GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&


    වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් අහිමි බවට පවසමින්, පසුගිය කාලය පුරා විවිධ සමාජ මතවාද නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කරන ආකාරය දැකිය හැකි වුණා.

    එමෙන්ම ඔවුන් විසින් උද්ඝෝෂණ කිහිපයක් ද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ අතර, පුද්ගලිකව මාගේ කීර්ති නාමයට හානි වන ආකාරයෙන් විවිධ මඩ පෝස්ටර් සහ අවලාද සිදුකරන අයුරු මාධ්‍ය හරහා ද අනාවරණය වුණා. පසුගිය බදාදා මහජන දිනය දා උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් රාජකාරී කාලයෙන් පසුව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරය තුළ රැඳී සිටිමින් විශාල මාධ්‍ය සංදර්ශනයක් සිදු කිරීමට උත්සාහ දැරුවා. එමෙන් ම ඔවුන්ගේ දරුවන්ට කිසිදු පාසලක් හෝ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර නැතැයි පවසමින් ඔවුන්ගේ අරගලය සර්ව සාධාරණ එකක් ලෙස සමාජය ඉදිරියේ හුවා දැක්වීමට කටයුතු කිරීමට ඔවුහු උත්සාහ දරනවා.

    විෂය භාර අමාත්‍යවරයා ලෙසත්, සමාජ සාධාරණය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමානාත්මතාව අගය කරන යහපාලන ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙසත් පසුගිය දා සිදු වූ සියලු සිදුවීම් සම්බන්ධයෙනුත්, විශේෂයෙන් ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඉදිරිපත් කරන චෝදනා සම්බන්ධයෙනුත් පැහැදිලි පිළිතුරක් රටේ ජනතාව ඉදිරියේ තැබීම මාගේ යුතුකමක් ලෙස සලකනවා. ඒ අනුව, තම පටු ආත්මාර්ථකාමී අභිලාෂයන් මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් සිදුකරන ඉල්ලීම් සහ චෝදනා පිළිබඳ ජනතා පරමාධිපත්‍යයේ මුදුන්මල්කඩ වන පාර්ලිමේන්තුව තුළ සිටිමින් අනාවරණය කිරීමට මා කටයුතු කරනවා.

    ගරු කථානායක තුමනි, අධ්‍යාපන අමාත්‍යාංශය තුළ බලහත්කාරයෙන් බදාදා දින රාත්‍රියෙහි රැඳී සිටි ඔවුන් සමස්ත ලංකා පාසල් චිත්‍ර තරගයේ ජය සංකේත ප්‍රදානෝත්සවයේ කටයුතු ද කඩාකප්පල් කර දැමුවේ තම දරුවන්ගේ පමණක් අයිතිවාසිකම් වෙනුවෙන් අනෙක් දරුවන්ගේ අයිතීන් උදුරා ගන්නා බව තවදුරටත් පසක් කරමින්. එදින රාත්‍රිය සම්පූර්ණයෙන් ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරය ඇතුළු පරිශ්‍රය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සිය භාරයට ගෙන තිබුණා. රාජකාරී කටයුතු අවසන් බැවින් අමාත්‍යාංශ සේවකයින් ශ්‍රවණාගාරයේ විදුලිය විසන්ධි කොට නිවෙස් බලා ගොස් තිබුණා. මොවුන් බලහත්කාර‍යෙන් රැඳී සිටියේ එවැනි පසුබිමකයි. එහිදී අමාත්‍යාංශයේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර ඇති සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන්ට ද තර්ජනය කරමින්, පහරදීම් සිදුකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නවීන් ද සොයිසා, නලින්ද හේරත් ඇතුළු පිරිසක් කටයුතු කළ ආකාරය පිළිබඳ සාක්ෂි අප සතුව තිබෙනවා. මාධ්‍ය හරහා ද මේ කරුණු අනාවරණය කෙරුණා.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කොළඹ ජාතික රෝහලට අයත් LW 0752 දරන ගිලන් රථය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ‍බලහත්කාරයෙන් ඇතුළු කිරීමට කටයුතු කර තිබුණා. මෙම ගිලන් රථය පැමිණියේ රෝගියෙකු ගෙනයාමට බව පැවසුවත් එම ගිලන්රථය ගෙන ඒමේ සැබෑ අරමුණ රාත්‍රියේ බලහත්කාරයෙන් රැඳී සිටි පිරිසට කෑම බීම රැගෙන ඒම බව මාධ්‍ය හරහා නිකුත් වූ මෙම ඡායාරූප සාක්ෂි දරනවා.

    ගරු කථානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි රාත්‍රිය ගත කළ මෙම වෛද්‍යවරුන් පිරිස උත්සාහ කළේ මාධ්‍ය සංදර්ශනයක් සිදුකිරීමටයි.

    එමෙන්ම අමාත්‍යාංශ ශ්‍රවණාගාරය තුළ දී වාතාශ්‍රය නොමැතිවීම හේතුවෙන් එක් තැනැත්තියක් පමණක් විජලනයට ලක් වූ බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පිරිස අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ ඇති විශාල ජනෙල් විවෘත කොට සුව පහසුවෙන් රැය පහන් කරන ආකාරයේ ඡායාරූප ද මාධ්‍ය මගින් අනාවරණය කර තිබුණා.

    එබැවින් මෙය සම්පූර්ණ නාට්‍ය ජවනිකාවක් බව පැහැදිලි යි. ‍යම් පුද්ගලයෙකු රෝගී වූ විට ගිලන් රථයක් රැගෙන ආ යුත්තේ එම සිද්ධියට ආසන්නතම රෝහලෙනි. ඒ අනුව ආසන්නතම රෝහල් වන්නේ ජයවර්ධනපුර රෝහල සහ තලංගම රෝහලයි. නමුත් කොළඹ ජාතික රෝහලෙන් ‍ක්ලාන්තය හැදුණු රෝගියෙකු රැගෙන යාමට ගිලන් රථයක් ගෙන ඒම සම්බන්ධයනේ අප අමාත්‍යාංශ මට්ටමින් පරීක්ෂණයක් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දීමට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් ම කොළඹ ජාතික රෝහලෙන් ගිලන් රථයක් ගෙන්වන්නේ නම් එහි ආයතන ප්‍රධානියාගේ අවසරය අවශ්‍ය වනවා. මෙහිදී කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ නියෝගය ඒ සඳහා ලැබී තිබුණේද යන්න පිළිබඳ ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා පැහැදිලි කළ යුතුයි. රජයේ දේපළ ජනතාවගේ මුදල්, තමතමන්ට අවශ්‍ය විදියට මාධ්‍ය සංදර්ශන සඳහා යොදාගැනීමට කිසිවෙකුට ඉඩ නොතැබිය යුතුයි. ගරු කථානායකතුමනි, යම් හදිසි අවස්ථාවක දී නම්, පොලිසිය හරහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ගිලන් රථයක් ඉල්ලා සිටිය යුතුයි. අධ්‍යක්ෂවරයා හෝ ඔහුගේ බලය අභිනියෝජනය කරන නියෝජිතයෙකුගේ අවසර ඒ සඳහා තිබිය යුතුයි. මේ සියල්ල බැහැර කරමින් මේ කටයුතු සිදුවී ඇති බවට ‍තොරතුරු වාර්තා වී තිබෙනවා. එමෙන් ම ගරු කතානායකතුමනි, ඒ තරමට අසාධ්‍ය මට්ටමේ රෝගියෙකු සිටියේ නම්, එම රෝගියා රෝහල් ගත කළ යුතුයි. නමුත් එසේ රෝහල්ගතකිරීමක් මේ දක්වා සිදුවී නොමැති බව තහවුරු වී තිබෙනවා.

    ඒවගේ ම ගරු කථානායකතුමනි, මෙම සිද්ධියේ දී මාධ්‍ය ඉදිරියේ, තමන් ජාතික රෝහලේ සහකාර අධ්‍යක්ෂවරයෙකු බව පවසමින් හැසිරුණු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රසාද් රණවීර නමැති පුද්ගලයා පිළිබඳව ද අප සෞඛ්‍ය අමාත්‍යාංශයට කරුණු වාර්තා කොට තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ සිටින්නේ අධ්‍යක්ෂවරයෙකු සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකු පමණක් බව එම රෝහල් සනාථ කර තිබෙනවා. ව්‍යාජ තනතුරු ඉදිරිපත් කරමින් මාධ්‍ය නොමග යැවීම සහ රජයේ ආයතනයක කීර්ති නාමය තම වාසියට යොදාගැනීම පිළිබඳ කරුණු හෙළි වී තිබෙන අතර, මෙවැනි වංචාවන් පිළිබඳව ද අප අනාවරණය කළ යුතුයි.

    ආරක්ෂක නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ පට සහ එම කරුණු සනාථ කරමින් ඔවුන් පළ කරන අදහස්වලට අදාළ හඩපටද අප සතුව තිබෙනවා. එමෙන්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ට වෙන් වූ රථගාල තුළට තම රථ ඇතුළු කරගත් ඔවුන් එම රථවල හුළං ඇර දැමීමට යම් පිරිසක් කටයුතු කර ඇති බව පවසමින් මාධ්‍ය ප්‍රචාරයක් ලබාගැනීමට කටයුතු කර තිබෙනවා.

    ගරු කථානායකතුමනි, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ මෙම පිරිස තම රථවාහන නතර කිරීමට අමාත්‍යාංශ නිලධාරීන් සඳහා වෙන් කර ඇති පරිශ්‍රය මෙන් ම අමුත්තන් සඳහා වෙන් කොට ඇති පරිශ්‍රය ද යොදා ගෙන තිබුණා. එදින රාත්‍රියේ පොලිසිය සහ ආරක්ෂක නිලධාරීන් හැර වෙනත් කිසිවෙකු අමාත්‍යාංශයේ ‍රැඳී නොසිටි බවට තොරතුරු ලැබී තිබෙනවා. ඒ අනුව ගරු කථානායකතුමනි, තමන්ගේ මෝටර්රථවල හුලං ඇර ඇති බව පැවසීමත් මොවුන්ගේ ගිලන් රථ ජවනිකාව මෙන්ම තවත් මාධ්‍ය සංදර්ශනයක්. අධ්‍යාපන අමාත්‍යාංශයේ හැකිනම් ඒ සඳහා පිළිත හැකි සාක්ෂි ඉදිරිපත් කරන ලෙස ද මා ඔවුන්ට අභියෝග කරන්නට කැමතියි. යම්කිසි අමාත්‍යාංශ නිලධාරියෙකු හෝ එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවක යෙදී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට මා සූදානම්. නමුත් පැහැදිලිව ම මෙය නාට්‍ය ජවනිකාවක් බව මා නැවත නැවතත් තහවුරු කරන්නට කැමතියි. රටේ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයට බලහත්කාරයෙන් ඇතුළු වී තම පටු පුද්ගලික අභිලාෂයන් වෙනුවෙන් කෑගසන මොවුන්ගේ සැබෑ නිරුවත සමාජය ඉදිරියේ අනාවරණය කිරීම අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් මා විසින් සිදුකළ යුතු ජාතික වැදගත්කමින් යුත් කාර්යයක් ලෙස මම සලකනවා. සියලු ජනතාවට සමාන අයිතීන් ලබාදීම යහපාලන රජයේ වගකීම සහ යුතුකම බව මා නැවත වතාවක් මේ ගරු සභාවට අවධාරණය කිරීමට කැමතියි.

    ගරු කථානායකතුමනි, හොරණ සිට හෝමාගමට මාරු වූ වෛද්‍යවරයෙකු ඉල්ලා සිටිය යුත්තේ හෝමාගම ප්‍රදේශයට සමීප පාසලක් වුවත් එවැනි වෛද්‍යවරයෙකු කොළඹ රාජකීය විද්‍යාලය ඉල්ලා සිටීම කෙතරම් සාධාරණ දැයි මම මේ උත්තරීතර සභාවෙන් ප්‍රශ්න කරන්න කැමතියි. මොණරාගල සිට නුවරඑළියට මාරු වූ වෛද්‍යවරයෙකු ‍කොළඹ රාජකීය විද්‍යාලය ඉල්ලා සිටිනවානම් මාරුව සහ පාසල අතර සම්බන්ධය කුමක්දැයි මා නැවත වතාවක් මේ සභාවෙන් ප්‍රශ්න කරන්න කැමතියි. බලංගොඩ සිට හෝමාගමට මාරුවී කොළඹ රාජකීය විද්‍යාලය ‍ඉල්ලා සිටින වෛද්‍යවරයෙකුගේ ඉල්ලීඹ සාධාරණ ද? ගරු කථානායකතුමනි, මේ උදාහරණ කිහිපයක් පමණයි. මීට අදාළ සියලු තොරතුරු සභාගතකිරීමට මා කටයුතු කරනවා.

    මව හෝ පියා මාරුවීමක් ලැබූ විට සේවයට යන ස්ථානයේ පාසලක් දරුවාට ලබාදීම සිදුකළ යුතු වුවත්, ඔවුන් දිවයිනේ කවර හෝ ප්‍රදේශයක රෝහලකට මාරුවීමක් ලැබූ විට කොළඹ හෝ ප්‍රධාන නගරවල ඇති ජනප්‍රියතම ජාතික පාසල් 12කටත් වඩා අඩු සංඛ්‍යාවක් සඳහා තම දරුවන් ඇතුළත් කරගැනීම සඳහා උත්සාහ කිරීම කෙතරම් යුක්ති සහගත ද?

    ගරු කථානායකතුමනි, මගේ මිත්‍රයෙකු මාහට සඳහන් කළ කාරණාවක් මතක් කරන්නට කැමතියි. ඔහු වෘත්තියෙන් නීතීඥවරයෙක්. ඔහුගේ පියා වෘත්තීය දුම්රිය සේවකයෙක්. මගේ මිත්‍රයා පාසල් කාලය තුළ අවස්ථා හයකටත් වැඩි සංඛ්‍යාවක දී පියාගේ රාජකාරී ස්ථාන මාරු මත පාසල් 6කට මාරු වී තිබෙනවා. මෙවැනි උදාහරණ ඕනෑතරම් රාජ්‍ය සේවයේ සොයාගත හැකියි. අපි රාජකාරී ස්ථානමාරුවීම් මත දරුවන්ට පාසල් ලබාදෙන්නේ ඔවුන්ගේ රාජකාරී පහසුකිරීම වෙනුවෙන් මිසක වෙනම කුලයක් ලෙස මතුවෙමින් අනිසි වරප්‍රසාද හිමි කර දීම වෙනුවෙන් නොවේ.

    ගරු කථානායකතුමනි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය ඉදිරියේ තමන්ගේ දරුවන්ට මාස නවයක් ගතවී ඇතත් කිසිදු පාසලක් ‍හෝ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත්වී ඇති බව පවසනවා. එබැවින් එහි සත්‍ය තොරතුරු සමාජය ඉදිරියේ අනාවරණය කිරීම වෙනුවෙන් දිවයිනේ අතිජනප්‍රිය පාසල් තම දරුවන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් නලින් ද හේරත් මහතා විසින් ඉදිරිපත් කරන ලද පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කරගැනීම සඳහා වූ ලේඛනය මම මේ සභාවට ඉදිරිපත් කරන්න කැමතියි.

    ගරු කථානායකතුමනි, පාසල් වයස සම්පූර්ණ කළ ඕනෑම දරුවෙකු ගෙදර තබාගැනීම අධ්‍යාපන අයිතිය අහිමි කිරීම වරදක්. මේ වෙනකොට 2016 වසර වෙනුවෙන් රටේ සියලු දරුවන්ට පාසල් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. ජාතික පාසලක් වේවා, පළාත් පාසලක් වේවා දරුවෙකුගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් පාසලක් ලබාදීම අපේ වගකීමක්.
    ගරු කථානායකතුමනි, තමන්ගේ පුහු මාන්නය, පන්තිය ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතියත් උදුරා ගන්නා මෙවැනි ආත්මාර්ථකාමී කණ්ඩායම් පිළිබඳ සියලු දෙනාගේ අවධානය යොමු විය යුතුයි.

    ගරු කථානායකතුමනි, ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් හරිත අලුත්ගේ සඳහන් කරනවා අධ්‍යාපන අමාත්‍යාංශය ඔවුන්ගේ දරුවන්ට පාසල් ලබා දී ‍නැති බව. ඒ වගේ ම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට, විනිශ්චයකාරවරුන්ගේ දරුවන්ට සහ විශේෂඥ වෛද්‍යවරුන් යැයි කියාගන්නා පිරිසකට පාසල් ලබා දී ඇති බවත් ඔහු පවසනවා. ගරු කථානායකතුමනි, සාධාරණ ඉල්ලීම් මත අවශ්‍ය ලිපි ලේඛන රැගෙන පැමිණෙන ඕනෑම නිලධාරියෙකුගේ ඉල්ලීම් සලකා බැලී‍මේ වගකීම අපට තිබෙනවා. ඒ වගේම අපට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා විශේෂත්වයක් නැහැ. ඒ අනුව ගරු කථානායකතුමනි, අපි වෛද්‍යවරුන්ගේ දරුවන් 110 දෙනෙකුට පාසල් ලබා දී තිබෙනවා. නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යෝජනා කළ පාසල් ප්‍රතික්ෂේප කරමින් සාකච්ඡාවලින් පවා ඉවත් ව ගිය බව නිලධාරීන් මාහට දැනුම් දුන්නා.

    ගරු කථානායකතුමනි, ඊයේ පැවති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු වැදගත් ප්‍රශ්නයක් මතුකර තිබුණා. ඔහු ඇහුවා ඇයි මේ වෛද්‍යවරුන්ගේ දරුවන්ට සුපිරිම පාසල් පමණක් ලබාදෙන ‍ලෙස ඉල්ලන්නේ කියලා. එවිට එම සංගමයේ සහකාර ලේකම්වරයා ලබාදුන්න පිළිතුරෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිරුවත සියල්ලන්ට ම අනාවරණය වුණා.
    ඔහු පවසනවා, ගරු කථානායකතුමනි, අපි වෘත්තීය සමිතියක්. අපේ සාමාජිකයො අපෙන් ඉල්ලීම් කරනවා. ඒ ඉල්ලීම් අපි අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කළාම ඔවුන් ඒ සඳහා පිළිතුරු ලබා දීමට බැඳී සිටිනවා කියලා ඔහු කියනවා.

    ගරු කථානායකතුමනි, ඔවුන්ගේ සාමාජිකයන් ඔවුන්ගෙන් ඉර හඳ ඉල්ලුවොත් ඔවුන් ඒ යෝජනාව අපට කරාවි. ඔවුන්ට අනුව අප ඔවුන්ට ඉර හඳ ලබාදීමට බැඳී සිටිය යුතුයි. ගරු කථානායකතුමනි, මේ අසාධාරණ අයුක්තිසහගත ඉල්ලීම්වලට අපට සාධනීය ප්‍රතිචාර දක්වන්නට පුළුවන් කමක් නැහැ. යහපාලන රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස අප ප්‍රජාතන්ත්‍රවාදී අධ්‍යාපන රටාවක්, අධ්‍යාපන ක්‍රමවේදයක් මේ ර‍ට තුළ බිහිකිරීම වෙනුවෙන් කැප වන බව මා නැවත නැවතත් අවධාරණය කරන්නට කැමතියි. අප බිහිකළේ යහපාලනයක් මිස ආත්මාර්ථකාමී වෛද්‍යවරුන්ගේ අභිමතාර්ථයන් ඉටු කරන වහල් පාලනයක් නොවන බව මා සිහිපත් කරනවා.

    ගරු කථානායකතුමනි, මොවුන්ගේ ඉල්ලීම්වල ඇති හාස්‍යයට කරුණ වන්නේ ඔවුන් විසින් පාසල් 3ක් ඔවුන්ගේ කැමති අනුපිළිවෙළ යටතේ ඉදිරිපත් කර තිබීමයි. කොළඹ රාජකීය විද්‍යාලය තම දරුවාට ලබාදෙන ලෙස ඉල්ලුවේ නැති බව පුන පුනා කියන රජයේ වෛද්‍ය සංගමයේ නිලධාරීන්ගේ සැබෑ තත්ත්වය මෙම ලේඛන හරහා හොඳින් හෙළිවෙයි. මෙම ලේඛනයට අනුව පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කරගැනීම සඳහා අරගල කරන නිලධාරීන් 21 දෙනෙකු‍ අයදුම් කර තිබෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයයි. ඔවුන්ගෙන් 16 දෙනෙකුගේ දෙවැනි කැමැත්ත කොළඹ ආනන්ද විද්‍යාලයයි. කාන්තා පාසල් ගතහොත්, 15 දෙනෙකු ඉල්ලා සිටින්නේ කොළඹ විශාකා විද්‍යාලයයි. 12 දෙනෙකු ඉල්ලන්නේ කොළඹ සිරිමාවෝ විද්‍යාලයයි. ගරු කථානායකතුමනි මේ පළමුවැනි ශ්‍රේණිය පමණයි.
    කොළඹ රාජකීය, ආනන්ද, විශාකා, මහනුවර ධර්මරාජ, කිංස්වුඩ්, මහාමායා, උසස් බාලිකා, කුරුණෑගල මලියදේව පිරිමි, කුරුණෑගල මලියදේව බාලිකා, ගාල්ල රිච්මන්ඩ්, ගාල්ල මහින්ද, මාතර සුජාතා, වගේ පාසල් විතරයි ඔවුන් බලා‍පොරොත්තු වෙන්නේ. මේ සියලු තොරතුරු මා සභාගත කරන්න කැමතියි. ‍මෙතන දරුවන් 112 දෙනෙකුට අදාළ තොරතුරු තියෙනවා.

    මේ ගරු කථානායකතුමනි පළමු ශ්‍රේණිය පමණයි. ඊළඟ සෙල්ලම තියෙන්නේ අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමෙදියි.
    මම ඒ තොරතුරුත් සභාගත කරනවා.

    ගරු කථානායකතුමනි, අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළත් කිරීමේ දී පහ සහ 6 ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමේ හැකියාවක් අපට නැහැ. නමුත් ඔවුන් ඒ සඳහාත් ඉල්ලීම් සිදුකර තිබෙනවා. අතරමැදි ශ්‍රේණි සඳහා දරුවන් ඇතුළු කිරීමේ දී සිදුකරන දූෂණ අක්‍රමිකතා පිළිබඳ මම කරුණු හෙළි කරන්න සූදානම්. කොළඹ රාජකීය විද්‍යාලයට ඉල්ලුම් කළේ නැහැ කිව්වට ඔවුන් ලබාදුන්නු ලේඛනයට අනුව, 2016 වසරේදී කොළඹ රාජකීය විද්‍යාලයට සිසුන් ‍12 දෙනෙකු ඇතුළත් කරගන්නා ලෙස ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබෙනවා.

    ආනන්ද විද්‍යාලයට ළමුන් 4 දෙනෙක්, විශාකා විද්‍යාලයට ළමුන් 8 දෙනෙක් ආදී වශයෙන් ජනප්‍රියතම පාසල් 17ක් සඳහා දරුවන් 51 දෙනෙක් ඇතුළත් කරන ලෙස ඔවුන් අපෙන් ඉල්ලා තිබෙනවා.
    ගරු කථානායක තුමනි, සාධාරණ ඉල්ලීමක් කර තිබේනම් ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට හැකි ආකාරයෙන් පිළියම් ලබාදීම අපගේ යුතුකමක්. නමුත් පිළිගත හැකි ලේඛන ඉදිරිපත් කරන්නට 2016 අගෝස්තු මස 18 වැනි දින වනවිටත් ර‍ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපොහො‍සත් වූ බව මා මේ උත්තරීතර සභාවට දන්වන්නට කැමතියි.

    ගරු කථානායකතුමනි, මේ තිබෙන්නේ, ‍පසුගිය අගෝස්තු මස 18 වැනි බ්‍රහස්පතින්දා දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණ වෙනස් කරන ලද ඔවුන්ගේ තොරතුරු ඇතුළත් පත්‍රිකාවක්.

    මා තවත් වැදගත් අනාවරණයක් සිදු කරන්නට සූදානම්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තමන්ගේ සාමාජිකයන්වත් නොමග යවමින් එහි නිලධාරීන්ගේ අවශ්‍යතා පමණක් ඉටු කරගන්නා බවට පැහැදිලි සාක්ෂි අප සතුව තිබෙනවා. ගරු කථානායකතුමනි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ පාසල්වල ඇති පුරප්පාඩු පිළිබඳ ඔවුන්ට දැනුම්දෙන ලෙසයි. ඔවුන්ගේ සාමාජිකයන් සිය කැමැත්ත මත පාසල් අයදුම් කර තිබූව ද, ඉහළ නිලධාරීන්ගේ කැමැත්ත මත අමාත්‍යාංශය විසින් ලබාදෙන පාසල් වෛද්‍යවරුන් අතර බෙදාදීමට හැකි බව ඔවුන් පවසනවා. මේ කවර වෘත්තීය සමිතියක් ද? මේ පිළිබඳ තොරතුරු රැසක් දැන් අනාවරණය වෙමින් තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ නලින්ද හේරත් මහත්තයා ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. නමුත් ඔහු පුද්ගලික කරුණක් මත මෑතක දී කඩුවෙල ප්‍රදේශයේ පදිංචියට පැමිණ තිබෙනවා. අද වෛද්‍යවරුන්ගේ දරුවන්ට රාජකාරී ස්ථාන මාරුවීම් මත පාසල් හිමිවිය යුතු බවට කෑගසන නලින්ද හේරත් තමන්ගේ පුත්‍රයා රාජකීය විද්‍යාල‍යට ඇතුළත් කර ගන්නේ හුදෙක් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ධූරය දැරීම උපයෝගී කරගෙනයි.

    ඒ එම සංගමයේ සාමාජිකයෙකුට ලැබුණු තවත් අවස්ථාවක් අනිසි ලෙස යොදාගනිමින් බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඔන්න ඕකයි ගරු කථානායකතුමනි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇත්තම තත්ත්වය.

    රජයේ වෛද්‍ය නිලධාරීන් ඔවුන්ගේ දරුවන් පමණක් ජනප්‍රියතම ජාතික පාසල්වලට ඇතුළත් කරගැනීමේ උත්සාහයේ දී, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිණිය අධ්‍යාපන අමාත්‍ය ධූරය දරන සමයේ දී, එනම් 2005 වසරේ දී එවකට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් වෛද්‍යවරුන්ගේ දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ලබාදුන් කැබිනට් තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා ඔස්සේ කරුණු ඉදිරිපත් කරනවා.

    එම කැබිනට් පත්‍රිකාව මා මේ මොහොතේ සභාගත කරන අතර, එහි කිසිදු තැනක ජනප්‍රියතම ජාතික පාසල් වෛද්‍යවරුන්ගේ දරුවන් වෙත ලබාදිය යුතුයැයි අනිවාර්ය කොට දක්වා නැහැ.
    එහි දැක්වෙන්නේ,
    · වෛද්‍ය නිලධාරියා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාන මාරු බලධාරියා විසින් නම් කරන ලද පළාතකට ස්ථාන මාරු ලබා තිබීම
    · ඉල්ලුම් කරන ලද ජාතික පාසල සහ වෛද්‍ය නිලධාරියා සේවය කරනු ලබන වෛද්‍ය ආයතනය එකම පරිපාලන පළාත තුළ පිහිටා තිබීම
    ආදී කරුණු මත වෛද්‍යවරුන්ගේ දරුවන් සඳහා පාසල් ඉල්ලා සිටීමට ඔවුන්ට හැකියාවක් ඇති බවයි.
    මීට අමතරව, දරුවන් ඇතුළත් කිරීම සඳහා ඒ වනවිට නිකුත් කර තිබූ 23/2003 නමැති 23/05/2003 දිනැති චක්‍රලේඛය අබිභවා යාමක් සිදු නොකරන ලෙස ද එහි දක්වා තිබෙනවා.
    මීට අමතරව අධ්‍යාපන අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ද එම කැබිනට් පත්‍රිකාවට ඇතුළත් කර ඇති අතර, වෛද්‍යවරුන්ට මෙන් ම ස්ථාන මාරුවීම් සහ විදෙස් ගතවී පැමිණීම් මත පාසල් පිළිබඳ ගැටළුව සියලු රාජ්‍ය සේවයේ නිලධා‍රීන්ට පොදුවේ බලපැවැත්වෙන්නක් බවයි.

    එමෙන්ම කිසිදු පාසලක පළමු ශ්‍රේණියේ සිට සියලු ශ්‍රේණි ළමුන්ගෙන් පිරී පවතින අතර අතරමැදි ශ්‍රේණි සඳහා 40 සීමාව නොඉක්මවා සිසුන් ඇතුළත් නොකළ යුතු බව ද එහි දක්වා තිබෙනවා.
    එහි දක්වා ඇති අතිශයින් ම වැදගත් කරුණ වන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය තම ස්ථාන මාරුවීම් ක්‍රමවේදය ජනවාරි මස මුල දී අවසන් කර එම තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදෙන්නේ නම්, ජනප්‍රිය පාසල්වල පුරප්පාඩු ප්‍රමාණයක් පවතින්නේ නම් ඒ පිළිබඳ ප්‍රමුඛතා අනුපිළිවෙළ මත කටයුතු කළ හැකි බවයි.

    මේ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන ආකාරයට ඔවුන්ගේ දරුවන් ව්‍යාජ සහ ආත්මාර්ථකාමී වුවමනාවන් පදනම් කරගනිමින් පාසල්වලට ඇතුළත් කරගැනීම සඳහා එම කැබිනට් පත්‍රිකාවෙන් කිසිදු අවකාශයක් සලසා නැත. එබැවින් 2005 වසරේ දී ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව පදනම් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් තම වාසි ප්‍රයෝජන සඳහා කරුණු විකෘති කිරීම්වල යෙදෙන අයුරු පැහැදිලි යි.

    යම් රාජ්‍ය නිලධාරියෙකු රාජකාරී අවශ්‍යතා මත විධිමත් ස්ථාන මාරුවීමක් ලැබූ විට ඔවුන්ගේ දරුවන් වෙනුවෙන් සුදුසු පාසලක් ලබාදීම ඔවුන්ගේ රාජකාරී පහසුව සහ කාර්යක්ෂමභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදුකෙරෙන්නක්. අමාත්‍යවරයා වශයෙන් ඒ සම්බන්ධයෙන් මම එයට කිසිසේත් විරුද්ධ වන්නේ නැහැ. නමුත් මෙහිදී මා විසින් ප්‍රකාශ කළ යුතු වැදගත් කරුණක් තිබෙනවා. එනම්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අවධාරණය කර පෙන්වන ස්ථාන මාරුවීම්වලට අදාළ පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ලයිස්තුව ද අතිශයින් ම ප්‍රශ්නකාරී සහ පදනම් විරහිත ලයිස්තුවක් බවට තහවුරු වී තිබෙනවා.

    ගරු කථානායකතුමනි, 2016 වසර සඳහා පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ දී රජයේ සේවයේ ස්ථාන මාරුවීම් ලබා එන නිලධාරීන් සඳහා සියයට 4ක් ප්‍රතිශතයක් වෙන් කර තිබෙනවා. එමෙන්ම රාජකාරී අවශ්‍යතා මත විදේශගතවී පැමිණෙන නිලධාරීන්ගේ දරුවන් වෙනුවෙන් ද සියයට එකක ප්‍රතිශතයක් වෙන් කර තිබෙනවා. මීට අමතරව ආදි ශිෂ්‍ය පදනම මත හෝ සහෝදර පදනම මත ද වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් සඳහා ඉල්ලුම් කළ හැකියි. නමුත් දැන් මොවුන් මට බලකරන්නේ ළමුන් ඇතුළත් කිරීමේ චකුලේඛයේ ඉල්ලීම් අභිබවමින් නීතිවිරෝධී ලෙස කටයුතු කරන ලෙසයි.
    2016 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් 112 දෙනෙක් ඇතුළග් කරගන්නා ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉල්ලා තිබුණා. ගරු කථානායකතුමනි, ඉන් 26 දෙනෙකු පමණයි 2014, 2015, 2016 යන වර්ෂවලට අදාළ ස්ථාන මාරුවීම් සහ විදේශගතව පැමිණීම් සිදුව තිබුණේ. සෙසු සියලු ඉල්ලීම් 2007 වසරේ සිට 2013 වසරට අයත් ඉල්ලීම්.

    ගරු කථානායකතුමනි, 2007 වසරේ දී කොහේ හෝ තැනකින් තවත් තැනකට මාරුවුණ වෛද්‍යවරයෙකුගේ දරුවෙකුට අපි පාසලක් ලබාදෙන්නේ මොන පදනමක් යටතේ ද?
    ගරු කථානායකතුමනි, පහුගිය කාලෙ කොන්ද පණ නැතුව තම තමන්ට ඕන විදියට දේශපාලන බලය ආරක්ෂා කරගන්න සමාජ බලපැම් කණ්ඩායම් කියාගන්නා මේ වගේ ආත්මාර්ථකාමී පිරිස් තමන්ට නම්මගන්න ඇතැම් දේශපාලනඥයො කරපු තකතිරු ක්‍රියාවල ප්‍රතිඵල තමයි මොවුන් අද පූර්වාදර්ශ කරගෙන තියෙන්නේ.

    2016 අවුරුද්දෙ අතරමැදි ශ්‍රේණි සඳහා ළමයින් 168 දෙනෙක් ඇතුළත් කරගන්න කියල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපට බලකරනවා. මා කියන්න කැමතියි 2014, 15 වසර තුළ ඔවුන්ගෙනුත් ස්ථාන මාරු ලබා පැමිණි වෛද්‍යවරුන් සංඛ්‍යාව 27ක් විතරයි. ඉතුරු 141ක ම 2007 ඉදන් 2013 වසර දක්වා මාරුවීම් හෝ විදේශගතව පැමිණීම් සිදුකළ අය.

    ගරු කථානායකතුමනි, අපට සලකා බලන්න පුළුවන් වසර දෙකක ස්ථාන මාරුවීම් පමණයි. මේ අයට ඕන ඕන විදියට නටන්න මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය විනාශ කරන්න මම සූදානම් නැහැ.

    ගරු කථානායකතුමනි, මොන දේ වුණත් සාධාරණ ඉල්ලීමක් කර තිබෙනවා නම් එම ඉල්ලීම් සලකා බලල හැකි පාසල් ලබාදෙන්න අපි කටයුතු කළා. රාජකීය, ආනන්ද, විශාකා, ඩී එස්, ධර්මරාජ, කිංස්වුඩ්, කුරුණෑගල මලියදේව බාලක- බාලිකා පාසල් නැතිවුණත් මහානාම, සිරිමාවෝ,පන්නිපිටිය ධර්මපාල ඉසිපතන, ගාල්ල ධර්මාශෝක, ගාල්ල දේවානන්ද, හොරණ තක්ෂිලා වගේ පුරප්පාඩු තිබෙන පාසල් ලබාදෙන්න අපි කටයුතු කර තිබෙනවා. ඒ අනුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ වෛද්‍ය සංගමය ඇතුළු වෛද්‍යවරුන් 110 දෙනෙකුගේ දරුවන්ට පාසල් ලබාදීමට අපි කටයුතු කළා.
    නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ට ලබාදුන් පාසල් භාර නොගනිමින් දිගින් දිගටම ජනප්‍රියතම ජාතික පාසල් ටික ඉල්ලුම් කරමින් ඉන්නවා. මම ඔවුන්ට ලබාදුන් පාසල් පිළිබඳ ලේඛනයත් සභාගත කරනවා, ගරු කථානායකතුමනි. (ඇමුණුම 07)
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ගරු කථානායකතුමනි, සාමාන්‍ය ජනතාවගේ දරුවන්ගේ, ගොවියන්ගේ කම්කරුවන්ගේ අනික් වෘත්තීන්වල යෙදෙන මව්පියන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් මා කැප වන එක වළක්වන්න කාටවත් බැහැ. ඒ වගේම ගරු කථානායකතුමනි, මෙවැනි අසාධාරණ ඉල්ලීම් සිදුකරමින් අමාත්‍යාංශ වටකළාට, මාධ්‍ය සංදර්ශන පැවැත්වුවාට ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් තුළ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා සමාජ ජාලාවලින් බැට කාලා කහල ගොඩට විසිවෙලා දෙවිවරු වගේ ඉන්න වෛද්‍යවරුන‍්ගෙත් කීර්ති නාමය මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කෙළෙසන එකට මට කරන්න දෙයක් නැහැ ගරු කථානායකතුමනි.

    තමන්ගේ සංගමයේ සාමාජිකයන්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් එස්එම් එස් එකක් යවනවා, ගරු කථානායකතුමනි, ඒකෙ තියෙනවා,
    Minister Akila has launched a well planned media campaign including FB to tarnish the image of GMOA based on schooling issue. You are expected to counter.
    ඇමති අකිල අපේ ප්‍රතිරෑපය විනාශ කරන්න මේ පාසල් ප්‍රශ්නය උපකාරී කරගනිමින් සමාජ ජාල වෙබ් අඩවි හරහා විශාල මාධ්‍ය ව්‍යාපාරයක් ගෙන යනවා , ඒකට විරුද්ධව ප්‍රතිප්‍රහාර එල්ල කරන්න කියලා.
    ගරු කථානායකතුමනි, මට මේ සඳහා කැම්පේන් එකක් කරලා පහර එල්ල කරන්න අවශ්‍යතාවක් නැහැ.

    මේ ඇත්ත කරුණු දකින බුද්ධිමත් ජනතාව දන්නවා, ඔවුන් මේ අසාධාරණකම්වලට එරෙහිව තමන්ගේ මතය ඉදිරිපත් කරන එක සිදුකරනවාමයි.

    ගරු කථානායක තුමනි, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අපේ අංශුබෝධි මාරසිංහ මහතා සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකළ සාකච්ඡාවක් අතරවාරයේ දී එහි සභාපති පාදෙනිය මහතා කියල තියෙනවා, “අපි අකිලට පාඩමක් උගන්වනවා, බලාගමුකො අපි ඉස්සරහට කරන දේ කියලා”. මම පාදෙනියට නෙමෙයි, පාදෙනිය මහත්තයට කියනවා තමන්ගෙ සංගමයේ සාමාජිකයන්ටත් ‍වංගු ගහලා ඔය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ නිලධාරීන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා තමන්ගේ දරුවන් සුපිරිම පාසල්වලට ඇතුළත් කරපු ආකාරය ගැන මම හෙළි කරන බව.

    ගරු කථානායකතුමනි, මම මේ ලේඛනයත් මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. 2011 අවුරුද්දේ තමන්ගේ පුත්‍රයාව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගන්න බොරු තොරතුරු ඉදිරිපත් කරපු පාදෙනිය 2012 දි දෙවැනි පුතා රාජකීය විද්‍යාලයට දාගන්න නමත් වෙනස් කරගත්ත ආකාරය පිළිබඳ තොරතුරු මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමනි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා 2011 වසරේ දී අංක 75, පයිප් රෝඩ්, කොළඹ 05 ලිපිනයේ පදිංචි වෙලා ඉඳගෙන කොළඹ රාජකීය විද්‍යාලයට තමන්ගෙ දරුවා ඇතුළත් කරන්න උත්සාහ කරනවා. නමුත් එම උත්සාහය ව්‍යර්ථ වූ තැන ඔහු තවත් උපක්‍රමයක් යොදාගෙන දරුවා ආනන්ද විද්‍යාලයට‍ ඇතුළත් කරගෙන තිබෙනවා. ගරු කථානායකතුමනි, මහා ලොකුවට පාරම්බාන මේ වෘත්තීය සමිති සභාපතිවරයා 2012 අවුරුද්දෙ කොළඹ රාජකීය විද්‍යාලයට තමන්ගේ දෙවැනි දරුවා ඇතුළත් කරගැනීමට උත්සාහ කරද්දි නමෙත් අග මුල මාරු කරගත්ත බවට තොරතුරු තහවුරු වී තිබෙනවා. ඔහුගේ දෙවැනි පුත්‍රයා ඇතුළත් කරගැනීමේ දී පාදෙනිය ඔහුගේ නම ලබාදෙන්නෙ බී එස් එම් එම් එන් බී බණ්ඩාර ලෙසයි. ගරු කථානායකතුමනි, එහිදී ඔහු ව්‍යාජ ලිපිනයකුත් යොදාගන්නවා. කොළඹ පහේ පයිප් රෝඩ්වල පදිංචි වෙලා හිටිය පාදෙනිය හිටිහැටියෙම 13/1/ඒ, චාර්ල්ස් වේ, කොළඹ 3 ලිපිනයට මාරු වෙනවා. දැනට දරුවා ඉගෙන ගන්නේ පස්වැනි ශ්‍රේණියේ. ගරු කථානායකතුමනි, එම දරුවාගේ 2,3,4 ශ්‍රේණිවල පදිංචිය දෙමව්පිය විස්තර ඇතුළත් තොරතුරු ද අස්ථානගත කිරීමට කටයුතු කර ඇති බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒවගේ ම ගරු කථානායකතුමනි, විදේශ පදනම මත තමන්ගේ දරුවා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගන්න අයදුම් කරපු පාදෙනිය ලකුණු 70 සම්පූර්ණ කරපු ආකාරය සම්පූර්ණයෙන් ම නීති විරෝධී බව හෙළි වී තිබෙනවා. ගරු කථානායකතුමනි, මෙයයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සැබෑ තත්ත්වය.
    ඊට අමතරව ගරු කථානායකතුමනි, පාදෙනිය සිදුකරන ලද ශිෂ්‍යත්ව මුදල් වංචාව, නිසි ආකාරයෙන් විදෙස් පුහුණුව ලබා නොපැමිණ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සහතික වීම, ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් දරුවන් පාසල්වලට ඇතුළත් කරගැනීම ඇතුළු චෝදනා රැසක් මේ වෘත්තීය සමිති සභාපතිවරයාට එල්ල වී තිබෙනවා.

    මම නෙමෙයි ගරු කථානායකතුමනි, වෛද්‍යවරුන්මයි අපට මේ තොරතුරු ලබාදෙන්නේ.
    ගරු කථානායකතුමනි, දැන් මේ සංගමය අපට අපහාස කරන්න පටන් අරන් තිබෙනවා, තමන්ගෙ නම සඳහන් කරලා ඒ වගකීම අරගෙන පෝස්ටරයක්වත් ගහගන්න බැරි මේ කණ්ඩායම අදත් ස්ථාන කිහිපයක මඩ පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර තිබුණා.

    ගරු කථානායකතුමනි, දිනක් ඔවුන් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට ඇවිත් මුදලට ගිජු අධ්‍යාපන ඇමති ගෙදර යවනු කියල සටන් පාඨ ඉදිරිපත් කළා. අමාත්‍යාංශයේ ලේකම්වරයා ඒ මොහොතේ විමසා තිබෙනවා, ඇයි මෙසේ පදනම් විරහිත අපහාස සිදුකරන්නේ කියලා. එවිට ගරු කථානායකතුමනි, එහි ලේකම් නලින්ද හේරත් මහතා ලබාදුන්න පිළිතුර මම මේ ගරු සභාවට කියන්න කැමතියි. අපි වෘත්තීය සමිතියක්නෙ ලේකම්තුමා, අපි ඉතින් වෘත්තීය අරගලය තුළ විවිධ සටන්පාඨ කියනවා. ඒවට එච්චර කලබල වෙන්න ඕන නෑ. ඔන්න ඕකයි ඔහුගේ පිළිතුර.
    ගරු කථානායකතුමනි, මම දේශපාලනඥයෙකු ලෙස කොමිස් ගහන, දූෂණ අක්‍රමිකතාවලට සම්බන්ධ පුද්ගලයෙකු නොවන බව මේ ගරු සභාවට සිහිපත් කරන්න කැමතියි. ඒ නිසා තමයි විවිධ පාර්ශව විසින් කෝටිගණන් ගසා කාපු නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ක්‍රමය පවා අපි නතර ක‍ළේ. ඒ නිසාම තමයි ගරු කථානායකතුමනි, මුදලට දරුවන් පාසලට දැමීමේ ක්‍රමවේදයට තිත තබමින් දූෂණ, අක්‍රමිකතාවලට සම්බන්ධ වුණ විදුහපල්පතිවරු අපි ගෙදර ඇරියේ. කාටවත් අත තියන්න බෑ කිය කිය හිටපු සමහර විදුහල්පතිවරු අපි මාරු කළා. ඒ මේ රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන්. හොරට අමතර පන්ති පවත්වගෙන ඕන ඕන විදියට ළමයි ඇතුළත් කරපු, ශිෂ්‍යත්වය සමත් දරුවන්ගේ අයිතිය අහිමි කරපු අයට එරෙහිව අපි හඩ නගනවා. මට දූෂණ අක්‍රමිකතා චෝදනා නෑ ගරු කථානායකතුමනි. අපි කරන්නේ පිරිසිදු දේශපාලනයක්.

    ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවෙදි ඔවුන් මට අභියෝගයක් කරනවා, පහුගිය මාර්තු මාසෙ ඉඳල මේ වෙනකල් ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කරපු තොරතුරු ලබාදෙන්න කියලා. ගරු කථානායකතුමනි, අපි 1, 5, 6 ශ්‍රේණි වලට දරුවන් ඇතුළත් කරලා නැහැ. මාර්තු 31 ඉඳල නෙමෙයි මම අධ්‍යාපන අමාත්‍යධුරය දරන වසර දෙකටම අදාළ තොරතුරු අමාත්‍යාංශයේ තිබෙනවා. ගරු කථානායකතුමනි, යම්කිසි පුද්ගලයෙකු සාධාරණ අභියාචනාවක් ඉදිරිපත් කර තිබෙනවානම්, ඒ පිළිබඳ සලකා බලා කටයුතු කිරීම සඳහා අතිරේක ලේකම්වරයෙක්ගෙන් සැදුම්ලත් කමිටුවක් අභියාචනා මණ්ඩලයක් ලෙස මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඉන් සාධාරණ ලෙස තහවුරු වූ අතළොස්සක් තරම් අවස්ථා පමණයි අමාත්‍යාංශය හරහා ලබා දී තිබෙන්නේ. ඒ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සන යටතේ යි. කිසිදු මොහොතක ගරු කථානායකතුමනි, අපි අපේ හිතවතුන්ට, ඔවුන්ගේ දරුවන් හිතුණු හිතුණු විදියට පාසල්වලට ඇතුළත් කිරීමට කටයුතු කර නැහැ. කරන්නේත් නැහැ. සියලුල විනිවිදභාවයකින් යුක්තවයි අපි සිදුකරන්නේ.

    ගරු කථානායකතුමනි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මට චෝදනා කරනවා දේශපාලනිකව පසුගිය මැතිවරණයේ දී ඔවුන්ට සහයෝගය නොදැක්වීම නිසා මා ඔවුන්ගේ දරුවන්ට පාසල් ලබානොදෙන බව ප්‍රකාශ කළ ාකියලා. ගරු කථානායක තුමනි, ඔවුන් ඔවුන් පිළිබඳ ලජ්ජා විය යුතුයි, මෙවැනි බොරු ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන්. මම ඔවුන් එක්ක පැවැත්වුවේ රහස් සාකච්ඡාවක් නෙමෙයි. එතන අමාත්්‍යාංශ අතිරේක ලේකම්වරයෙක්, ජාතික පාසල් අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් සිටිය නිසා මා විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව සාක්ෂි සහිතව ඔප්පු කළ හැකියි.

    මට කිසිදු පුද්ගලයෙකුගෙන් දේශපාලනිකව පලිගැනීමට අවශ්‍යතාවක් නැහැ. ඒකාබද්ධ විපක්ෂය නියොජ්නය කරන අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රියානි විජේවික්‍රම මහත්මියත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබුණා, තමන් පාර්ලිමේන්තු පැමිණීමත් සමග තමන්ගේ දරුවාට කොළඹ ප්‍රදේශයෙන් පාසලක් ලබාදෙන්න කියලා. මොකද ඇයට මන්ත්‍රීවරියක් විදියට රාජකාරී කටයුතු හේතුවෙන් දරුවා සමග ගත කරන්නට තිබූ කාලය අඩුවන බවට මානුෂීයව හේතු දක්වමින්. ගරු කථානායකතුමනි, අපි එම ඉල්ලීම් පවා අභියාචනා මණ්ඩලයට යොමු කර ඉන් අනතුරුවයි සුදුසු පාසල් ලබා දී තිබෙන්නේ. ඒ වගේම ඒකාබද්ධ විපක්ෂය නියොජ්නය කරන තවත් මන්ත්‍රීවරයෙකුගේ දරුවෙක් ද පාසලට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම කොළඹ මියුසියස් විද්‍යාලයේ සිට කොළඹ විශාකා විද්‍යාලයට ඇතුළත් කරන ලද සේනානායක නමැති දැරියක් පිළිබඳ ඔවුන් මාධ්‍ය හුමවල දී කරුණු ඉදිරිපත් කර තිබුණා. ගරු කථානායකතුමනි, ඒ දැරියගේ පියා පුද්ගලික මාධ්‍ය ආයතනයක රැකියාව කරන පහුගිය කාලේ දැඩි ලෙස එක්සත් ජාතික පක්ෂ නායකත්වය අප විවේචනය කරපු පුද්ගලයෙක්. නමුත් සාධාරණ හේතු ඉදිරිපත් කළොත් එම අවස්ථා වළක්වන්න තරම් කුහකත්වයක් මට නැහැ. තමන්ගේ ආත්මාර්ථකාමී අභිලාෂයන් වෙනුවෙන් අසරණ රෝගීන්ගෙන් පළිගන්න, රෝගීන් බිලිගන්න මේ මජර සංස්කෘතිය අප වෙනස් කළ යුතුයි. මේ බුද්ධදාස රජතුමා අනුව යන වෛද්‍යවරුන් හෝ හිපොක්‍රටිස් අනුව යන වෛද්‍යවරුන් නොවන බව පැහැදිලියි. මොවුන්ට තිබෙන්නේ පටු ආත්මාර්ථකාමී අභිලාෂයන් පමණයි.

    මට මඩගැහුවට, බොරු චෝදනා එල්ල කළාට මතක තියාගන්න, ගරු පාදෙනිය මැතිතුමා මේ රටේ ජනතාවගේ විරෝධයෙන් ඔබතුමන්ලට ගැලවෙන්න බැරි බව.

    හරිනම් විය යුත්තේ සැබෑ ලෙසම ස්ථාන මාරු ලබා ඇති වෛද්‍යවරුන්ගේ ලයිස්තුවක් ප්‍රමුඛතා අනුපිළිවෙළ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සකස් කර ඉදිරිපත් කිරීමයි.

    ඇයි, මේ ක්‍රමවේදයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එකඟ වෙන්න බැරි. මම සියලුම වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාජ ලේඛන නිසා ඊට සම්බන්ධ වුණ සාධාරණ හේතු සහිත වෛද්‍යවරුන්ටත් අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවෙනවා. මේක ඇත්තටම මාෆියාවක්.මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට සිදුවන අපහසුතාව පිළිබඳ මා කණගාටුවට පත්වෙනවා. මොක ද මගෙත් මිත්‍රයින් බොහොමයක් වෛද්‍යවරුන් ඉන්නවා.

    මෙම ලයිස්තුව සකස් කිරීමේ දී ‍බොහෝ අක්‍රමිකතා සිදුව ඇති බවට වෛද්‍ය වෘත්තීකයින්ම චෝදනා කිරීමෙන් එය හොඳින් තහවුරු වෙනවා.

    අප විසින් නැගිය යුතු ප්‍රශ්නය වන්නේ, මෙවැනි විනිවිදභාවයකින් තොර නිවැරදි කරුණු මත පදනම් නොවූ ලයිස්තුවක් සකස් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට ඇති බලය කුමක් ද යන්නයි. නිවැරදි, විනිවිදභාවයකින් යුත් ක්‍රමවේදයක් මත පදනම් වෙමින් පාසල් වලට ළමුන් ඇතුළත් කරගැනීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකස් කරන ලද ප්‍රමුඛතා ලයිස්තුවක් ඉදිරිපත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අකැමැති ඇයි? එවැනි නිවැරදි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ඔවුන් පැකිළෙන්නේ ඇයි?

    ඒ වගේම ගරු කථානායකතුමනි, පහුගිය කාලෙ අධ්‍යාපන අමාත්‍යාංශය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලබාදුන්න පාසල් එම සාමාජිකයන් අතරෙ බෙදාගැනීමේ දී රුපියල් දසදහසක මුදලක් අයකළ බවටත් අපට පැහැදිලි සාක්ෂි සහිත තොරතුරු වාර්තා වී තිබෙනවා.
    මා මෙරට සිටින යහපත්, අවංක වෛද්‍ය වෘත්තීකයන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි, මෙවැනි දෙබිඩි පිළිවෙතකින් යුත් නිලධාරීන්ගෙන් සමන්විත වෘත්තීය සමිතියකට ඔබගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේ අයිතිවාසිකම යටපත් කිරීමට ඉඩ නොදී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාගන්නා නිවැරදි තොරතුරු මත පදනම් වූ සැබෑ ස්ථාන මාරුවීම් ලද ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කරගැනීම වෙනුවෙන් ඉදිරියට එන ලෙස මා ඔවුන්ට දැනුම් දෙනවා.

    වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් ලබාදීමේ ක්‍රමවේදය හැකිතාක් පාරදෘශ්‍ය ආකාරයෙන් සිදු කිරීමට මමත් මගේ නිලධාරීනුත් මේ දක්වා ක්‍රියා කර තිබෙනවා. එහි යම් දුර්වලතාවක් තිබේනම්, එය සංවාදයට විවෘතයි. සුහද ලෙස ගැටළු සාකච්ඡා කර විසඳීම මාගේ රාජකාරී පිළිවෙත බව ‍යහපත් අවංක වෛද්‍ය වෘත්තීකයින්ට මම ප්‍රකාශ කරන්න කැමතියි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හිතාගෙන ඉන්නේ අපිව ගොනාට අන්දගෙන බිත්තිවලට හිරකරගෙන, ඔවුන්ගේ වංචාවන් සාධාරණීකරණ කරගන්න. කලින් ආණ්ඩුව කාලෙ ඒව කළාට මේ ආණ්ඩුව යටතේ ඒව කරන්න බැරි බව මම අවධාරණය කරන්න කැමතියි. දේශපානඥයින් මෝඩයින් යැයි සිතන බවක් ඔවුන්ගේ ප්‍රකාශවලින් තහවුරු වෙනවා. මා මෙම පිළිතුර දෙන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන, මෙම උඩඟු ප්‍රකාශ කරන පුද්ගලයන්ට මිස සමස්ත වෛද්‍ය ප්‍රජාවට නොවේ.

    මෙහි ඇතැම් වෛද්‍යවරුන්ට මනුෂ්‍ය ශරීරය නමැති ස්වභාවික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් මිස සමාජ විද්‍යාවන් හෝ දේශපාලන විද්‍යාවන් ගැන අවබෝධයක් නැහැ. මේ පිළිබඳ ඕනෑතරම් උදාහරණ අපට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා කට අරින වාරයක් වාරයක් පාසා තහවුරු වෙනවා. මොහු මේ ප්‍රකාශ සිදුකරන්නේ ස්වභාවික විද්‍යා මූලධර්ම සමාජ විද්‍යාවන්ටත් අදාළ වේ යැයි සිතා විය යුතුයි.

    තමන්ගේ දරුවන්ට පමණක් සුපිරිතම ජනප්‍රිය පාසල් ලබාදෙන ලෙස ඉල්ලමින්, ප්‍රජාතන්ත්‍ර විරෝධී අසමානතා මූලධර්ම පදනම් කරගනිමින් මෙම පිරිස අ‍පගේ රජයට මඩගසමින් සිටිනවා.
    අවසාන වශයෙන් මට කිව හැක්කේ, වෛද්‍ය වෘත්තීකයින් යනු කුලයක් නොවෙයි. මේ අය හැසිරෙන්නේ කුලවාදී මානසිකත්වයකින් මිස වෘත්තීය ආචාරධර්මවලට ගැළපෙන ‍මානසිකත්වයකින් නොවෙයි. මේ පවතින්නේ වැඩවසම් හෝ ගෝත්‍රවාදී පාලන තන්ත්‍රයක් ද නොවෙයි. නැතිනම් ඒකාධිපති හෝ ෆැසිස්ට් පාලන ක්‍රමයක් ද නොවෙයි. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් වෛද්‍යවරුන් බවට පත් වූ ‍මේ ‘කුලය’ සමාජ වරප්‍රසාද නමැති කඩතුරාවෙන් හිස වසාගෙන ෆැසිස්‍ට් නියෝග අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කරමින් සිටීම සමස්ත වෛද්‍ය වෘත්තීකයින්ගේ ගෞරවය ද කෙ‍ලසා දැමීමක්. මොවුන්ගේ ෆැසිස්ට් වාදයට ප්‍රජාතන්ත්‍රවාදියෙකු වන මම කිසි‍දා යටත් වන්නේ නැහැ.
    එමෙන්ම යහපාලනය අගයන වත්මන් රජයේ කිසිදු සාමාජිකයෙකු මේ අසාධා‍රණ ඉල්ලීම්වලට අවනත නොවනු ඇති.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රටේ වැදගත් වෘර්තිකයන් තරහ කරගෙන ආණ්ඩුවක් තියා සිල්ලර කඩයක්වත් කරන්ඩ් බැ කියන දේ නිවටයො ටික ඉක්මනින් ඉගෙන ගනි,
     
    • Like
    Reactions: enadun

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    රටේ වැදගත් වෘර්තිකයන් තරහ කරගෙන ආණ්ඩුවක් තියා සිල්ලර කඩයක්වත් කරන්ඩ් බැ කියන දේ නිවටයො ටික ඉක්මනින් ඉගෙන ගනි,
    Iallan naamak kara ganne oya GMOA eka. Anduwa SAITM paththaka thiyala SLIIT wage government ekenma private medical collage ekak patan gaththama oya katha okkoma iwarai. GMOA eke minissu billata deela stike kirillath iwarai.
     
    • Like
    Reactions: malakadss

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    රටේ වැදගත් වෘර්තිකයන් තරහ කරගෙන ආණ්ඩුවක් තියා සිල්ලර කඩයක්වත් කරන්ඩ් බැ කියන දේ නිවටයො ටික ඉක්මනින් ඉගෙන ගනි,

    වැදගත් වෘත්තිකයන් හා වැදගත් නොවන වෘත්තිකයන් කවුද කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද

    ගොවියො වගා කලේ නැත්නම් අපි එකෙක්වත් කාල ඉවරයි​
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    linear-black-highlight-blue-gradient-1366x768-c2-000000-00008b-l-50-a-270-f-21_zpssmaexujl.png
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Iallan naamak kara ganne oya GMOA eka. Anduwa SAITM paththaka thiyala SLIIT wage government ekenma private medical collage ekak patan gaththama oya katha okkoma iwarai. GMOA eke minissu billata deela stike kirillath iwarai.

    තවත් වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් බිහි වනවාට GMOA එක අකමැති ඔවුන්ගේ ඒකාධිකාරය අහිමි වීම තුලින් අසරණ රෝගීන් ඇපයට තබාගෙන ඔවුන්ගේ උග්‍ර අසාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි වීමයි
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    තවත් වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් බිහි වනවාට GMOA එක අකමැති ඔවුන්ගේ ඒකාධිකාරය අහිමි වීම තුලින් අසරණ රෝගීන් ඇපයට තබාගෙන ඔවුන්ගේ උග්‍ර අසාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි වීමයි
    Okata ekama behetha private medical collage athi kireema thama.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Iallan naamak kara ganne oya GMOA eka. Anduwa SAITM paththaka thiyala SLIIT wage government ekenma private medical collage ekak patan gaththama oya katha okkoma iwarai. GMOA eke minissu billata deela stike kirillath iwarai.
    මෙහෙමයි අයියෙ හිතන්ඩ ආන්ඩුව ප්‍රයිවෙට් මෙඩිසින් කොලේජ් වලට සප් කරා කියල, ඔවට ලක්ශ 100-200 ගෙවල ඉගෙන ගන්ඩ පුලුවන් වෙන්නෙ රටේ මුලු ජනගහනයෙන් සීයට දශම ගානකට විතරයි, කොටින්ම කියනවනම් කොලබ ඉන්න සල්ලි කාරයන්ට මිසක් වෙන කිසිම කෙනෙක්ට ඔවට යන්ඩ සල්ලි නැ. එහෙම රදළ පෙලපතට පමනක් තිබ්බ අධයාපනේ අයිතිය තමයි නිදහස් අධ්යාපනය හරහා රටේ සියලු දෙනාට දුන්නෙ. එකෙන් රටේ සියලුම දෙනාට සම අයිතිය ලැබුන ඉගෙන ගන්න.නිදහස් අධ්යාපනයේ ප්‍රතිලාබ අපි සියලුම දෙනා අත් විදල තියෙනව.ඒක නිසා බලයට පත්වෙන සියලු ආණ්ඩු කරන්ඩ ඔනෙ නිදහස් අධයාපනය තවත් ශක්තිමත් කරන එක, නැතුව පුද්ගලික අධයාපනයට සප් කරන එක නෙමේ.:no::no:
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මොනව කෙරුවත් දුප්පත් අසරන රෝගීන්ව තමා මේ අය බිල්ලට දෙන්ඩ ලෑස්ති වෙන්නෙ. ආන්ඩුවට රිදෙන්ඩ වැඩ කරනව කියල කියන්නෙ අසරන රෝගීන්ට ඛෙහෙත් නොදී ඉඳීම. ආන්ඩුවෙ උන් ප්‍රයිවට් බැරිනං සිංගප්පූරු ගිහින් හරි ලෙඩේට ඛේත් ගනියි. රිදෙන්නෙ ආන්ඩුවටද නැත්තං සාමාන්‍ය ජනතාවටද කියන එක මේ අය ආයෙ සාකච්චාවක් තියල පැහැදිලි කරන්ඩ ඔ්නෙ.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    Iallan naamak kara ganne oya GMOA eka. Anduwa SAITM paththaka thiyala SLIIT wage government ekenma private medical collage ekak patan gaththama oya katha okkoma iwarai. GMOA eke minissu billata deela stike kirillath iwarai.

    SAITM ආව කියල GMOA එකට මොකුත් වෙන්නෙ නෑ...කෙලවෙන්නෙ රෝගීන්ට විතරයි... උදාහරනයකට UK ගන්න. එහෙ මිනිස්සු පිලිගන්නෙ state universities walin dena degree ekai. private medical schools walata tiyana පිලිගැනීම ගොඩක් අඩුයි.. හැම රටකම තත්වෙ ඕකයි.. bangladesh ගත්තත් ඕක ඔහොම තමයි.. එහෙත් state universities wala medical degree eke quality එක ගොඩාක් වැඩියි..private එකට වඩා. එහෙ study කරපු අයගෙන් අහල බලන්න..... අපේ මිනිස්සුන්ට අද්දැකීමක් නැති කමෙන් රටට වෙන්නෙ පාඩුවක් විතරයි...
     
    Last edited:
    • Like
    Reactions: enadun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තවත් වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් බිහි වනවාට GMOA එක අකමැති ඔවුන්ගේ ඒකාධිකාරය අහිමි වීම තුලින් අසරණ රෝගීන් ඇපයට තබාගෙන ඔවුන්ගේ උග්‍ර අසාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි වීමයි
    GMOA ඉන්නෙ නිදහස් අධ්යාපනයෙන් බිහිඋන දොස්තරල ඔහුන් ලක්ශ 100-200 වියදම් කරල නැ, එත් ඔයා ඔය කියන තැන් වලින් එන අය ලක්ශ 150-200 වියදම් කරලයි දොස්තරල වෙන්නෙ, ඔය දෙගොල්ලන්ගෙන් කවුද වැඩි පුර ආතතියෙන් ඉන්නෙ??? සල්ලි වියදම් කරපු අය.එයාල බලන්නෙ තමන්ගෙ වියදම් කරපු සල්ලි ආයෙ එකතු කරගන්ඩ ගුනාතමක සේවායක් කියන දේ එයාලගෙන් වැරදිලාවත් ඉටු වෙන් නැ, ඒ වගේම දුශ්කර ප්‍රදේශ වල කවදාවත් ඉන්නෙත් නැ ඔකයි ගොඩක් අයට නොතේරෙන යතාර්තය.

    GMOA එකට ගේම දෙන්ඩ බලාගෙන ඔව කරල වැඩක් නැ අහල තියෙනවද සිOහල කියමනක් තියෙනව 'ඉගුරු දීල මිරිස් ගත්ත වගේ කියල' ඔන්න ඔකයි වෙන්ඩ යන්නෙ.


     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,104
    316
    83
    owa okkoma ranilage dahan gata,,, ... MPs lata, forces wala officers lata quota ekak tiyenawa national schools wala, doctors latath tibba, oka amuthu deyak newei... ECTA ekata kokka gahana nisaa oka nathi karaa dan dostarala minissunta pilikul wela inne.. ea unata wela thiyenne, thibba de nathi karapu ekata nagee sitapu ekai
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මම නම් කියන්නේ එයාල කරන වැඩේ හරි.. ඒ ඩොක්ටර්ස්ලා වාහන,ගෙවල්
    ඉස්කෝල නෙවෙයි ඉල්ලන දෙයක් දෙන්න ඕනි.. මන් නම් ගරු කරනවා . They
    deserve more than this. ඔය සමානතාවය කතා කරන්න එන්නේ ඉරිසියාකාරයෝ .
    උන්ට ඒ තැනට යන්න බැරිවුන උන්. තමන්ගේ වුර්තිය ගැන කලකිරිලා ඉන්න උන්..

    p.s මම ඩොකෙක් නෙවෙයි.
     
    • Like
    Reactions: enadun

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැදගත් වෘත්තිකයන් හා වැදගත් නොවන වෘත්තිකයන් කවුද කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද

    ගොවියො වගා කලේ නැත්නම් අපි එකෙක්වත් කාල ඉවරයි​
    ගොවියො වැදගත්ද පිලිගන්නවද කියල ඔයයි මම දෙන්නම දන්නවනෙ, කුනු අදින මනුස්සයත් වටිනව ඒත් පිලිගන්නවද නැනෙ. දැන් කියන්ඩ එපා ඒව හරි යන් නැ අරකයි මේකයි කියල රටේ පිලිගත් ක්‍රමයක් තියෙනවනෙ මේක ඇමරිකාව නෙමේනෙ,ඒක නිසා රට හැදිල තියෙන විදිහට කතා කරමු ප්‍රායොගිකව.