GMOA කල්ලිය සයිටම් ප්‍රශ්නය ගැන යලි වර්ජන නොක&

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
GMOA කල්ලිය සයිටම් ප්‍රශ්නය ගැන යලි වර්ජන නොක&

මාස ගණනාවක් තිස්සේ රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ සහ සයිටම් සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරමින් ද, සිසුන්ව පොලිස් මර්දනයට ලක් කරවීමට උඩ ගෙඩි දෙමින්ද, අසරණ රෝගීන්ට මරණය ගෙනා තිරිසන් වැඩ වර්ජන කරමින්ද මැදමූලනේ න්‍යාය පත්‍රය අනුව ක්‍රියා කළ GMOA සංවිධානය කාලෝ ඉල්ලා අඛණ්ඩ වැඩ වර්ජනයක් කිරීමට ගොස් පු*ක බිම ඇණ ගැනීමෙන් පසු අගමැතිවරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා සමග ‘ඉල්ලා ලබා ගත්‘ සාකච්ඡාවකින් පසු යලි සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩ වර්ජන නොකරන බව මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කර තිබේ. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන යෝජනා වලට එකඟතාවය ද පළ කර තිබේ.
 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    දැන් GMOA එකේ එවුන් බල්ලෝ වගේ....... බල්ලෝ වගේ.... හිලෑ වෙලා ඉන්නේ
     

    Liamp

    Member
    Jul 4, 2017
    32
    3
    0
    දැන් GMOA එකේ එවුන් බල්ලෝ වගේ....... බල්ලෝ වගේ.... හිලෑ වෙලා ඉන්නේ


    ඔයා කිරියේ දාපු තේ‍රඩ් දැකලා බය වෙලාද කොහෙද:oo::oo::oo::oo:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ඔයා කිරියේ දාපු තේ‍රඩ් දැකලා බය වෙලාද කොහෙද:oo::oo::oo::oo:

    පහුගිය දවස් වල ඕකුන් මගෙනුත් මිටින් එකකට අපොයිමන්ට් ඉල්ලුව මම බෑ කිව්වා
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    lol...lankaenews da?

    ubete sure de?

    සෞඛ්‍ය අමාත්‍යංශයට ශිෂ්‍යයින් කඩා පැනීම අනුමත කරන්න බෑ.. එය පෙරටුගාමීන්ගේ උසිගැන්වීමක්..- GMOA අගමැති හමුවී කියයි.. වැඩ වර්ජන තවත් නෑ..



    Source :- LankaCNews


    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සිය ගැටළු පිළිබද සාකචිඡා කිරීම සදහා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හරහා අග්‍රාමාත්‍යවරයාගෙන් වෙිලාවක් වෙන්කරවා ගැනීමට කටයුතු කර තිබුනි. එහිදී අග්‍රාමාත්‍යවරයා කොන්දේසි දෙකක් ඉදිරිපත් කරන ලදි. සාකචිඡා පැවැත්වීමට නම් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිටිය යුතු බවත්, සාකචිඡා මෙිසයට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පැමිණීම අත්‍යාවශය බවත් පෙන්වා දෙන ලදි.

    ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එකඟත්වය පළ කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ සාකචිඡාව සදහා නිලධාරීන් දෙදෙනෙකුට පමණක් සහභාගි විය හැකි බවයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ...

    Read Full Story :-

    http://**Please do not spam****Plea...lease do not spam**/සෞඛ්‍ය-අමාත්‍යංශයට-ශිෂ්‍/

    Source :- LankaCNews
     
    Last edited:

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    සෞඛ්‍ය අමාත්‍යංශයට ශිෂ්‍යයින් කඩා පැනීම අනුමත කරන්න බෑ.. එය පෙරටුගාමීන්ගේ උසිගැන්වීමක්..- GMOA අගමැති හමුවී කියයි.. වැඩ වර්ජන තවත් නෑ..



    Source :- LankaCNews


    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සිය ගැටළු පිළිබද සාකචිඡා කිරීම සදහා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හරහා අග්‍රාමාත්‍යවරයාගෙන් වෙිලාවක් වෙන්කරවා ගැනීමට කටයුතු කර තිබුනි. එහිදී අග්‍රාමාත්‍යවරයා කොන්දේසි දෙකක් ඉදිරිපත් කරන ලදි. සාකචිඡා පැවැත්වීමට නම් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිටිය යුතු බවත්, සාකචිඡා මෙිසයට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පැමිණීම අත්‍යාවශය බවත් පෙන්වා දෙන ලදි.

    ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එකඟත්වය පළ කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ සාකචිඡාව සදහා නිලධාරීන් දෙදෙනෙකුට පමණක් සහභාගි විය හැකි බවයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ...

    Read Full Story :-

    http://**Please do not spam****Plea...lease do not spam**/සෞඛ්‍ය-අමාත්‍යංශයට-ශිෂ්‍/

    Source :- LankaCNews

    LankaCNews kawda ban ganan ganni... owun kawadda atta kiwwe?? LOL
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    සෞඛ්‍ය අමාත්‍යංශයට ශිෂ්‍යයින් කඩා පැනීම අනුමත කරන්න බෑ.. එය පෙරටුගාමීන්ගේ උසිගැන්වීමක්..- GMOA අගමැති හමුවී කියයි.. වැඩ වර්ජන තවත් නෑ..



    Source :- LankaCNews


    රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සිය ගැටළු පිළිබද සාකචිඡා කිරීම සදහා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු හරහා අග්‍රාමාත්‍යවරයාගෙන් වෙිලාවක් වෙන්කරවා ගැනීමට කටයුතු කර තිබුනි. එහිදී අග්‍රාමාත්‍යවරයා කොන්දේසි දෙකක් ඉදිරිපත් කරන ලදි. සාකචිඡා පැවැත්වීමට නම් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සිටිය යුතු බවත්, සාකචිඡා මෙිසයට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පැමිණීම අත්‍යාවශය බවත් පෙන්වා දෙන ලදි.

    ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එකඟත්වය පළ කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා දැනුම් දී ඇත්තේ සාකචිඡාව සදහා නිලධාරීන් දෙදෙනෙකුට පමණක් සහභාගි විය හැකි බවයි. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ...

    Read Full Story :-

    http://**Please do not spam****Plea...lease do not spam**/සෞඛ්‍ය-අමාත්‍යංශයට-ශිෂ්‍/

    Source :- LankaCNews

    හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු = Dr. Gotabhaya Ranasinghe
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    pg01x_11.jpg

    pg06x_13.jpg


    - http://epaper.dinamina.lk/?id=01&tday=2017/07/14
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    GMOA-අමාත්‍යංශ ලේකම් සාකච්ඡා ධනාත්මකයි

    July 14, 2017 03:24 pm

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැති මෙම සාකච්ඡාව ඉතා සුහදශීලි සහ ධනාත්මක සාකච්ඡාවක් වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.

    වෛද්‍යවරුන්ට මෙන්ම පොදුවේ සෞඛ්‍ය සේවාවට බලපාන ගැටළු කිහිපයක් මෙහිදී සෞඛ්‍ය ලේකම්වරයාගේ අවධානයට යොමු කර වූ බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

    එම ගැටළු සඳහා ගතහැකි උපරිම පියවර ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළ බව ඔහු පැවසුවේය.

    ඉදිරියේදී වෛද්‍යවරුන්ටත්, රෝගීන්ටත්, පොදුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයටත් බලපාන ගැටළුවවලට පොදු එකඟතා යටතේ සහයෝගයෙන් විසඳුම් ලබාදීමට සෞඛ්‍ය ලේකම්වරයා දැක්වූ ධනාත්මක ප්‍රවේශය අගය කරන බව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.
    :lol:

    - http://sinhala.adaderana.lk/news/75243/-GMOA-අමාත්‍යංශ-ලේකම්-සාකච්ඡා-ධනාත්මකයි
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    කාලෝ ඉල්ලා වර්ජන කිරීමට ගොස් පුක බිම ඇණගත් පාදඩදෙණියගේ GMOA ත්‍රස්ත කල්ලිය සයිටම් ගැන යලි වර්ජන නොකරන බව කියයි..!

    GMOA රනිල් රාජිත සමග කළ සාකච්ඡාවේ පූර්ණ වාර්තාව


    මාස ගණනාවක් තිස්සේ රජයේ වෛද්‍ය විද්‍යාල සිසුන්ගේ සහ සයිටම් සිසුන්ගේ අධ්‍යාපනය කඩා කප්පල් කරමින් ද, සිසුන්ව පොලිස් මර්දනයට ලක් කරවීමට උඩ ගෙඩි දෙමින්ද, අසරණ රෝගීන්ට මරණය ගෙනා තිරිසන් වැඩ වර්ජන කරමින්ද මැදමූලනේ න්‍යාය පත්‍රය අනුව ක්‍රියා කළ පාදඩදෙණියගේ ත්‍රස්තවාදී කල්ලියේ GMOA සංවිධානය කාලෝ ඉල්ලා අඛණ්ඩ වැඩ වර්ජනයක් කිරීමට ගොස් පුක බිම ඇණ ගැනීමෙන් පසු අගමැතිවරයා සහ සෞඛ්‍ය ඇමැතිවරයා සමග ‘ඉල්ලා ලබා ගත්‘ සාකච්ඡාවකින් පසු යලි සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩ වර්ජන නොකරන බව මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කර තිබේ. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන යෝජනා වලට එකඟතාවය ද පළ කර තිබේ.

    තවදුරටත් රෝගීන්ට මරණය කැඳවන ජොස්තර වර්ජන කිරීමට ගිය හොත් නියත වශයෙන්ම කුපිත වී සිටින ජනතාවගෙන් මැරුම් කෑමට සිදුවන බව කාලෝ ෆොන්සේකා වැඳලා ‘වර්ජන කරන්න එපා‘ යැයි කීමෙන් අනතුරුව පාදඩදෙණියලාට නොවැටහුනේ නම් අරුමයකි.

    පසුව මොවුහු ජාම බේරා ගෙන සයිටම් කරුමයෙන් ගැලවෙන පොටක් සොයමින් අගමැති සමග සාකච්ඡාවක් ලබා ගැනීමට උත්සාහ කළහ. පෙරදී ජනාධිපති සමග සාකච්ඡා ඉල්ලමින් යද්දී අගමැතිවරයාගෙන්ද සාකච්ඡාවක් ඉල්ලූ නමුත් අගමැති මානසික රෝගියෙක් යැයි කී පාදඩදෙණියට සාකච්ඡාවක් දෙන්නැයි කියා අගමැතිගෙන් ඉල්ලීමට තමන්ට නොහැකි යයි ඇමැති වජිර අබේවර්ධන පවසා තිබූ නිසා මොවුන් වෙනත් මාවතක් සෙව්වේ ය.

    අගමැතිගෙන් කොන්දේසි

    මෙහිදී ඔවුන් අල්ලාගත්තේ අගමැතිගේ ආර්ථික සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ඇති ජාතික මානව සම්පත් කවුන්සිලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි සහ දොස්තර ගෝඨාභය රණසිංහ දෙදෙනා ය. පාදඩදෙණිය මේ දෙදෙනාගෙන් ඉල්ලා සිටියේ කෙසේ හෝ අගමැති රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාවක් හදා දෙන ලෙසය. දිනේෂ් වීරක්කොඩි රනිල් වික්‍රමසිංහ මහතාට මේ බව දැන්වූ පසු අගමැතිවරයා කොන්දේසි දෙකක් දැම්මේය. පළමුවැන්න නම් GMOA නියෝජිතයන් දෙදෙනෙකුට පමණක් සාකච්ඡාවට සහභාගී විය හැකි බව සහ දෙවැන්න වූයේ තමා සාකච්ඡාවට සහභාගී වන්නේ සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කැමැති නම් පමණක් සහ සෞඛ්‍ය ඇමැති සමග මිස සෞඛ්‍ය ඇමැතිවරයා නොමැති සාකච්ඡාවකට තමා එකඟ නැති බවයි. ඊට පෙර දිනයේ දී ද සෞඛ්‍ය ඇමැතිවරයාගේ පලු අරිමින් සිටි පාදඩදෙණිය, හරිත අලුත්ගේ ඇතුළු GMOA නායකයෝ අගමැතිගේ කොන්දේසි දෙකට කැමැති වූහ.

    ඒ අනුව 12 වෙනිදා රාත්‍රී GMOA නියෝජනය කරමින් සභාපති ජොස්තර පාදඩදෙණිය සහ ලේකම් හරිත අලුත්ගේ සාකච්ඡාවට පැමිණි අතර අගමැති වරයාද සෞඛ්‍ය ඇමැති රාජිත සමග සාකච්ඡාවට සහභාගී වූහ. දිනේෂ් වීරක්කොඩිද සහායට පැමිණ සිටියේ ය.

    අගමැතිවරයා ප්‍රථමයෙන්ම කියා සිටියේ වෘත්තිකයන්ගේ සංවිධානයක් ලෙස GMOA නායකයන් තමන්ගේ ඇමැතිවරයාට දැඩි සේ පහර ගැසීම වැරදි බවයි. රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස ප්‍රකාශ කරන්නේ ඔහුගේ පුද්ගලික මත නොව ඒවා රජයක් ලෙස සියළු දෙනා එකඟ වූ මත බව අගමැති පැවසීය.

    පසුව GMOA නායකයන් ගේ කරුණු ප්‍රකාශ කිරීමේ දී ඔවුන් ප්‍රථමයෙන් චෝදනා කෙළේ සයිටම් ආයතනය ආරම්භ කෙළේ තාක්ෂණික ආයතනයක් ලෙස නමුත් දැන් වෛද්‍ය විද්‍යාලයක් පවත්වන බවය.

    ඊට පිළිතුරු දෙමින් රාජිත සේනාරත්න මහතා කීවේ එය තර්කයක් ලෙස නිවැරදි නොවන බවයි. පේරාදෙණිය සරසවිය එක්දහස් නවසිය හතලිස් ගණන් වල ආරම්භ කරද්දී මෙඩිකල් ෆැකල්ටියක් නොතිබූ අතර තමන්ද අධ්‍යාපනය ලැබූ පේරාදෙණිය මෙඩිකල් ෆැකල්ටිය හැදුනේ එක්දහස් නවසිය හැට ගණන් වල යැයි රාජිත කීය. රජය ඉදිරියේ දී වයඹ, සබරගමුව සරසවි වලට මෙඩිකල් ෆැකල්ටි එක බැගින් ද මොරටුව සරසවියට මෙඩිකල් ෆැකල්ටි 3 ක්ද ආරම්භ කිරීමට යන බවත් ඔබලා කියන අයුරින් එයද වැරදි විය යුතු යැයි කී රාජිත, විශ්ව විද්‍යාල යනු වරින් වර අලුත් විෂයන් සඳහා ෆැකල්ටි ආරම්භ කිරීම සාමාන්‍ය දෙයක් බව පැහැදිලි කෙළේය. දැන් SLIT ආයතනයද වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කිරීමට අවසර ඉල්ලා ඇති අතර GMOA කියන ආකාරයට එයත් වැරදිදැයි ප්‍රශ්න කෙළේය.


    ඊලඟට ජොස්තර පාදඩදෙනිය සහ හරිත අලුත්ගේ ගේ චෝදනාව වූයේ අවම ප්‍රමිතියක් නොමැතිව සයිටම් වෛද්‍ය ආයතනය ආරම්භ කිරීම වැරදි බවයි.

    අවම ප්‍රමිතිය

    අගමැති වරයා සහ රාජිත පෙන්වා දුන්නේ මෙය මේ ආණ්ඩුව ආරම්භ කළ දෙයක් නොවන නමුත් අතීතයේ සයිටම් ආරම්භ කරද්දී කළ කී දෑ අධ්‍යයනය කරන මෙන් ඉල්ලා සිටියේ ය. එහිදී අවම ප්‍රමිතියක් නොමැති වූයේ කාගේවත් වරදින් නොව වෛද්‍ය සභාවේ වරදින් යයි ඔවුහු කීවෝය. මෙය ආරම්භ කරන ලද්දේ ද වෛද්‍යවරයෙක් වූ නෙවිල් ප්‍රනාන්දු විසින් නිසා ඔහු මෙම ආයතනයට අවශ්‍ය අවම ප්‍රමිතීන් ලබා දෙන්නැයි 2009 දී වෛද්‍ය සභාවට ලිපියක් යවමින් ඉල්ලා තිබූ නමුත් එවක වෛද්‍ය සභාවේ සභාපති වූ එච්.එස්.ආර්. සමරසිංහ පිළිතුරු ලිපියකින් දැනුම් දී ඇත්තේ වෛද්‍ය සභාවට අවම ප්‍රමිතීන් පිලිබඳ නිශ්චිත තීන්දුවක් නොමැති බවයි. එසේ නම් ඒ අවස්ථාවේදී වෛද්‍ය සභාවට නොතිබූ අවම ප්‍රමිතියක් සයිටමයට තිබිය හැක්කේ කෙසේදැයි අගමැති සහ ඇමැති ප්‍රශ්න කළ විට පාදඩදෙණිය නිරුත්තර විය.

    සයිටමය මුලදී රුසියාව සමග අනුබද්ධ වෛද්‍ය විද්‍යා උපාධියක් ලබා දීමට ගොස් දැන් තමන්ගේ වෛද්‍ය විද්‍යා උපාධියක් දීමට යෑම ගැන පාදඩදෙණිය ප්‍රශ්න නැගීය.

    එයටද සයිටමය යොමු කෙළේ වෙනින් කවුරුත් නොව වෛද්‍ය සභාව බව කී රාජිත, සයිටමය 2010 දී විදෙස් උපාධි දෙන ආයතනයක් ලෙස රජය සමග කටයුතු කරන්න හදද්දී ‘ඔයගොල්ලො විදෙස් උපාධි දෙන්න යන්න එපා ලංකාවේ උපාධියක් දෙන්න හදන්නැයි ද, එවිට ඇට්16 අවශ්‍ය නොවන බවද‘ ආදී ලෙස එහි ඇති වාසි 4 ක් සඳහන් කරමින් ලිඛිතව දන්වා ඇත්තේ එවක වෛද්‍ය සභාවේ සභාපතිනියව සිටි මහාචාර්ය ලලිතා මෙන්ඩිස් මහත්මිය බවද පැවසීය. එසේනම් වරද කර ඇත්තේ සයිටමයද? වෛද්‍ය සභාවද? යි රාජිත ප්‍රශ්න කෙළේය.

    සයිටමයේ අඩුපාඩු රාශියක් ඇති නමුත් දැන් කළ යුත්තේ ප්‍රථමයෙන් අවම ප්‍රමිතිය කුමක්දැයි නිර්ණය කිරීම බවත් ඒ සඳහා ප්‍රථමයෙන් පියවර ගත්තේ තමා නව ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමැති ධූරය ලබා ගැනීමෙන් පසුව බවද රාජිත ඇමැතිවරයා පැවසීය. වෛද්‍ය සභාව විසින් ඒ පිලිබඳ වෛද්‍ය පීඨ වලින් ද කරුණු විමසා අවසන් කිරීමට වර්ජන ආදී දේ හේතුවෙන් කල් ගිය බවත් අවසාන අවම ප්‍රමිතිය පිළිබඳ වෛද්‍ය සභාවේ වාර්තාව සෞඛ්‍ය ඇමැතිවරයා වූ තමාට ලබා දීමට නියමිතව තිබුනේ සිසුන් සෞඛ්‍ය අමාත්‍යාංශය අත්පත් කර ගත් ජුනි 22 දා බවද එදිනද එය කල් ගිය බවද රාජිත පැවසීය.

    කෙසේ වෙතත් දැනට නිමවා ඇති අවම ප්‍රමිතිය ඉක්මනින් නීතිගත කිරීමට දෙපාර්ශවයම එකඟ වූහ.


    දැන් සිසුන් නරකයි

    සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුනු සිසුන් කළ විනාශය තමන් කිසිසේත්ම අනුමත නොකරන බව මෙහිදී ජොස්තර පාදෙණිය සහ හරිද අලුත්ගේ පැවසූ විට අගමැතිවරයා සහ රාජිත ඇමැති පුදුමයට පත්වූහ. මන්ද යත් ඒ අවස්ථාවේදී මේ GMOA නායකයන් සිසුන්ගේ පැත්ත ගෙන අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක් දියත් කළ නිසා ය.

    ඒ පිලිබඳව වැඩිදුරටත් කරුණු කී පාදඩදෙණිය සහ හරිත අලුත්ගේ කීවේ එහි සිටි වෛද්‍ය සිසුන් සාමකාමීව සිටි නමුත් පහර දී විනාශ කාරී ක්‍රියා සිදුකෙළේ පෙරටුගාමීගෙන් පැමිණි කාඩර්ලා විසින් බවයි. මෙහිදී ජවිපෙ සහ පෙරටුගාමීන් අතර තරඟයක් තිබෙන බැවින් එකිනෙකා ලකුණු දමා ගැනීමට වැඩි වැඩියෙන් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන බවද තමන් මේ සම්බන්ධයෙන් තම අප්‍රසාදය ඔවුන්ට ප්‍රකාශ කර ඇති බවද GMOA නායකයෝ කියා සිටියහ.

    වෛද්‍ය සභාවේ සභාපති

    GMOA නායකයන් අගමැතිගෙන් සහ සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් ඊලඟට ඉල්ලා සිටියේ නව වෛද්‍ය සභා සභාපතිනිය ලෙස කාලෝට පෙර සිටි මහාචාර්ය ලලිතා මෙන්ඩිස් යලි පත් කරන ලෙසයි. ආණ්ඩුව පත් කිරීමට යන මහාචාර්ය කොල්වින් ගුණරත්නට වයස වැඩි බැවින් ඔහු පත් කිරීමට GMOA විරුද්ධ විය. මෙහි ඇති අපූරුව නම් මොවුන් කලින් පත් කලේ නැතිනම් වර්ජන කරනවා යැයි කී කාලෝ, කොල්වින් ගුණරත්නට වඩා වයසින් වැඩි වීමයි. කොල්වින් ගුණරත්නට දැන් වයස අසූවකි. කාලෝගේ වයස අසූ හතරකි. පසුගියදා කාලෝ පත් නොකළහොත් වැඩ වර්ජන කරනවා යැයි කී පාදඩදෙනියලා අද ඉල්ලා සිටින්නේ පෙර කී ලෙස සයිටමයට පහසුකම් සැපයූ ලලිතා මෙන්ඩිස් වීමද පුදුමාකාරය. ලලිතා මෙන්ඩිස් පත් කළ නොහැකි නම් වෛද්‍ය පාලිත අබේකෝන් සභාපතිවරයා ලෙස පත් කරන ලෙසද පාදඩදෙණිය සහ හරිත ඉල්ලා සිටියහ. GMOA නායකයන් වන පාදඩදෙණියලා යනු කිසිදු ප්‍රතිපත්තියක් නැති කෂඩයන් පිරිසක් බව තේරුම් යන්නේ පාලිත අබේකෝන් වෛද්‍ය සභාවේ සභාපති ලෙස ඉල්ලීමය. මන්ද යත් පාලිත අබේකෝන් යනු මේ වන විට එක් ප්‍රකට පුද්ගලික රෝහලක සභාපතිවරයා වන අතර තවත් ප්‍රකට පුද්ගලික රෝහලක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් වීම නිසාය. ඔහු හාවර්ඩ් සරසවියේ උපාධිධාරී විශිෂ්ඨයෙක් වන්නේ වී නමුත් ලබැඳියාවන් අතර ගැටුම් ඇතිකරවන පුද්ගලික රෝහල් වල සභාපතිවරයෙකු, අධ්‍යක්ෂක වරයෙකු වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස පත් කරන්නැයි කියා ඉල්ලිය හැක්කේ මොළේ අර්ශස් තිබෙන අයට ය. පාදඩදෙණිය සහ හරිත අලුත්ගේ ඇතුලු GMOA නායකයන් කෙතරම් ගොං බිජ්ජන් පිරිසක් දැයි මෙයින් සිතා ගත හැකිය.

    අවසානයේ අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් වූ නීති මේ වන විට කෙටුම්පත් කිරීම අවසානයේ සිටින අතර එහි දෙමළ සහ සිංහල පරිවර්තන කිරීම මේ දිනවල සිදුකරන බව අගමැති සහ රාජිත දැනුම් දුන්හ. පාදෙණියලා අගමැතිට දුන් යෝජනා සම්බන්ධයෙන් අගමැතිවරයා කියා සිටියේ මේවා දැනටමත් සිදුකර අවසන් බවයි. ඒවා අතර සයිටමයට අලුතින් බඳවා ගැනීම නතර කිරීම, උපාධි ප්‍රදානය නතර කිරීම ආදිය තිබිණ. අගමැතිවරයා කීවේ ඒවා දැනටමත් ඉටු කර තිබෙන බවයි. එවිට පාදඩදෙණිය කියා සිටියේ ඒවා ලිඛිතව නොමැති වීම ප්‍රශ්නයක් බවයි. දැනට ක්‍රියාත්මක වන දෙයක් ගැන තවත් ලිඛිතව අවශ්‍ය වන්නේ මොනවාදැයි ප්‍රශ්න කළ අගමැතිවරයා ආණ්ඩුව ලිඛිතව සයිටමයට දැනුම් දුන් තීරණයන්ට ඔවුන් එකඟ වී ඇති නම් තවත් කුමන කතාදැයි විමසීය. ලබන සතියේ සයිටමය පොදු සමාගමක් ලෙස ලියාපදිංචි කිරීම සිදුවන බවද අගමැතිවරයා කීය.

    කෙසේ වෙතත් අවසානයේ GMOA නායකයන් එකඟතාවයකට පැමිණි අතර පසුව මාධ්‍ය හමුවක් තබමින් GMOA නායකයන් කියා සිටියේ තවදුරටත් සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩ වර්ජන වලට යෑමට අවශ්‍ය නොවන බවයි.

    යථාර්තය

    GMOA නායකයන් තම වලිගය දෙපරහැන්ද අස්සේ රුවා ගත්තේ නිකම්ම නොවේ. මොවුන්ට දැන් ‘සයිටම්‘ ‘සයිටම්‘ කියමින් වැඩ වර්ජන දියත් කළ නොහැකිය. එකක් ප්‍රබල ජනතා විරෝධය යි. අනෙක් පසින් වෛද්‍ය සභාව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ පිලිබඳ පවරා තිබෙන ඇපැල් නඩුවේ දැන් GMOA ද පාර්ශව කරුවන් වීමයි. පාර්ශවකරුවන්ව සිටියදී නඩු තීන්දුව දෙන තුරු නොසිට වර්ජන කළ නොහැකිය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අගෝස්තු මස මුල් සතියේදී ප්‍රකාශ කෙරෙනු ඇත. එවිට කාට කාටත් එම තීන්දුවට එකඟවීමට සිදුවනවා ඇත. ඉන්පසු සයිටම් ප්‍රශ්නය නිමා වන්නේය.

    රාජපක්ෂලා හැදූ සයිටම් අර්බුදය සම්බන්ධයෙන් නව ආණ්ඩුව සෙමින් වුවද යථාවාදී පියවර ගනිමින් සිටියදී එය දඩමීමා කරගෙන මැදමූලනේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව ආණ්ඩුව බිඳ වැට්ටවීමට ක්‍රියා කෙළේ ඇම්බියුලන්ස් එකටත් විරුද්ධ වූ GMOA ය. ඖෂධ පණතට පවා විරුද්ධ වූ පෙරටුගාමීහු සයිටමය තම දේශපාලන අභිමතාර්ථ සඳහා යොදා ගනිද්දී පෙරටුගාමීන් සමග තරඟෙට දුවන ජවිපෙ තමන් පෙරටුගාමීන්ට වඩා විප්පලකාරීන් බව පෙන්වීම පිණිස ඊට අනුගත වූහ.
    අවසානයේ විනාශය ගෙන දුන්නේ කිසිවක් නොදන්නා නොමේරූ සිසුන්ට ය. එය සයිටමයේ මෙන්ම රජයේ වෛද්‍ය විද්‍යාල වල උගෙනුම ලබනා සිසුන්ටද එක සේම විනාශකාරී විය. සරසවි දරුවන්ගේ මොළේ මෝරලා නොමැති වුවත් ඔවුන්ගේ දෙමාපියන්ට මීට වඩා මොළේ මෝරලා තිබිය යුතුය. නමුත් සියළු දෙනාගේම සිතුවිලි වල තිබුනේ කුහක කමය. ඒ අන් කිසිවක් නොව තමන්ගේ එකා මිස අනෙක් එකා ඉගෙන ගෙන තැනකට එනවාට විරුද්ධව තිබෙන ඊරිසියාව ය. මන්ද මතුපිටින් කුමක් කීවත් මේ සටන තමන්ට සිදුවන අසාධාරණයක් ගැන නොව අනිකාට සිදුවන සුගතියකට එරෙහි වීමේ කුහක සටනක් වූ නිසාය. සයිටම් සිසුන්ද තමන් සේම ප්‍රමිතියෙන් ඉහල තැනකට ගේන්නැයි කියා සටන් කළා නම් කෙතරම් මානුෂික ද? නමුත් මොවුන් කීවේ උන්ට අපිට තරම් ලකුණු නැති නිසා ‘උපාධි කඩය වසා දමන‘ ලෙසය. මෙදා මේ සටනට බට රජයේ වෛද්‍ය සිසුන් අනාගතයේ දී පහළ වන කුහකතම වෛද්‍යවරුන් කණ්ඩායම වන බව නම් කැට තියා කිව හැකිය.

    -චන්ද්‍ර ප්‍රදීප්-


    - http://www.lankaenews.com/news/6048/si
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නෙවිල් ප්‍රනාන් දු රෝහල රජයට ගන්නව කියලා ඈඩ් දානවා ටීවී එකෙ. ඒක හදන්න ගත්ත බැංකු ණයත් මහජනතාවට තමයි ගෙවන්න වෙන්නෙ. ලගදිම බඩුමිල වැඩි වෙයි
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    දැන් GMOA එකේ එවුන් බල්ලෝ වගේ....... බල්ලෝ වගේ.... හිලෑ වෙලා ඉන්නේ