Full Insurance for Vehicle

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    එළකිරි එකේ thread බැලුවොත්, දන්නා අඳුරන බොහෝ දෙනෙක්ගෙන් ඇහුවොත් පවුලේ මාසික අදායම ලක්ෂ 2-3 වගේ ගණන් කියන්නේ.
    එහෙම තියෙද්දී ඉතාම අහම්බෙන් සිද්ධ වෙන්න පුළුවන් ලක්ෂ 10-15ක උනත් repair එකක් දරන්න බැරි වෙන්න බැහැනේ.
    මාස කීපෙක පඩියනේ.
    අනික් දේ ඔහොම අදායමක් තියෙනකොට හිර වෙලා හිටියත් ඉතාම පහසුවෙන් හදිස්සියකට personal loan එකක් ගන්න පුළුවන්.

    full insurance නොදා ඉන්න පුළුවන් කියන්නේ leasing නැති වාහනයක් මොකද leasing වලට full insurance අනිවාර්යි.
    එකියන්නේ ඔයාට cash වාහනයක් ගන්න සල්ලි තියනවා. නැත්තන් වාහනේ නොතිය loan ගන්න ලොකු වත්කම් හෝ ව්‍යාපාර තියෙනවා.
    ඉතින් මොකද ඉතාම කලාතුරකින් වෙන්න පුළුවන් ලොකු accident එකක් ගැන බය වෙන්නේ.
    මම නම් හිතන්නේ වාහනේ හැප්පිලා ලොකු repair එනවට වඩා, ගෙදර කෙනෙක් මොකක් හරි අසනීපයක් වෙලා ලක්ෂ ගානක medical bill එකක් එන්න ඊට වඩා ලොකු chance එකක් තියෙනවා. එක ගැනත් ඔහොම හිතලද තියෙන්නේ?

    තමන්ට වියදම දරන්න පුළුවන්, maintain කරන්න පුළුවන් level එකේ වාහන පදින්න. එතකොට ප්‍රශ්නයක් නැහැ.

    මේ කතාවෙ ලොකු ඇත්තක් තියෙනවා තමයි. ඒත් වාහනේ condemn වෙන්නම හැප්පුනොත්?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,128
    113
    එළකිරි එකේ thread බැලුවොත්, දන්නා අඳුරන බොහෝ දෙනෙක්ගෙන් ඇහුවොත් පවුලේ මාසික අදායම ලක්ෂ 2-3 වගේ ගණන් කියන්නේ.
    එහෙම තියෙද්දී ඉතාම අහම්බෙන් සිද්ධ වෙන්න පුළුවන් ලක්ෂ 10-15ක උනත් repair එකක් දරන්න බැරි වෙන්න බැහැනේ.
    මාස කීපෙක පඩියනේ.

    ලක්ශ 15 කිං මට අවුරුදු 22 ක් ඉන්ශුවරන්ස් ප්‍රිමියම් එක ගෙව්වෑකි නෝ ක්ලේම් බෝනස් නැතුව
    මාස කීපෙක පඩියෙන් අවුරුදු 22+ කන්ඩෙම් වෙන්න වැදුණත් අවුලක් නෑහ් කියල වාහනේ පදින්න පුළුවන් කියන්නෙ වටිනව නෙ ගෙවන ගාන. :D
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    3rd party dala hoda kattak kawa dan awurudu 10ta withara kalin. lorry karayek gahuwa car eke passa paththa kudu wenna. car eka gihin issaraha 3 wheeler ekaka waduna issarahai passai dekama kudu. hadanna garage ekata dammama estimate eka 1 million. etakota car eka watinneth 1.4million wage :lol: naduwak dala yantham bagayak gatta lorry karayage insurance eken. karadara wada nisa eda idan full insurance thama
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Full insurance Dana eka hoda
    Mage wahane ta full insurance premium eka 90k wage tibba kale deparak accident Una. Wena minissu pitipassen awilla happala.

    First accident eke recovery cost eka laksha 5k witara. Second ekatat giya laksha 3ta wadiya.
    Lankawe full insurance Dana eka hoda.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ මතය මේකයි.
    තමන්ගේ ආදායමේ හැටියට වාහනේ මුළු පාඩුව දරාගන්න පුළුවන් නම් තර්ඩ් පාටි දාන එක හොදයි. එතකොට තව මුදලක් ඉතිරි වෙනවා. නමුත් තමන්ට තියන ලොකුම වත්කම වාහනේ නම් අනිවාර්යෙන් ෆුල් ඉන්ෂුවරන්ස් එකක් දාන්න.

    ගොඩක් අයට තමන්ගේ නිවස ඇරුනම තියන ලොකුම වත්කම තමයි වාහනේ. වාහනයේ වටිනා කමට හරියන මුදලක් බැංකු ගිණුමකවත් නෑ. ඉතිං එහෙම කෙනෙක් දගලලා දගලලා මාකට් වාහනයක් අරං පාවිච්චි කරනවා. මොකද හදිස්සියකට මුදල් කර ගන්න උනත් හැකියාව තියන නිසා. ඉතිං ඒ වගේ කෙනෙක් නම් වාහනේ නඩත්තු වියදමට අමතරව අනිවාර්යෙන්ම ෆුල් ඉන්ෂුවර්න්ස් එකට මුදල් අයින් කරන්න ඕනේ. ඒක කරන්න බැරි නම් තමන්ගේ වත්කමේ හැටියට පොඩි වාහනයක් අරං තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස් එකක් දාලා පාවිච්චි කරන්න ඕනේ.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේ කතාවෙ ලොකු ඇත්තක් තියෙනවා තමයි. ඒත් වාහනේ condemn වෙන්නම හැප්පුනොත්?
    වාහනේ condemn වෙන්න කියන්නේ ඉතාම කලාතුරකින් වෙන case එකක්. එහෙම දෙයක් වෙනුවෙන් insurance ගෙවනවානම් ඊට වඩා ලොකු වියදම් යන ඒවගේම වෙන්න සම්භාවිතාවය වැඩියෙන් තියන ගෙදර කෙනෙක්ගේ අසනීපයක් නිසා අව්රුද්දට ලක්ෂ ගණන් වියදම් කරන්න සෙට් වෙන්න පුළුවන්.
    ගින්නක් නිසා ගෙදර, වත්කම් ඔකොම පිච්චිලා යන්න පුළුවන්, කෝලාහලයක් නිසා ඔයාගේ නිවාස වත්කම් වලට හානි වෙන්න පුළුවන්, අනවශ්‍ය නඩුවක පැටලෙන්න පුළුවන් , ඔයාගේ ව්‍යාපාරයේ, රැකියාවේදී ඔය කරපු දෙයක් නිසා කාට හරි වන්දියක් ගෙවන්න වෙන්න පුළුවන්. මුකුත්ම නැත්තන් තරහ කාරයෙක් කුඩු ටිකක් වාහනේ හරි ගෙදර වත්තේ හරි හංගල පොලීසියට call එකක් දුන්න නම් ඇති.
    මේ වගේ risk වලින් බේරෙන්න නම් කෝටි ගණන් සල්ලි තියෙන්න ඕන.

    එනිසා ඉතා කලාතුරකින් වාහනේ condemn වෙන්න හැප්පෙන එකේ රිසක් එක අඩු කරනවට වඩා risk වැඩි දේවල් ගොඩකට මුණ දෙන්න ලෑස්ති වෙන්න තියනවා ජීවිතේ.
     
    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    වාහනේ condemn වෙන්න කියන්නේ ඉතාම කලාතුරකින් වෙන case එකක්. එහෙම දෙයක් වෙනුවෙන් insurance ගෙවනවානම් ඊට වඩා ලොකු වියදම් යන ඒවගේම වෙන්න සම්බවිතාවය වැඩියෙන් තියන ගෙදර කෙනෙක්ගේ අසනීපයක් නිසා අව්රුද්දට ලක්ෂ ගණන් වියදම් කරන්න සෙට් වෙන්න පුළුවන්.
    ගින්නක් නිසා ගෙදර, වත්කම් ඔකොම පිච්චිලා යන්න පුළුවන්, කෝලාහලයක් නිසා ඔයාගේ නිවාස වත්කම් වලට හානි වෙන්න පුළුවන්, අනවශ්‍ය නඩුවක පැටලෙන්න පුළුවන් , ඔයාගේ ව්‍යාපාරයේ, රැකියාවේදී ඔය කරපු දෙයක් නිසා කාට හරි වන්දියක් ගෙවන්න වෙන්න පුළුවන්. මුකුත්ම නැත්තන් තරහ කාරයෙක් කුඩු ටිකක් වාහනේ හරි ගෙදර වත්තේ හරි හංගල පොලීසියට call එකක් දුන්න නම් ඇති.
    මේ වගේ risk වලින් බේරෙන්න නම් කෝටි ගණන් සල්ලි තියෙන්න ඕන.

    එනිසා ඉතා කලාතුරකින් වාහනේ condemn වෙන්න හැප්පෙන එකේ රිසක් එක අඩු කරනවට වඩා risk වැඩි දේවල් ගොඩකට මුණ දෙන්න ලෑස්ති වෙන්න තියනවා ජීවිතේ.

    hmmm
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ලක්ශ 15 කිං මට අවුරුදු 22 ක් ඉන්ශුවරන්ස් ප්‍රිමියම් එක ගෙව්වෑකි නෝ ක්ලේම් බෝනස් නැතුව
    මාස කීපෙක පඩියෙන් අවුරුදු 22+ කන්ඩෙම් වෙන්න වැදුණත් අවුලක් නෑහ් කියල වාහනේ පදින්න පුළුවන් කියන්නෙ වටිනව නෙ ගෙවන ගාන. :D
    අවරුදු 22 ඔය insurance ගෙවපු ගාන ඔකොම FD දැම්ම නම් compound interest එක්ක ඔයාට ඔයාගේ වාහනේ වගේ වාහන කීපයක් ගන්න හෝ ඊටත් වැඩිය සල්ලි එකතු වෙලා.
    දැන් ඉස්සර වගේ නෙමෙය් වාහන වල value එක කාලයත් එක්ක ඉක්මනින් අඩු වෙනවා, ඒවගේම insurance එකත් වාහනේ පරණ වෙනකොට ගෙවන්නේ claim එකෙන් කොටසක් විතරය්, ඔක්කොම ගෙවන්නේ නැහැ.
    ඒවගේම බීල එලෙව්වා, ඕනෑකමින් හැප්පුව, sport driving අරව මේවා වෙන condition නිසා මුකුත්ම නොගෙවා ඉන්නත් පුළුවන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,128
    113
    අවරුදු 22 ඔය insurance ගෙවපු ගාන ඔකොම FD දැම්ම නම් compound interest එක්ක ඔයාට තියනවටත් වඩා හොඳ වාහනයක් ගන්න හෝ ඊටත් වැඩිය සල්ලි එකතු වෙලා.
    අනික් දේ දැන් ඉස්සර වගේ නෙමෙය් වාහන වල value එක කාලයත් එක්ක ඉක්මනින් අඩු වෙනවා, ඒවගේම insurance එකත් වාහනේ පරණ වෙනකොට ගෙවන්නේ claim එකෙන් කොටසක් විතරය්, ඔක්කොම ගෙවන්නේ නැහැ.

    නෑහ් අවුරුද්දකට 70,000 ගානෙ yearly 10% FD එකක් දැම්මොත් අවු. 22 කට ලක්ෂ 50 වගේ එකතු වෙන්නෙ
    තව අවුරුදු 22 ක් ගියාම ලක්ෂ 50 කින් Kei car එකක් වත් ගන්න පුළුවන් වෙයිද මන්ද මේ යන විදිහට.
    කොහොමත් වාහනේ අවුරුදු 10 ක් විතර පරණ වුණාම තර්ඩ් පාටි දානව
     
    • Like
    Reactions: gceal

    gceal

    Well-known member
  • May 16, 2007
    10,474
    958
    113
    Sri Lanka
    stock.adobe.com
    නෑහ් අවුරුද්දකට 70,000 ගානෙ yearly 10% FD එකක් දැම්මොත් අවු. 22 කට ලක්ෂ 50 වගේ එකතු වෙන්නෙ
    තව අවුරුදු 22 ක් ගියාම ලක්ෂ 50 කින් Kei car එකක් වත් ගන්න පුළුවන් වෙයිද මන්ද මේ යන විදිහට.
    කොහොමත් වාහනේ අවුරුදු 10 ක් විතර පරණ වුණාම තර්ඩ් පාටි දානව

    hmmmm
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    නෑහ් අවුරුද්දකට 70,000 ගානෙ yearly 10% FD එකක් දැම්මොත් අවු. 22 කට ලක්ෂ 50 වගේ එකතු වෙන්නෙ
    තව අවුරුදු 22 ක් ගියාම ලක්ෂ 50 කින් Kei car එකක් වත් ගන්න පුළුවන් වෙයිද මන්ද මේ යන විදිහට.
    කොහොමත් වාහනේ අවුරුදු 10 ක් විතර පරණ වුණාම තර්ඩ් පාටි දානව
    70 gane dammoth compound wela Laksha 55 ekathu wenawa.
    Awrudu 22 yanakota wahane value ekath dan thiyana ganen itha podi percentage ekak wei dan yana widiyata.
    Wena ratawala wena de lankawatath wegena enne dan.

    Kohomath wahane condemn wenna happenna chance eka adui. ethakota wahaneth thiyanawa laskha 50+kuth wenama ekathu wela thiyanawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,128
    113
    70 gane 10% dammoth compound wela Laksha 55 enawa.
    Awrudu 22 yanakota wahane value ekath dan thiyana ganen itha podi percentage ekak wei dan yana widiyata.
    Wena ratawala wena de lankawatath wegena enne dan.

    70 kiwwata 69.600 harima gaana
    Anith eka oya awurudu 22 ma heavy damage ekak wena ekak na kiyala guess karalane kiyanne. Mage rear bumper eka company eken replace karanna painting ekka Rs. 130,000/-... mokek hari passen awith waddala bumper + dicky door wage maru karanna set wunoth saahena gaanak set wenawa
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,128
    113
    full insurance දැම්මෙ නැති උනාම වෙන එකෙක් ඇවිල්ල හැප්පුවාම ඌත් එක්ක ඇරගන්න තමයි වෙන්නෙ

    මම එකෙක් එක්ක පැය බාගයක් විතර ඇරගෙන උගෙනුයි ඉන්ශුවරන්ස් එකෙනුයි දෙකෙන්ම ගත්ත තාම හැදුවෙ නෑහ් :lol:
     
    • Haha
    Reactions: topkollek

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    70 kiwwata 69.600 harima gaana
    Anith eka oya awurudu 22 ma heavy damage ekak wena ekak na kiyala guess karalane kiyanne. Mage rear bumper eka company eken replace karanna painting ekka Rs. 130,000/-... mokek hari passen awith waddala bumper + dicky door wage maru karanna set wunoth saahena gaanak set wenawa
    Company eke price walata bumper maru karanna ona nahane eeta godak aduwata puluwan.
    mama mulin kiwwe podi damage ekak unama ekawath athin hada ganna salli naththan, daranna puluwan level ekaka wahanayak ganna.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,587
    2
    54,128
    113
    Company eke price walata bumper maru karanna ona nahane eeta godak aduwata puluwan.
    mama mulin kiwwe podi damage ekak unama ekawath athi hada ganna salli naththan, daranna puluwan level ekaka wahanayak ganna.

    Insurance eken cover karana eke pitin karanne mokatada ithin
    Mama podi podi damage hama ekama claim karanawa kohomath, haduwe na podi seerumakata mulu bumper ekama huurana eka paadu nisa. Loku damage ekak wunoth eka parak claim karala hada gannawa

    Eg: http://autolanka.com/forums/profile/73048-hyaenidae/?status=5363&type=status (Edit: Link fixed)

    Me damage ekata claim eka 9000/= anith drivergen 8000/= eth oya tikata bumper eka paint karana eka paaduine.
     
    • Like
    Reactions: Sanuka87

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මාත් උඹ කියන කාරණාව ගැන සෑහෙන්න හිතල තියෙනව ඒත් මගේ නම් මතය මේක ඩිපෙන්ඩ් වෙනව කාරණා 4ක් මත,

    1. තමන්ගෙ ඩ්‍රයිවින් එක්ස්පීරියන්ස්+හැකියාව(වාහනේ පිට කවුරුහරි පදිනවද කියන එකත්) - මේක අංක එක.
    2. වාහනේ භාවිතා කරන ප්‍රමාණය(සතියකට කොච්චර දුවනවද කියන එක) - මේක ප්‍රධානම සාධකයක්.
    3. වාහනේ ගෙනියන ප්‍රදේශය.
    4. වාහනේ වටිනාකම.

    මගේ නම් මතය මෙන්න මේ කාරණා හතර එක්ක තමයි තීරණය කරන්න ඕන.
    1. තමන් නැතුව පවුලේ කවුරුහරි හෝ තමන්ට ඩ්‍රයිවින් ෂුවර් නැති කවුරුහරි පදිනව නම් අනිවා ෆුල් දාන එක තමයි හොඳ.
    2. නිතරම වගේ ගෙවල් වල තියෙන වාහන වලට ෆුල් දාන එක තේරුමක් නෑ කියන එක මගේ මතය. ඩේලි හොඳට දුවන වාහනයක් නම් අනිවා දාන්න ඕන.
    3. කොළඹ වගේ ඩ්‍රයිවින් කරනව නම් වාහන වල සයිඩ් කණ්නාඩි කැඩෙන්න වගේ තියෙන සම්භාවිතාව වැඩියි. හීරෙන්න තියෙන. ඒ නිසා මේ වගේ තදාසන්න හෝ මොළේ නැති මිනිස්සු ඉන්න පැතිවල ඩ්‍රයිව් කරනව නම් ෆුල් දාන එක වටිනව.
    4. මිල අධික වාහන වගේම සමහර වාහන මොඩල් තියෙනව ස්පෙයා පාට්ස් පට්ටම ගණං, රෙපෙයාර් කොස්ට් එක ගොඩක් වැඩි. එහෙම එකකටත් ෆුල් දාන්න ඕන.

    මෙන්න මේ සාධක මත තමයි ඕක සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ කියන එක මගේ අදහස. තමන්ට ඩ්‍රයිවින් ෂුවර් නම්, වැඩිය වාහනේ පාවිච්චි කරන්නෙත් නැත්නම් හොඳම දේ තර්ඩ් පාටි එකක් දාගෙන සල්ලි ඉතුරු කරන එක. අනිවාර්යෙන්ම ඒක ලාබයි.

    මේක විශේෂයෙන්ම කියන්න ඕන ෆුල් ඉන්ෂුරන්ස් දාන හැමෝටම.
    ලීසිං එකක් වගේ දෙයක් නැතුව ෆුල් ඉන්ෂූරන්ස් එකක පිහිට පතාගෙන දානව නම් ගාණ බලන්නෙ නැතුව ලංකාවෙ තියෙන හොඳම කම්පැනි එකක දාන්න. SLIC, Ceylinco වගේ. එහෙම නැතුව ගොබ්බ කම්පැනි වල දාල වාහනයක් කන්ඩෙම් වෙන්න වැදුනොත් හැමෝටම කලින් ඉන්ෂුරන්ස් එකමයි ගානට ලිස්සල යන්නෙ. මම පුද්ගලිකවම දන්න අත්දැකීම් තියෙනව ඒ වගේ සෑහෙන්න.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    මේ අදහසනම් සෑහේන්න මටත් හිතිලා තියනවා. ඇත්තටම ලක්ශ හය හතක් අයින් කරන්න පුලුවන්නම් කාටවත් නැති සල්ලියක් අහක යවන්න ඔනේ නෑ. තිබ්බ සල්ලිත් සේරම අරන් තව උපරිමෙටම loan නුත් ගහපු මන් වගේ එකෙක්ටනම් full එකක් දාන එක හොදා. 🤣🤣 . පේරේදත් ලොරි කාරයෙක් පිටිපස්සෙන් car එකකට ඇන්නා ඉස්සරහින් ගිය බ්ස් එකටත් හේත්තු වෙන්න. දෙපැත්තම ඉවරයි වාහනේ.
     
    • Like
    • Dislike
    Reactions: jcj and asheka