Get well soon Sunil Hettiarachchi

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    2446xkh.jpg


    සුනිල් හෙට්ටිආරච්චි...
    නම කියූ පමණින්ම ඔහු ගැන නොදන්නා කලා රසිකයෙකු මේ පුංචි රට තුළ සිටීයැයි කිවුවොත් එය අරුමයකි.
    මුහුණපුරා වැවුනු රැවුලත් තට්ට හිසත් කෙට්ටු සිර
    ුරත් ඔහුගේ නම ඇසූ සැනින් අපේ මනසේ ඇඳී යන්නේ නිරායාසයෙනි.
    මගේ අදහසට අනුව නම් ඔහු වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ප්‍රතිභාවපූර්ණ නළුවෙකි.බොහෝලෙසම නිරූපණය කළේ හාස්‍ය උත්පාදක රංගනයන් වුවත් ඔහු ඕනෑම චරිතයක් තරම් ඉදිරිපත්කිරීමට හැකියාවැති දක්ෂ නළුවෙකු බව ඔහුගේ රංගන ශෛලිය තුළින්ම අවබෝධ කර ගත හැකිය.
    ඉතින් මේ අපූරු කලාකරුවා,සොඳුරු මිනිසා දැඩිසේ රෝගාතුරව සිටින බව ජනමාධ්‍ය හා ෆේස්බුක් මගින් අපට අසන්නට ලැබුනේ මීට මාස කිහිපයකට පෙරය.
    ඔහු වෙනුවෙන් “අපි බැලු චිත්‍රපට - The Great Movies We Watched“ අපේ සමූහය මගින් යමක් කළ යුතු යැයි ඇඩ්මින් Suren Sarathkumara අප වෙත යෝජනා කළේ මීට දින කිහිපයකට කලිනි.සමූහයේ සහෘදයින් වෙතින් ඊට ලැබුනේ යහපත් හා අගය කළ යුතු ප්‍රතිචාරයකි.මේ පිළිබඳව සුරේන් හා මා කළ කතාබහකින් පසු එම වැඩපිළිවෙල ආරම්භකිරීමේ අරමුණින් අද උදෑසන මම සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවාණන්ගේ පුතු නුෂාන් හෙට්ටිආරච්චි මහතාට දුරකතනයෙන් කතාකිරීමෙන් පසුව මා දැන ගත් දෙය නම් “සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන වශයෙන්ම පාකින්සන් රෝගය සහ එම රෝගය නිසා හටගත් වෙනත් රෝගී තත්වයන්ගෙන් පෙළෙන බවත් මේ වන විට ඔහු මාළිගාවත්ත මහල් නිවාසයේ ඔහුගේ ආදරණීය දූ පුතුන්ගේ රැකවරණය ලබමින් සිටින බව මෙන්ම ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සහ ඖෂධ වෙනුවෙන් මාසිකව රුපියල් දහහතර දහසකට ආසන්න වියදමක් යන බවත්ය“
    පසුව මා සුරේන් සමග කතා කොට අප දෙදෙනාම එකඟත්වයට පැමිණියේ මාස දෙකක හෝ තුනක ප්‍රතිකාර වියදම අප සමූහය හරහා එකතු කොට සමූහයේ සාමාජිකයින් විසින් එතුමාගේ නිවසටම ගොස් පරිත්‍යාගකිරීමට හැකි නම් එය සුනිල් හෙට්ටිආරච්චි මහතාට සමූහයේ සිනමා රසිකයින් විසින් දක්වන මහඟු උපහාරයක් බවය.
    මේ වෙනුවෙන් ලබාදෙන මූල්‍යමය පරිත්‍යාගයන්
    හැටන් නැෂනල් බැංකුවේ HNB අලව්ව ශාඛාව
    B.A.නිරාජ් ගුණසේකර
    123020073356 දරණ ගිණුමට
    බැර කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතරම ඔබගේ නොමසුරු පරිත්‍යාගය මුදලින් රුපියල් පනහක් වුවත් එය ඉතා අගය කරන බවත් ඔබගේ පරිත්‍යාගයන් කිරීම හෝ පරිත්‍යාගය කිරීමට අදහස්කිරීම මෙම පෝස්ටුවේ කමෙන්ට් එකක් වශයෙන් හෝ ෆේස්බුක් පණිවිඩයක් මගින් හෝ මා වෙත දැනුවත් කිරීමක් කරන මෙන්ද කාරුණිකව ඉල්ලා සිටිමි.ස්තුතියි !
    දැනට මා වෙත දැනුම් දුන් පරිත්‍යාග ලැයිස්තුව.

    https://docs.google.com/spreadsheets/d/1U2oj-O8r8TrTYMRcSfI__Mgalza31UvWA3mLwpUFd9o/edit#gid=0

    උපුටා ගැනීම : අපි බැලු චිත්‍රපට - The Great Movies We Watched
     
    • Like
    Reactions: ashmi

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රට හිනස්සන මිනිස්සු අන්තිමට දුක් විදිනවා, මට ඔක හිතුනේ ප්‍රෙඩී සිල්වා දැක්කම. දැන් ඉන්න උන්වගේ නාට්ටියක් රග පාලා ගානක් කියනවා වගේ මිනිස්සු නෙමෙයිනේ..
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    රට හිනස්සන මිනිස්සු අන්තිමට දුක් විදිනවා, මට ඔක හිතුනේ ප්‍රෙඩී සිල්වා දැක්කම. දැන් ඉන්න උන්වගේ නාට්ටියක් රග පාලා ගානක් කියනවා වගේ මිනිස්සු නෙමෙයිනේ..

    :(:yes::yes: