Ghost Activity - Southern Expressway

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ithin ban holman walata camera hai karala monawa karandada. camerawata ahu wei kiyala baye holman enne nadda :lol:
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කවුද හොල්මන් විශ්වාස කරන්නේ?
    හොල්මන් පේන්නේ විශ්වාස කරන කෙනාට. ඔතන හොල්මන් තියෙනවා කියල හිතාගෙන රෑ යන මනුස්සයෙක්ට දැන්වීම් බෝඩ් එකක වැදිලා එන එළියට් පේන්නේ හොල්මනක් වගේ. එකටත් හේතුවක් තියෙනවා. සර්වයිවල් එකට අපිට මොලෙන් හදපු ට්‍රික් එකක්. දැන් කැලැවක ඉන්න ගොත්රිකයෙක්ට මොකක් හරි අනතුරක් වේලාසනින් දැක්කම එකෙන් බේරෙනවා නම් තමයි උගේ පරම්පරාව ඉස්සරහට යන්නේ. දැන් අපේ මොලෙන් පොඩි පොඩි ඡායාවන් එන්හෑන්ස් කරලා කම්ප්ලීට් පික්චර් එකක් හදල දෙනවා. එකට ඌට පොඩි කාලේ ඉගෙන ගත් දේවල් අවශ්‍යයි. අපි ඉන්න මූඩ් එක අනුව හොල්මන් මොන්ස්ටර් එහෙම නැතිනම් දෙවිවරු ශාන්තුවරු, ඕනේ දෙයක් පේන්න පුළුවන්. අපේ මොළේ ගොඩක් පවර්ෆුල් කම්පියුටර් එකක්. අපි දකින දේවල් වේගෙන් ප්‍රොසෙස් කරලා පින්තූරයක් ජෙනරේට් කරලා දෙනවා. දවල් දකින දේවල් අපි රාත්‍රී කාලයේ හීන විදිහට දකින්නේ දවල් අත් විඳි දේවල් මොලයේ ප්‍රොසෙස් කරලා ස්ටො කරන නිසා.

    මගේ හොල්මන් අත්දැකීම.
    හොල්මන් ගැන මම විශ්වාස කරන්නේ නෑ. එක නිසා රෑට එළියට බැහැල යද්දී ඡායාවන් මට පේන්නේ අඳුරු සෙවනැලි විදියට තමයි. එත් එක දවසක් ගොඩක් රෑ වෙලා නින්ද යන්නේ නැතිව ඉන්න වෙලේ ටීවී සීරිස් එකක් බලන්න හිතුව. නයිට් කෝලර් කියල ඕස්ට්‍රේලියන් සීරියල් කිලර් කෙනෙක් ගැන සීරිස් එකක්. මේකේ මුල් එපි එක බලද්දී මම තිගැස්සිලා ගියා මොකද එකේ වික්ටීම් කෙනෙක් වුන එක ගර්ල් කෙනෙක් හරියටම මම දන්නා කෙනෙක් වගේ. ගොඩක් සමානයි. එක නිසා සීරිස් එකේ එපි 4 ම එක දිගට බලල නිදාගත්තා. මම නිදාගන්නේ ජනේලය ඇරගෙන. එදා හඳ එලියත් තියෙන දවසක්. ඉතින් නින්ද නොනින්ද අතරේ ඉන්න වෙලාවක මම දැක්ක ජනේලෙන් කවුද එනවා, පාවෙලා වගේ ඇවිත් මගේ ගාවට ඇවිත් බෙල්ල මිරිකන්න ගත්ත. මම පලයන් පලයන් ගගා අරූට ගැහුවා, එත් මට දැනෙනවා කතා කරන්න බෑ, ඇඟ ගල් වෙලා. මේක හීනයක්. මට නින්ද නොනින්ද අතරේ ඉන්න වෙලාවේ ජනේලයෙන් හඳ එලියත් එක්ක පෙනුන ඡායාවක් මට පෙනුන විදිහ. එකට පසුබිම් වුනේ රාත්‍රී කාලයේ නිවාස වලට වැදිලා මිනී මරපු ඒකා ගැන තියෙන මතකය. ඊළඟට මම හොඳින්ම දන්නා හිතවතාගේ මතකය. එක නිසා මේක ප්‍රොසෙස් කරලා පෙන්නුවා මට අනතුරක් ආපදාවක් වෙන්න යනවා වගේ. මේ දෙයම තමයි ප්‍රීමොනිෂන් එකක් විදිහට මනුස්සයෙක්ට හීනෙන් පෙනෙන්නෙත්. සර්වයිවල් වලට මෙහෙම පෙනෙන එක වැදගත්. මොකද රාත්‍රී කාලයේ හතුරෙක් නැතිනම් අනතුරුදායක සතෙක් ගෙන් වෙන්න පුළුවන් හානි වළක්වාගන්න, කලින් එකතු කරගත් දත්ත එක්ක මොලෙන් ජෙනරේට් කරන දේවල්. අර ටීවී සීරිස් එක බලල මට හිතුන දැකපු දේවල් අතිශයින් තාත්විකයි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,528
    98,475
    113
    කතාව ඇත්ත බං මමත් දැකල තීනවා එක පාරක් ඔය හරියේදී
    හොල්මන් කිව්වට ඔතන පාරේ ඉන්නවා සුදු පාටට චායාවල් වගේ පේන්නේ බය හිතෙනව එක පාරට බ්රේක් කෙරෙනවා
    ඔතන තැනක පරණ වලව්වක් වගේ ගෙයක් එහෙමත් යටවෙලා තීනවා පාරට ඒ කාලේදී කව්රුත් ඉදලත් නෑ හොල්මන් වලව්ව කියලලු කියන්නේ
    තව මම දන්නා පොරක් ඔය හරියෙන් රෑ 1 ට විතර ඇවිත් අලුත් කාර් එක. ඔය හරියේදී ස්ලෝව් වෙන්න ගත්තලු පෑගුවට යන්නේ නෑ ලු අරූ ඇක්සලේටර් එක අඩියටම පාගන් ඉදලත් වාහනේ 30 ට විතර ලු යන්නේ එන්න්ජින් එක රේස් වෙනව විතරලු
    ඔහොම කිලෝමීටර් 2ක් විතර ආවම කිසි අව්ලක් නැතුව 100+ පිකප් වෙලා යන්න ගත්තලු

    ඊට පස්සෙ ඌ එන්ජිම චෙක් කරල නැද්ද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,793
    85,970
    113
    ආශ්චර්යමත් රටක
    මමත් ඔතනින් ගිය හැමදාම කල්පනා කරලා තියෙනව මොකටද ඕක ඔතන විතරක් තියෙන්නෙ කියලා. කිසිම හේතුවක් නැතුව ලයිට් තියෙන්නෙ මොකටද කියල කල්පනා කරා හැමදාම ඔතනින් යනකොට. මට නං කිසිම දෙයක් පෙනිලා නෑ. රෑ වෙලාවට කොළඹ පැත්තට ගිහිල්ල නෑ. ගාල්ල පැත්තට නං ඇවිත් තියෙනව ගොඩක්. ඒත් මොනවත් දැකලා නෑ අමුතු දෙයක්.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,701
    113
    කතාව ඇත්ත බං මමත් දැකල තීනවා එක පාරක් ඔය හරියේදී
    හොල්මන් කිව්වට ඔතන පාරේ ඉන්නවා සුදු පාටට චායාවල් වගේ පේන්නේ බය හිතෙනව එක පාරට බ්රේක් කෙරෙනවා
    ඔතන තැනක පරණ වලව්වක් වගේ ගෙයක් එහෙමත් යටවෙලා තීනවා පාරට ඒ කාලේදී කව්රුත් ඉදලත් නෑ හොල්මන් වලව්ව කියලලු කියන්නේ
    තව මම දන්නා පොරක් ඔය හරියෙන් රෑ 1 ට විතර ඇවිත් අලුත් කාර් එක. ඔය හරියේදී ස්ලෝව් වෙන්න ගත්තලු පෑගුවට යන්නේ නෑ ලු අරූ ඇක්සලේටර් එක අඩියටම පාගන් ඉදලත් වාහනේ 30 ට විතර ලු යන්නේ එන්න්ජින් එක රේස් වෙනව විතරලු
    ඔහොම කිලෝමීටර් 2ක් විතර ආවම කිසි අව්ලක් නැතුව 100+ පිකප් වෙලා යන්න ගත්තලු
    ඔටෝ ට්‍රාන්ස්මිෂන් තියන වාහන පරණ වෙනකොට ටෝක් කන්වර්ටර් එකට තෙල් පෙරිලා යන්න තියන පොඩි දැල් කෑල්ලක් වගේ තියන ෆිල්ටර් එක බ්ලොක් වෙනවා. ඒක වෙන්නේ බොහොම කුඩා ලෝහ කෑලි ෆිල්ටරේ බ්ලොක් කරන නිසායි. ටෝක් කන්වර්ටර් එකට අවශ්‍ය පමණට තෙල් නොලැබුනාම කොච්චර රේස් කලත් යන්නේ හිමින්. නමුත් ටික ටික තෙල් එකතු වෙලා අවශ්‍ය ප්‍රමාණය ලබා ගත්තාම නියම වේගයට එනවා.
    මේ ලෙඩේට ෆිල්ටරේ අලුතෙන් දැම්මාම හරි, පරණ එකම ටිකක් සුද්ද කරලා දැම්මාම හරි, හරියනවා.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔටෝ ට්‍රාන්ස්මිෂන් තියන වාහන පරණ වෙනකොට ටෝක් කන්වර්ටර් එකට තෙල් පෙරිලා යන්න තියන පොඩි දැල් කෑල්ලක් වගේ තියන ෆිල්ටර් එක බ්ලොක් වෙනවා. ඒක වෙන්නේ බොහොම කුඩා ලෝහ කෑලි ෆිල්ටරේ බ්ලොක් කරන නිසායි. ටෝක් කන්වර්ටර් එකට අවශ්‍ය පමණට තෙල් නොලැබුනාම කොච්චර රේස් කලත් යන්නේ හිමින්. නමුත් ටික ටික තෙල් එකතු වෙලා අවශ්‍ය ප්‍රමාණය ලබා ගත්තාම නියම වේගයට එනවා.
    මේ ලෙඩේට ෆිල්ටරේ අලුතෙන් දැම්මාම හරි, පරණ එකම ටිකක් සුද්ද කරලා දැම්මාම හරි, හරියනවා.
    උඹට චූටිම චූටි කැල්ලක් මිස් වෙලා යාළුවා

    තව මම දන්නා පොරක් ඔය හරියෙන් රෑ 1 ට විතර ඇවිත් අලුත් කාර් එක.