උන් කියනවා ඉතුරු ටික බෝට්ටුවක පලයනංලු.2018 සැප්තැම්බර් වල මට හෙන වේස වැඩක් වුනා.
අපේ නෑදෑයෝ දෙතුන් දෙනෙක් එක්ක අපි වෑන් එකක් කතා කරගෙන යාපනේ ගියා.
වෑන් එකේ අංකල් වැඩිය ඒ පැත්තේ පාරවල් දන්නේ නෑ.
තුන්වෙනි දවසේ අපි උදෙන්ම නාගදීපෙ ගියා.
එතනින් අපි දඹකොල පටුනට යන්න පිටත් වුනේ.
අංකල්කාරයා පාර දන්නේ නෑ.
මම හෙන ඩයල් එක වගේ ගූගල් මැප් එක දාගෙන හරි අංකල් මම කියන්නම් පාර කියලා වැඩර් වගේ අන්තිම සීට් එකේ ඉදං හයියෙන් අංකල්ට පාර කියන්න සෙට් වුනා.
නාගදීපෙ ඉදං දඹකොළපටුනට directions දැම්මාම පාරවල් දෙකක් පෙන්නනවා.
එකක් කිලෝමීටර් 15 - 20 ක වගේ වැඩියි. අනික බං ඒක ආපස්සට ගිහින් වටෙන් එන්න තියනවා වගේ සීන් එකක්.
ඒ හින්දා කොල්ලා පැන්න ගමන් අර ලග රූට් එක තෝරගත්තා.
දැන් කට්ටිය යනවා.
කොල්ලා පාර කියනවා.
අංකල්ටත් හෙන සැටිස්. මොකද හැරෙන්න ඕන තැන් එහෙම කොල්ලා සුපිරියට කියනවා කලින්ම.
දැන් කට්ටිය ගමන යනවා සැපේ.
කයිට්ස් හංදියෙන් දකුණට හැරෙන්න තිබ්බේ.
ඉතිං මම ඒක අංකල්ට කිව්වා.
හැරෙද්දිම වගේ තියනවා බං කයිට්ස් උසාවිය.
ඕක ඒ දවස් වල හෙන ප්‍රසිද්ධයි. මොකද විද්‍යා ව මරපු එකාට දඩුවම් දුන්නේ ඔය අධිකරණයෙන්.
දකුණට හරෝපු ගමන් මම ඒ සීන් එක වෑන් එකේ උන්ට කියන්න පටන් ගත්තා.
දැන් මම ඒ සීන් එක කියනවා.
වාහනේ එක පාරටම නතර වුනා. වාහනේ අංකලයයි අනිත් උන් ඕක්කෝමයි මගේ දිහා බලං ඉන්නවා.
මට අමුත්තක් දැනුනා. ඉස්සරහා අවදානෙන් බැලුවා.
ට හිකෙයි දාලා.
ඉස්සරහා මුහුදක්ද කලපුවක්ද වගේ අයිටම් එකක්. පාර ඉවරයි.
කාලා වරෙන්කෝ දැන්.
වෑන් එකේ උන් මාව කන්න වගේ.
මම ආපහු ගූගල් මැප් එකේ බැලුවා.
උන් කියනවා ඉතුරු ටික බෝට්ටුවක පලයනංලු.
දාඩිය වැක්කෙරෙනවා මගේ.
පුරුෂ දහිරිය අරං වෑන් එකෙන් බැස්සා.
එතන පොඩි මුරපොලක් වගේ අයිටම් එකක් තියනවා නේවි එකේ.
එතනට ෂේප් එකේ කිට්ටු වුනා මම.
අනිත් පාරෙන් යනවා නම් දැන් බර කිලෝමීටර් ගානක් ආපස්සට යන්න ඕනේ.
වෑන් එකේ උන් අනිවා මාව මරනවා ආපහු යමු කිව්වානම්.
මම නේවි එකේ අයියලාට ෂේප් එකේ කිව්වා සීන් එක.
උන්ට හිනා.
උන් මට කිව්වා අවුලක් නෑ මල්ලි. පැට දෙකකට පාරක් පාලම් පාරුවක් එගොඩ මෙගොඩ යනවා.
තව පැයයි විනාඩි ගානකින් ඒක මේ පැත්තට එනවා. ඒකට වෑන් එකත් දාගන්න පුලුවන් වෙයි.
වෑන් එක තොටුපලේ ගැට්ටට වෙන්නම ගහගන්න. නැත්නම් වෙන වාහනයක් දාගනියි කිව්වා.
ඒ විදිහටම කරලා ගේමක් දීලා එගොඩ වෙලා ආවා විලි ලැජ්ජාව ෆෝන් එකෙන් වහගෙන
අනේ අම්මෝ ඕයි


. ඔන්න ඔහොම යද්දී බුදු අම්මේ හෙනම කෙලින් කන්දක්. මේ වෙනකොට කඩුගන්නාව වගේ කදු ටිකත් නැගලා තිබ්බේ . වාහනේ කට්ටිය 4 දෙනෙක් වගේ හිටියා . තව බඩු මුට්ටුත් තිබ්බා . මේක අංශක 90ට පොඩ්ඩක් විතර අඩු කන්දක් . වාහනේ බෑ කියා කියා නගිනවා. මෙන්න එන්ජින් එකේ හීට් එකත් පොඩ්ඩක් නැග්ගා බන් . ඔන්න කන්දේ කොනටම ගියා මම බයටම නැවැත්තුවා. එන්ජින් එක හීට් වෙයි කියලා . අම්මට සිරි එතනින් එහාට කාපට් පාර ඉවරයි . හෙනම චොර පාරක් තියෙන්නේ . මම කොහමහරි නැවැත්තුවේ මුස්ලිම් පල්ලියක් ගාව . පල්ලියේ හිටපු කොල්ලෙක් ඇවිල්ලා ඇහුවා නෙල්ලිගල යන්නද ආවේ කියලා 

rep 8++
