GAADI (ගාඩි) | Children Of The Sun

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,824
    9,252
    113
    බැලුව ටෙක්නිකල් කාරනා වලින් කමෙන්ඩබල්. කතාව ඉන්ටරස්ටින්ග්. ස්ක්‍රිප්ට් එක අතින් ලූස් තැන් හුඟයි.

    වෙන එකෙක්ගෙ ඔපීනියන් උඩ ෆිල්ම් බලන්න හෝ අතාරින්න එපා බන්. උඹ කොහොමද මන් ගැන විශ්වාසෙ තියන්නෙ.
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,006
    113
    උඩරට
    වෙන එකෙක්ගෙ ඔපීනියන් උඩ ෆිල්ම් බලන්න හෝ අතාරින්න එපා බන්. උඹ කොහොමද මන් ගැන විශ්වාසෙ තියන්නෙ.
    true, godak mixed opinions dakka nisa ahuwe.. vibe eka matanam set balanna one.
     

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    මම බැලුවා. ඇහැලේපොළ නිලමේගේ පරිවාර නිලමේ කෙනෙක්ගේ ලාබාල බිරිඳ වටා කතාව යන්නේ.

    ඇහැලේපොළ නිලමේ රජුට ද්‍රෝහී උනාම පස්සේ ඒ අයට දඩුවම් කලානේ. ඊට පස්සේ ඇහැලේපොලට හිතවත් නිලමේවරුත් හැන්ගුනා. ඊට පස්සේ ඒ කාලේ තිබ්බ නිතිය අනුව රාජද්‍රෝහී පවුල් වල කාන්තාවක් එක්කෝ පවුලේ නම්බුව බේරාගෙන කුල නම්බුව බේරා ගෙන ගගට පැනලා මැරෙන්න ඕනි. එහෙම නැත්තන් සිය කැමැත්තෙන් වංශවත් කුලයෙන් පිටුවහල් වෙලා රොඩීයෙක් එක්ක ගිහින් ජිවිතේ බේරා ගන්න ඕනි.

    ඉතින් ඔය කියපු පරිවාර නිලමේගේ පවුලේ වැඩිහිටි ගැහැණු කුලයේ නම්බුව බේරා ගෙන මැරෙනවා. ලාබාල බිරිඳ කුලය වෙනුවට ජීවිතය තෝරා ගන්නවා රොඩීයෙක් එක්ක ගිහිං.

    ඔහොම තමයි කතාව යන්නේ.

    කම්මැලි නැතුව බලන්න නං පුළුවන්. ලොකු බජට් එකක් දාලා කරපු ෆිල්ම් නෙමෙයිනේ. ඕනි තරං අවුල් තියෙනව කතාවේ තැන් තැන් වල.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,704
    1
    32,524
    113
    - උඩරට -
    මම බැලුවා KCC එකෙන්..
    කතාව හොඳයි !
    කුල බේදය මනාව පෙන්වනවා
    උඩුකය නිරුවත් දර්ශන තියෙනවා නමුත් පෙන්නන්නේ නෑ 😭😭 දුකයි දුකයි දුකයි 😅
    රාජ නිළධාරියෙක්ගේ බිරිදක් / රාජ විරෝධී ක්‍රියාවක් සිදු කලා යැයි පවසා රොඩී කුලයට විවාහ කර දීම හා ඒ හා යමින් ජීවත් වීමට දරන වෑයම හා ආදරය හා උසස් කුලයක සිට පහත් කුලයක ජීවීතේට හුරු වීමේ කටුකත්වය මනාව පෙන්වනවා..
    කතාව තුල යම් යම් නොගැලපීම් තිබ්බද සාරාංශයක් විදිහට කතාව හොඳයි..