GFගෙ හොර අල්ලමු.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    ඔහොම අවිශ්වාසෙන් බයෙන් සැකෙන් කෙල්ලෙක් තියාගෙන වැඩක් නෑ බං.මොකද පවුලක් කද්දි එකට ඉඳගෙන ඔය බය සැක තියෙන නිසා තමයි ගොඩක් පවුල් ප්‍රශ්න එන්නේ. මම නම් කියන්නේ බං ඔව්වා තියා මොන ලබ්බ කලත් යන එකා යන්න හේතු 1000 ක් හොයන කොට අපිට ඇත්තටම ආදරේ එකා යන්න හේතු 1000 ක් තිබ්බත් අපි ලඟ ඉන්න හේතුවක් කොහෙන් හරි හොයාගන්නවා.අන්න ඒක තමයි තමුන් ආදරේ කරන කෙනෙක් නැතුව තමුන් නැතුව ඉන්න බැරි කෙනෙක්ව හොයාගෙන එහෙම කෙනෙක්ට ආදරේ කරන්න කියන්නේ.

    ow ube kathawa aththa.... :D
    bt dn kaale wena ewa ahuwama nm :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ube kathawa aththa.... :D
    bt dn kaale wena ewa ahuwama nm :baffled:

    වැඩක් නෑ බං මට නම් එහෙම කෙල්ලෝ.එකෙක් දෙන්නෙක් යද්දි නම් ඇඬුවා.දැන් අවුලක් නෑ දැන් ඉන්න එකත් ඉන්න බැරිනම් පලයන් කියන මානසිකත්වයේ ඉන්නේ මම ඒත් ආදරේ උපරිමයෙන් දෙනවා.මොකද ඒකි ගියත් මට එයිට වඩා හොඳ කෙනෙක් හොයාගන්න පුලුවන් අනිවා.අපිව එපා කියන මිනිස්සුන්ව බලෙන් තියාගන්න හැදුවා මාත් කාලයක්.දැන් පාඩම් ඉගෙනගෙන මචං ඉන්නේ.ඔය කෙල්ලන්ට ආතල් නැත්නම් යන කතාත් අපේ උන් තමුන්ගේ වාසියට හදාගත්තු බයිලා.ආතල් නැත්නම් යන කෙල්ලෝ බැන්දම මිනිහා එහෙ මෙහෙ වෙනකන් ඉඳලා තහනම් ගහේ ගෙඩි කනවා බං.හැබැයි ජේසුස් වහන්සේ කියලා තියෙනවා මොනාද මන්දා වපුරලා වෙන මොනාද මන්දා ගන්න බැහැයි කියල නම්.සෝ බලුවැඩක් කරන එකාට කොහොමත් පෝරියල් එක අනිවා සෙට් වෙනවමයි.එහෙම නොවුනොත් මේ බුදු බණ බොරු.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    අනුන්ගේ තොරතුරු හොරෙන් ලබාගත හැකි (Spy) Android මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාත්මක වන App එකක් විකිණු තරුණයෙකු වැලිකඩ පොලීසිය මගින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    වී එෆ්.එම් නාලිකාවේ විකාශය වන "වී ලීක්ස්" නම් වැඩසටහන මගින් ලබා දුන් තොරතුරක් මත මෙසේ එම තරුණයා අත්අඩංගුවට පත්වී ඇත.

    මෙසේ අත්අඩංගුවට පත්වුයේ මෙරට ප්‍රකට ජංගම දුරකථන සේවා ආයතනයක සේවයෙහි නියුතු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි වසන්ත පෙරේරා නමැති අයෙකි.

    ඔහු මෙම App එක සම්බන්ධව ෆේස්බුක් හි පලකල දැන්වීම පහතින් බලන්න

    ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔබට හොර කරනවද?
    ලැබුන ඇමතුම් , ගන්නා ලද ඇමතුම් දිනය වෙලාව සමග ඇමතුමේ සිටි කාලය දැනගන්න
    ලැබුණු එස්.එම්.එස් යවන ලද එම්.එම්.එස් දිනය හා වෙලාව සමග දැනගන්න
    ඕනෑම වෙලාවක ඉන්න ස්ථානය පිලිබඳ දැනගන්න
    ඉන්නා තැන ශබ්ධ වලට ඇයට නොදැනෙන්නට සවන් දෙන්න
    ඕනෑම වෙලාවක ඇයට නොදැනෙන්නට ෆොටෝ ගන්න
    ඇයට නොදැනෙන්නට ඇගේ ෆෝන් එකෙන්ම එස්.එම්.එස්. යවන්න
    ඇගේ ෆෝන් එකෙන්ම කෝල්ස් යවන්න
    සිම් මාරු කලොත් දැනගන්න
    ෆෝන් එක ලොක් කරන්න.
    ෆෝන් එකේ ස්ක්‍රීන් ෂොට් ගන්න
    ෆෝන් එකේ මෙමරි චිප් එක බලන්න
    Android දුරකතනයක් විය යුතුයි. ඉන්ස්ටෝල් කිරීම හා මොනිටර් කිරීම සම්පුර්ණයෙන්ම කියාදෙනු ලැබේ. ඕනෑම වාරයක් ඉන්ස්ටෝල් කිරීමට හා අන්ඉන්ස්ටෝල් කිරීමට කියාදෙනු ලැබේ. පසුව ඔබටම ඕනෑම දුරකතනයට දමාගත හැක.

    අයකිරීම : රුපියල් පන්දහසයි

    මෙම දැන්වීමේ ඇති කරුණු පිළිබඳව වී ලීක්ස් වැඩසටසටහනෙහි මාධ්‍යයවේදින් පොලිස් ප්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන් විමසු විට ඔහු පිළිතුරු දී ඇත්තේ ඉහත සඳහන් දේ සිදු කල නොහැකි බවත් එය සම්පුර්ණ වංචාවක් විය හැකි බවත් යනුවෙනි.

    ඒ අනුව ඔහු වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති කමල් මහතා එම තරුණයා කොටු කිරීමේ මෙහෙයුමට අනුයුක්ත කොට ඇත. වී ලීක්ස් මාධ්‍යයවේදීයා උපාය දූතයෙකු ලෙස එම තරුණයාගෙන් android app එක මිලදී ගැනීමට යාමේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව හෙළිවී ඇත්තේ එම තරුණයා විසින් විකුණා ඇත්තේ ස්පයි වර්ගයේ app එකක් නොව දුරකථනය නැතිවූ අවස්තාවක එය සොයාගැනීමට උදවු වන app එකක් (Antitheft) පමණක් බවය.

    ඉහත සඳහන් ආකාරයේ ක්‍රියාවන් සිදු කල app හඳුන්වන්නේ anti theft app යනුවෙන් වන අතර එම වර්ගයේ app ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් නොමිලේ භාගත කල හැක.


    Source: 33000


    :lol: Police Huththalata mole nae ban meka eka vikunapu ekage wedak neweine google play wala free dena eken oka karanna bae hebei 1 month gannawanam 1.92usd pay karanna one uwa allalla mona magulak karannada ban mokada u build karapu ekekye .. ara wanchawak kiwwa eka hire danna one :rolleyes::rolleyes: anti theft unata ape un use karanne wenath weda walata aththama kiyanawanam meken mu kiyana okkoma karanna puluwan :yes::yes: