Genz උන් මේන් උබල ගැන මොනවද හොයාගෙන

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට වත්මන් පරපුරේ බුද්ධි මට්ටම පෙර පරම්පරාවේ බුද්ධි මට්ටමට වඩා අඩුවේ..!
    අමෙරිකානු පර්යේෂණයකින් හෙළිවෙයි

    (වෛද්‍ය නීතිඥ පාලික බණ්ඩාර සුභසිංහ
    නීති වෛද්‍ය නිලධාරී
    ශික්ෂණ රෝහල පේරාදෙණිය )

    තාක්ෂණය දියුණු වීම තුළ 1997 සිට 2012 දක්වා කාලය තුළ ඉපදුනු අලුත් පරම්පරාව ( Gen Z ) ඊට පෙර පරම්පරාව වූ “මිලේනියම්” (Gen Y ) එනම් ඔවුන්ගේ දෙමාපියන් අයත් වන පරම්පරාවට වඩා බුද්ධි මට්ටම අතින් ඉතා පහල තත්වයක ඇති බවට නවතම අමෙරිකානු සමීක්ෂණයකින් හෙළිදරව් වී ඇත.
    මේ සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත් වූ ස්නායු විද්‍යාඥ ( Neuroscientist ) සහ අධ්‍යාපනඥ ( Educator ) ආචාර්ය ජාඩ් කුනි ( Dr. Jared Cooney) විසින් එක්සත් ජනපදයේ වාණිජ ,විද්‍යාත්මක සහ ප්‍රවාහනය පිළිබඳ ස්ථාවර සෙනට් කමිටුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව දක්වා ඇත.
    මෙහිදී ඔහු අවධාරණය කරන්නේ මිනිස් ඉතිහාසය ආරම්භයේ සිට පරම්පරාවෙන් පරම්පරාවට සිදුවෙමින් පැවති බුද්ධි වර්ධනය ( Flynn effect ) Gen z පරම්පරාවේ සිට පසුපසට ගමන් කරන බවයි.තාක්ෂණික දියුණුව අධ්‍යාපනයට ද යොදා ගැනීම හේතුවෙන් සහ ඩිජිටල් කරණය නිසා මේ පරම්පරාවේ පුද්ගලයන් තුළ භාෂාමය, ගණිතමය, සංජානන හැකියාවන් මෙන්ම තාර්කික හැකියාව සහ ගැටලු විසඳීමේ හැකියාවද පූර්ව පරම්පරාවට වඩා බෙහෙවින් අඩු බව මෙම අධ්‍යයනයේදී හෙළිවී තිබේ. මිනිස් පරිණාමයේදී බුද්ධිය වර්ධනය වීම සිදු වන්නේ සිදු වන්නේ මුහුණට මුහුණ සිදුවන අන්තර් ක්‍රියාවන් මගිනි.නමුත් ඩිජිටල් තිර මෙම ක්‍රියාවලියට බාධා පමුණුවා ඇත.මෙම පරපුර සිය කාලයෙන් විශාල ප්‍රමාණයක් මිඩංගු කරන්නේ ඩිජිටල් තිර ඉදිරියේය. මේ හේතුවෙන්ම ඔවුන්ට යමක් වෙත දිගටම අවධානය යොමු කිරීමේ, ග්‍රහණය කිරීමේ සහ මතක තබා ගැනීමේ හැකියාවන් දුර්වල වේ.
    ජෛව විද්‍යාත්මකව මිනිසා සකස් වී ඇත්තේ තවත් පුද්ගලයෙකුගෙන් දැනුම ලබාගෙන ඒ පිළිබඳව ගැඹුරට අධ්‍යයනය කොට නව දැනුම සොයාගැනීමයි. නවීන තාක්ෂණයම ගැටලුවක් වන විටක එය භාවිතයෙන් අධ්‍යාපනය ලබන්නාට සිය බුද්ධියෙන් ගැටලු විසඳීමේ හැකියාව නොලැබේ.
    ඇමෙරිකාව තුළ පමණක් නොව අධ්‍යාපනය පුළුල් ලෙස ඩිජිටල් කරණය කළ ලොව පුරා රටවල් 80 කට අධික ප්‍රමාණයක මෙම තත්ත්වය දක්නට ලැබෙන බව ආචාර්ය ජාඩ් කුනි තවදුරටත් පවසා ඇත.

    මෙම තත්ත්වය තහවුරු කරමින් Times of india පුවත්පත සඳහන් කරන්නේ ලොව ප්‍රමුඛ විශ්ව විද්‍යාල විසින් මෑතක සිට සිය විෂයමාලා වත්මන් ශිෂ්‍යයන්ට ගැලපෙන පරිදි ලිහිල් කොට ඇති බවයි.

    වර්තමානයේ වයස 14 සිට 30 දක්වා වන පරම්පරාව මෙලෙස මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට “බුද්ධි හැකිලීමක් “ ප්‍රදර්ශනය කරන අතර තාක්ෂණය ඊට වඩා දියුණු , විශේෂයෙන්ම කෘතිම බුද්ධිය ,රොබෝ තාක්ෂණය ඉතා දියුණු තත්ත්වයක් තුළ මින් පසු පරම්පරාව වන 2012 වසරෙන් පසු ඉපදුනු Gen alpha පරම්පරාවට අයිති ඔබගේ දරුවාද මේ අයුරින්ම ඔබට වඩා බුද්ධියෙන් අඩු දරුවෙකු වීමේ ප්‍රවණතාවය පවතී.විශේෂයෙන්ම දරුවන්ට අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය මෙන්ම ඩිජිටල් උපකරණ හඳුන්වා දීමේ අහිතකර ප්‍රතිවිපාක දියුණු රටවල් වලින්ම ප්‍රකාශ වෙද්දී ඔවුන් ඒවා දරුවන්ගෙන් ඈත් කිරීමට පියවර ගනිමින් පවතී.
    ඇස් වලට, මොළයේ ක්‍රියාකාරීත්වයට, බෝ නොවන රෝග වලට, ඉරියව් සහ කොඳුරට පෙළ ආබාධයන්ට හේතුවන මෙන්ම පුද්ගල අන්තර් ක්‍රියාවන්ට සහ සබඳතාවලට , සමාජානුයෝජනයtට , මානව ගුණධර්ම වලට බෙහෙවින් අහිතකර තත්ත්වයන් මෙම තාක්ෂණය මගින් ඔබගේ දරුවාට ද උරුම කර දෙනු ඇත.මේ තත්ත්වය අත්දකින රටවල් බොහොමයක් ඉන් මිදීමට කටයුතු කරද්දී අපේ දරුවන් ඒ තුළට බලහත්කාරයෙන් තල්ලු කිරීමට වැඩිහිටියන් වන අප දුර දිග නොබලා කරන උත්සාහය අපේම දරුවන්ට පාරාවලල්ලක් වීම වැළැක්විය නොහැක්කක් වනු ඇත.

    වෛද්‍ය නීතිඥ පාලික බණ්ඩාර සුභසිංහ
    නීති වෛද්‍ය නිලධාරී
    ශික්ෂණ රෝහල පේරාදෙනිය
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,814
    16,725
    113
    ශරීර ශක්තිය වැදගත් නෑ
    මතකය වැදගත් නෑ
    හිතන්න පුළුවන්කම වැදගත් නෑ

    අනාගතය පැහැදිලියි
    මිනිස්සු වැඩක් නෑ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    අනික් අයට කරදරයක් වෙමින්

    අපෝ අපේ කාලෙ හිටපු උන් මුන්ට වඩා දරුණුයි කුහකයි. ඉස්කෝල ඉස්කෝල අතර වලිම කොච්චර යනවද. ඒ කාලෙ සෝෂල් මිඩියා නැති හින්ද ඒව රට වටේම ප්‍රසිද්ධ වුනේ නෑ.
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    777
    93
    "මිනිස් ඉතිහාසයේ ප්‍රථම වරට වත්මන් පරපුරේ බුද්ධි මට්ටම පෙර පරම්පරාවේ බුද්ධි මට්ටමට වඩා අඩුවේ..!
    අමෙරිකානු පර්යේෂණයකින් හෙළිවෙයි"


    ඇමෙරියාව කියන්න ඕන නෑ
    පාරට බැස්ස ගමන් ඕනම කෙනෙකුට තේරෙනවා ප්‍රායෝගිකවම
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,861
    1
    15,185
    113
    උන් තමයි හැබැයි ජීවිතේ සුපිරියටම විඳින්නේ
    උන් ඇත්තටම ජීවිතේ විඳවනව. Compare කරනව. අතේ සතේ නෑ බුගාටි වල යන්න Expect කරන්නෙ. දියුණු වෙන්න මහන්සි වෙනව කියල කටින් කිය කිය යනව ඒත් ඇත්තට කරන්නෙ Uber දුවල ඒ සල්ලි OnmaxDT දාල. මොකද ඉවසීම Focus එක මදි, ක්ෂණික ප්‍රතිඵල බලාපොරොත්තු වෙනව. පලවෙනි Job එක හොයන්නෙ ලක්ෂ 2 මාර පඩි. ඒත් Qualification ,ලිපිකරු පඩි.
     
    • Like
    Reactions: Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    තව අවුරුදු 10කින් විතර ඕකුන් බහුතරයක් අතින් පාලනය වන ලෝකයක අපිට ඉන්න වෙනවා නේද බන්.:no:
    එච්චර් කල් ඉන්න වෙන එකක් නෑ උන්ටම පාලනය ගියොත් මාසයක් විතර අල්ලන් ඉන්නකොට ඔක්කොම වැනිශ් වෙලා යයි.
     

    trng

    Well-known member
  • Jul 18, 2008
    1,065
    362
    83
    ඔච්චර පරික්ෂණ ඔනා නැ,, බස් එකක කොච්චියක යද්දි බලහන්කො Genz ලා දිහා,,උන්ගෙ හැසිරීම ,,,
     
    • Like
    Reactions: War Fighter