තරහ වෙන්න එපා මචන් කිව්වට..ලන්කාවේ එහෙමත් පොරකට ඇරෙන්න හොද රටවල්වල වීසා දැන් ලේසියෙන් ගන්න බෑ..උබ නිකම් හිතපන්කෝ ජීවිතේ පරදුවට තියලා බෝට්ටු වලින් ඉතාලි ඕස්ට්‍රේලියා යනවද ඔය වීසා ලේසියෙන් හම්බවෙනවනම්..අනික උබ මොන ඩොකියුමන්ට් දුන්නත්..මොන තරම් සල්ලි පෙන්නුවත්..උන් දන්නවා ලන්කාව කියන්නේ කරප්ටඩ් රටක්..ලන්කාවේ ඕනි දෙයක් හොරට හදන්න පුලුවන් කියලා..ඉතින් පිලිගන්නේ නෑ ඇත්ත ඒවා දුන්නත්...ඕකෙදි මම දන්න විදියට වීසා ලැබෙනවා ඒ රටක සෑහෙන ලොකු මොකක් හරි ඕගනයිසේෂන් එකකින් වගේ උබව ගෙන්නුවොත්..ඔය ආර්ටිස්ට්ලා එහෙම සමහරු ෆර්ස්ට් ටයිම් ඇමරිකා එහෙම යන්නේ එහෙම..ඊලග එක සුද්දන්ගේ රටවල් එකකට හරි උබ කලින් ගිහින් ඇවිත් තිබීම..usa.canada .uk..shengen..ireland..australia..
newzealand..ඔන්න ඕවගෙන් එකකට..අනික උබේ පාස්පෝට් එකේ හොද රටක් නැතත් සෑහෙන ලොකු ට්‍රැවල් හිස්ට්‍රි එකක් තිබීම..ඒ කියන්නේ පාස්පෝට් එකක් දෙකක් ඉවර වෙනකම් වගේ රටවල් වල ගිහින් ඇවිත් තිබීම..එහෙම මුකුත් නැතුව නිකම් හොද රටවල් වලට විසිට් ඇප්ලයි කරන්න එපා තේරුමක් නෑ හම්බවෙන්නේ නෑ..නැත්තම් ඉතින් බැන්කුවේ ඇමරිකන් ඩොලර් මිලියනයක් විතර තියනවනම් ඒත් පුලුවන්..රුපියල් වලින් කෝටි 10/15ක් වගේ තියනම් ඒත් පුලුවන්..එහෙම එකා ගිහින් පනින් නෑනේ කොහොමත්..ඕවා මුකුත් නැත්තම් බොරුවට ඇප්ලයි කරලා පාස්පෝට් එක සවුත්තු කරගන්නේ නැතුව හිටපන්..ඕක උන්ගේ සිස්ටම් එකේ තියනවා කාලයක්..පස්සෙ ආයේ ඇප්ලයි කරත් මුල් එක බලනවා..රිජෙක්ට් කරගන්නවා කියන්නේ ලෙඩක් ඉතින්..ඕකේ මෙහෙම දේකුත් තියනවා..සමහරුන්ගේ ලක් එකත් ඕකට බලපානවා..උබ වගේ ඇප්ලයි කරලා මම අර ඉහත කී මුකුත් නැතුවත් ඔය වීසා හම්බුන එවුන් ඉන්නවා..දැන් නම් කොහොමද දන්නේ නෑ..ඉස්සර හිටියා...මොනවා කරන්නද ඉතින්..ලන්කාවේ තත්වේ තමයි ඔය ඔක්කොටම හේතුව..
උබ ඕකට එලකිරියෙ උපදෙස් ගන්නවනම් උබ කලින් රටවල් වල ගිහින් තියනවද..ඒ මොන රටවල්ද..කලින් ශෙනගන් ඇප්ලයි කරලා රිජෙක්ට් වෙලා තියනවද..කොහේ හරි රටක ඕවර්ස්ටේ වෙලා තියනවද..කරන රස්සාව මොකද්ද ...වගේ විස්තර දාන්න..මේකේ ඉන්න වීසා ගැන දන්න උන් උපදෙස් දෙයි..
------ Post added on Jun 9, 2022 at 6:55 PM