මෑත කාලයේ ජපන් වාහන තරම් ජනප්‍රිය නොවුනත් මීට දශක කීපයකට පෙර ලංකාවෙ ජනප්‍රියම මෝටර රථ නාමයක් තමයි ෆෝර්ඩ් (FORD) කියන්නෙ. ඒ වගේම අදටත් ඇමරිකාව සහ යුරෝපය පුරාම ජපන් වාහන වලටත් වඩා ගොඩක් ජනප්‍රිය වාහනයක් තමයි Ford. ඔයාලට අලුත්ම වාහන තොරතුරු ගෙනන අපි අද Ford ආයතනයේ ජනප්‍රියම මාදිලිය වන Ford Focus හි අධිවේගී Sports Model එක වන Ford Focus RS මෝටර් රථය හඳුවාදීමට හිතුවා.
මේ වනවිට මාදිලි දෙකක් නිකුත් කර ඇති මෙම රථයේ තුන්වන මාදිලිය එනම් 3rd generation රථය මීට සති කිහිපයකට පෙර ඉදිරිපත් කරනු ලැබුවා. මුල් රථ වලට වඩා ඉතා වැඩි දියුණු කල වේගවත් සහ තාකණයෙන් ඉතා ඉහල මාදිලියක් ලෙස මෙය නිකුත් කර තිබෙනවා. අශ්ව බල 345 (bhp) නිපදවන මෙම රථය 0-100Kmph වේගය ලබා ගැනීමට ගතවන්නෙ තත්පර 5ටත් අඩු කාලයක් පමණයි.
ලීටර් 2.3ක එන්ජින් ධාරිතාවකින් සහ ගියර 6ක manual gear box එකකින් යුත් turbo charged මෙම රථය all-wheel-drive එනම් රෝද හතරටම බලය ලබාදෙන මෝටර් රථයක් වෙනවා. Ford ආතයනය විසින් මෙම මෝටර් රථයට torque-vectoring සහ twin electronic clutch නැමති විශේෂ තාක්ෂණයන් කිහිපයක් හඳුන්වාදී තිබෙනව. මෙම පද්ධතිය මගින් සම්පූර්ණ කැරකුම් බලයෙන් (torque) 70% දක්වා බලයක් පසුපස රෝද වෙත ලබා දීමට හැකි වෙනවා. මීට අමතරව පසුපස ඇක්සලයට සම්බන්ධ වන ද්විත්ව ක්ලච් පැක් හරහා රෝද වලට යන කැරකුම් බලය අවස්ථානුකූලව වෙනස් කරනු ලබනවා. උදාරණයක් ලෙස වංගුවක් ගැනීමේදි කැරකුම් බලයෙන් වැඩි කොටස වංගුවෙන් පිටත රෝදය වෙත ලබාදීම සිදු කරනවා. මේමගින් වංගුවේදි වාහනය හැරවෙන ප්‍රමාණය වැඩි කර under steer යන තත්වය වලකාලනු ලැබේ.
මීට අමතරව මෙහි චැසිය සහ අනෙකුත් උපාංගත් ශක්තිමත් කර අධික වේගයට සුදුසු ලෙස සකසා ඇති බව වාර්ථාවේ. විදුලියෙන් සීරුමාරු කල හැකි dampers / shock absorbers වාගේම ෆොර්ඩ් ආයතනය සඳහන් කරන පරිදි වාහනයේ බඳහි නිමාව අනුව සැලකිය යුතු down force එකක්ද මෙහි ඇති වෙනවා. Rally ධාවන තරඟව්ල ජනප්‍රියතම මාදිලියක් වෙන Ford Focus RS රථය ලෝකය පුරාම මෝටර් රථ ධාවකයන්ගේ මෙන්ම රථ වාහන ක්ශේස්ත්‍රයේ සිටින අයගෙ ජනප්‍රියම රථයක්. මෙවැනි රථ ලංකාව තුල ජනප්‍රිය නොවීම තරමක කනගාටුදාකය තත්වයක්.






