බයික් වල එන ෆ්ලයි වීල් එක ප්‍රමාණයෙන් පොඩියි. ඒ කියන්නෙ ෆ්ලයි වීල් එකේ අවස්ථිතිය අඩුයි... මැගින්ටෝ කොයිල් එකත් ඕකටම අමුනල තියෙන නිසා තවත් ටිකක් බලය අඩු වෙනව...
ඒ වගේම සිලින්ඩර් ප්‍රමාණය බොහෝ දුරට එකයි. එතකොට ෆ්ලයි වීල් එකේ වට දෙකකට එකක් තමයි ෆයර් ස්ටොක් එකක් ලැබෙන්නෙ... එතකොට හරිම පහසුවෙන් එන්ජිම නවතින්න පුලුවන්....
ඒ නිසා තමයි වාහන වල වගේ ක්ලච් එකක් බයික් වලට පාවිච්චි කරන්නත් බැරි. බයික් වල තියෙන්නෙ මල්ටි ඩිස් ක්ලච් සිස්ටම් එකක්. එතකොට ඔය එන්ජිමෙන් එන බලය එක පාර රෝද වලට නොයා ටිකක් ස්ලෝ එකේ තමයි බලය යෙදෙන්නෙ...
වාහන වල වගේ ක්ලච් සිස්ටම් එකක් තිබුනොත් ක්ලච් එක දෙන්න හිතනකොටම බයික් එක හිටල ඉවරයි...
වාහන වල සාපේක්ශව ලොකු, බර ෆ්ලයි වීල් එකක් තියෙනව.
ඒකෙ අවස්ථිතිය වැඩි නිසා එන්ජිම නවතින්නෙ නැතුව ස්ටාට් එකේ තියාගන්න හේතුවක් වෙනව.
ඒ වගේම සිලින්ඩර් ප්‍රමාණය වැඩි නිසා, ෆ්ලයි වීල් එක, එක වටයක් කරකැවෙනකොට ෆයර් ස්ටොක් දෙකක්වත් ඒ අතරට සෙට් වෙනව... ඒ නිසා වාහනේක එන්ජිමක් නවත්තන්න ටිකක් වැඩි බලයක් ඕනෙ...
ඩීසල් වාහන වල පෙට්‍රල් වාහන වලටත් වඩා ටෝක් එක වැඩි නිසා තවත් බලය වැඩියි...