fun story ekak

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    ඉංජිනේරුවෙක් තම බිරිඳගේ අතුරුදහන් වීම පිළිබඳ පැමිණිලි කිරීමට පොලීසියට ගියේය...
    ඉංජිනේරුවා : මගේ wife අද shopping ගියා.. ඒත් මේ වෙනකම් ආවේ නෑ.. phone එක වැඩ කරන්නෙත් නෑ....
    පොලිස් නිලධාරියා : හොඳයි සර් අපි හොයලා බලන්නම්... අපිට කියනවද එයාගේ උස කීයද කියල..
    ඉංජිනේරුවා : ම්ම්ම්.. මට උස කීයද කියලා එච්චර ගානක් නෑ.....
    පොලිස් නිලධාරියා : හ්ම්ම්... හොඳයි එහෙනම් සර් wife කෙට්ටුද නැත්තම් මහතද....?
    ඉංජිනේරුවා : කෙට්ටුත් නෑ... මට මතක විදියට එච්චර මහතත් නෑ....
    පොලිස් නිලධාරියා : eye colour එක මොකක්ද?
    ඉංජිනේරුවා : එකනම් මට මතක නෑ...
    පොලිස් නිලධාරියා : එහෙනම් hair colour එක...
    ඉංජිනේරුවා : ඒක කාලෙන් කාලෙට වෙනස් කරනවනේ... අන්තිමට දාගෙන හිටපු පාට මට එච්චර මතක නෑ...
    පොලිස් නිලධාරියා : එයා අන්තිමට ඇඳගෙන හිටපු ඇඳුම මතකද..?
    ඉංජිනේරුවා : සාරියක්.. නෑ... නෑ.... ගවුමක් හරි කලිසමක් හරි තමයි... හරියටම මතක නෑ.....
    පොලිස් නිලධාරියා : එයා කාර් එකෙන්ද shopping ගියේ...
    ඉංජිනේරුවා : ඔව් ඔව්...
    පොලිස් නිලධාරියා : කාර් එක මොන වගේද...?
    ඉංජිනේරුවා : කාර් එක black audi A8 එකක්.. super charged 3.0 liter V6 එන්ජින් එකක් තියෙන්නේ... එන්ජින් එක horse power 333 ක්... ගියර් eight-speed tiptronic automatic transmission with manual mode... full LED headlights... ඉස්සරහා.....
    පොලිස් නිලධාරියා : හෝව්... හෝව්... ඔය ඇති සර්... බයවෙන්න එපා... අපිට කාර් එක හොයාගන්න පුළුවන් වෙයි....