full body checkup

pavanruka

Well-known member
  • Mar 17, 2015
    5,789
    3,193
    113
    Malabe
    අපේ මාමණ්ඩිට පහුගියදා අසනීපවෙලා චෙක්අප් එකක් කරගත්තා. (පොරට වියස 65) පොර නම් ගොවිතැන් කරන්නේ.
    ඉස්සෙල්ලාම වී.පී. ඩොක්ටර් කෙනෙක් හම්බ වුණා. (වරුණ ගුණතිලක- සෙන්ට්‍රල්) එයාට ඇගේ තියෙන දැනෙන ලෙඩ ටික ඔක්කොම කිව්වා. එයා ඒවා හොඳට අහගෙන ඉදලා ප්‍රශ්න කළා. ඒවාට දුන්න උත්තරත් එක්ක පස්සේ එයා චෙක්අප් වගයක් ලිව්වා. (ගොවිතැන් කරන හන්දා මාමණ්ඩිට නිතරම ඇග රිදෙන එක, වෙලාවට නොකන හින්දා බඩේ දැවිල්ල, පපුවේ කැක්කුම්, කුකුල් කැක්කුම්, සෙම, වතුර අවුල් හන්දා වකුගඩු, ආදි.....) අපිනම් ඒවා කරගත්තේ රාජගිරියේ මැතිවරණ කාර්යාලය ඉස්සරහා තියෙන ඩයබිටික් සෙන්ටර් එකෙන්. ඒකේ පුද්ගලික රෝහල්වලට වඩා ගාණ අඩුයි. රු. 9000 කට ආසන්න ගානක් ගියා. ඊට පස්සේ ඩොක්ටර්ට රිපෝට් පෙන්නුවා. අවුල් ඒවාට බෙහෙත් දුන්නා. දැන් බෙහෙත් බීලා දවස් පහක් විතර වෙනවා. පොරට ඉස්සර තිබ්බට වඩා ගුණයි කියලා කියනවා.
    මම නම් කියන්නේ ඉස්පිරිතාලවල තියෙන පැකේජ්වලට නොයා ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා පෙන්නන එක තමයි හොඳ මොකද ශරීරයේ ලෙඩ ගැන නොදැන චෙක්අප් කරන එක එච්චරම හොඳ නැහැ. 30-40 ක් දීලා එක චෙක් අප් එකක් කරනවාට වඩා මම උඩ කියලා තියෙන විදිහට අවුරුද්දට දෙවතාවක් විතර කරගන්න පුළුවන්නම් යන්නේ රුපියල් 30,000 ක් විතර. එතකොට ලෙඩ නොවැලදීම ගැන ගැරන්ටියකුත් තියෙනවා.


    Oya checkups, jaathi dekakata aithi venava. Ekak full body ekata, anika adaala ledaeta. Full body checkup eken apita nodenena leda thiyanavanam aeva hoyaganna puluvan (list eka anuva). Mokada samahara leda thiyanava apita denenakota parakku vediy. Kalinma denagattot hondakaraganna puluvan ewa (such as cancer).
    Anik eka adaala kekkumakata checkup ekak karana eka.
    Ithin deka patalavaganna epa.
     
    • Like
    Reactions: BATTA45