Fujimaru දාහත් වසරකට පසු සේන්දු වෙයි.

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    Fujimaru දාහත් වසරකට පසු සේන්දු වෙයි.

    "තාරුණ්‍ය‍ය උදෙසා වු යාත්‍රාව" Fujimaru දාහත් වසරකට පසු සේන්දු වෙයි.

    270 කට අධික විවිධ ජාතීන්ට අයත් තරුණ තරුණියන් රැගත් ෆුජිමාරු නෞකාව වසර 17 කට පසු කොළඹ වරායට සේන්දු වුණා. 

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ෆුජිමාරු නෞකාවෙන් ලෝක සවාරියේ යෙදෙන තරුණ පිරිස ඊයේ (19) කොළඹ වරාය පරිශ්‍රයේ දී  මුණගැසුණා.‍‍

    ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් සංවිධානය කරන " ලෝක තාරුණ්‍ය‍ය උදෙසා වු යාත්‍රාව " ලෙස හැඳින්වෙන මෙම ලෝක සවාරිය මෙවර සංවිධානය කර තිබුණේ 24 වැනි වරටයි.



    1252683.jpg


    01.jpg



    02.jpg


    03.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    1995 දී අවසන් වරට ශ්‍රී ලංකාවට පැමිණි මෙම නෞකාව මෙරට පැවති අයහපත් වතාවරණය නිසා වසර 17 ක් පැමිණියේ නැහැ.

    ජාතික තරුණ සේවා සභාවේ මැදිහත්වීමෙන් යළි මෙම නැව ලෝක සවාරියේ යෙදෙන සෑම වසරකදීම ශ්‍රී ලංකාව එහි එක් නැවතුම් ස්ථානයක් ලෙස ලබා ගැනීමට හැකිව තිබෙනවා.

    පසුගිය ජනවාරි 31 වැනිදා ජපානයේ යොකොහාමා වරායෙන් දියත් වූ මෙම නෞකාව චීන මුහුද හරහා රටවල් කිහිපයක් ඔස්සේ පැමිණ ඉන්දියාවටත් අනතුරුව ශ්‍රී ලංකාවටත්
    ගමන්කොට අනතුරුව දින 35 ක සංචාරය නිමවා යළි මාර්තු 05 වැනිදා ජපානයට සේන්දු වීමට නියමිතයි.


    fuji_maru.jpg



    ජපන් ජාතික තරුණ තරුණියන් 140 ක් සහ ඉන්දියාව, බහරේනය, බ්‍රසීලය, කැනඩාව, ඊජිප්තුව, නවසීලන්තය, පේරු, රුසියාව, ස්පාඤ්ඤය, තුර්කිය, වෙනිසියුලාව සහ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්  132 ක් මෙම චාරිකාවට එක්ව සිටිනවා.
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    කාර්ය මණ්ඩලය 190 ක් යොදවා ඇති අධි සුඛෝපභෝගී නෞකාවක් වන මෙහි පිහිනුම් තටාක, ශරීර සුවතා මධ්‍යස්ථානයක් , සිනමා හලක් , ගෘහස්ථ ක්‍රිඩාගාර , අවන්හල්, ශ්‍රවණාගාර ආදී පහසුකම් රැසකින් සමන්විතයි. 

    s_img27_big.jpg


    SSEAYP_2.jpg


    IMG_1386.JPG


    IMG_1440.JPG
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    මීට පෙර මෙම ලෝක සවාරියට එක්ව තිබු‍ණේ නිපොන්මාරු නෞකාවයි.
    එහි සේවා කාලය අවසන් වීමෙන් පසු ෆුජිමාරු නෞකාව සේවයේ යොදවා තිබෙනවා.
    ලංකාවේ දින 4 ක් ගත කළ මෙම නෞකාව අද (20) කොළඹ වරායෙන් යළි දියත් වීමට නියමිතයි.