machan etoro hondaida?
XM එක බලපන් , ෆ්‍රී ඩොලර් 30 හම්බෙනවා
machan etoro hondaida?



වාහනයක් එලවන්න පුලුවන්ද කට පාඩම් කරලා. Theory දැනගත්තට වැඩක් නැහැ අත්දැකීම් නැතුව.
![]()
හැමෝටම සුබ දවසක් මම තිලින. මම අලුත් වගේ පෙනුනට අලුත්ම නැහැ මේ සයිට් එකට.
මම හිතුව අපේ ගොඩක් අය ෆොරෙක්ස් ඉන්ඩිකේටර්ස් වනපොත් කරන නිසා ඇත්තටම මේ ඉන්ඩිකේටර්ස් මොනවද කියල මම දන්න තරමින් කියාදෙන්න.
MA - Moving Average
EMA - Exponential Moving Average
MACD
Stochastic
ADK
ගැන මම කියාදෙන්නම්
මුලින්ම පලවෙනි එක MA
මෙහිදී ඉන්ඩිකේටර් එක මගින් සරලවම සාමාන්‍ය අගයක් යම් කිසි කාල පරාසයකට ගනනය කරනවා. සමාන්‍ය අගයක් කිවුවෙ Average එකක්.
අපි දින පහක සාමන්‍ය ගනනය කිරීමක් තේරුවොත්. එය අන්තිම දින පහක මූල්‍ය වටිනාකමේ සාමාන්‍ය ප්‍රස්තාරිකව දක්වනවා.
මේ මත අනිකුත් බොහෝ ඉන්ඩිකේටර්ස් රදා පවතිනවා.
දැන් බලමු මේකෙන් අපිට තියන ප්‍රයෝජනය මොකක්ද කියල.
මෙහි ප්‍රදාන ප්‍රයෝජනය ට්‍රෙන්ඩ් එක උඩටද යටටද කියා බැලීමට හැකි වීමයි. බොහො අවස්තාවලඩී 200 MA ඉහලින් Chart එක තියනවා නම් එය උඩට තියන ට්‍රෙන්ඩ් එකක් වෙනවා. එවගේම පහලට තියන ට්‍රෙන්ඩ් එකක් නම Chart එක ට්‍රෙන්ඩ් line එකට පහලින් පිහිටනවා.
අපිට ට්‍රේඩින් වල්දී ට්‍රෙන්ඩ් එක කියන්නෙ අත්‍යවශ්‍ය දෙයක්.
EMA කියන්නේ සංකීර්න සමීකරනයකින් ලබා ගන්නා MA එකක්. එය වැඩි නිරවද්‍යතාවයකින් අගයන් ලබා දෙයි.
දැන් බලමු MACD කියන්නේ මොකක්ද මොකක් ද එකෙන් වෙන්නේ කියලා. මෙය MA මත පදනම් වූ තවත් ඉන්ඩිකේටර් එකක්. ඒත් මෙමගින් අපිට ට්‍රේඩ් එකක් කිරීම ආරම්භ කිරීමට අවශ්‍ය සංයාව ලබා දෙනවා..
MACD අභ්‍යන්ටර සූත්‍රය අපිට ටිකක් ඇඩ්වාන්ස්. ඒත් MACD වලින් signal ගනේ මෙහෙමයි.
![]()
MACD line එක නිල් පැහයෙනුත්
MACD signal line එක රතු පැහැයෙනුත් දැක් වෙනවා.
මෙම line දෙක චේදය වෙන අවස්තාවල අපි ට්‍රේඩ් එකට enter වෙනවා. මොකද එවන් අවසතාවල buyers ලා sellers ල අතර බලය හුවමාරු වෙන නිසා.
MACD line එක MACD Signal line එකට වඩා ඉහලින් තිබීමෙන් අපි buy ට්‍රේඩ් එකක් සිදු කරමු
ඒ වගේම sell ට්‍රේඩ් එකක් සිග්න line එක MACD line ekata ඉහලින් ඇති විට සිදු කරමු.
මෙම ට්‍රේඩ් සිදු කිරීමේදී volume එක වෙඩි අවස්තා තෝරාගත යුතුය. එය මෙම line දෙක අතර පරතරයෙන් දක්වනු ලැබෙයි.
සරල ගතහොත් අපි සිදු කර ඇත්තේ කොටස් වෙලද පොලහි වෙනස වන මුදල්වල වටිනාකම් යොදා ඇදි chart එකක් උපයෝගී කරගෙන traders ල වැඩියෙන් සිටින අවස්තාවක නිවැරදි දිසාව නොහොත් trend එක තියන දිසාවට ගනු දෙනු කිරීමයි.
අපි මෙහිදී traders වැඩියෙන් ඉන්න අවස්තා MACD line අතර පරතරයෙනුත්, ට්‍රන්ඩ් එකේ දිසාව වඩා බලවත් MACD line eka මගිනුත් තීරනය කර ඇත. ඉතුරු ඉන්ඩිකේටස් ගැනත් මම පසුව කියා දෙන්නම්.