මෙහෙමයි. ඔයාගෙ මුලු ආදායම ගත්තොත්
150,000 + 700USD. (300 LKR කියල USD Rate එක ගත්තොත්) 210,000 LKR
මේ Freelancer "Business" එකේ Cost එක 70,000 යි නම් Freelancer එකෙන් හම්බෙන ආදායම, 210,000 - 70,000 = 140,000
මෙතනදි 150,000 Job salary එක TAX නෑ. ඉතුරු 140,000 තමයි TAX වෙන්නෙ. මේකෙදිත් උපරිමය 15%යි.
දැන් ඔයාට මෙතනදි පොඩි උප්පරවැට්ටියක් දාගන්න පුළුවන්. මේක දෙකට කඩල කොටසක් LKR කොටසක් USD නිසා ඔයා කෙලින්ම මුලු ආදායමම 15% කරගන්නත් බෑ. මුලු ආදායමම Local tax rate කර ගන්නත් බෑ. ඒ හින්ද අපි මෙහෙම කරන්න පුළුවන්.
140,000 අරන් මේකෙ 6% කෑල්ල එලියට ගන්නව.
140,000 x 12 = 1,680,000. මේකෙන් පලවෙනි 1M 6% යි. ඉතුරු 680,000 15% යි.
60,000 LKR
102,000 LKR
මේ දෙකේ එකතුව තමයි ඔයාගෙ වාර්ශික TAX ගෙවිය යුතු මුදල කියල ගන්න පුළුවන්. 162,000
මේක 4 ට කඩල වාරිකේට 40,000 ගානෙ ගෙවාගෙන යන්න ඕන. (මාස 3 කට පාරක්)
මේක තමයි ක්‍රමේ. ඔයාට ඉතින් ගෙදර අම්ම තාත්ත ඉන්න පුළුවන්, කසාද බැඳල නම් නෝන ඉන්න පුළුවන්. එයාට USD Account එක හදල එයාගෙ නමට ඔය 700$ ගෙන්නගන්න පුළුවන් නම් ඒක Tax Planning. ඒක fully allowed. එතකොට කීයක් වත් ගෙවන්න වෙන්නෙ නෑ. සත 5ක් වත් ගෙවන්න වෙන්නෙ නෑ. මොකද 140,000 ආදායම 150,000 ට වඩා අඩු හින්ද.
(වැරදි අඩුපාඩු ඇති. Tax consultant කෙනෙක් නෙමෙයි. දන්න විදියට ඔන්න උත්තරේ දුන්න. වැරිදි හදන්න පුළුවන් මේකෙ. මටත් ඉගෙනගන්න)