අපි කව්රුත් දන්නේ නැති දුර පළාතක දැන් කිසි බයක් නැතුව යන්නේ Google Maps වලට පින් සිද්ද වෙන්නනේ. මම නම් අනිවාර්යෙන් ගූගල් සරණ පතනවා. Google Maps වලින් කෙටිම පාර පෙන්නුවට සමහර වෙලාවට පෙන්නන පාරවල් වල යන්නවත් බැහැ . දැන් මාස දෙක තුනකට කලින් වෙච්ච දෙයක් මේක
ගෙදෙර කට්ටිය එක්ක නුවර ගියා. නුවර ටිකක් අලුතෙන් හදපු පන්සලක් තියෙනවා නෙල්ලිගල කියලා . ඒකට ගිහින් තිබ්බේ නැහැ . මම කොළඹ ඉදන්ම ගියේ Map එක දාගෙන. ඔන්න නුවරට මෙහායින් වගේ පොඩි පාරක් පෙන්නුවා . එතන බෝර්ඩ් එකකුත් ගහලා තිබ්බා නෙල්ලිගල අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයට කියලා . ඔන්න ඉතින් හැරෙව්වා. මැප් එක කියන විදියටම එහෙට මෙහෙට දැම්මා. අම්මට සිරි මෙන්න එක පාරටම පොඩ්ඩක් විතර හරි නැති පාරක් සෙට් වුනා . ඒත් ගියා ඉතින්
. ඔන්න ඔහොම යද්දී බුදු අම්මේ හෙනම කෙලින් කන්දක්. මේ වෙනකොට කඩුගන්නාව වගේ කදු ටිකත් නැගලා තිබ්බේ . වාහනේ කට්ටිය 4 දෙනෙක් වගේ හිටියා . තව බඩු මුට්ටුත් තිබ්බා . මේක අංශක 90ට පොඩ්ඩක් විතර අඩු කන්දක් . වාහනේ බෑ කියා කියා නගිනවා. මෙන්න එන්ජින් එකේ හීට් එකත් පොඩ්ඩක් නැග්ගා බන් . ඔන්න කන්දේ කොනටම ගියා මම බයටම නැවැත්තුවා. එන්ජින් එක හීට් වෙයි කියලා . අම්මට සිරි එතනින් එහාට කාපට් පාර ඉවරයි . හෙනම චොර පාරක් තියෙන්නේ . මම කොහමහරි නැවැත්තුවේ මුස්ලිම් පල්ලියක් ගාව . පල්ලියේ හිටපු කොල්ලෙක් ඇවිල්ලා ඇහුවා නෙල්ලිගල යන්නද ආවේ කියලා
. මම ඔව් කිව්වාම ඒගොල්ලෝ කියනවා ලෝකේෂන් මෙතනට වැටෙන්නේ. ගොඩක් අය එනවා කියලා . එතනින් එහාට තියෙන පාරේ වහනේක යන්න බැහැ . මෙතනින් වාහනේ නවත්තලා ඇවිදගෙන යන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ වහනේකින් යන්න පුළුවන් පාරත් පෙන්නුවා . පුදුම උදව්වක් බන් ඒ මුස්ලිම් කොල්ලා දුන්නේ . පොරම රේඩියේටර් කැප් එක ගැලෙව්වා. මට ගලවන්න දුන්නෙත් නැහැ . වතුර නැති හින්දා වතුරත් පුරවලා තව බෝතලේකට වතුරත් දාලා දුන්නා . ඒගොල්ලන්ට පිං දීලා අපි ඊට පස්සේ ආවා
හැබැයි ඊට පස්සේ අපි නෙල්ලිගල ගියේ නැහැ බන් . කෙලින්ම නුවරට ඇල්ලුවා
ගූගල් මැප් එකට යන්න පුලුවන්ද නැද්ද කියලා අදාළ නැහැ . කනත්ත මැද්දකින් හරි පාරක් තියෙනවනම් පෙන්නනවා . අපිට තියෙන්නේ ගේට්ටුව ඇරගෙන යන්න
.
උබලට ඔය වගේ ආතල් සිද්දි වුනානම් කොටගෙන පලයන්
එහෙමයි කියලා අපි ගූගල් මැප් පාවිච්චි කරන එක නවත්තනවද ? නැනේ හිතවතුනි . මොකද අපි වැඩිය පාරවල් දන්නේ නැහැ නේ

ගෙදෙර කට්ටිය එක්ක නුවර ගියා. නුවර ටිකක් අලුතෙන් හදපු පන්සලක් තියෙනවා නෙල්ලිගල කියලා . ඒකට ගිහින් තිබ්බේ නැහැ . මම කොළඹ ඉදන්ම ගියේ Map එක දාගෙන. ඔන්න නුවරට මෙහායින් වගේ පොඩි පාරක් පෙන්නුවා . එතන බෝර්ඩ් එකකුත් ගහලා තිබ්බා නෙල්ලිගල අන්තර්ජාතික බෞද්ධ මධ්‍යස්ථානයට කියලා . ඔන්න ඉතින් හැරෙව්වා. මැප් එක කියන විදියටම එහෙට මෙහෙට දැම්මා. අම්මට සිරි මෙන්න එක පාරටම පොඩ්ඩක් විතර හරි නැති පාරක් සෙට් වුනා . ඒත් ගියා ඉතින්
. ඔන්න ඔහොම යද්දී බුදු අම්මේ හෙනම කෙලින් කන්දක්. මේ වෙනකොට කඩුගන්නාව වගේ කදු ටිකත් නැගලා තිබ්බේ . වාහනේ කට්ටිය 4 දෙනෙක් වගේ හිටියා . තව බඩු මුට්ටුත් තිබ්බා . මේක අංශක 90ට පොඩ්ඩක් විතර අඩු කන්දක් . වාහනේ බෑ කියා කියා නගිනවා. මෙන්න එන්ජින් එකේ හීට් එකත් පොඩ්ඩක් නැග්ගා බන් . ඔන්න කන්දේ කොනටම ගියා මම බයටම නැවැත්තුවා. එන්ජින් එක හීට් වෙයි කියලා . අම්මට සිරි එතනින් එහාට කාපට් පාර ඉවරයි . හෙනම චොර පාරක් තියෙන්නේ . මම කොහමහරි නැවැත්තුවේ මුස්ලිම් පල්ලියක් ගාව . පල්ලියේ හිටපු කොල්ලෙක් ඇවිල්ලා ඇහුවා නෙල්ලිගල යන්නද ආවේ කියලා
. මම ඔව් කිව්වාම ඒගොල්ලෝ කියනවා ලෝකේෂන් මෙතනට වැටෙන්නේ. ගොඩක් අය එනවා කියලා . එතනින් එහාට තියෙන පාරේ වහනේක යන්න බැහැ . මෙතනින් වාහනේ නවත්තලා ඇවිදගෙන යන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ වහනේකින් යන්න පුළුවන් පාරත් පෙන්නුවා . පුදුම උදව්වක් බන් ඒ මුස්ලිම් කොල්ලා දුන්නේ . පොරම රේඩියේටර් කැප් එක ගැලෙව්වා. මට ගලවන්න දුන්නෙත් නැහැ . වතුර නැති හින්දා වතුරත් පුරවලා තව බෝතලේකට වතුරත් දාලා දුන්නා . ඒගොල්ලන්ට පිං දීලා අපි ඊට පස්සේ ආවා හැබැයි ඊට පස්සේ අපි නෙල්ලිගල ගියේ නැහැ බන් . කෙලින්ම නුවරට ඇල්ලුවා
ගූගල් මැප් එකට යන්න පුලුවන්ද නැද්ද කියලා අදාළ නැහැ . කනත්ත මැද්දකින් හරි පාරක් තියෙනවනම් පෙන්නනවා . අපිට තියෙන්නේ ගේට්ටුව ඇරගෙන යන්න
.උබලට ඔය වගේ ආතල් සිද්දි වුනානම් කොටගෙන පලයන්