GF නිසා ජීවිතය නතර කරගත් අයට විශේෂයි

pulsedeal

Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    badne

    ඒ මොන දේවල්ද මචන් ?
    :baffled:

    Bro..
    තැනින් තැන කියවීමෙන් තේරුම් ගත්ත දෙයින් පේන්නෙ ඔහුට ජීවන අත්දැකීම් මදි කියන එකයි

    මේක ආයෙ මුළ ඉදන් පිලිවෙලට කියවලා අනිත් අය දාලා තියෙන කමෙන්ට්ස් ටික කියවීමෙන් පමණක්
    ඔහුට වැටහෙයි ඔහු මගෙ ලිපිය වැරදිය තේරුම් ගත්ත කියන එක

    ඒවගේම මේ ත්‍රෙඩ්ඒක වැරදියට අවබෝධ කරගත්ත එකම එක කෙනා ඔහු බව


    ඔබ දන්නවද නඩු වාර්ථාවක් වුණත් කියෙවුවෙම නැති කෙනාට වඩා තැනි තැන කියවලා ඒක ගැන තීන්දු දෙන කෙනා භයානකයි

    ඔබට සිතාගන්නටත් බැරි තරම් ජීවිතය , ස්වබාව ධර්මය ,ආදරය ,නීතිය සහ විශ්ව නීතිය පිළිබඳව දනුමක් මා සතු බව නිහතමානීව පවසමි


    ඒ සියල්ල මා පොතින් පත ලද දැනුමකටත් වඩා සමාජය තුළ ගැවසීමෙන් ලද සමාජ දැනුමක් බවද මේ ලිපිය මුළ සිට අඟට පිළිවෙලින් කියවන්නෙකුට පසක් වනු ඇත
    එසේ නොවන්නෙකුට මෙසේ සිතෙනු ඇත

    """"මොනවද බන් මේ ජීවිතය කියන්නෙ ධාවන පතයක්ලු අපි හැමෝම තම්න්ගෙ ධාවන තීරුවෙ යනවලු අපි වාහනද බන් කියල අහයි """""

    එමනිසා කරුණාකර තැනින් තැන නොකියවා තීන්දු දීමට පෙර මුළ සිට අගට කියවන්න

    යාලුවා

    සුනාථ......................

    ධාරෙත.....................

    චරාත ධම්මේ....................

    එවිටයි ජීවිතය වැටහෙන්නේ.....................ජීවිතයෙන් පලක් තිබෙන්නේ............
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    no

    okoma kiyawana nam hamaba une na... tanin tana kiyewwa.. samahara kiyala tiyena dewal nam jiwithe atdakimak labapu nathi kenek liyapuwa wage peanwa[/QUOTEනො

    ඔබේ මතයට දැඩි ලෙස පහර ගසමින් ඔබ සමඟ ආරවුල් ඇති කරගෙන 99% පොසිටිව් කමෙන්ට්ස් ලැබුණ මාගෙ ත්‍රෙඩ් එක කැත කර ගැනීමේ වුවමනාවක් මාහට නැත
    එමෙන්ම එවැනි පහත් මානසික මට්ටමකට වැටීමට තරම් මාගේ සිතුවිළි ඔබේ අදහස කෙරෙහි ද්වේශයක් ආරෝපණය කරගෙනද නැත

    ව්‍යවස්ථාවෙන්ම ඔබට උරුම වූ සිතීමේ නිදහසට ගරු කරමි

    ඔබේ අදහසට අනුව

    "" samahara kiyala tiyena dewal nam jiwithe atdakimak labapu nathi kenek liyapuwa wage peanwa """

    යනුවෙන් ඔබ පවසා තිබීම අරුමයක් නොවේ මන්දයත් පෘතග්ජනයන් ලෙස අපට සමස්ථය දැකීමේ විශ්ව ඥාණයක් නොමැත .
    නමුත් ගැටලුව ඇත්තේ එතැන නෙවෙයි යාලුවා
    ඔබ මෙවැනි ප්‍රකාශයක්ද සිදුකර ඇත

    "okoma kiyawana nam hamaba une na... tanin tana kiyewwa.."

    එය මාගේ ලිපිය සහමුලින්ම නිර්වචනය කර ගැනීමේදී ඔබේ සිතුවිලි වලට හරහට සිටි ප්‍රමුඛ වරද යැයි යැයි මම උපකල්පනය කරමි

    මිත්‍රයා

    නඩු තීන්දුවක් වුවත් උපරිමාධිකරණ වලදී නැවත විනිශ්චයට යොමුවන විට මූලික අවශ්‍යතාව වන්නේ එම නඩු වාර්ථාව නිසියාකාර පිළිවෙලකට කියවා තිබීමයි

    ඔබ යමක් බාගෙට හෝ තැනින් තැන කියවීමෙන් පමණක්ම ඒ පිළිබදව පූර්ව විනිශ්චයකට පැමිණීමෙන් සිදු කර කරන්නේ බරපතළ වරදකි .......

    මා සියල්ල දත්තකු නොවනා වග මා දනිමි

    එනමුදු ඔබ විසින් බාගෙට හෝ තැනින් තැනින් කියවීම පිළිබද ගැටලුවක් නොමැත
    නමුත් ගැටලුව ඇත්තේ ඔබගේ පූර්ව විනිශ්චය මත පදනම්ව ඔබ විසින්ම නිර්වචන සැපයීම පිළිබදවයි

    මා ප්‍රාමාණික වන විෂය ක්ෂේත්‍රයන් කවරේදැයි යන්න පිළිබඳව ඔබට වචන මාත්‍රයකින් හෝ ඇඟවීමම මාගේ පණ්ඩිතකම හෝ නොදන්නා කම ප්‍රදර්ශණය කිරීමකි

    එම නිසා මාගේ සමාජ දැක්ම මාගේ ලිපිය හරහා ඕනාවටත් වඩා මම ඔප්පු කර ඇති බව 99%ක් වූ
    අගයකරනසුලු අදහස් දැක්වීම් හරහා සනාථ වේ

    මා හැඳී වැඩුණේ තාක්ෂණික සමාජය තුළ නොව තාක්ෂණික ප්‍රවේශය පෙනෙන මානයේදීය
    වින්ඩොස් 95 වලින් කෙළි සෙල්ලම් කල අප
    රම්බෝලා සිගරට් බොන්නෙ දුම්කොළ සමාගම් වලින් ඔවුන්ට ගෙවන නිසා බැවු පෙර සිටම දෙන සිටියෙමි
    කෙල්ලන් බොහෝවිට කොලු ගැටවුන් හැර යාමේ මූලික හේතුව තමා පතන ආර්ථික රැකවරණය
    හෝ පුහු ආටෝපයන්ට මුළාවී බැවු දැන සිටියෙමි
    සහ ඇතැම්වා ප්‍රායෝගිකව අත්වින්දෙමි -ඒවා මා උගත්තේ පොතෙන් පතෙන් "පමණක්" නොවේ

    එහෙයින් මහප්‍රාණ වලින් ලිවිය හැකිව තිබූ සටහනක් සරල තේරෙණ භාෂාවෙන් එලකිරිගත කළෙමි

    දහම් සරසවියෙන් බොහෝ සිසුන් ප්‍රසන්න මිනිසුන් ලෙස සමාජ ගත කළෙමි
    ඔවුන් අදටත් කට පුරා "අයියේ" හෝ "අපේ සර් " ලෙස මා අමතන්නේ මා සමාජ පිළිබඳව
    පූර්වයේදීම අනතුරු අඟවමින් ඔවුනතරින් බොහෝදෙනා ගොඩගත් නිසා බැවිද මා අදහමි


    කෙල්ලන්ට ලියුම් ලියා දෙහි බෑවකින් එය අතුරුදන් කර ලිපි යැවූ කාළයේ සිට ට්විටර් මතු නොව FB ප්‍රේමය පිළිබඳවද මා හොඳාකාරවම අවබෝධ කොට ගෙන සිටින්නෙක්මි...
    එය ප්‍රේමය නොව අන් කිසිවක් බව මා වටහාගෙන බොහෝ කල්ය


    ඔබේ නිර්වචනයට අනුව jiwithe atdakimak labapu nathi kenek liyapuwa wage peanwa """ යනුවෙන් පැවසීමම මා තිගැස්මට ලක් කරන ලද කරුණක් විය


    ජ්‍යොතිෂයයේ සිට ආයුර්වේදය දක්වාත් ඉංග්‍රීසි නීතියේ සිට නඩු තීන්දු නීතිය දක්වාත්
    එවායේ සත්‍ය හා මිත්‍යාවන් පිලිබඳවත් මා උගත්තේ පොතෙන් පතෙන් "පමණක්" නොවේ

    NGO වලින් ඇති කළ මොන්ටිසෝරි වල සිට
    UNICEF , FORUT ,World Vision වැනි NGO නඩ දක්වාද ප්‍රාදේශික ලේකම් කාර්‍යාලයේ සිට ජනාධිපති ලේකම් කාර්‍යාලය දක්වාවූ බොහෝ ක්‍රියාකරකම් සමඟද බොහෝ අතීතයන් මා සතුය
    ඔවුන් බොහෝ දෙනෙකුගේ සැබෑ මුහුණුවර මා හඳුනන්නේ පුවත්පත් හෝ නව කථා කියවීමෙන් නොවේ සමාජය හා මා සම්බන්ධවී ඇත්තේ ඒ සමාජ අවබෝධය ප්‍රායෝගිකවම විදිමිනි


    කණගාටුයි මිත්‍රයා මා පිළිබඳවවූ ඔබගේ පූර්ව නිගමනය ඉතා වැරදිය :no::no::no:

    එහෙයින් ඔබගේ පූර්ව නිශ්චය හුදු සිතුවිල්ලක්ම පමණක් බැවු දයාබරව දැනුම් දෙමි​

    ඔබ ජිවිතයේ බොහෝ දුර ගොස් ඇතිවා විය හැක එහෙයින් මාද එලකිරියේ ඇතැමුන් මෙන්
    "කජු කිරි කොලුවෙකු" යැයි සිතමින් ලිපිය නොසලකා හැර එය නිර්වචනය කිරීමම වරදකි මන්ද සත්‍ය ඊට බොහෝ දුරින් පිහිටන්නක් බැවු මා තරයේ අදහන බැවිනි

    තැනින් තැනින් නොව ඔබ මෙම ලිපියේ සමස්ථය දෙස බලීමෙන් මාගෙ අදහස් අවත්ක්සේරු කළද
    ඔබ ටිකෙන් ටික නොව සමස්ථය බැලීමම ඔබේම ජයග්‍රහණයක් බව මතක තබා ගැනීමට කාරුණික වන්න..​
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    බොහොම ලස්සනට ලියලා තියෙනවා.හුගාක් වැදගත් කරුනුත් එක්කම

    මමත් කලින් ත්‍රෙඩ් එකක් දැම්මා ආදරය කියන දේ තමන්ගේ සාර්තකත්වයට අද්යාපනයට හානියක් නොවෙන විඩ්දිහට කරන් යන්න කියලා. හුගක් හොද ප්‍රතිචාර ලැබුනා, ගල් මුල් සේරම එකතුකරන් දිගටම ලියපන් මචන්

    රෙප් 11+
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    attachment.php
    [/QUOTE]

    :yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔබේ ආත්ම ශක්තිය තරම් තවත් ශක්තියක් නෑ


    කෙල්ල දාලා ගියාට ඔබට ඔබේ ධාවන තීරුව අහිමි නෑ
    හිතට ශක්තිය අරන් එන්න වේගෙන් යමු
    එවැනි පවු කාර කෙල්ලන් වෙනුවට
    ඔබේ වේගයට ගැලපෙන පින්සාර කෙල්ලක කරා ලඟාවෙමු.....

     

    kingz

    Junior member
  • Oct 8, 2010
    63
    3
    8
    Colombo
    එදා ළඟ සිට දුටුවා ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ.....
    සදාකාලික නොවූ ලෝකයේ.... සදා කෙලෙසද පෙම් බඳින්නේ......
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Thanks

    රත්තරං;15682358 said:
    බොහොම ලස්සනට ලියලා තියෙනවා.හුගාක් වැදගත් කරුනුත් එක්කම

    මමත් කලින් ත්‍රෙඩ් එකක් දැම්මා ආදරය කියන දේ තමන්ගේ සාර්තකත්වයට අද්යාපනයට හානියක් නොවෙන විඩ්දිහට කරන් යන්න කියලා. හුගක් හොද ප්‍රතිචාර ලැබුනා, ගල් මුල් සේරම එකතුකරන් දිගටම ලියපන් මචන්

    රෙප් 11+


    ස්තුතියි ඔබට එළකිරියේ අභීත සින්හයානෙනි :):):):):):):):)

    99% ක්ම Positive Votes only.​

    ධර්ම කරුණු ජීවිතයට අදාල කර ලිවීමට මාහට ජවය දුන් බුදු දහමේ ප්‍රාණයවූ ඒ ශ්‍රී සද්ධර්මයේ සත්‍යයේ බලය කිසිදා කිසිවකින් යටපත් නොවේවා....!
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    නැහැ BRo

    අපිට කෙල්ලව පහු කරන එක ජීවන අරමුණක් නෙවෙයි
    අනිත් එක තමයි කෙල්ලට වඩා ඔයා හැම අතින්ම ගුණවන්ත මනුස්සයෙක්නම්
    ඔයා දිනනවා..සල්ලි,බලය වැඩිපුර තියෙනවා කියන එක සතුටට කාරණාවක් නම් මේ ලෝකෙ වැඩියෙන්ම සතුටින් ඉන්න අය වෙන්නෙ අපේ රටේ මැති ඇමතිවරුනෙ :):)
    නමුත් යථාර්ථය ඒක නෙමෙයි ඔයා ඒ මිනිස්සුන්ගෙ හිතේ හැම තිස්සෙම තියෙන්නෙ තණ්හාව
    තණ්හාව තියෙනකන් ඒ මිනිස්සු මැරි මැරී උපදිනවා

    දැන් ගිහින් ජොනී මහත්තයගෙන් අහන්න සතුටින්ද ඉන්නෙ කියල
    වෙන කවුරුත් එපා අපේ රටේ දෙවැනි පුරවැසියගෙන් අහන්න
    ඒත් නෑ
    එහෙනම් අපි තේරුම් ගත්තෙ නැති දෙයක් තියෙනවා

    ඒ තමයි එයාල ජීවන ධාවන පතය ඉවර කරන්න පතය දිගේ යන අය නෙවෙයි
    එයාල තාවකාලික දේවල් නිසා ඉස්සරහට යනවා වෙනුවට උඩට යන්නයි දගලන්නෙ
    උඩට ගිහින් ගිහින් ආයෙ වැටෙන්නෙ බිමටමයි එතන ඉදලා තමන්ගෙ ධාවන තීරුවෙ ගමන ආයෙත් යන්න පටන් ගන්න වෙනවා
    නමුත් ජීවිතය ටිකක් හරි තේරුම් ගත්ත මිනිස්සු උඩට යන එක ජීවිත අරමුණක් කරගන්නෙ නෑ
    උඩට යනවට වඩා වැඩි වේගෙකින් ඉදිරියටයි යන්නෙ

    ජීවිතයෙ සතුට තියෙන්නෙ සල්ලිවලම කියලා හිතනකම් මලේ උඹ පරාදයි

    ඔයාගෙ කෙල්ලට සල්ලි තිබුණම ඒකි යන්නෙ Amazon වනාන්තරේ තියෙන රෝස මලක ලස්සන දැකලා සතුටු වෙන්න
    ඒත් ඔයාට පුලුවන් නම් ඔයාගෙම ගෙවත්තෙ හැදෙන පුන්චිම පුන්චි නිදිකුම්බා මලක ලස්සන විඳින්න
    ඔයා එයාට වඩා දිණුම්
    එයා අද දිණුම ගත්තෙ පරාජිතයාව පාගගෙන ගිහින්නම්
    මේ බවයේ නැතිම වුණත් ඊළග බවයේ Return සෙට් වෙනවාමයි


    කරනකලට පවු මිහිරිය මීසේ..............
    විඳින කළට දුක් වැඩිවෙයි ගිනි සේ.........................

    නෑ කොතනවත් මන් ජීවිතේ සතුට කියන්නෙ සල්ලි කියල අදහස් කලේ නෑ :no:මට කාවවත් පහු කරන්න අදහසකුත් නෑ :no:හැබැයි හොඳ මිනිහෙක් වෙන්න අදහසක් තියනව :yes:
    මං අහපු දේට උත්තරෙත් මෙතන තියනවා ඒ නිසා අවුලක් නෑ
    :yes:
    තව දෙයක් මාත් ඇතුළුව හුඟක් ඔය ප්‍රශ්නෙ නිසා ජීවිත් යම් තරමකට හරි පසු බැස්ස අයට තියන මූලිකම ප්‍රශ්නෙ තමා හිත හදා ගන්න ඕන බව දන්නව විදියත් දන්නවා පළි ගන්න ඕන නැති බවත් දන්නව නමුත් ප්‍රායෝගිකව ඔය ටික ක්‍රියාත්ම කර ගන්න බෑ :no:
    හිර වෙනවා ඒ වෙලාවට තමා පරාජිත මානසිකත්වයක් ඇති වෙන්නෙ මට දැන ගන්න ඕන එතනින් ගැලවිල ඉස්සරහට යන් හැටි :oo:
    ත්‍රෙඩ් එකේ හුඟක් දේවල් තිබුනා තමා නමුත් ප්‍රයෝගිකව ඔතනින් ගැලවෙන හැටිත් තිබුනා නම් පංකාදුයි
    :)

    හැම දේටම හුඟක් ස්තූතියි
    :)

     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    සරලයි

    නෑ කොතනවත් මන් ජීවිතේ සතුට කියන්නෙ සල්ලි කියල අදහස් කලේ නෑ :no:මට කාවවත් පහු කරන්න අදහසකුත් නෑ :no:හැබැයි හොඳ මිනිහෙක් වෙන්න අදහසක් තියනව :yes:
    මං අහපු දේට උත්තරෙත් මෙතන තියනවා ඒ නිසා අවුලක් නෑ
    :yes:
    තව දෙයක් මාත් ඇතුළුව හුඟක් ඔය ප්‍රශ්නෙ නිසා ජීවිත් යම් තරමකට හරි පසු බැස්ස අයට තියන මූලිකම ප්‍රශ්නෙ තමා හිත හදා ගන්න ඕන බව දන්නව විදියත් දන්නවා පළි ගන්න ඕන නැති බවත් දන්නව නමුත් ප්‍රායෝගිකව ඔය ටික ක්‍රියාත්ම කර ගන්න බෑ :no:
    හිර වෙනවා ඒ වෙලාවට තමා පරාජිත මානසිකත්වයක් ඇති වෙන්නෙ මට දැන ගන්න ඕන එතනින් ගැලවිල ඉස්සරහට යන් හැටි :oo:
    ත්‍රෙඩ් එකේ හුඟක් දේවල් තිබුනා තමා නමුත් ප්‍රයෝගිකව ඔතනින් ගැලවෙන හැටිත් තිබුනා නම් පංකාදුයි
    :)

    හැම දේටම හුඟක් ස්තූතියි
    :)


    පිළිතුර හරිම සරලයි යාලුවා
    එක අරමුණකට ජීවිතය ඉලක්ක ගත කිරීම
    කොටින්ම අද පාන් මිල වැඩි උනා තෙල් මිල වැඩි වුණා කියනදේවත් ඔබට දැනෙන්නෙ නැති තරම් වේගයෙන් ඔයාගෙ ජීවිතය ඉස්සරහට අරන් යන්න

    ඔයාගෙ Speed එක මත ඔයා නතර වෙන තැන තීරණය වේවි
    එකමදේ ජීවිතේ යන්න පුලුවන් ඉහළටම යනවා කියන එක අරමුණුගත කරන් දිවා රෑ නොතකා වැඩ කරන එකයි

    එතකොට කෙල්ලො ගැන හිත හිත ඉන්න වෙලාවක් නෑ

    නමුත් කෙල්ලො ඔබ ගැන හිතයි

    ෂා සුපිරි කොල්ලෙක්නෙ කියලා
    ඒක තීරණය වෙන්නෙ ඔයාගෙ අතේ යහමින් මුදල් ගැවසුණොත් විතරක්ම නෙවෙයි
    ඔබ වටා ඉන්න අය සමඟ ඔයා ගණුදෙනු කරන ආකාරය අනුවයි

    ඒ නිසා ඕනවට වඩා විවාහය ගැන හීන මවන්න එපා
    ඒක වුණොත් වුණාවෙ....
    ජීවිත අරමුණ විවාහය කරගත්තොත් තමයි ඔයා කෙල්ල නිසා පරාජිත හැඟීම භාර ගන්නෙ

    ඔයා පැරදුණා කියලා හිතෙන්නෙ ඔයා පලවෙනි ලක්ශෙ පොතේ ඉතුරු කරනකම් විතරයි

    කරල බලලම කියන්න ප්‍රතිපලයට වගකියනවා :):):):):):)
    මුදල් ගැන පමණක් නෙමෙයි මම ලක්ශෙ ගැන කිවුවෙ
    ඒකෙ අදහස ඔබට නැති දෙයක් ලබා ගන්නවා කියන එකයි
    ජයෙන් පරාජය නසන්න සැනසීමේ රහස එයයි............
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පිළිතුර හරිම සරලයි යාලුවා
    එක අරමුණකට ජීවිතය ඉලක්ක ගත කිරීම
    කොටින්ම අද පාන් මිල වැඩි උනා තෙල් මිල වැඩි වුණා කියනදේවත් ඔබට දැනෙන්නෙ නැති තරම් වේගයෙන් ඔයාගෙ ජීවිතය ඉස්සරහට අරන් යන්න

    ඔයාගෙ Speed එක මත ඔයා නතර වෙන තැන තීරණය වේවි
    එකමදේ ජීවිතේ යන්න පුලුවන් ඉහළටම යනවා කියන එක අරමුණුගත කරන් දිවා රෑ නොතකා වැඩ කරන එකයි

    එතකොට කෙල්ලො ගැන හිත හිත ඉන්න වෙලාවක් නෑ

    නමුත් කෙල්ලො ඔබ ගැන හිතයි

    ෂා සුපිරි කොල්ලෙක්නෙ කියලා
    ඒක තීරණය වෙන්නෙ ඔයාගෙ අතේ යහමින් මුදල් ගැවසුණොත් විතරක්ම නෙවෙයි
    ඔබ වටා ඉන්න අය සමඟ ඔයා ගණුදෙනු කරන ආකාරය අනුවයි

    ඒ නිසා ඕනවට වඩා විවාහය ගැන හීන මවන්න එපා
    ඒක වුණොත් වුණාවෙ....
    ජීවිත අරමුණ විවාහය කරගත්තොත් තමයි ඔයා කෙල්ල නිසා පරාජිත හැඟීම භාර ගන්නෙ

    ඔයා පැරදුණා කියලා හිතෙන්නෙ ඔයා පලවෙනි ලක්ශෙ පොතේ ඉතුරු කරනකම් විතරයි

    කරල බලලම කියන්න ප්‍රතිපලයට වගකියනවා :):):):):):)
    මුදල් ගැන පමණක් නෙමෙයි මම ලක්ශෙ ගැන කිවුවෙ
    ඒකෙ අදහස ඔබට නැති දෙයක් ලබා ගන්නවා කියන එකයි
    ජයෙන් පරාජය නසන්න සැනසීමේ රහස එයයි............

    හ්ම්.... පිළිතුර සරලයි ඇත්ත ක්‍රියාත්ම කරන විදියි අනුව හැමදේම තීරණය වේවි ඇත්ත දැන්වත් මං මගේ ගැන මීට වඩා හිතන්න ඕන කතාව ඇත්ත බලමු ඒක ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න් අයි විල් ට්‍රයි
    :)