මම බැලුවා. ඇහැලේපොළ නිලමේගේ පරිවාර නිලමේ කෙනෙක්ගේ ලාබාල බිරිඳ වටා කතාව යන්නේ.
ඇහැලේපොළ නිලමේ රජුට ද්‍රෝහී උනාම පස්සේ ඒ අයට දඩුවම් කලානේ. ඊට පස්සේ ඇහැලේපොලට හිතවත් නිලමේවරුත් හැන්ගුනා. ඊට පස්සේ ඒ කාලේ තිබ්බ නිතිය අනුව රාජද්‍රෝහී පවුල් වල කාන්තාවක් එක්කෝ පවුලේ නම්බුව බේරාගෙන කුල නම්බුව බේරා ගෙන ගගට පැනලා මැරෙන්න ඕනි. එහෙම නැත්තන් සිය කැමැත්තෙන් වංශවත් කුලයෙන් පිටුවහල් වෙලා රොඩීයෙක් එක්ක ගිහින් ජිවිතේ බේරා ගන්න ඕනි.
ඉතින් ඔය කියපු පරිවාර නිලමේගේ පවුලේ වැඩිහිටි ගැහැණු කුලයේ නම්බුව බේරා ගෙන මැරෙනවා. ලාබාල බිරිඳ කුලය වෙනුවට ජීවිතය තෝරා ගන්නවා රොඩීයෙක් එක්ක ගිහිං.
ඔහොම තමයි කතාව යන්නේ.
කම්මැලි නැතුව බලන්න නං පුළුවන්. ලොකු බජට් එකක් දාලා කරපු ෆිල්ම් නෙමෙයිනේ. ඕනි තරං අවුල් තියෙනව කතාවේ තැන් තැන් වල.