Forex Lessons

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :lol:
    mokakda use kale kalin?
    Ay $200k danna hithuve?

    FBS eke karanne machan mekai ban 200 usd ekapara damme na ban tika tika thun parakata withara damme. anika ban 10 usd wage podiganakin patanganna eka hena risky ban. adumagane 50 usd wagewath one wade bayanathuwa patanganna ekai
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හොඳ වැඩක් යාලුවා :cool: මාත් වැඩේ පටන් ගන්නයි ඉන්නෙ. roboforex වල රෙග් වෙලා $15 ත් ගත්තා. ඒත් වැඩේ හරියට ම දන්නෙ නැතුව පටන් ගන්න බෑනෙ. මේක දිගටම කරන්න. ගොඩක් ස්තුතියි කට්ටියටම! :cool:
    2+ ~♥~
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    FBS eke karanne machan mekai ban 200 usd ekapara damme na ban tika tika thun parakata withara damme. anika ban 10 usd wage podiganakin patanganna eka hena risky ban. adumagane 50 usd wagewath one wade bayanathuwa patanganna ekai

    eka Cashout ekkak vath gatthe nadda?
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    it s nice to see u again...
    එලකිරි.... නියමෙට වෑඩේ පටන් අරන් තියනවා....ඔහොම යන්...ඔහොම යන්
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අපි බලමු එහෙනම් මේ Lines වලින් කොහොමද ඉදිරිය අනුමාන කරන්නෙ කියල. ඒ සඳහා අපි තේරුම්ගත යුත්තේ Resistance, Support Lines වලින් Chart එක වෙනස් වන ආකාරයයි.Chart එක Line එකක් ගාවට ගියාම වෙන්න පුළුවන් සිද්ධීන් 2 යි නෙ.
    1. Chart එක Line කඩාගෙන ගිය පැත්තටම යාම(Breakout)
    2. Line එකේ හෝ අසලින් නැවත හැරීම(Bouncing)

    bouncingbreakouts.jpg



    ඔන්න මම ඉහත රූපයෙන් පෙන්නලා තියෙනවා Lines ලඟදි Chart එකට මොකද වෙන්නේ කියල. අපට මේ කිසිම එකක් සෑම විටම SL වත් RL වත් කියල කියන්න බැහැ. හේතුව නම් Breakout එකකින් පස්සේ SL එක RL එකක් බවටත් RL එක SL එකක් බවටත් පත්වෙනවා.



    bouncingbreakouts2.jpg



    SL3 එක දිහා බැලුවහම පේනවා නේද ඒක මම SL එකක් කියල දාල තියෙන්නේ "අංක 5 Bounce" එකත් එක්කයි. නමුත් Resistance Area එක ලඟදි පේනවද ඒක RL බවට පත්වෙලා. තව කාරණයක් තමයි ශක්තිමත් Line එකක් ලඟදි ඒක තරමක් හිර වෙවී ඉඳල(struggling) තමයි Bounce වෙන්නෙ හෝ Breakout වෙන්නෙ. ඉහත රූපයේ පරිදි උඩම RL එකේදී Bounce වලදීත් Resistance Area වලදීත් 1 වන හා 3 වන Breakout වලදීත් ඒක හොඳින් බලාගන්න පුළුවන්. එහෙනම් මේ ටික දිහා බලල ට්‍රේඩ් කරන විධිය ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන් කියල මම හිතනවා. කොහොම උනත් මම ඊළඟ post එකෙන් ට්‍රේඩ් එකක් දාන ආකාරය ගැන දාන්නම්.​
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    එල කිරි මචන්. ඔන්න කට්ටියට උදව්වක් හැටියට මාත් බ්ලොග් එකෙන් පොඩි Post එකක් දැම්මා. ෆොරෙ‍ක්ස් කරන Time ගැන දැනගන්න මේක උදව්වක් වෙයි.
    ;);)


    Forex වලදි හොඳම කාලය කියලා එකක් නෑ ඉතින්. Loss වෙන්නෙ නැතුව Trade කරනකන් ඒක තමයි හොඳම කාලය. ඒත් Forex Market එකේ Liquidity Hours වලදි Trade කරොත් Profit එක Maximize කරගන්න පුලුවන්. මෙන්න මෙතනදි තමයි Power Hours කියන දේ වැදගත් වෙන්නේ. කෙටියෙන්ම කියනවනම් මේකෙන් කියන්නේ Volume සහ Volatility කියන සංකල්ප දෙක ගැන.


    Power Hours වලදි මේ Volume සහ Volatility කියන සංකල්ප දෙක උපරිමය කරා ලං වෙනවා. High Volume කියන්නේ විවිධ Currency Pairs ඉතා විශාල වශයෙන් ගැනීම හා විකිණීම. High Volatility කියන්නේ ඉතාමත් වේගයෙන් මිල උච්චාවචනය වීම. මෙන්න මේ Power Hours හැදිලා තියෙන්නේ ගොඩක් වෙලාවට European (London) Session එක හා US (New York) Session ආරම්භ වන හා අවසාන වන කාල වලදී. පහළ තියෙන්නේ Power Hours වේලාවන්

    forex_trading_sessions_and_market_overlaps.png


    GMT වලින් නම්,
    European (London) Session - 06.00 - 14.00
    US (New York) Session - 12.00 - 19.00

    ‍ශ්‍රී ලංකාවේ වෙලාවෙන් නම්,
    European (London) Session - 11.30 am - 7.30 pm
    US (New York) Session - 5.30 pm - 0.30 am

    මෙන්න මේ Power Hours වලදී පහත තියෙන Pairs වලින් ලාභ ලබන්න පුලුවන්.

    • EUR/USD
    • USD/CHF
    • USD/CAD
    • GBP/JPY
    • GBP/CHF
    Power Hours වලදී ගොඩක්ම වැදගත් වෙන්නේ Hot Zone එක. ඒ කියන්නේ European (London) Session එක හා US (New York) Session එක Overlap වෙන කාලය. කෙටියෙන්ම කියනවනම් European (London) Session එක අවසන් වන හා US (New York) Session එක ආරම්භ වන වේලාවන් අතර කාලය. (ලංකාවේ වෙලාවෙන් නම් 5.30 pm - 7.30 pm අතර කාලය.)


    මීට අමතරව USD/JPY Pair එක ගැන උනන්දු අයට Liquidity වැඩි වෙන්නෙ Asian Session එකේදි.

    GMT වලින් නම්,
    Asian Session - 22.00 - 06.00

    ‍‍ශ්‍රී ලංකාවේ වෙලාවෙන් නම්,
    Asian Session - 3.30 am - 11.30 am


    Forex Market එක අඩුවෙන්ම Active වෙලාව තමයි European - Asian Sessions Overlap වෙන කාලය. මේ වෙලාවෙ තමයි Professional Traders ලා පොඩි නින්දක් දාන්නේ. ඒ නිසා මේ වෙලාවට කියනවා Cold Zone කියලා. මේ වෙලාවෙ Trade කරන එක ටිකක් අනතුරුදායකයි මොකද Price Movements ගොඩක්ම අඩු නිසා.

    ඔන්න මං නැකැත් වේලාවන් ටික දුන්නා. නැකත බලලම වැඩ අල්ලන්නකෝ එහෙනම්.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    oya enne kasthiya meekata, enna one godak lokuwata karana aya wawe na api wagee podi minissu witharayi thama inne ,awath ekayi nawath ekayi (wihiluwata kiwwe hodee :P) kohoma hari hoda wadak karanna kannestiya set weewa kiyala pathanawa
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    එල කිරි මචන්. ඔන්න කට්ටියට උදව්වක් හැටියට මාත් බ්ලොග් එකෙන් පොඩි Post එකක් දැම්මා. ෆොරෙ‍ක්ස් කරන Time ගැන දැනගන්න මේක උදව්වක් වෙයි.
    ;);)
    Thanks...meke time eka gana thava podi deval tikak thiyenava kiyanna. Passe dannam.
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ela machan support resistances gana damma nisa machan ilangata false breakouts ganai break out ekakin passe samahara welawata level eka re test karana seen eka ganath tikak dammoth honda wei neda:):)
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    ela machan support resistances gana damma nisa machan ilangata false breakouts ganai break out ekakin passe samahara welawata level eka re test karana seen eka ganath tikak dammoth honda wei neda:):)

    Thamks ... Anna ehema guide karana eka loku deyak..
    Ubath post ekak dapanko puluwannam oya danna deval mata support ekata.
     
    Last edited: