Freelancer Job වලින් සල්ලි හොයමු

LKF

Active member
  • Jun 16, 2017
    455
    243
    43
    Freelancer Job වලින් සල්ලි හොයමු

    Internet Money හොයන්න ගොඩක් අයගෙ ලොකු උනන්දුවක් තියනවා නේ මේකට විවිද අය අය විවිද විදිහේ ක්‍රම බාවිතා කරනවා. Website click වගේ methods නම් මෙලෝ රහක් නෑ මාස ගානක් click කරලත් අන්තිමට withdraw කරන්න ගියාම හුටපය්ස් වෙනවා :frown: Forex වගේ දේවල් කරන්න මුලික ආයෝජනයක් තියෙන්න ඕනනේ. ඒවගේම Forex හැමෝටම හරි යන්නේ නෑ emotion එක්ක Trade කරන්න යන හින්ද. Youtube money, FB insta video, Referral Click ඔය වගේ නානා ප්‍රකාර ක්‍රම තියනවා

    ඉතින් ඔය දේවල් වලට අමතරව තමන්ගේ දක්ෂ තාවයෙන් part time job එකක් කරන ක්‍රමත් තියනවා. Freelancer & Fiverr කියනේ මේ සදහා ජනප්ප්‍රිය website දෙකක්. මේකෙන් Freelance site එක තමා මන් හිතන්නේ පරණම. අනික Freelancer site එකේ withdraw options ගොඩක් තියනවා fiverr එකට වඩා flexible. මම site එක open කරපු කාලෙම ඒ කියන්නේ 2009 වගේ තමා Register උනේ. ඒ කාලේ නම් competition එක අඩුය්.

    freelancer-com-logo-2B5CE1A961-seeklogo.com.png


    කොහොම හරි Part time job එකක් විදිහට තමන්ගේ දක්ෂ තාවයට ගැලෙපෙන Jobs මිලියන ගණනක් තියන එකේ Try එකක් දාල බලපල්ලා

    මේකෙදි ගොඩක් අයට වැඩ පුළුවන් උනාට Project එකක් Bid එකකින් ගන්න තේරෙන්නේ නෑ. කොච්චර Bid දැම්මත් Bid accept වෙන්නේ නෑ. මම එකට කරන්න පුළුවන් දේවල් ටිකක් කියල දෙන්නම්


    1. Account එකක් open කරගමු freelancer.com
    (ඔතන මගේ Referral link එක දාල තියෙන්නේ උබල කැමති නම් ඒකෙන් Register වෙයල්ලා $ 20 උබලට හම්බ වෙනවා එතකොට)

    2. Edit Profile
    Profile එක හදන්න කලින් My Project කියන එකට ගිහින් ඔයාලගේ skill category එකේ jobs select කරලා ඒවා ඇතුලට යන්න. ඊට පස්සේ ඒවාට Bid කරලා තියන අයගේ උඩින්ම ඉන්න අයගේ profile වලට ගිහිල්ල බලන්න කොහොමද එයාල ඒවා හදල තියෙන්නේ කියල. තමන්ගේ Experience and Qualifications ඒවගේ ඔයාලත් ලියල Profile Description දාන්න

    Professional profile pic එකක් upload කරන්න එකෙන් bid accept වෙන එක වැඩි වෙනවා

    freelancer-profile-photo-change-4.jpg


    56375e72cd46c_thumb900.jpg


    3. Certifications
    මේකේ අපිට පුළුවන් Exam වලට ලියන්න අපේ Qualification වලට අදාලව. එතකොට ඒ Exam pass වෙලා තියනවා නම් අනිවා Bid එක Accept කරන්න Employer පෙලබෙනවා මොකද එකෙන් කියන්නේ ඔයා ඒ Field එක ගැන දන්නවා කියලනේ. English exam, Data Entry Exam, Wordpress Exam වගේ Exam බර ගානක් මේකේ තියනවා

    freelancer-Certification1.jpg


    4. Bid Price එක
    Job එකට අදාලව Employer Price range එකක් දාල තියනවා. මෙතනදී හරිම Amount එකක් bid කරන එක තමා අමාරුම වැඩේ. අපිට වැඩේට පාඩු වෙන්නෙත් නැති වෙන්න. Employer ට Fair ගානකුත් කියන්න ඕනේ. ඒ අනුව තමා අපිට Accept වෙන එක තිරණය වෙන්නේ. Price range එකේ මැද වගේ අගයක් අපිට Bid කරන්න පුළුවන් නම් chance එක වැඩිය්

    5. Bid එක දැම්මට පස්සේ අපිට Description එකක් ලියන්න එනවා මෙතන තමා අපේ හැකියාව Employer ට කියන්න තියන අවස්ථාව. ඔයාට වැඩේ බාරදෙන්න හිතෙන විදිහට පොඩි වදන් ටිකක් දාල කලින් කරපු ඔය වගේ වැඩ තියනවා නම් එව්වත් Attach කරලා Submit කරන්න. Bid කරන හැම Job එකකටම එකම වදන් ටික copy paste කරලා නම් හරියන්නේ නෑ. ඒ තැනට ගැලපෙන විදිහට ගලපලා ලියපල්ලා. :rolleyes:

    Bid Price එකත් මේ Description එකත් තමා First Job එක ගන්න අනිවා බලපාන්නේ පස්සේ හොද reviews ටිකක් එකතු කර ගත්තම වැඩේ ලේසිය් :love:

    මුලින් ඉතින් ටිකක් කට්ටක් කාල පාඩුවට හරි කරලා Reviews ටිකක් එකතු කර ගනිල්ලා. උවමනාවක් තියනවා නම් site එකට ගිහිල්ල අත පත ගාල බලපල්ලා. internet money කිව්වම නිකන් ඉදන් සල්ලි හොයන ක්‍රම නෑ මහන්සි වෙන තරමට තමා කෝකෙත් ප්‍රතිපල තියෙන්නේ

    මේක කට්ටිය දාල Firms විදිහට ලංකාවේ කරන අය ඉන්නවා. Jobs තියනවා ඕන තරම්. හොයනවා නම් සල්ලි තමා :love:

    එහෙනම් ජය වේවා කිව්වා
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Dan owata competition eka wadi ban.
    $500 charge karanna ona wede $50ta karana un inne
    Athin kala harak balanawa oita hondai

    PS: BTW, ubatath hoyanna amaru nisa wennathine referral links promote karanne :P
     
    Last edited:

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    ඉන්දියන් කාරයොයි පකිස්තාන් කාරයොයි Freelancer එක කාල තියෙන්නේ බන්.Fiverr ගැනනම් දන්නේ නෑ.. හැබැයි ට්‍ර්‍යි කලොත් බැරි කමකුත් නෑ
     

    PickelRick

    Active member
  • Apr 25, 2020
    194
    157
    43
    Mchanla mata Freelancer ekan Job ekka set una.
    Job eka karanna eyala security fee ekka illanawa eka job eka karata passe refund karanwalu
    eth mata thiyna prashe mun job eka karala mage security fee ekath thiyaganinda kiyana eka
    trust karnna puluwanda HELP!
     

    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Freelancer careful , , patta horu meke bahala inne , , security deposit gewanna kiyala mail ewai. ahuwenna nam epa. Genuine employers hariyata balala hoyaganna rank eka balala.