ඉන්නව කියලා, Snakes and other reptiles of Sri lanka (ISBN 978 1 84773 885 1 )මෙ පොතෙ තිබුනට මම දැකල තියෙනවා අපෙ ගෙවල් ගාව ලදු කැලෑවකදි. එවගෙම මෙයා ලන්කාවට ආවෙනික කෙනෙක් නෙවේ. සින්හලෙන් මෙයාට කියන නම් ගොඩක් තියෙනවා.මල් සරා,පොල්මල් කරවලා,මල් කරවලා කියලත් කියනවා .

    මූටත් පොදුවෙ මල් කරවලා කිව්වට,මෙන්න මේ යට ඉන්න එක්කෙනාට තමඉ මල් කරවලා/නිහලුවා කියන්නෙ.මෙයා Flying ජාතියෙ කෙනෙක් නෙවේ.(Sri Lankan Blossom krait)

    2z7o5qc.jpg



    2.Paradise tree snake, Chrysopelea paradisi

    tumblr_ndp4gr4JEQ1tmh100o1_r1_500.jpg


    අඩි 3 ක් වගෙ උපරිම වැඩෙන මුන්,යුරොපයෙ ගොඩාක් ඉල්ලුම තියෙනවා සුරතලයට ඇති කරන්න.එවගෙම මුන් වර්ග 5 හෙන් හොදටම ග්ලයිඩ් කරන්නෙ මෙයා තමයි.




    3.Twin-barred tree snake or banded flying snake, Chrysopelea pelias

    tumblr_n4g2bpdZxq1sq1114o1_500.jpg


    මෙයත් කලින් අය වගෙම තමඉ ,අග්නි දිග ආසියාවෙ පතිරිලා ඉන්නවා.


    4. Moluccan flying snake, Chrysopelea rhodopleuron

    tumblr_mnjlw7rAAD1qaxzaxo1_500.jpg


    මෙයලගෙත් මහලොකු වෙනසක් නෑ.ඉන්දුනිසියාව තමයිමෙයලගෙ නිජබිම.


    5. Sri Lankan flying snake, Chrysopelea taprobanica

    4864335954_f85398a15d_z.jpg


    මෙන්න මෙය නම් ලන්කාවට ආවෙනික එකෙක්.උපරිම සාමන්යයෙන් මිටරයක් දිගට වැඩෙන මුන් ලන්කාවෙ ගොඩක් පැතිරිල ඉන්නෙ වියලි කාලාපයෙයි.පොලොන්නරුව,රන්දෙනිගල,විල්පත්තු,සිගිරිය,කුරුනෑගල,යාපනය,කන්තලෙ,ත්රිකුනාමලෙ,මොනරාගල,වැල්ලවාය පැතිවලයි.මෙයාල ගොදුරු කරගන්නවා හූනන්,කටුස්සන්,ගෙම්බන්,වව්ලන්,කුරුල්ලන් වගෙම කුඩා සර්පයන් නුත් . මෙයාට සින්හලෙන් කියන්නෙ දගර දන්ඩා කියල.


    ඉතින්, අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ .ලන්කාවට අවේනික ගොඩක් සර්පයින් රතු දත්ත ලයිස්තුවට වැටිල තියෙන්නෙ,මිනිස්සුගෙ නොදනුමත්කම නිසා.සර්පයෙක් කියපු හැටියෙ ගත්තා පොල්ලක් දෙනව ඉතින් ඇට්ටි හැලෙන්න.ගොඩාක් වෙලාවට ඌ හරිම අහින්සක සර්පයෙක් වෙන්න පුලුවන්.ලන්කාවෙ 80%ක්ම විතර ඉන්නෙ අහින්සක නිර්විෂ සර්පයන්.ඉතින් උත්සාහ කරන්න මරන්නෙ නැතුව බාජනයකට හරි පොලිතින් නැතුව රෙදි බැග් එකකට වගෙ දාල කට ගැට ගහලා ලගම තියෙන වන ජීවි දෙපාර්තමෙන්තුවට අයත් කාර්යාලයකට බාර දෙන්න හරි එයාලට කොල් එකක් හරි දෙන්න සමහර විට එයාල ඇවිල්ල අරගෙන යාවි.

    මෙන්න කන්ටැක්ට් නම්බර් එක කොල් කරල අහගන්න පුලුවන් කොහොමද බාර දෙන්නෙ කියලා


    Department of Wildlife Conservation
    811A,Jayanthipura,Battaramulla.
    Sri Lanka
    Tel No : 0112888585
    Fax : 0112883355
    Email : [email protected]


    මෙක කොපි කැට් නොවේ,මාගෙම නිර්මානයකි.
    තොරතුරු ගත්තෙ - විකිපීඩියා එකෙන් සහ ගූගල් අයියාගෙන්.

    එහෙනම් ඉතින් නොදන්න කෙනෙක්ට දැනගන්න බම්ප් එකක් හරි දාල යන්න.
     
    Last edited: