Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    mata e mokakata hari credit card ekak nathuwa money deposit karana widiha kiyapan ban

    etoro walata money deposit karanna paypal/moneybokker puluwan...uba sampath webcard ekaak aragena eken paypal a/c eka verify karala salli dapan mama kare ehama tamai:yes:
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Balance 3 000.00 කියන්නේ අපේ Account තියෙන මුළු මුදල. දැන් දාල තියෙන Trade එකේ මුදලත් මේක ඇතුලේ තියෙනවා.

    Margin 128.63 කියන්නේ අපි දැන් open කල Trade එක වෙනුවෙන් ආයෝජනය කල මුදල.
    බලමු මේක ගැන හැදෙන්නේ කොහොමද කියල?
    අපි Trade එක දාපු වෙලාවේ EUR /USD අගය 1.2863
    අපි Trade කලේ volume 1 ක්. ඒ කියන්නේ 10,000
    එහෙමනම් අපිට කීයක් ආයෝජනය කරන්න ඕනද?
    1.2863x10,000=128630
    Leverage එක 1:100 නිසා අපි ආයෝජනය කල යුතු මුදල 12863/100 = 128.63


    Equity 3007.00
    අපි බලමු මේ Trade එක Open කල වෙලාවේ තිබුනේ 1.2863 නේ. Terminal එකේ Symbol එකට එහා පැත්තේ තියෙන Price කියන Column එකේ පෙන්නන්නේ ඒක තමා. S/L කියන්නේ Stop Loss , T/P කියන්නේ Take Profit. ඊට පස්සේ යේ Price කියල එකක් තියෙනවනේ. එතන බලන්න 1.2856 ඒ කියන්නේ දැනට තියෙන අගය. අපි දැම්මේ Sell එකක්නේ. එහෙමනම් EUR /USD Rate එක අඩු උනොත් නේ Profit එන්නේ. එහෙමනම් Profit එක 1.2863 -1.2856 = 0.0007
    අපි Trade කලේ 10,000 ක්. එහෙමනම් Profit 10,000x0.0007 = 7

    එහෙනම් Profit 7.00 වුන විධියත් තේරුනා නේ? ඒ කියන්නේ දැන් Close කලොත් $7 ක් Profit . එහෙම කලොත් අපේ Account එකේ මුළු මුදල කීයද කියන එක තමයි Equity කියන තැන පෙන්නන්නේ. Equity 3007.00 හරිනේ?
    Equity = Balance + Profits of Running Trades

    Free Margin 2878.37
    Free Margin = Equity - Margin
    එහෙමනම්
    Free Margin = 3007 - 128.63 = 2878.37
    හරිනේ?
    මේ කියන්නේ ඒ මොහොත වෙනකොට අපිට අපේ Account එකේ Trade කරන්න යොදවන්න තව කීයක් ඉතිරිද කියල.



     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මචන් මට credit card නෑ.......Forex.com එකේ දාන්න දෙන අඩුම ගාන 250$ නේ. මම කොහොමද ඒ ගාන යවන්නේ?? HNB debit card එකෙන් පුලුවන්ද??

    Yes.........
    aduma masa 3 k vath practice nokara salli dala trade karanna epa.
     
    Last edited:

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    etoro walata money deposit karanna paypal/moneybokker puluwan...uba sampath webcard ekaak aragena eken paypal a/c eka verify karala salli dapan mama kare ehama tamai:yes:

    machan uba card eka add karala money damme Sri Lankan PayPal ekakinnam uba loku amaaruwaka watenawa coz e yakku withdraw karanna denne money add karapu method ekata witharai. but Malaysian wage ekaknam elama thamai.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ටික වෙලාවකට පස්සේ බලනකොට Terminal window එකේ එක පේලියක් අඩුවෙලා. ඒ කියන්නේ Trade එක close වෙලා.(Profit ඇතිව Loss එක්ක) අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියලා අපි දාපු Trade එක.
    EUR /USD Vol 1, 1.2863 දි
    TP 1.2842
    SL 1.2892
    අපි trade එක Open කලාට පස්සේ EUR /USD අගය 1.2892 දක්වාම ඉහල ගියානම් pips 29 (1.2892 -1.2863 = 29)ක් Loss එකක් එක්කයි close වෙන්නේ.
    1.2842 දක්වා පහල ගියානම් pips 21 (1.2683 -1.2642 = 21)ක Profit එකක් එක්කයි close වෙන්නේ. බලමු එහෙනම් මොකද වෙලා තියෙන්නේ?

    28139318.jpg


    Balance 3 021.00
    එහෙමනම් Profit එක්ක close වෙලා.

    අපි දැනට trade එකක්වත් Open නැති නිසා Margin එක 0 යි. ඒ නිසා තමයි Balance, Equity, Free Margin සමාන වෙලා තියෙන්නේ. (ඉස්සෙල්ල සමීකරණ වලට දාල බලන්න)

    අපිට මේ ගැන තව විස්තර බලා ගන්න පුළුවන් Terminal Window එකේ Account History එකට ගියාම

    94815878.jpg


    Chart එකේ කහ පාට රවුමෙන් පෙන්නන්නේ trade එක Open කළ තැනයි, close කළ තැනයි. Terminal Window එකේ පහල විස්තරය තේරුම් ගන්න බලන්න. විනාඩි 24 කින් පිප්ස් 21 ක profit එක අරන් තියෙන්නෙ.
     
    Last edited:

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    machan uba card eka add karala money damme Sri Lankan PayPal ekakinnam uba loku amaaruwaka watenawa coz e yakku withdraw karanna denne money add karapu method ekata witharai. but Malaysian wage ekaknam elama thamai.

    appatasiri ehma case 1k tiaynwada? ow ban mama sri lankan payapl a/c ekak hadala damme....machan dan mata money withdraw karanna da barida moneybrooker walta? paypal walin vitrada ganna puluwan??
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    MT4 ලස්සන කර ගමු
    MT4 එකේ පාට අපේ ඇහැට ප්‍රියමනාප විධියට සකස් කරගන්න ඔබට පුළුවන්. F8 Key එක එබුවහම එන මේ වින්ඩෝවේ පාට ටික ඔයගොල්ලන්ට කැමති පාට වලට හදා ගන්න.

    57481307.jpg


    අපිට මේ වගේම අනෙක් Chart ඔක්කොමත් වෙනස් කරගන්න පහසුම ක්‍රමය තමයි මේක Template එකක් විධියට Save කරගන්න එක. මේ වින්ඩෝව OK කරලා Chart එක උඩ Right Click කරන්න. එවිට මතුවන වින්ඩෝවේ Template---Save Template ගිහින් නමක් දාල Save කර ගන්න. දැන් අපිට වෙන Chart එකක් උනත් ලේසියෙන්ම මේ වගේ හදාගන්න පුළුවන්. අලුත් Chart එකක් open කරලා
    Chart එක උඩ Right Click කරන්න. එවිට මතුවන වින්ඩෝවේ Template---Load Template ගිහින් අපි Save කල Template එක තෝරාගන්න.

     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    appatasiri ehma case 1k tiaynwada? ow ban mama sri lankan payapl a/c ekak hadala damme....machan dan mata money withdraw karanna da barida moneybrooker walta? paypal walin vitrada ganna puluwan??

    etoro eke live support chat ekata gihin ungen ahala balanna..change karaganna
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    දැන් අපි Demo Account එකේ Trade එකක් කරන හැටි දන්නවනේ. එහෙමනම් ඔයගොල්ලො පොඩි පොඩි ගණන්(Vol 0.01වගේ) දාල Trade කරලා practice වෙන්න.හොඳම ක්‍රමය නොවුනත් කමක් නැහැ SLඑක pips 100 කුත්, TP එක pips25 කුත් තියල Trade කරන්නකෝ.


     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    MT4 ගැන තව දුරටත්

    a10tgr.jpg


    ඉහත රූපයේ ලකුණු කර ඇති කොටස් දෙස බලන්න. Market Watch කියන තැන තියෙන වෙලාව අපේ වෙලාව එක්ක වෙනස්. හේතුව එතන පෙන්නුම් කරන්නේ Broker ඉන්න රටේ හෝ Server එක තියෙන රටේ වෙලාවක්.

    අංක 1 කොටසේ තියෙන icon 3 න් පෙන්නන්නේ Forex Chart එක පෙන්නුම් කරන ක්‍රම 3 ක්. මේ 3 ම click කරල බලල වෙනස්කම හඳුනාගන්න. වම් පැත්තේ සිට පිළිවෙලින් ගත්තොත් මේ Chart වර්ග
    1. Bar chart
    2.
    Candlestick chart
    3. Line chart
    මේ අතරින් අපි වැඩිපුරම භාවිත කරන්නේ Candlestick chart එක. මේකෙන් තමයි වැඩි සම්භාවිතාවක් ඇතිව Market එක ගැන අනාවැකි කියන්න පුළුවන්.

    a11l.jpg


    අංක 2 කොටසෙන් පෙන්නන icon 2 න් මුල එක Auto Scroll On/Off icon එකයි. අපිට Chart එකේ උඩ click කරල drag කරාම
    Chart එකේ මුල හරිය( දැනට පේන ටිකට කලින් කාලයේ) බලන්න පුළුවන්.
    අනෙක් icon එකත් click කරලා බලන්න. එකෙන් වෙන්නේ Chart එක පොඩ්ඩක් වම් පැත්තට එන එකයි. අපිට Chart Analyzing වලදී මේක වැදගත් වෙනවා.

    අංක 3 icon එකෙන් පාලනය වෙන්නේ Template. අපිට Chart එකක් open කරලා අපි save කරගත් Template එක load කරගන්න එතනින් පහසුයි.
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Candlestick Chart

    Candlestick කියන වචනය ගත්තොත් Candle කියන්නේ ඉටි පන්දමටනේ. එහෙමනම් ඔබට අදහසක් ඇති මේ Chart එකේ කොටස් දැක්කම ඇයි ඒ නම වැටිලා තියෙන්නේ කියල.

    a12a.jpg


    මම මේ පෙන්නන්නෙ EUR/USD M15 Chart එකේ කොටසක්. M15 කියන්නේ විනාඩි 15 කියන එකටයි(MT4 එකේ Chart එකට උඩ M1, M5, M15,...., MN කියන icon පේලියේ M15 click කරන්න). දකුණු පැත්තේ පරිමාණයෙන් පෙන්නන්නේ EUR/USD අගයන්. මේ රූපයේ 1.2823 අගය විශේෂිතව පෙන්නන්නේ මේ මොහොතේ
    EUR/USD අගය යි.
    කොළ සහ රතු පාටින් Candles ඔබට පේනවා ඇති. මේ කොළ පාට
    Candles වලට "Bull" හෝ "Bullish" Candles ලෙසත් රතු පාට Candles වලට "Bear" "Bearish" Candles ලෙසත් හඳුන්වනවා. මේ එක Candle එකකින් පෙන්නන්නේ විනාඩි 15 (M15 නිසා)කදී වුනු වෙනස්වීම්.

    basicscandle.jpg

    අපි මේ
    Bullish Candle එක ගැන කතා කලොත් ඔබට මෙහි පේනවා ඇති Open, Close, Low, High කියල තැන් 4 ක්. Open කියන්නේ ඒ කාල සීමාව තුල (මේ උදාහරනයේ නම් විනාඩි 15) ආරම්භ වුන අගය. Close කියන්නේ කාල සීමාව තුල අවසාන වෙද්දී තිබුන අගය. Low කියන්නේ කාල සීමාව තුල ආව අඩුම අගයට. High කියන්නේ කාල සීමාව තුල ආව වැඩිම අගයට.

    Bull Candle එකක හැම වෙලේම
    Open අගය Close අගයට වඩා අඩුයි. ඒ කියන්නේ ඒ කාල සීමාව තුල අගය වැඩි වීමක් වෙලා තියෙන්නෙ. Forex වලදී අගය ඉහල යන විට අපි කියන්නේ Bull Market එකක් කියල.

    Bear Candle එකක හැම වෙලේම Open අගය Close අගයට වඩා වැඩියි. ඒ කියන්නේ ඒ කාල සීමාව තුල අගය අඩු වීමක් වෙලා තියෙන්නෙ. Forex වලදී අගය පහල යන විට අපි කියන්නේ Bear Market එකක් කියල.
     
    Last edited:
    • Like
    Reactions: muvindu

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    minimum SL rupees walin keeyak deposit karanna oneda wadeta bahinna ?

    රු.1000 න් 2000 න් වුනත් පටන් ගන්න පුළුවන්. ඒත් Practice Account එකේ මාස 3 ක් 6 ක් වත් දැනුමක් ඇතිව නොකර සල්ලි දාන්න එපා......
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අපි අද බලමු Forex Trade එකකින් ලාභ ගන්න ආකාරය.

    a13e.jpg



    ඔබට පේනවා ඇති Chart එකේ අගය එන්න එන්නම වැඩි වෙන වෙලාවක ආරම්භයේ අපි Buy Trade එකක් open කලා නම් තරමක් ඉහල ගියාට පස්සේ Close කරලා profit ගන්න පුළුවන්. මේ රූපයේ මුල ඉඳන්ම අගය වැඩි වීමේ ප්‍රවනතාවයක් තියෙන්නෙ. මේ වගේ වෙලාවට අපි කියන්නේ Bull Market හෝ Bullish Market කියල. මේ වෙලාවේ තියෙන්නෙ Bull Trend එකක්.

    ඒ වගේම ඔබට පේනවා ඇති Chart එකේ අගය එන්න එන්නම අඩු වෙන වෙලාවක ආරම්භයේ අපි Sell Trade එකක් open කලා නම් තරමක් පහලට ආ විට Close කරලා profit ගන්න පුළුවන්. මේ රූපයේ මැද හරියේ ඉඳන් අග හරිය දක්වා අගය අඩු වීමේ ප්‍රවනතාවයක් තියෙන්නෙ. මේ වගේ වෙලාවට අපි කියන්නේ Bear Market හෝ Bearish Market කියල. මේ වෙලාවේ තියෙන්නෙ Bear Trend එකක්.

    මේ කියනවා වගේ පහසුවෙන් Forex වලින් ලාභ ගන්න අමාරුයි. හේතුව තමයි අපිට කොයි වෙලාවකවත් හරියටම අනුමාන කරන්න බැහැ Chart එක කොයි පැත්තටද යන්නේ කියල. නමුත් ගණිතමය වශයෙන් සොයාගෙන ඇති යම් යම් ක්‍රම සහ තවත් යම් උපක්‍රම භාවිතා කර සෑහෙන දුරට සාර්ථකව අනාවැකි කියන්න පුළුවන්.

    ඔන්න දැන් මේ Thread එක එක්තරා තැනකට ඇවිත්. මෙතනින් පස්සේ අපි කතා කරන්නේ Forex Signal හඳුනාගන්න ආකාරය.


     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    a14d.jpg


    මේ රූපයේ බලන්න Bull සහ Bear Trend ඇති වෙලා තියෙන විධිය. අපිට 1 තියෙන හරියේ Buy එකක් දාල 2 තියෙන හරියේ Close කරලා Profit ගන්න තිබුණා. ඒ වගේම තමයි 3 සිට 4 ටත්. අපිට 2 තියෙන හරියේ Sell එකක් දාල 3 තියෙන හරියේ Close කරලා Profit ගන්නත් තිබුණා. මේ වගේ පහුගිය Chart දිහා බලලා ගන්න තිබිච්ච විධිය ගැන කතා කරලා තේරුමක් නැහැ. හේතුව දැන් ඒ තැන් වලට අයෙ ගිහින් ඒ Trade දාන්න බැරි නිසා. (නමුත් පහුගිය Chart දිහා බලලා අපට ඉදිරියේදී යන විධිය ගැන අදහසක් ගන්න පුළුවන්.)

    දැන් අපි බලමු 4 න් පස්සේ මොනවා වෙයිද?


    කලු පාට රේඛාව වගේ තව දුරටත් ඉහල යයිද?(Continue)

    නිල් පාට රේඛාව වගේ ආපහු හැරිලා එයිද?(Reverse)

    මේක තමයි Forex Trader කෙනෙකුට තියෙන අභියෝගය. මේ තීරණය ගන්න පුළුවන් උපක්‍රම ගණනාවක් තියෙනවා. නමුත් මේ කිසිම එකකින් අපිට 100% නිවැරදිව අනාවැකි කියන්න නම් බැහැ. නමුත් සෑහෙන දුරකට අනුමාන කරන්න පුළුවන්. ඒ නිසා වඩාත්ම හොඳ ක්‍රම කීපයකින්ම එකම Signal එක ලැබෙන වෙලාවල් වල trade කරන එක.

    මෙතනින් පස්සේ මම කලින් දාපු Thread එකේ තිබිච්ච Post ටිකක් Copy කරලා මෙතන දාන්නම්. (ඒ ටික මෙතනට හරියටම ගැලපෙන නිසා.)
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Support Lines and Resistance Lines​


    අද අපි බලමු Support Lines සහ Resistance Lines කියන්නේ මොනවද කියල? මම මේකට තෝරගන්නම් පසුගිය සතියක EURUSD Chart එකක්. ලෝකයේ වැඩිම දෙනෙක් trade කරන්නේ EURUSD නෙ. මුලින්ම අපි Highs සහ Lows හඳුනගමු.
    බලන්න Chart එකේ value එක අඩු වැඩි වෙන විධිය. වෙලාවක value එක වැඩි වෙලා නැවත අඩු වෙනවා. මේ වගේ වෙලාවක උඩම තැනට අපි කියනවා
    High එකක් කියල. ඒකෙම අනිත් පැත්ත Low එක

    highslows.jpg



    High එකකදි ඉහල යන්න බාධා කරන නිසා එතන Resistance Line එකක් තියෙනවා කියල හඳුනාගන්න පුළුවන්. Low එකකදි අගය පහල යනකොට ඉහල යන්න උදව් කරන නිසා එතන Support Line එකක් තියෙනව කියල හඳුනාගන්න පුළුවන්.


    55404616.jpg


    මේ හැම එකක්ම Support Lines, Resistance Lines උනාට හැම එකම ශක්තිමත් නැහැ. ඒ නිසා අපට වඩාත් ශක්තිමත්(stronger) Support Lines සහ Resistance Lines අඳුරගන්න එක වැදගත්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් Highs හෝ Lows කීපයක් එකතු කර අඳින Lines වලට තමයි Support Lines හෝ Resistance Lines කියන්නේ.
    අපිට මේක පහසුවෙන් අඳුරගන්න පුළුවන් Line Chart එකට ගිහින්.​


    rl2t.jpg


    හොඳයි අපි මේ ඇන්දේ Daily Chart එකෙන්නෙ. දැන් ඊට වඩා අඩු H4, H1, M30 වලට ගිහින් මේ ටික හරියටම අඳුරගන්න.සාමාන්‍යයෙන් මේ වගේ විශ්ලේෂණ වලට Monthly, Weekly, Daily, H4, H, M30, M15 Time frames තමයි ගොඩක් භාවිතා කරන්නෙ.
    එහෙමනම් අපි දැන් බලමු H4, H1 Chart වලින් හඳුනාගන්න පුළුවන් Lines.​


    H4 Chart​

    rlh4.jpg


    H1 Chart​

    rlh1o.jpg


    ඊට පහල Time Frame වලට ගිහින් තවත් Lines හොයාගන්න පුළුවන්. එක එක අය මේ Strategy එක භාවිතා කරන විධිය වෙනස්. වැඩි Time Frame වලදී ඇඳපු Lines කුඩා Time Frame වලට ගිහින් Adjust(Smooth) කරන්න.
    මම පෙන්නලා තියෙන අන්තිම රූප සටහනේත් තව වම් පැත්තට ගිහින් තව Lines හොයාගන්න පුළුවන්.

    අවසානයේ ශක්තිමත් Lines හඳුනාගැනීම තමා වඩාත් වැදගත්.

     
    Last edited: