Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

jimba

Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    Join with best forex broker etoro

    ArrowDownRed-animated.gif



    forex start karanawanm broker vidihata etoro wala karanna :yes:
    eke platform eka lesi 1st time karana kenukuta lesiyen terun ganna puluwan:yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    "Leverage" එක නිසා අපිට අඩු මුදලක් ආයෝජනය කරල ලොකු මුදලක "trade" එකක් කරන්න පුළුවන්. "Trade " එකක් කියන්නේ මම මුලින් කියපු විධියට Buy හෝ Sell කරනවට. Trade එක Close කරාම තමා ලාභ හෝ අලාභ තීරණය වෙන්නේ. "Leverage" එක 1:50,1:100, 1:200, 1:400, 1:500, 1:1000 වගේ අගයන් එක එක Brokers ල දෙනවා. Leverage එක 1:50 එහෙම නැත්නම් 50 කියන්නේ $50 ක් ගන්න අපට වය වෙන්නේ $1 යි කියන එකට. එහෙමනම් අපිට EUR /USD mini lot එකක් ගන්න Leverage එක 100 නම් කීයක් යයිද?

    EUR /USD mini lot එකක් කියන්නේ 10,000 ක්. EUR /USD අගය ඒ වෙලාවේ 1.3040 නම් 10,000x1.3040=13,040. ඒ කියන්නේ ඩොලර් 13040 ක්. නමුත් Leverade එක 100 නිසා අපිට ආයෝජනය කරන්න වෙන්නේ 13040/100=130.4 ක් පමණයි.

    මම හිතන්නේ මම දැනට කියල දීපු ටික හොඳින් තේරුම් ගත්ත කියල. නොතේරුණු කෙනෙක් ඉන්නවා නම් දැන්මම අහන්න. හොඳයි ඊළඟ ටික
    දාන්න කලින් පොඩි ගානක් දෙන්නම් හදල උත්තරය comment කරන්න. Rep දෙන්න කැමති කට්ටිය දුන්නට කමක් නැහැ. මමත් ඒ අයට Rep දෙනවා.

    EUR /USD දැන් Rate එක 1.3121
    EUR /USD mini lot එකක් Buy කරාම මගේ account එකේ $32.80 ක් අඩු වෙලා.
    එහෙමනම් Leverage එක කීයද?

    අනේ මට මේ ටික තේරුනේ නෑනෙ, පොඩ්ඩක් පැහැදිලි කරන්න බැරිද තව?
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මම දාපු අන්තිම පොස්ට් එකේ පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කලා. තාම කවුරුවත් ඒකට පිළිතුරු සපයල නැහැ. සමහර විට Leverage එක ගැන දාපු ටික හරියටම තේරුනේ නැද්ද දන්නේ නැහැනේ. එහෙමනම් මම තව ටිකක් මේ ගැන පැහැදිලි කරන්නම්. ඊට පස්සේ මම දෙන ගාන හරියටම විසඳලා comment කරන්න. එතකොට මට දැන ගන්න පුළුවන් ඔයගොල්ලෝ මේ ටික හරියටම තේරුම් ගත්ත කියල.

    අපි Forex Trade එකක් කරන්න පුළුවන් සරලම විධිය ගමු. මා ගව තියෙන ඩොලර් වලින් මම බැංකුවට ගිහින් යුරෝ 1000 ක් ගන්නවා. විනිමය අනුපාතය අනුව ඩොලර් 1.3125 ක් වෙනවා යුරෝ එකක්. එහෙමනම් මට ඩොලර් කීයක් ගෙවන්න වෙයිද? 1000x1.3125=1312.5
    $1312.5
    (Forex වලදී මේකට කියන්නේ "EUR /USD Buy " කලා කියල)

    දැන් හෙට ගිහින් මම මේ යුරෝ ටික මාරු කරලා ඩොලර් ඉල්ලගන්නවා.
    (ඔන්න ඉස්සෙල්ල දාපු EUR /USD Buy trade එක close කරනවා)
    ඒ වෙනකොට විනිමය අනුපාතය අනුව ඩොලර් 1.3135 ක් වෙනවා යුරෝ එකක්. දැන් මට කීයක් ලැබෙයිද? 1000x1.3135=1313.5

    $1313.5
    දැන් මට කීයක් ලාභද?

    1313.5-1312.5=1
    ඒ කියන්නේ $1ක් ලාභයි.

    ඕකට තමයි Forex Trading කියන්නේ. නමුත් මේක ගොඩක් ප්‍රාථමිකම ක්‍රමය.

    දැන් බලන්න මේ ගනුදෙනුව වෙනුවෙන් "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය.

    අපි ආයෝජනය කල මුදල=$1312.5
    ගනුදෙනු වූ මුදල=$1312.5
    දෙකම සමානයි නේ?
    ඒ කියන්නේ "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය 1:1
    ඔන්න ඕකට තමයි Leverage එක කියන්නේ. ඒ කිව්වේ අපි මේ කරලා තියෙන්නේ Leverage එක 1:1 ක් වෙච්ච EUR /USD Buy Trade එකක්.
    මෙහෙම බැලුවම Forex කියන්නේ ඒ තරම් ලාභදායි වැඩක් නෙමෙයිනේ? මේකට අපූරු විසඳුමක් දෙනවා Forex Brokers ල. මේ ගනුදෙනුවම ඒගොල්ලෝ අපිට කිව්වොත් "අපි ආයෝජනය කල මුදල" $1312.5 න් 1% ක් දෙන්න කියල මේ ගනුදෙනුව මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න.
    එහෙනම් අපි ආයෝජනය කල මුදල 1312.5x1/100=13.125
    $13.125
    එහෙමනම් ලාභයත් 1% ද?
    නැහැ ලාභය ඒ ගානම දෙනවා. ඒ කියන්නේ $1(උදාහරණය අනුව)
    එහෙනම් අපිට $13.125 ක් ආයෝජනය කරලා $ 1312.5 ක ගනුදෙනුවක් Broker ලවා කරවල සම්පුර්ණ ලාභයම ගන්න පුළුවන්.
    දැන් එහෙනම් මේකේ Leverage එක කීයද?
    අපි ආයෝජනය කල මුදල=$13.125
    ගනුදෙනු වූ මුදල=$1312.5
    ඒ කියන්නේ "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය 1:100
    ඔන්න Leverage එක 1:100 වුනු අවස්ථාවක්. දැන් නම් මම හිතන්නේ හොඳටම පැහැදිලි ඇති.

    "Margin" කියල කියන්නෙත් මේකටම තමා

    අනුපාතයක් විධියට ප්‍රකාශ වෙද්දි(1:100) Leverage කියනවා.
    ප්‍රතිශතයක් විධියට ප්‍රකාශ වෙද්දි(1%) Margin කියනවා.
    1:400=0.25%
    1:50=2%
    ඔන්න මම එහෙනම් අර ප්‍රශ්නය ආයේ ඉදිරිපත් කරනවා. මේක හරියටම විසඳලා comment කරන්න...එතකොට මට හිතාගන්න පුළුවන් මේ ටික ඔයගොල්ලන්ට තේරුණා කියල. එහෙම නැතිව මෙතනින් පස්සේ ටික දාල වැඩක් නැහැ.



    EUR /USD දැන් Rate එක 1.3121
    EUR /USD mini lot එකක් Buy කරාම මගේ account එකේ $32.80 ක් අඩු වෙලා.

    එහෙමනම් Leverage එක කීයද?

     
    Last edited:
    • Like
    Reactions: Fire_Bird