Forget Me not නවකතාව අනික් පොත් අභිබවා විකිණෙන්නේ ඇයි?
හුඟාක් අය මේ පොත ගත්තා. ඒ වගේම මේ පොත නොගත් අයත්, ගන්නෙම නෑ කියලා තද තීරණයක හිටපු අයත්, මේ පොත තෑගි ලැබුණු අයත් මට හමුවුණා. මට සැලකිය යුතු ප්‍රමාණයක් මුණගැහුනේ.. මේ පොත ගන්නෙ නෑ කියලා කියපු අය. ඒකට හේතුව මේ පොත හුදු ජනප්‍රියත්වයකින්, හැමෝම ගන්න නිසා ගන්න බවක් තමයි, උගත් , පරිවර්තන සහ ඉංග්‍රීසි මාධ්‍ය පොත් කියවන අය අතින් කියවුණේ.. ඒත්, ඒ අයත් හොරෙන්ම පොත අරගත්තා වෙන්නත් පුළුවන්.
ඒ නිසාම මං කපටි වැඩක් කළා. මම හිතවත් යෙහෙළියකට කියලා, ඇය ළඟ තියන පොතේ මුල් පිටු කිහිපය ඡායාරූප ලෙස ගෙන්වා ගත්‍තා. පලවෙනි පිටු දෙක තුන කියවද්දි, මම පොත මිලදී ගන්න තීරණය කරලා ඉවරයි. ඉතින් මං පොත ගත්තා.
මම Light Reader කෙනෙක් කියලා ඔබ කියාවි. Hard Readers ලා ට මේ පොත ගැලපෙන්නෙ නෑ කියලා තව කෙනෙක් කියාවි. එහෙත් ඇත්තම කතාව නම්, මේ පොත Light Words අස්සෙ හැංගිච්ච Hard Reading එකක් තියන පොතක්.
දැන් මං ඔබට කියන්නම්. ඔබ නොදැනුවත්වම ඔබ මේ පොත ගන්න පෙළඹිච්ච කාරණාව සහ ඔබ දැනුවත්වම ගත්තා නම් මේ පොතට කැමති වුණ හේතුව..
කවරය
අද වෙනකොට, ලෝකය නැවතත් කෙටි කාලීන අතීතයක් කරා ගමන් කිරීම ප්‍රිය කරමින් තියනවා. ඒ කියන්නේ, විදුලි බල්බයක් වත් පත්තු නොවෙන, විදුලි පංකාවක් වැඩ නොකරන මධ්‍යතන යුගය නෙවෙයි.. මේ මොහොත වන විට ලෝකය වැළඳගන්න ආශා කරමින් පවතින්නේ 70 , 80 දශකයයි. ඒකියන්නෙ Vintage සුන්දරත්වය. මේ පොතේ නම, කවරයේ ස්වභාවය, වර්ණය සහ අනුමාතෘකා ආදී සියල්ල ඒ vintage ස්වභාවය නියෝජනය කරනවා.
පොතේ ප්‍රමාණය
මේ පොත සම්මත පොත්වල ප්‍රමාණය ආකෘතිය ට වඩා වෙනස් Note Book හෝ Journal ආකෘතියෙන් යුක්තයි. ඔන්න ආයෙමත් , අර යුගයට ආස මිනිස්සු මේ පොතට පොදි කනවා. ඒ වගේම ඒ යුගය ලොකුවට Follow නොකළත්, Journal වලට ගොඩාක් ආස තවත් පිරිසක් ඉන්නවා. අන්න ඒ අයත් මේ පොත ආසාවෙන් වැළඳ ගන්නවා. ලංකාවෙ පොත් එකතු කරන සහ පොත් කියවන කියලා වර්ග දෙකක් ඉන්නවා. මෙතනින් කියවන අය වගේම පොත් එකතු කරන අයත්, මේ වගේ ලස්සන notebook ප්‍රමාණයේ පොතක් තමන්ගේ එකතුවෙ තියාගන්න ආශා කරනවා.
පොතේ අන්තර්ගතය
පොතේ අන්තර්ගතය, කතන්දරමය, ලියුම් ම ය වගේම බොහොම සුන්දර සරල ස්වභාවයක් උසුළනවා. හැබැයි ඒ දේ ඇතුළේ. කතුවරියන් දෙපල දැඩි කියවීමක් කරන්න උත්සාහ කරනවා. මනුෂ්‍යයා හෙවත් මෙහි පාඨකයා එකී දැඩි කියවීම ළඟා කරගන්නේ, සරල බස් වහර තුළින්.. අමාරු වචන වලින් සරල දෙයක් කියනවට වඩා, සරල වචන වලින් අමාරු දෙයක් කියන එක ඇත්තටම ටිකක් අමාරුයි. ඒ දේ වෙනුවෙන්, මං නාඳුනන ඔවුන් දෙදෙනාට මගේ ආදරය පිරිනමනවා.
තව දෙයක්, මේ පොතේ අන්තර්ගතය තුළ ප්‍රබලව කතා කරන්නේ බිඳුණු ජීවිතවලට. නැගිටින්න උත්සහ කරන ජීවිතවලට.. තමන්ගෙ හැඟීම් එක්ක ලෝකය විසින් සෙල්ලම් කරන ලද ජීවිත වලට.. ලෝකෙ එහෙම ගැහැණු මිනිස්සු ඉතාම වැඩියි. ලෝකයට එලිපිට පෙන්වා නොසිටියත්, ඔවුන් තමන්ගෙ ඇතුළාන්තය දන්නවා. එහෙම මිනිස්සු, තමන්ගෙ උගත් මිත්‍රයා මගහැරලා ගිහිල්ලා, හෙමින් සීරුවෙ පොත යටින් අරන් කවුන්ටරයට දෙනවා, මං ඇස් දෙකට දැක්කා.
පොතේ අන්තර්ගතය ගැන කතා කරද්දි , Font භාවිතය සහ Chapter බෙදිල්ල මම බෙහෙවින් අගය කරනවා. පොතක් එකම විදිහට නොයා ඒ ලෙස කොටස් බෙදීම, ඒවට භාවිත කළ වර්ණ සහ රූප වගේම, ටයිප් රයිටර් අකුරු මාදිලි වලින් ලියවුණු ලියුම් අර මං කිව්ව් Vintage මිහිරියාවට ආසා මිනිස්සුන්ට පොත ගන්න බල කර සිටිනවා.
මළවුන්ගේ අවුරුදු දා කියවන්න ආසා කළ මිනිස්සු, මේ පොත අතට ගැනීම වළක්වන්න බෑ. මල් වලට ආසා කරන, මල් නොලැබුණු මිනිස්සු මේ පොත අතට ගැනීම වළක්වන්න බෑ. ආදරය හොයන මිනිස්සු මේ පොත අතට ගැනීම වළක්වන්න බෑ. නිර්නාමික පෝස්ට් ලියන අන්ධකාරයට වැටෙමින් සිටින මිනිස්සු මේ පොත ඉල්ලා සිටීම වළක්වන්න බෑ.
මේ පොත, බොහොම කාලයක්, කොල්ලන් කෙල්ලන්ටත්, කෙල්ලන් කොල්ලන්ටත් දෙන Gift එකක් වෙලා තියේවි කියලා මට හිතෙනවා. එක යුගයක මළවුන්ගේ අවුරු දු දා , මළගිය ඇත්තෝ වගේ පොත් වලට තිබ්බ Vibe එක අලුත් පරම්පරාව මේ පොතින් පවරාගනීවි.
මම මේ එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයව මේ නවක කතුවරියන් හා සම කලා නෙවෙයි.. ඒ යුග දෙකේ මිනිසුන්ගේ වටිනාකම් වෙනස් නිසා, එකම පැවැත්මේ පොත පවතිනවා කියන දේ ගැනයි මම කථා කරන්නේ. මොකද ප්‍රේමය එක්ක පොත් හුවමාරු වෙන Cult එකක් තියනවා.
කොවිඩ් 19 සහ ආර්ථික අවපාතය විසින් ලාංකීය මානව තාරුණ්‍යයේ ගොඩක් දේවල් වෙනස් කළා. මිනිස්සුන්ගෙ වටිනාකම් වල හුඟක් තැන් වෙනස් කළා.මිනිස්සු හිතන විදිහ සහ ප්‍රාර්ථනා කරන විදිහ, දේවල් ඉල්ලන විදිහ සහ ආශා කරන විදිහ වෙනස් කළා. ඒ හැම දේකම හොඳ අධ්‍යනයක් තුළින් එළියට ආපු පොතක් විකිණෙන එක වළක්වන්න කාටවත් ම බැහැ. එහෙම වෙන්න ඕනෙත් නෑ.. ඒ නිසා ඔවුන්ට නිරන්තරයෙන් Congratulations කියන්න..
තව දෙයක්, වෙන පොත් අභිබවා මේ පොත අලෙවි වෙන ලොකුම රහස මං කියන්නද? මේ පොතේ පොටෝ ජෙනික් ගතියක් තියනවා. හැම කෙනාටම මේ පොත එක එක අතට හරව හරව පොටෝ ගහන්න හිතෙනවා. ඒ කවරයේ වර්ණය නිසා සහ සැකැස්ම හැඩය වගේම රුව නිසා . ඒක මරු