Gendagam - Centigradz

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83



    පෙනුනට ඇස් දෙක වැඩක් නැ.. මොළය අන්ධනම්..
    එහෙමයි ලියවිලා තිබුනේ මේ පොළෝවේ ගෙන්දගම්..
    පමණ අපමණ දැන හදන පදනම.. ආතත විතත විතතාත දැනගෙන..
    ඇනගෙන.. දැනගෙන..
    අපි ජීවත් වුනොතින් හොදයි හය හතර දැනගෙන..
    කරන නොකරන හොද නරක දැන දැන..
    හමා ඒ එරිය සක සේ පසුපස..
    පෙරලමු දුරලමුද අනවශ්ය ජාති බේද..
    දෙපැත්තකට බෙදිලා බොරුවට ගහ ගෙන වැඩක් වේද..
    ඔලුවට එනකොට ජාති වාදිකම් ලම්බක හතරැස් ඡේද..
    මතක තියාගමු අපි ඔක්කොම එක මවකගේ දරු කැල නේද..
    නෙතින් ගිලිහුණු කදුළු බිදු එක එක...
    කැටි කොට ගොඩ නැගුවා ජීවිතේ ටික ටික...
    නමස්කාරය දෙමාපියන් හට..
    කොච්චර බිව්වත් නොමැකෙයි ඒ බිවු මවු කිරි වල ණය..

    ඇයිදෝ අපි වෙන්වෙලා..
    ලඟ සිටියත් ලංවෙලා..
    හදවත් නෑ එක්වෙලා..
    ජීවිත එක් තැන්වෙලා..

    සිහින ලොවක තනි වෙලා..
    ලෙන්ගතුකම් වලදමා..
    කුමකට ජීවත් වෙලා..
    මිනිසත්කම් හැරදමා..

    ලැජ්ජාව බය යන දේව ධර්මය හොඳින් දැන..
    හැඩට ඉඳන් ගැහුවා සෙල්ෆි තද තද...
    ඉගෙනුම වේනම් ඉරණම් විවරණ..
    අමතක නොකරමු කවදාවත් අපි දුක් විද විද ඒ ආ මග..
    සරම බැනියම රෙද්ද හැට්ටේ ඇන්ද ළමයි..
    තොප්පිය කරකවල අනික් පැත්ත දැම්මා තමයි..
    තරුණ ජවය ඉලක්කේ නිදහස් අහස..
    ගනිනු ඉගෙන හොදින් යරලව සස සහළ..
    හදවත මගේ කකියනකොට සමහර බොරු දැකලා..
    මොලෙන් කිව්වා කල්පනා කරලා තීරණ ගනින් කියලා..
    ලියලා මන් පතාත එකට සිඳලා..
    උගුරෙන් පහලට එලියට එළිසම හෙළ රැප් කරළිය සැමදා..
    දකුණ නැගෙනහිර ගාල්ල මාතර කොළඹ..
    උතුර බැසනාහිර කෝට්ටේ මහා නුවර...
    ජයතු නාදය හෙළ රැප් කියවෙන තාලය..
    මන්දිර පැල්පත් යන එන හැම තැන රැව්දේ අපගේ නාමය..

    සායම් ඉහිරුණු වත්සුනු තැවරුණු සුදුවන් මුව කමලේ..
    විෂ ඝෝර සර්ප විෂ ඇති හිත් මඩලේ..
    සුව කල හැකිය විෂ දලක සාපේ..
    ඖෂධ නොමැත මනු විසට රාළේ..

    ඇයිදෝ අපි වෙන්වෙලා..
    ලඟ සිටියත් ලංවෙලා..
    හදවත් නෑ එක්වෙලා..
    ජීවිත එක් තැන්වෙලා..

    සිහින ලොවක තනි වෙලා..
    ලෙන්ගතුකම් වලදමා..
    කුමකට ජීවත් වෙලා..
    මිනිසත්කම් හැරදමා..